Watch Trailer

The Amazing Spider Man 2 (2014) | මකුළු වීරයා නැවතත් කරළියට… [50][සිංහල උපසිරැසි සමඟ]

අද මගේ ජිවිතයේ යම් කඩඉමක් වෙත ලඟා වෙච්ච දවසක්. ඔබට මේ ලබා දෙන උපසිරැසියත් එක්කම මගේ උපසිරැසි 50 සම්පුර්ණ වෙනවා. මම හිතන්නේ අඩවියේ මේ කණිසම පහු කරපු මම 13 වැනියා වෙන්න ඕනේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔක්කොටොම කලින් කියන්න ඕනේ කවදාකවත් මුණ ගැහිලා නැති මේ අඩවියේ කාර්‍යමණ්…

spider man 50අද මගේ ජිවිතයේ යම් කඩඉමක් වෙත ලඟා වෙච්ච දවසක්. ඔබට මේ ලබා දෙන උපසිරැසියත් එක්කම මගේ උපසිරැසි 50 සම්පුර්ණ වෙනවා. මම හිතන්නේ අඩවියේ මේ කණිසම පහු කරපු මම 13 වැනියා වෙන්න ඕනේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔක්කොටොම කලින් කියන්න ඕනේ කවදාකවත් මුණ ගැහිලා නැති මේ අඩවියේ කාර්‍යමණ්ඩලය එක්ක වැඩ කරන්න ලැබුණු එක නම් ගොඩක් සතුටට කාරණයක්.

ගොඩක් කල් මේ අඩවියෙන් උපසිරසි බාගත කරගෙන ගිහින් අදහස් පළකරමින් ඉන්නකොට නිකමට වගේ හිතට ආපු අදහසක් අනුව 2013 සැප්තැම්බර් 21 වෙනිදා ඔයාලට පළමු උපසිරැසිය අරන් ආවා. පළවෙනි සබ් එක කරලා ඉවර වෙනකොට නම් මම කවදාවත් හිතුවේ නැහැ මේ පළමු කඩයිමට ලඟා වෙන්න පුළුවන් වෙයි කියලා.නමුත් මටත් හොරා මගේ ඇඟිලිතුඩු වැඩ කරා කියන්න ඕනේ. විනෝදාංශයක් වශයෙන් පටන් ගත්ත දේ අවසානයේදී ඇබ්බැහි වීමක් උනා. සමහර දවස්වල උදේ වෙනවා තේරුණේ නැති දවස් තියෙනවා. White House Down (2013) ෆිල්ම් එක මම එක දිගටම සබ් එක හදාගෙන ගිය ෆිල්ම් එකක්. ඒ අපේ “විකියා සහෝ” ගේ ඉල්ලීම අනුව තමයි.. අහ්හ්.. කියන්න ඕනේ විකියා ගැන.. ඔන්න සහෝ පට්ට ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා කරමු නේද? ඉතිං මොකද කියන්නේ.. බැහැ කියන්නත් මොකක්ද වගේ.. හා එහෙනම් කරමුකෝ.. එච්චරයි, ඊට පස්සේ කරලා දෙනකම් ඉවසිල්ලක් නැහැ 😛 ඔන්න ඔහොම තමයි මුලින් නම් උනේ. ඒ දවස් වල විකියා කියන්නේ කොටි වලිගයක්ම තමයි. ඒත් දැන් නම් විකියා වැඩිය පෙන්න නැහැ.

ඒ උනාට මේ දවස් වල අපිට වද දෙන්නේ අපේ “හසන්ත අයියා” 😛 කියන්න දෙයක් නැහැ. උදව්වක් ඕනේ ඕනෙම වෙලාවක හා කියන්න ලෑස්ති වෙලා ඉන්නේ. අනේ මංදා මෙව්වා කොහොම කරනවද කියලා. කීදෙනෙක් කියන එව්වට ඇහුම් කන් දෙන්නද? කොයි තරම් දේවල් මතක තියා ගන්නද? හැමෝම සහයෝගයෙන් තියා ගන්නත් ඕනේ. හැකි ඉක්මණින් සබ් දෙන්නත් ඕනේ. වෙලාවකට හිතෙනවා මෙහෙම දේකුත්. අපිත් එක්ක තරඟ කරන්න අපි වගේම තවත් තරඟකරුවෙකුත් හිටියා නම් හොඳයි කියලා, එතකොට මම දන්නවා අපේ යාළුවො මීට වඩා වේගයෙන් සබ් දෙනවා කියලා 😛 😛

මෙතෙක් ආ ගමන දෙස ආපසු හැරී බලන විට 100% ක්ම චිත්‍රපටි තුලින් මේ කාර්යය නිම කිරීමට හැකි වීම ගැන අවංක සතුටක් හිතට දැනෙනවා. මොකද සාපේක්ෂව චිත්‍රපටයක් උපසිරැසි ගැන්වීමට වැඩි කාලයක් හා ශ්‍රමයක් දරන්න වෙනව. ඒ වගේම කිසිම පරණ ෆිල්ම් එකක් දීලා නැහැ. ඔක්කොම අළුත් එව්වා. 🙂 ඒ අතර ඉංග්‍රීසි 31 ක් හින්දි 16 ක් සහ වෙනත් භාෂා 3 ක් තියෙනවා. ඒ අතරින් මම කැමතිම එක තමයි Rush (2013). නමුත් උපසිරැසි කලාවේ රජ්ජුරුවෝ වෙච්ච අපේ “රොයිලි අයියා” උපසිරැසි දුන්නු Revolution කතා මාලාව නිසා මම රූපවාහිනී කතා මාලාවක් මුළින්ම දිගටම ආසාවෙන් බැලුවා කියන්න ඕනේ. තව එකක් ආරාධනා ඇති තරම් ආවත් රූපවාහිනී කතා මාලාවක් කරන්න බාර නොගත්තේ, එහෙම උණා නම් හැමදාම සතියකට සැරයක් ඒක දෙන්න වෙනවා, මට ඒක කරන්න බැරි නිසා තමයි බාර ගන්නේ නැත්තේ. මම හිතන්නේ අඩවියේ මම විතරයි වෙන්න ඕනේ අළුත් චිත්‍රපට පමණක් කරන්නේ. 😉 😉 😉

තව ටික දවසකින් ශතකය ගහන්න සුදානම් වෙලා ඉන්න “සමීර කරුණාරත්න” සහෝත් මතක් කරන්න ඕනේ. සයිට් එකට ආපු දවස් වල මම දන්නේ නැති ගොඩක් දේවල් මට කියා දීලා තියෙනවා. මම උපසිරැසි ගැන්වූ ෆිල්ම්ස් වල වැඩිපුරම වැරදි කියලා තියෙන්නේ අපි කවුරුත් දන්නා “හේවා ලුණුවිලගේ” සහෝදරයා තමයි, ඔහුවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඔයාලා දන්නවනේ උදව් කරපු අය හැමෝම නම් වශයෙන් කියන්න බැහැ කියලා. ඒ වගේම තමයි මගේ උපසිරැසි බාගත කරගෙන මා වෙත අදහස් දැක්වූ ඔයාලා තමයි මට හැමදාමත් ශක්තියක් උනේ. ඒ සහයෝගය මම හැමදාටම බලාපොරොත්තු වෙනවා. 🙂 🙂 🙂

මුලින්ම කිව යුතුයි. මේ දීලා තියෙන්නේ “HDTS කොපියක්” මේක හොද මට්ටමක තියනවා. මේක නොබලන අය තව ඉවසන් ඉන්න. හොඳ පිටපතක් නිකුත් වෙච්ච සැනින් ඒ සදහා ගැලපෙන උපසිරැසි ලබාදෙන බව ඔයාලා හොඳටම දන්නවනේ. ඒ වගේම පිටපතේ සාම්පල් එකක් තියනවා මෙන්න. මෙතනින් 1, 2, 3, 4 බලන්න  තවත්  පින්තූර ටිකක් තියෙනවා. ඔයාලම තීරණය කරන්න දැන්ම බලනවද නැද්ද කියල?

