Extreme Job කියන්නෙ 2019 ජනවාරි 23 තිරගත කිරීම ආරම්භ කරපු action\comedy ගණයට අයත් වෙන දකුණු කොරියානු චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය twenty 2015 චිත්‍රපටයෙ අධ්‍යක්ෂක Lee Byeong-heon. (twenty චිත්‍රපටිය බලපු අයට මතක ඇති ඒක මොනතරම් හිනායන චිත්‍රපටියක්ද කියලා. මේකත් ඒ වගේම හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් තමයි…

Extreme Job කියන්නෙ 2019 ජනවාරි 23 තිරගත කිරීම ආරම්භ කරපු action\comedy ගණයට අයත් වෙන දකුණු කොරියානු චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය twenty 2015 චිත්‍රපටයෙ අධ්‍යක්ෂක Lee Byeong-heon. (twenty චිත්‍රපටිය බලපු අයට මතක ඇති ඒක මොනතරම් හිනායන චිත්‍රපටියක්ද කියලා. මේකත් ඒ වගේම හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් තමයි.) මේ චිත්‍රපටියෙ බජට් එක වොන් බිලියන 6.5 ක් (ඇ.ඩො මිලියන 5.8) වෙනකොට දවස් 15 ක් ඇතුලත වොන් බිලියන 91.5 ක්(ඇ.ඩො මිලියන 81.6) ආදායමක් උපයගන්න සමත් වෙලා තියෙනවා. කොරියානු චිත්‍රපටි ඉතිහාසයේ කොරියාව තුල වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටිය හැටියට මේවනවිට මේ චිත්‍රපටිය අංක 1 ට පත්වෙලා තියෙනවා. මීට කලින් අංක 1 ට තිබුනෙ The Admiral: Roaring Currents කියන චිත්‍රපටය. (හැබැයි ‘world wide ගත්තම මේ චිත්‍රපටිය වැඩිම ආදායමක් උපයපු චිත්‍රපටිය හැටියට තාම අංක 1 ට තියෙනවා.)
ප්‍රධාන චරිත හැටියට Ryu Seung-ryong, Lee Hanee, Jin Seon-kyu, Lee Dong-hwi and Gong Myung යන අය රංගනයෙන් දායක වෙනවා. (බලද්දි තේරෙයි කවුද කවුද කියලා. දැකල පුරුදු අය.) imdb 7.1 ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටියට 86% ක Rotten Tomatoes අගයකුත් ලැබිල තියෙනවා. විනාඩි 111 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය සෝල් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකේ කණ්ඩායමක් වටා තමා දිව යන්නෙ. මේ කණ්ඩායම සාමාන්‍යයෙන් වැඩ අනාගන්න ජාතියෙ සෙට් එකක්. අනිත් හැමෝටම උසස්වීම් ලැබෙනකොට මේ සෙට් එකයි ඒකෙ ලොක්කයි වේලි වේලි ඉන්නවා. දවසක් මේ ටීම් එකේ ලොක්කට අපරාද අංශෙ ලොක්ක ඔත්තුවක් දෙනව, කොරියාවෙ ලොකුම මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයයි තව මැර කණ්ඩායමකුයි එකට එකතුවෙලා වැඩ කරනව, ඒ ගැන හොයන්න කියලා. (හොයල දැනුම් දෙන්න තමයි තියෙන්නෙ.) ඉතින් මේ මැරයො ටික ටික නැවතිලා ඉන්නෙ පොඩි තැනක. මෙතන චිකන් විකුණන පොඩි හොටෙල් එකකුත් තියෙනවා. පොලිසියෙ සෙට් එකත් ඉතින් මේ කඩේට වෙලා අර මැරයො ගැන ඇහැගහගෙන ඉන්නෙ උන්ගෙ ලොක්ක එනකල්. දවසක් ගියත් පොර එන්නෙ නෑ. පස්සෙ දැනගන්නව මේ මැරයො මේ කඩෙන් කෑම ඕඩර් කරනවයි කියල. ඉතින් ඊළඟ දවසෙ කෑම ඕඩර් කරාම පොලිසියෙන් එක්කෙනෙක් ඇතුලට ගිහින් ඔත්තු බලන්න තමයි ඉන්නෙ. ඒත් වැඩේ කියන්නෙ මේ කඩේ අරින අන්තිම දවස තමයි එදා. මේ කඩේට වෙන කවුරුත් එන්නෙ නැති නිසා බිස්නස් පාඩුයි. ඒ නිසා කඩේ විකුණන්න දාන්න හදන්නෙ. ඉතින් රටේ ලොකුම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරය එනකල් මුන් ඉන්නත් ඕනෙ නිසා කඩේ සෙට් එක සල්ලි වලට ගන්නවා. කඩේට වෙලා ප්ලෑන් එහෙම ගහනකොට කස්ටමර්ස්ල එන්න පටන් ගන්නවා. මුන් අතින් වැරදිලා අළුත් වට්ටෝරුවක කෑම එකක් හැදෙනවා. මේකෙන් තව තව මිනිස්සු කඩේට එන්න ගන්නවා. ඔත්තු බලන වැඩේ පැත්තකට දාල කට්ටිය කඩේ වැඩ කරගෙන යනවා. අන්තිමට එතන මැර සෙට් එකත් මාරු වෙලා ගිහින් රස්සාවත් තහනම් වෙන තත්වෙට වැටෙනවා.
ඔහොම තමයි කතාව යන්නෙ. සාරාංශෙ තේරුණේ නැත්තන් චිත්‍රපටියට බලනකොට තේරෙයි මොකක්ද වෙන්නෙ කියලා. එහෙනම් වෙන දවසක තවත් චිත්‍රපටියක් අරන් එනකල් අදට ගිහන් එන්නම්.
(තව දෙයක් කියන්න ඕනෙ.මම මේ චිත්‍රපටියට උපසිරැසිය කරන්න අහනකොට වෙන කෙනෙක් භාර අරගෙන තිබුණා. ඒත් මං කොහොම හරි කියල කරන්න ඉල්ලා ගත්තා. කවුද කියන්න නම් දන්නෙ නෑ. හැබැයි එයාටත් ස්තූතියි මට මේ චිත්‍රපටියට සබ් එක කරන්න ඉඩ දුන්නට.)
ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
8,402 downloadsDownload Extreme-Job-2019.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
29 comments
tharindutg
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
පුළුවන්නම් The Battle: Roar to Victory (2019) සබ් දෙන්න
ජය වේවා!Sampath sugath
Thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Asanke
Thanks for sub
Shehan putha
Thanks broo
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....
jagath55
Thanks
Sulakshana Thilakarathna
ඔයාගෙ film නම් එකක් වත් miss කරන්නෙ නෑ.. Site එකට රත්තරන් වටිනව. ඒ තරමට සුපිරි. මේක නම් maximum. කාලෙකට පස්සෙ මාරම ආතල් movie එකක්. බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය වේවා.
pushpika chandimal
super bro
pushpika chandimal
super wadak bro
Sanjeewa2010
Thnxxxxxxxxx
Dhanushkadill
Thanksssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
D.Chamara
bohoma sthuthi sahoo
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewakbg
thanks bro....
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති the keys to the heart (2018) korean movie ekata sub dennako
AsithaDilruwan
ela saho thanks
melinda
upasirasa labadunnata sthuthi
CDzCrazy
මේ ෆිල්ම් බාගත කරගන්න බයිස්කෝප් ඩව්න්ලෝඩ් තවම තියෙනවද? කොහොමද ඩව්න්ලෝඩ් කරගන්නේ?
sasanka
thanks for the sub
Anonymous
ela
Anonymous
Thanx
Sanu
අයියේ ...twenty korean movie එකේ subtitles පේන්නෑනේ....අයියා කියපු නිසාමයි download කලේ ඒක..ඒත් දැන් subtitle පේන්නෑ...
Sanu
තෑන්ක්ස් මේකේ subtitle වලට..ඔයාට ගොඩාක් පින් අනේ...❤
Advertisement
ගොඩක් ස්තුතියි උපසිරැසි දුන්නට මේ ෆිල්ම් එකට.