Watch Trailer

Taking Woodstock (2009) | වෙනස්ම රසවින්දනයක් උදෙසා!

හිපියෙක් කියලා කියනකොට මතක් වෙන්නේ මොකක් වුනත් ඇත්තටම හිපියෙක් කියන්නේ සහෝදරත්වය, සාමය, ආදරය රජ කරන ලෝකයක් වෙනුවෙන් කෑපවුනු උප සංස්කෘතියක සාමාජිකයෙක්… හිපි ජීවන රටාවේ හරිම සුන්දර සහ දාර්ශනික පැත්තක් තියෙනවා.. දැන් බයිස්කෝප් ගැන කථා කරන්න ඇවිත් හිපියෝ ගැන කථා කරන්නේ ඇයි කියලා හැමෝටම ප්‍රශ්නයක් වෙයි……

හිපියෙක් කියලා කියනකොට මතක් වෙන්නේ මොකක් වුනත් ඇත්තටම හිපියෙක් කියන්නේ සහෝදරත්වය, සාමය, ආදරය රජ කරන ලෝකයක් වෙනුවෙන් කෑපවුනු උප සංස්කෘතියක සාමාජිකයෙක්… හිපි ජීවන රටාවේ හරිම සුන්දර සහ දාර්ශනික පැත්තක් තියෙනවා.. දැන් බයිස්කෝප් ගැන කථා කරන්න ඇවිත් හිපියෝ ගැන කථා කරන්නේ ඇයි කියලා හැමෝටම ප්‍රශ්නයක් වෙයි… මේ බයිස්කෝප් එක මේ උප සංස්කෘතියේ සුන්දරත්වය මනාව විදහා පාන චිත්‍රපටයක්… Taking Woodstock…

Woodstock Festival කියන්නේ පුරා දින තුනක් තිස්සේ White lake, New york වල ලක්ෂ හතරකට අධික හිපි චින්තනය විශ්වාස කරන්නන්ගේ සහ Rock and Roll ලෝලීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු සංගීත සැණකෙළියක්… ඒ 1969 දී… “3 Days of Peace & Music” කියලා තමයි Woodstock Festival එක හැඳින්වුවේ…

දැන් මේ ඉතිහාසයේ වෙනසක් කළ Woodstock Festival එක සුප්‍රකට අධ‍්‍යක්ෂක  Ang lee ගේ චිත්‍රපටයක් විදියට අපිට බලන්න පුලුවන්… (එයා තමයි Brokeback Mountain, Crouching Tiger Hidden Dragon වගේ සුප්‍රකට චිත්‍රපට අධ‍්‍යක්ෂණය කලේත්)

Ang lee අධ‍්‍යක්ෂණය කළ අනෙක් චිත්‍රපට එක්ක බලනකොට Taking Woodstock විශිෂ්ට නිර්මාණයක් කියලා සලකන්න බැහැ… දුර්වල තැන් කීපයක්ම තියෙනවා…ඒත් චිත්‍රපටය බලන්න වටිනවා… ඔබට හිපී සංස්කෘතිය ගැනත් හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන්…

එහෙමනම් හිතට වදින වෙනසකටත් එක්ක රස විඳින්න, මේ Taking Woodstock…

ලිපිය – පැතුම් පුංචිහේවා

14 comments

  1. DUMA

    THANX.......

  2. chamila

    ELA..........

  3. aKILLER (Aki)

    mmmmmmmm thnxxxxxxxx

  4. DjAT

    macho Hipiyo kiyanneee kawda? sirawatama dannathi nisai ahanneee.DL karala balanna oni thanks weewaaa

  5. Chameera

    Balamu!!!

  6. LishWish

    අනිවා බානවා..! ස්තූතියි.., දැනුවත් කලා ට..!

  7. Rotiya

    මට නන් එච්චර අල්ලන එකක් නෑ වගේ
    ඒ උනත් තෑන්ක්z පෑතුම් ලිපියට
    දිගටම ලියන්න.හොද හොද ෆිල්ම් ගෑන :D

  8. Pathum Punchihewa

    @ රොටියා

    ඇත්තම කියනවානම් මටත් මේ පිචර් එක ඒ තරම් අල්ලලා ගියේ නැහැ මුලදි... මොකද මම Woodstock festival Original Documentary එක බලලා තිබුනා. ඒත් මේ චිත්‍රපටයත් රසවත් කියලා මට තේරුනා. විශේෂයෙන්ම දෙවෙනි පාර බලනකොට...

  9. kathu

    මට නම් එච්චර අාසාවක් අාවෙ නෑ..මෙක බාන්න. ම්ම්ම්ම්..බලමු.

  10. dasun

    ok balamu kiyana nisa

  11. ප්‍රභාත්

    Tour of Duty TV Series එක බාගත කර ගන්න හොද speed තියෙන ටොරෙන්ට් එකක් කියන්න...

  12. පීටර්

    මට වැඩ නිසා,බලන්න වෙලාවක් නෑ.ඒත් ඔයා මහන්සි උනාට තෑන්ක්ස්. අනිත් උන් ටික බලයිනෙ.

  13. asitha perera

    aH MaRu mArU..........

  14. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    :P

    :) තුති……. :)