ඔන්න යාළුවනේ මමත් ඔයාලට සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් අරන් ආවා.මේක ලෝකෙ එදාමෙදා තුර බිහිවෙච්චි වැඩිම ආදායමක් ඉපයු ආදර චිත්‍රපට(romantic movies) අතර 10වන ස්ථානයේ ඉන්නවා.IMDb අගය 7.7 ක් අරන් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක්.ඒ වගෙම මෙයට විවිධ සම්මාන 71ක් ලැබිලා තියෙනවා.ඒ වගෙම තව සම්මාන 52කට නිර්දේශ වෙලත්…

ඔන්න යාළුවනේ මමත් ඔයාලට සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් අරන් ආවා.මේක ලෝකෙ එදාමෙදා තුර බිහිවෙච්චි වැඩිම ආදායමක් ඉපයු ආදර චිත්‍රපට(romantic movies) අතර 10වන ස්ථානයේ ඉන්නවා.IMDb අගය  7.7 ක් අරන් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක්.ඒ වගෙම මෙයට විවිධ සම්මාන 71ක් ලැබිලා තියෙනවා.ඒ වගෙම තව සම්මාන 52කට නිර්දේශ වෙලත් තියෙනවා.ඒකෙන්ම මේ චිත්‍රපටිය ගැන හිතාගන්නකෝ.එනිසාම බොහෝ විචාරකයන්ගේ කතාබහට ලක්වුණු චිත්‍රපටයක්.ඒවගේම මේක අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Crouching Tiger, Hidden Dragon (2000),Sense and Sensibility (1995),Hulk (2003) වැනි නිර්මාණ ලොවට දායාද කල Ang Lee විසිනුයි.

ඇමරිකාවෙ ඉන්න ගොපලු කොල්ලො (cowboys) දෙන්නෙක්ගෙ අසම්මත,සංකීර්ණ සහ රහසිගත ආදර කථාවක් තමයි මේකෙ කථාව.The Dark knight(2008) චිත්‍රපටයෙ ජෝකර්ට රඟපෑ දැනට ජීවතුන් අතර නැති සම්මානනීය නළු Heath Ledger සහ the day after tomorrow(2004) හි පුතාට රඟපෑ, Source Code(2011)හි ප්‍රධාන චරිතය රඟපෑ Jake Gyllenhaal මෙහි ප්‍රධාන චරිත රඟපානවා. මේ දෙන්නගෙ මේ චිත්‍රපටිය තුල රඟපෑම පුදුමාකාර වගේම විශිෂ්ටයි කියලා කියන්නත් පුළුවන්.

මේකෙ කථාවෙ ඉන්න එනිස් සහ ජැක් කියන ගොපලු කොල්ලො දෙන්නගෙ සම්බන්ධෙ ඇතිවෙන්නෙ Brokeback කඳුවල බැටළුවො ඇතිකරද්දි තමයි.ඒත් මුලදි එනිස් මේකට අකමැතියි.කථාව වැඩිය කිව්වොත් රසය අඩුවන නිසා මම මීට වැඩිය නොකියම ඉන්නම්.ඔයාලා මේ මුළු චිත්‍රපටියම විවෘත මනසකින් බලන්න.මොකද මේ චිත්‍රපටිය එහෙම නැතුව බලන්න බෑ.මේක ලෝකෙ කෙසේ වෙතත් ලංකාවෙ අසම්මත දෙයක් නිසා අවුරුදු 18ට වඩා වැඩි අය විතරක් බලනවානම් හොඳයි.

සිංහල උපසිරැසි හදන්න නම් මහන්සි වෙන්න වුණා.ඒ නිසා කමෙන්ට් එකක් දාලා ගියොත් හිතට සතුටුයි.සබ් එකේ අඩුපාඩු තියෙනවනම් කියන්න.ඔයාලට මේ චිත්‍රපටියෙ කථාව ගැන මොනවාද හිතෙන්නෙ කියලත් කමෙන්ට් එකක් දාන්න අමතකකරන්නෙපා.ලොව පුරා ජනප්‍රිය වූ මේ චිත්‍රපටියට හිමිතැන ඔබම තීරණය කරන්න.එහෙනම් මේක බාගන්න.ගිහින් එන්නම්.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

Download Sinhala Subtitles

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් පතිරණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

131 comments

  1. Djwathila

    I am 1st

  2. කේ. යූ. ජී. උදාර

    විස්තරේට අනුව නම් හොඳ ෆිල්ම් එකක් කියල හිතෙනවා...
    මහන්සියට බොහොමත්ම ස්තූතියි..