සලරුව ගැන පොඩ්ඩක් කියනවා නම් නිකුත් වුණේ පසුගිය මැයි 2 වෙනිදා. IMDb එකට අනුව මේ වෙනකොට 7.4 ක් ලැබිලා තියෙනවා. හැරී කියන්නේ නොර්මන් ඔස්බෝර්න් ගේ පුතා. ඔහුටත් ඔහුගේ තාත්තට වගේ මැරෙන්න වෙලා තියෙන්නේ, ඒ නිසා ඔහු එකට පිලියමක් හොයා ගන්නවා. ඔහු හිතනවා ස්පයිඩර් මෑන් ට මකුළුවක් දෂ්ඨ කරලා මේ බලය ලැබිලා තියෙන්නේ කියලා, ඒ කියන්නේ තමන්ටම තුවාල සුව කරගැනීමේ හැකියාව ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔහුට ස්පයිඩර් මෑන්ගේ ලේ ඕනේ කරනවා. මේ අතරේ මැක්ස් ඩිලන් කියන විදුලි ඉංජිනේරුවා හදිසි අනතුරකට ලක් වෙලා සුපිරි බලයක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ තමයි ඉලෙක්ට්‍රෝ. හැරී මෙයාගේ සහය අරගෙන තමයි ස්පයිඩර් මෑන් ව අල්ලා ගන්න හදන්නේ. ඒ වගේම පීටර් ගේ පෙම්වතිය වුන ග්වෙන් ද මේ ඇබැද්දියෙන් බේරෙන්න පීටර් ට උදව් කරනවා. ඔය ඇති නෙහ්..ඔයාලම බලන්න.

අවසාන වශයෙන් කිව යුතුමයි මම මෙතෙක් කරගෙන ආපු දේ ගැන මට අවංකවම සතුටුයි. අපි ලඟ තියන දැනුම තවත් කෙනෙකුට දෙන්න පුලුවන් නම්, ඒ දැනුමෙන් කෙනෙකුගේ විඩාවට පත් වූ සිතට සතුටක් ගෙනදී සහනයක් වෙන්න හැකි නම්. එයයි වඩාත්ම වටින්නෙ. ඉතින් එයින් ලැබෙන ආත්ම තෘප්තිය මම වගේම අපේ අනෙකුත් සහෘද උපසිරැසි නිර්මාණකරුවනුත් අත් විඳල ඇති විඳිනවා ඇති කියලා මම දන්නවා. මේ කාර්යය සාර්ථකව කිරීමට මා හට නිරතුරුව දිරිදුන් එකී මෙකී නොකී ඔබ සැමට මගේ හදපිරි ප්‍රණාමය. හැමෝටම ආරාධනා කරනවා මගේ “FaceBook Page” එකෙන් මාව කෙළින්ම අමතන ලෙසට. ඔබ සැමට ජයෙන් ජයම පතනවා.හැමෝටම සුබ දවසක්.

Sameera 50

The Amazing Spider-Man 2 on IMDb

 

 

670 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

074491230285576b8f2e890f85142f208f8a8343

1.00 GB (WEB) කොපිය මෙතනින් බාගන්න

6fe348739a43bc9fc60a90fecd0e9f79b5693310

930 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

65675E8F60C58E95E753ACBE9999B12284F64321

2.06 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

0259F6B98A7CA160A36F13457C89344C7DD34000 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

18,563 downloadsDownload The-Amazing-Spider-Man-2-2014.sinhala.sub-baiscopelk.com-BR.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

18,563 downloadsDownload Subtitles315 B

198 comments

  1. ලක්ෂාන් නිලංක

    පනස්වෙනි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් සමීර සහෝ...ඔහොම දිගටම යමු...ජය වේවා.....!

  2. LORD RAM

    thnkx bro.....gd luck..oma yamu digatama..

  3. රවිඳු නිපුන්

    පට්ට...
    නියමයි...
    එළ..
    දෙනකල්මයි බලන් හිටියේ සහෝ!!!
    ඔන්න ගන්නවා එහෙනම්...
    තෑන්ක්ස් සබ් එකට!!
    ඒ වගේම 50 වෙනි උපසිරැසියට සුභ පතනවා!!!
    දිගු ගමනක් යමු...
    ජය වේවා!

  4. sampath

    thanks.

  5. අසෙල්

    50 subapatum saho
    kohoma hari 100 th gahamu
    Spider man ela Film ekak thama 50 dila thiyene niyamai
    Good Luck !!!!

  6. Thisum

    ah thnks aiye JAYA!!!!

  7. rohan

    ela saho... tnx.

  8. Darshana

    පට්ට…

  9. Eranga

    50වැනි උපසිරැසියට උනුසුම් සුභ පැතුම් මචං….!!!!!
    සබට බොහොම ස්තුතියි….!!!! ^_^

  10. Kumara

    නියමයි ................50 වෙනි උපසිරැසියට උනුසුම් සුභ පැතුම්

  11. Sanjaya

    ස්තූතියි සහෝ..
    50 ට සුබපැතුම් !
    !!..ජය වේවා..!!