  3. Djwathila

    හුටා....... සමනල සීන් එකක්
    බලමු බලමු අමුතුම එකක්....

  4. kte

    මහන්සි වෙලා sub දුන්නට ගොඩක් ස්තුතියි මචන් ජය වේවා ...

  5. M.D.A Pradeep (අමිල මනනදේව)

    මම මේක බාන්න දාපු දවසේ තමයි රුවන් සහෝ ඔයා මේකට සබ් දාන්න බාර අරගෙන තිබුනේ.මම මේකේ සබ් දෙනකන් ඇගිලි ගැන ගැන හිටියේ.ඉක්මනට සබ් දුන්නට ගොඩාක් ස්තුතියි.තව තවත් හොද චිත්‍රපටි උපසිරසි සමග අපිට ලබා දෙන්න.
    ජය වේවා!!

  6. hare :-)

    ආපු කාලෙදිම මේක බලල තිබුණා. සිංහලෙන් ආයෙත් බැලුවොත් හොඳයි වගේ. හරිම සරල ඒත් අපට අමුතුම කතාවක් තියෙන චිත්‍රපටියක්. අධ්‍යක්ෂ ඇන්ග් ලී මහත්තය ගැනත් වචනයක් දෙකක් කිව්වනම් හොඳයි වගේ. ඒකෙන් මේක බලන්න හිතෙන ගතිය වැඩි වෙනව මිසක් අඩු වෙන එකක් නෑ.... :D

    රුවන් සහෝට ස්තූතියි මේ වගේ චිත්‍රපටියක් සිංහල පාඨකයන් වෙනුවෙන් ගෙනාවට!

  7. JMLR

    Thanks machan..

  8. AL1717

    Niyamai Saho onna Mamath Me Movie Eka Den Ma Ba Ganna Danawa
    Sinhala Sub Thiyana Nisa Athaarinne ne

    Thanks Wewa
    Jaya Wewwaaa

  9. දසුන්

    මේකෙ ඉන්න එවුන් සබ් දාන්නෙ තම තමන් කැමති එවට විතරයි වගේ. කියෙන් කීදෙනාද හොද අලුත් එවට සබ් දාන්නෙ.

  10. අබා

    බොහෝම ස්තුතියි රුවන්...මේ වගේ හොද චිත්තරපට ලබාදෙනවට...ජයවේවා..

  11. විකියා

    මැක්සා බොහොමත්ම තුති සහෝ...

    ~ජයෙන් ජය!~

  12. රාම් රාජ්

    සිංහල සබ් වලටනම් ගොඩක් ස්තූතියි. නමුත් මේ ‍ෆිලම් එකේ කථාවනම් අන්තිම අප්සට් එකක් වගේ‍.සමාවෙන්න මොහෙම කියනවට ලංකාවේ තියෙන සංකෘතික බැදීම් සමග මේ වගේ ඒවා නොදාන තරමට හොදයි. මේක තනිකරම මානසික රෝගයක්.මේක රසකර බලන්න පුලුවන්නම් ඒකත් මට නම් හිතෙන්නේ මානසික රෝගයක්.ඇත්තටම මේ වගේ ෆිලම් එකක් මේ සයිට් එකේ යන එක ගැන කණගාටුයි.

    *මම මේ වගේ කමෙන්ටියක් කවදාවත් මේ සයිට් එකට දාලා නෑ.මේ සයිටි එකේ හැම ෆිලම් එකකටම මොකක් හරි කමෙන්ටියක් දානවා.ඒක නිසා මම කියපු ඒවාට තරහා ගන්න එපා.මේ මට හිතෙන දේවල් පමණයි.කෙසේ වෙතත් සිංහල සබ් දැමීමට වුන මහන්සිය ගැන නැවතත් ස්තූතියි‍.

  13. lahiru

    niyamaiiii..................SUB akkama Dunnata.....

  14. dEgA

    පට්ට ඈ...තෑන්කූ අයියේ...!

  15. Saranga

    ගොඩාක් ස්තුතියි.....

  16. Tharanga Darshana Ekanayaka

    අද නිකන් වෙනස්ම කතාවක් වගේ. බලමුකෝ......

  17. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    hmmm hoda ekak wage. balama balamuko.. thanx sinhala sub dunnata...

    Ahinsaka Hithne... :D

  18. lahiru

    බාන්න දැම්මා YIFY ලොක්කගේ ටොරෙන්ට් ඒක.උපසිරැසි සහ මුවි ඒකට ස්තුතිය්.