  12. dilruk

    ena ela onna bawa....:)

  13. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මෙන්න වැඩක්, බොලේ දැන් මමනේ අන්ගිරිසි ප්‍රොෆෙසර් වෙලා තියෙන්නේ..
    මමලු හැමෝගෙම වැරදි පෙන්නලා දෙන්නේ..
    මම දන්න අන්ගිරිසියක් ඇත්තෙත් නැ..
    අනේ මංදා...
    කොහොම උනත් සහෝ...ඔයා දීපු 50 න් ඇක්ෂන් ඇරෙන්න අනිත් එව්වා සේරම වගේ බලල ඇති,
    හැම සබක්ම සුපිරියටම තිබ්බා..
    මගේ නමත් කොයින් හරි ගෑවුණු එක ගැනත් සතුටුයි..
    ඉතිං, මුලදී යකා වගේ දීලා පස්සේ පස්සේ සන්සුන් ගමනක් ගියා නේද? එහෙම හොඳයි...
    ඔයා උපසිරසි 50 කඩයිමට මගෙනුත් උණුසම් සුභ පැතුම්,
    50 ට සුපිරි බඩ්ඩක් ගෙනාවේ නේද?
    මමනම් හොඳ එකක් එනකම් ඉන්නවා..
    ඉක්මනටම 100 ගහන්න හයිය හත්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා..
    ඒ වගේ පෞද්ගලික ජීවිතයත් සාර්ථක වේවා කියලා පතනවා...
    ඒ වගේම සුදු මැණිකත් මතක් කළා කියන්න...
    (බොලේ කියන්න බැරි උනා නේ, මෙයාගේ පොස්ට් වල හොඳ නරක කියලා දෙන්න මෙයාට සුදු මැණිකේ කෙනෙක් ඉන්නවා)
    එහෙනම්, ඔන්න සමීරයෝ, කාටවත් නොපෙනෙන්න වරහන් ඇතුලේසු දු මැණිකේ ගැන දැම්මේ හොඳේ..
    නැත්නම් හැමෝටම කිව්වා කියල මම අහු වෙයි ඔව්වට..
    එහෙනම් ඔන්න ආයෙත් සුභ පතන ගමන් උපසිරසි 50 ට...
    ජය වේවා කියලා අපි යනවා..
    ජය වේවා..

    1. “චූටී මල්ලි”

      වෙලාවට උඹ සුදු මැණිකෙ ගැන වරහන් අස්සෙ
      දැම්මෙ නැත්තන් අපි ඒක දකිනවා :D :D

    2. ගයාන් රූකාන්ත (ජෝනා)

      ඔන්න වරහන් ඇතුලේ තිබ්බ එක අපි නම් දැක්කේ නැ හොදේ.

    3. pubudusupun

      වරහන් අස්සේ දාපු හින්දම හොඳයි ඉතින්. වෙන කොහේ හරි දැම්මා නම් එහෙම ඔක්කොමලා දකී. :D

  14. earnga pathirage

    ok math denakan baln hitye ok dn downlod karanava okkkkkk

  15. earnga pathirage

    x men denn ko plzzzzzzzzzzzzzzzz 2014 eka ikmanata plzzzzzzz

  16. Tharindu Perera

    niyamai ahhh machannn.....
    50 ta aran avith thiyenne patta filumaknee......
    thanks machan sub ekatahhh....
    hoda copiyak avahama balanavaa.....
    50 veni upasirasiyata unusum suba pathum machann.....
    uba dunna film valin godak eva balala athi machann....
    godak evata comment karalath athi...
    me oyage vatina kalaya kapakarala karana vadee kavadavath
    navaththanna epa macahnn...
    digatama karan palayann....
    100 150..
    ikmanata 100 tath yamu machann..
    ayemath subapathum machan 50 veni sub ekatahh....
    thavath sub karanna vadi vadiyen kalaya labevaa....