  19. රමේෂ් නානයක්කාර

    මේ වගේ ෆිල්ම් වලට වැඩි කැමැත්තක් නම් නෑ.මොනවා උනත් සිංහල උපසිරැසියට ස්තුතියි.හැබැයි ඉතින් බලන්න නම් හිතෙන්නේ නෑ.මම අර රාම් රාජ් කියපු කතාවට එකගයි.
    අනික තමන්ට කැමති ෆිල්ම් වලට වඩා කට්ටිය ඉල්ලන ෆිල්ම් වලට සබ් දුන්නොත් නරකද?

  20. AleX

    MAXA>>> ELA WADAK>>> THANX ALOT>>>> ONNA BANNA DAMMA

  21. Akalanka Yapa

    sinhala sub walata thanxxxx

  22. dn

    thxxx wewa

  23. AleX

    dan meh baluwe... kathawa nam awul wage...bt sub walata tnx... are Ramesh saho keewa wage kattia illana filmzwalata sub damma nam me wade godak sarthaka wenawa... anyway meh wade digatama karagena yanna gud luck.

  24. නිෂූ

    ඔන්න ඉස්සර වෙලාම ජයවේවා කියලා කිවුවා !
    බොහෝම ස්තුතියි මහන්සිවෙලා අපිට සබ් දුන්නට

    ෆිල්ම් එක ගැන කමෙන්ට් කරන්නනම් බලලම ඉන්න ඕන.
    බලන්නේ නැතුව හොදනෑ කියන්න අමාරැයි නේ ද ?

    අද හවසට බලාගත්තොත් හෙට උදේම ලියන්නම් !
    ජයවේවා !

  25. Anonymous

    THANK YOU BROTHER....

  26. Edgar

    Mahansiyata thanks namuth mama Ram Raj ge kathawa anumatha karanawa.

  27. ලිට්ල් ජොන්

    යකෝ මෙන්න සමනලයෝ. හොදද බලමුකෝ ස්තුතියි සහෝ

  28. chamila

    Thanks.......

  29. Niranjan

    Thanx thanx Sinhala sub dunnata. Anika romantic nisa balannama one.
    Film eka balala kiyannamko hodaida kiyala.

  30. DiN3sH

    amuthu story ekak nisa balannama oni.. suba pathanawa.. jayen jaya!!!!!!!!!!!!!

  31. lasantha

    thank u

  32. අමල් ප්‍රසාද් සමරවීර

    අනේ මංදා.. අමුතු එකක් නිසාම බලනව.. ඒත් හිතේ නම් ඒ හැටි මනාපයක් නැහැ වගේ! කොහොම උනත් බලල ඉවරවෙලාම කියන්නම්කො.. යකා කියන තරම්ම කලු නැහැලුනෙ!

  33. අමල් ප්‍රසාද් සමරවීර

    අනේ මංදා.. අමුතු එකක් නිසාම බලනව.. ඒත් හිතේ නම් ඒ හැටි මනාපයක් නැහැ වගේ! කොහොම උනත් බලල ඉවරවෙලාම කියන්නම්කො.. යකා කියන තරම්ම කලු නැහැලුනෙ! ඔන්න එහෙනම් සිංහල සබ් වලට තැන්කූ කියන ගමන්ම බාන්න දැම්ම

  34. අමිල නිශාන්ත

    නියමයි... සිංහල සබ් එක්කම දුන්නට තෑන්ක්ස්

  35. vithana

    Samalingikathwayata godakma viruddha wenne aththatama ehema aya. Mokada eyala reveal wena nisa. Lokuma maanasika rogaya thamai thamanta dirawanne nathi dewal vinasha karanna hadana eka.

    Meka lokaye bihiwuna hodama film ekak. Leda kaarayanta mewa balanna beri wunata film balana aya hodata enjoy karai. Sinhala sub walata isthuthiy. Me wage hoda film walata sinhalen sub daana eka hodai.

  36. Danuka Dananjaya

    ජයවේවා මචෝ …ගොඩක් ස්තුතිය

  37. පුරවැසියෙක්

    අපොයි.... :(
    සර්වෝදය සීයාගේ සමලිංගිකයන් ව්‍යාප්ත කිරිමෙ මෙහෙයුම "බයිස්කොප් සිංහලෙන්" අඩවියත් ආක්‍රමණය කරලා වගෙයි.

    ඇත්තටම සර්වොදය සීයානම් මුල්‍යම වාසි හේතුවෙන් මේවට සහයෝගය දුන්නට ලොකේටම ලොකු සමනළයන්ගේ සංවිධාන තමා පිටිපස්සෙන් ඉන්නේ.