  17. jayasooriya

    50th sub ekata suba pathum. digatama sub karanna sakthiya labewa. all the best. thanks

  18. “චූටී මල්ලි”

    මන් බැලුවා මේ 50 ගහපු කවුද කියලා
    බැලින්නම් පොඩි සමීර නෙ ආ.......
    අනිවා ඔයා වයිට් හවුස් එක පන දාගෙන හැදුවා වගෙම
    අපිත් ඒක පනදාගෙන බැලුවා ඔයා දිපුවා
    ගොඩාක් බලලා තියෙ
    හේතුව දිල තියෙන ගොඩාක් ඒවා අළුත් ඒවා නිසා
    ඔයා දිපුවගෙන් මම බලපු හොදම එකක් තමා
    "වි ආර්ද මිලර්ස්" කියන එක
    තව ටිකක් බලන්නත් තියෙ එකතුවෙලා ඔයා දිපුවා
    එහෙනම් දිගටම වැඩේ අරන් යන්න
    මේකෙනම් වයිෆයි කොපිය ආවම බලනවා
    එහෙනම්
    සබට තුති
    ඔබට ජය.................

  19. වරුණ රංගජිත් (වරූ)

    50වැනි උපසිරැසියට මගේ උණුසුම් සුභ පැතුම්...!!!
    ඇත්තටම කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී මේ කරන දේට පිං.... ඇත්තමයි...
    ජය වේවා සහෝ..........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    100 ටත් ඉක්මනට යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...!!!!!!!!!!!!1
    ජයෙන් ජයම වේවා....!!!!!!!!!!!!1

  20. Ashan ravihansa

    ado machn ela ban meka bandath hithenava bn 1gb sisz eka mevage copyk bana ekath padui vage eunath film ekanam suppa..........ithin kokauanth sub ekatanam godak thankz hoda copy k avotha ayeth banava

  21. කේ.යූ.ජී. උදාර

    නියමයි සමීර සහෝ...........
    ඉක්මනට ම 100 ත් බලාපොරොත්තුවෙනවා.

  22. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ඔහොමලු කතාව සමීර සහොත් 50 දුන්නා
    අපිට නම් ඊයෙම දැනගන්න ලැබුනා අද හවසට මෙයා
    50 කඩයිමට ලගා වෙනවා කියලා (ඒවා රහස්)
    මමත් කාලයක් මෙයාට වද දුන්නා පරණ ෆිල්ම් ඉල්ල ඉල්ල
    කොහෙද ගානකටවත් ගත්තේ නැනේ.අලුත් ඒවම කර කර හිටියා
    අන්තිම ටිකේ ටිකක් හිමින් තමා වැඩේ ඇදගෙන ගියේ (අපිනම් දන්නවා හේතුව ඉතින් )
    මේ ලගදි අලුත් හින්දි එකක් ඇවිත් කරමුද කියලා ඇහුවට පස්සේ
    කිවේ නෑතැ 49 යි 50 ට ටිකක් හොද එකක් දෙන්න ඕනේ කියලා
    ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි 50 දීලා.
    මගෙත් උණුසුම් සුබ පැතුම් සමීර අයියේ ..
    දිගින් දිගටම මේ කර්තව්‍ය කරගෙන යන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න ඕනේ.

  23. sujith lasantha

    sub walata thanks. :-)

  24. AsanTha AkiLa

    patta machan jaya wewa!! sub ekata thanxxx

  25. Mayura Suraj

    Jaya wewa saho.! super speed ekenma 100th gahamu :-)

  26. Gayan Video & Music Center

    Iwasanawa...

  27. LAHIRU SAMPATH

    පට්ට මචන්....මන් මේක එනකම් ගොඩක් බලන් හිටියා..උබට පින් මචෝ..උබටත් උබේ සුදු මැනිකෙටත් සුභ ආනාගතෙකට සුභ පතනවා...

  28. Keshan Wasala

    එල සහෝ උණුසුම් සුබ පැතුම් !! ඉක්මනට 100 වැනි කඩඉමටත් යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ... මේකේ නම් හොද එකක් එනකම් ඉන්නවා තව ටික දාසක් .. සබට ගොඩක් ස්තුතියි සහෝ :D

  29. Lakshyan

    ජයවේවා සහෝ!! 50ට සුභපැතුම්!! :D හොඳ කොපියක් එනකං ඉන්නවා!

  30. thilan

    50s weni upasirasiyata magen unusum subapathum thwath idiriyata demuko ela ela

  31. Saman Prasad ( Black Panther )

    ehenam ape Sameera sahoth 50ha gahuwa ne..... ela ela saho. 100th gahamu. eka thama math baluwe. Wikiya me dawas wala penna na. mkda danne na. ahuwunoth ithin "Kotiwaligayakma tama" :D.... banne nam na. Bluray eka enakm innawa. sub ekata bohoma sthuthiyi. 50 wenuwen mage unusum suba pathum...!!!