    තම තමන්ගේ ආසවන් වලට මෙවැනි පොදු අඩවි අව භාවිතය ගැන ඇත්තටම කණගාටුයි.
    අඩවියේ ගුණාත්මක බව රැකගැනිම ඇඩ්මින් සහෝ ඔබ සතු වගකිමකි.
    යෝජනා සහ විවේජන ඉදිරිපත් කිරිම පාඨක අප සතුය.

    මේ දිනවල අඩවිය යම් තාකෂණීක අර්බුදයකට ලක්ව ඇති බව අප කවුරැත් දුටු දෙය විය නමුත් එම අර්බුදයෙන් පාඨක අපහට ඔබට ලබා දිමට නොහැකි වු වින්දනය වෙනුවෙන් විකෘති කාම අශාවන්ගෙන් පෙළෙන්නන්ගේ පහත් උවමනා එපාකම් සදහා හසුනොවන්න.

    බයිස්කොප් සිංහලෙන්ට සදා ඡය.........!!!

  38. Anonymous

    mata kauru hari torrent wala seed adu unama copy karana track list eka ewanawada? plz link ekak danawada? baiscope eke deela tiyena link eka weda ne. plz link ekak dannako

  39. mahen

    mehema film ekak mata set welama na
    mama me film eka gana kiyewuwa GO magazine ekakin

  40. Danushka wijeysinghe

    kwru hari meke sinhala usbtitles upload karnawda apahu, meken ganna behene...

  41. sad

    @mahen
    ahhne oya GO magazine nuth kiyawanawada??? marai ahh

  42. del

    සිංහල සබ් වලට බොහොම ස්‌තූත්යි නමුත් පෞද්ගලිකව මමනම් මේ වගේ ෆිල්ම් වලට ආස නැ.. පුලුවන්නම් මම කාරුනික ඉල්ලීමක්‌ කරනව බයිස්‌කෝප් සයිට්‌ එකේ ඔය වගෙ ෆිල්ම් දන්න එපා කියල.. කොල්ලො විදියට හරිම ලැජ්ජයි..

  43. අමල් ප්‍රසාද් සමරවීර

    මේකෙ සබ් බෑවෙන් නෑනෙ.. තියෙන කෙනෙක් මට එවන්නකෝ!! [email protected]

  44. samera

    neyami, tava ma vga store dankoooo

  45. willz

    Aiyoo lankawe chithrapati balana samahara aya chithrapa nathuwa anith ewa balanawa wage. Eyalata homo sexual scene pennanakota inna beriwa athi. Ekane oya apset eka. Adminta kondak thiyenawanam me P ayata baye me wage film daanne nathuwa inna ona ne.

  46. Rook

    ai machan mechchara mahansi wela me wage film ekakta sub demme...machan me wage dewal ape sanskruthiyata witharak nemei sobawadahamatath patahenii..aparade umbage mahansiya..film ekak kochchara sammana gaththath kochchara wiyadam karala heduwath eke kochchara hoda raga pemak thibunath ,kochchara hoda kathawak thibunath wedak ne eken kisima rasaswadayak ganna berinam..duk wenna epa kolla elaga para horrar film ekak hari kamak ne sab dala dapan..eka mitawada 100-1000 gunayak hodai..ummbe mahansiya gena dukai..

  47. ruwa

    tankuuuuuuuuuuu saho sub walata...
    tawa hoda movies walata sub danna haiya hattiya lebewa!!!!!!!!

  48. පුශ්පකුමාර

    හැගීම් කියන ඒවා හැමෝටම පොදුයි,ඒකට රට සංස්‌කෘතිය බලපාන්නේ නෑ.මම නම් වරදක්‌ දකින්නේ නැ.වැරදි උනත් කමක්‌ නැ.උපශීර්ශ වලට ස්‌තුති රුවන් පතිරණ :*

  49. kas

    මම නම් මේකට එච්චර කැමති නෑ.ඒත් මේක ලෝක ප්‍රසිද්ධ ෆිල්ම් එකක්.මේ තත්වය ඇත්තටම මානසික රෝගයක්.වෛද්‍යවරුන්ට අනුව මානසික රෝගීන්ට අනුකම්පා කිරීම මිස පිළිකුල් කිරීම හෝ හෙලා දැකීම සුදුසු නෑ.සංස්කෘතිය කොහොම උනත් ලංකාවෙත් මෙවැනි පුද්ගලයින් ඔන තරම් ඉන්න බව අපි කව්රුත් අහල තියනව.ඒ නිසා මේ ෆිල්ම් එක දැම්මට විරුද්ධ වෙන්නත් බෑ

  50. Nishantha

    Thanx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.