  32. Anjana Ishan Krishaja

    නියමයි.. සබ පතනවා.

  33. Isuru hasaranga

    මරු නියමයි කොල්ලා එල :-)

  34. රොයිලි

    මගේ උණුසුම්ම සුබ පැතුම් සමීර සහෝ. විකියනම් කියන්නේ සමීර කියන්නෙ බුලට් වගේ සබ් දෙන කෙනෙක් කියලා. හවස කිව්වම උදේ වෙද්දි සබ් එක ලැබෙනවලු. :) ඒ හින්දා අනිවා හදිස්සි එකකට හැරෙන්නේ අපි දිහාට නෙවෙයි ඔයා දිහාට තමා. ඒක ඇත්තටම බොරුවකුත් නෙවෙයි. පහුගිය දවස් වල ඔයා නැති ටිකේ සෑහෙන අප්සෙට් එකෙන් තමා විකියා උන්නේ. සෑහෙන බාරදූර රැකියාවක් කරන අතර වුනත් අපිත් එක්ක මේ රැඳිලා ඉන්න එකට ඉතින් ස්තූතියි කියලා මදි. එහෙනම් මෙතනින් නොනැවතී 100 ත් හැකි ඉක්මනින්ම ගහයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Ayesh

    50ta Subha Pathum.. Godaak Sthuthie Unu Unuwema Sab Denawata..

  36. Suraj Nilantha

    Sameer bros. Weldon. thanks you very much

  37. Kulanjana Maduranga

    suba pathum SAMEERA saho.ikmanatama 100 weni 1th gahamu.api wenuwen sahoge watina kalaya salli walin thorawa kapa klata hisa namala achara krnawa.e wgema godak pin....idiriyatath api wenu wen sub kranna shakthiya,dairya labewa.....digatama sub demu....jaya wewa.............

  38. raviddr

    well done......

  39. raviddr

    -The Event - tv show ekata sub karanna..........

  40. CHAMEE

    bokkenma subapathanawa sahoo

  41. Sam

    sub ekata thnkss sahooo..& 50 sub ekata unusum suba pathum..

  42. Nuwan

    ස්තූතියි සහෝ..
    50 ට සුබපැතුම් !
    !!..ජය වේවා..!!

  43. Lasiru

    congratulation and thanks....!!!

  44. Lasiru

    Congratz...and thanks...!!!

  45. නලින්

    අප්පේ පොඩි සැමියා කවද්ද 50 ගහාන්නේ කියලා බල බල හිටියේ!

    මේ දිලා තියෙන්නේ සුපිරිම එකකින්!! ඔන්න සැමියෝ! මමත් උඹට බොක්කෙන්ම සුභ පතනවා!

    මේ ආපු වේගෙන්ම 100ත් ඉක්මනින්ම පහු කරන්න නුඹේ ඇගිලි තුඩු වලට වේගය ලැබෙන්න ඕනේ රශ් එකේ වගේම..

    ඉතිං සහෝ! ජයෙන් ජයම වේවා!

  46. janaka

    maxxaaaaa>>>>>>>>>>>>>>>>ela....

  47. kavinda gamage

    සබට බොහොම ස්තුතියි….!!!! ^

  48. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    50 ට සුබපැතුම්....
    50 ගහනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද...
    තව තවත් සබ් කරන්නට ලැබේවා!!
    පොඩි දෙයක් කියන්නම්, ටික දවසක ඉඳං කියන්න හිතාගෙන හිටියේ.සහෝ හින්දි සබ් කරද්දී තව ටිකක් සැලකිලිමත් වෙන්න පුළුවන් නම් මේ කරන වැඩේ තව ටිකක් සුන්දර වේවි!!
    ජයවේවා!!

  49. Thisara Buddhika (තිසර නියෝ)

    මුලින්ම කියන්න ඕනි 50 වෙනි සබට උණුසුම් සුබ පැතුම් සහෝ... :P
    50ට දීල තියෙන්නේ සුපිරිම ෆිල්ම් එකක්නේ....
    කොහොම උනත් brrip එක එනකල්ම ඉන්නවා.
    උපසිරැසියට බොහොමත්ම තුති :)
    ඉක්මනටම ඔයාගේ 100 වෙනි සබ දකින්නත් බලන් ඉන්නවා..

    1. තිසර නියෝ (Thisara Buddhika)

      thanks brrip ekata

  50. me

    Keep up the good work and thanks

Load more comments