කොහොමද ළමායි, කලින් ගෙනාපු හොල්මන් චිත්‍රපටයට පස්සේ මේ පාර අරන් ආවේ සුපිරිම කොරියානු Thriller චිත්‍රපටයක්. කොරියානු සිනමාව ගැන දන්න අයනම් මෙයාලගේ චිත්‍රපට කොච්ච්ර ගුණාත්මකද කියලා දන්නවා. විශේෂයෙන්ම මේ Thriller ශානරයේ චිත්‍රපට නිපදවන්න කොරියානුවෝ උපන් හපන්නු බවනම් නොකියාම බෑ. Forgotton (2017), I Saw…

කොහොමද ළමායි, කලින් ගෙනාපු හොල්මන් චිත්‍රපටයට පස්සේ මේ පාර අරන් ආවේ සුපිරිම කොරියානු Thriller චිත්‍රපටයක්. කොරියානු සිනමාව ගැන දන්න අයනම් මෙයාලගේ චිත්‍රපට කොච්ච්ර ගුණාත්මකද කියලා දන්නවා. විශේෂයෙන්ම මේ Thriller ශානරයේ චිත්‍රපට නිපදවන්න කොරියානුවෝ උපන් හපන්නු බවනම් නොකියාම බෑ. Forgotton (2017), I Saw the Devil (2010), Midnight FM (2010), The Call (2020), Parasite (2019), Old Boy (2003), Memories of Murders (2003) කැමති අයට මේ කිව්ව ෆිල්ම් ටිකත්, Bong Joon – ho, Park Chan- wook වැනි අධ්‍යක්ෂකවරුන්ගේ චිත්‍රපට බලන්න කියලා නිර්දේශ කරනවා. අද මම ගෙනාපු Recalled (2021) කියන චිත්‍රපටය 95%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, 6.9ක ඉතා හොඳ IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන අතර මෙය Mystery / Thriller යන කාණ්ඩයන්ට වර්ගීකරණය වෙලා තියෙනවා. 2021 අප්‍රේල් 21 නිකුත් උන මේ චිත්‍රපටය අප්‍රේල් 25 වන විට කොරියාවේ Box Office දර්ශකයේ පළමු තැන හිමිකරගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය You – min Seo විසින් සිදු කරලා තියෙන අතර Seo Yea-ji සෝ ජින් ලෙසත්, Kim Kang-woo සුන් වූ ලෙසත්, Ki Sang පරීක්ෂක පාර්ක් ලෙසත්, Kim Wook ජි හූන් ලෙසත් මෙහි ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය ලබාදෙනවා.
කඳු නගින්න ගිහින් අනතුරකට පත් උන සෝ ජින්ට ආපහු සිහිය එද්දි තමන්ගේ මතකය සම්පූර්ණයෙන්ම නැති වෙනවා, අනතුරෙන් සුව උනත් සෝ ජින්ට පසුගිය කිසි දෙයක්වත්, කිසි කෙනෙක්වත් මතක නෑ, කොටින්ම එයාට තමන්ගේ සැමියවවත් මතක නෑ. දවසක් සෝ ජින්ට මෙයාලා ජීවත් වෙන මහල් නිවාසයේ සෝපානයේදී පොඩි ගෑණු ළමයෙක් හමබෙනවා. මේ ගෑනු ළමයා එක්ක කතා කරද්දි එකපාරටම මේ ළමයව පාරේදි වාහනෙකට හැප්පෙන්න යන දර්ශනයක් සෝ ජින්ට පෙන්නගන්නවා. මේ ගැන බලන්න මේ ගෑණු ළමයගේ පස්සෙන් යන සෝ ජින් දකින්නේ ඇයට පෙනුන විදියටම අනතුරක් සිද්ධ වෙන්න යනව බවයි. ඒ වගේම ඉස්සරහටත් එක එක පුද්ගලයන් ගැන විවිධ දර්ශන සෝ ජින්ට පෙන්න ගන්නවා. කුතුහලයට බාධාවක් වෙන නිසා මම වැඩිය කතාව කියන්නේ නෑ. සෝ ජින්ට මේ පේන්නේ මොනවද ? එයාගේ මතකයත් එක්ක මේ දර්ශන සම්බන්ධද ? ඇත්තටම ඇයට මේ අනතුර උනේ කොහොමද ? සෝ ජින්ට මේ ගැන හොයාගන්න පුළුවන් වෙයිද ? ඒ ඔක්කොටම පිළිතුරු මේ චිත්‍රපටයේ තියෙනවා. ඇත්තටම අපිට හිතාගන්න බැරි අවසානයක් තියෙන, අපේ නිගමන සම්පූර්ණයෙන්ම වරදින ෆිලුමක් කියලා මතක් කරන්න ඕන. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න ශාන් විමුක්ති සහෝටත්, හැමදාම කොමෙන්ට් කරලා දිරි ගන්වන සහෝදර , සහෝදරියන්ටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. Covid-19 උවදුර තුරන් වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.
තෙරුවන් සරණයි !!!

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,288 downloadsDownload Recalled.2021.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
33 comments
කවිඳු ජයවර්ධන
Anonymous
දාන්න ආපු කමෙන්ට් එකම දාලා
මාත් කියන්නේ තව මේ වගේ කොරියන් ත්‍රිලර් මූවීස් දෙන්න සහෝ
කොරියන් ත්‍රිලර් සීරීස් වුනත් පට්ටAnonymous
Thankx bro❤️
බ්
the kissing booth 3 ඕනේ
Kasun Lakshan
හම්මෝ මේක බයිස්කෝප් එකෙන් දානකන් කොච්චර කල් බලන් හිටියද!!!!
උපසිරසට ගොඩාක් ස්තුතියි ......
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේAnonymous
ස්තුතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kushan
Sub akta thanks
Anonymous
Kalin bluwa
Anyway thnkzKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
බයිස්කෝප් එකෙන් දුන්නේ නැති නිසා චාටර් සබ් එකක් එක්ක බැලුවා.මොනවා කරන්නද ඉතින්
බයිස්කෝප් සබ් දෙද්දි දැන් ගොඩක් පරක්කුයිAnonymous
Pattai kollo
Korean thriller thwa dennaSheron
Thnkz bro
Neo
Thanks brother
Keep it upBuddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Ratta
Thanks saho
Korean thriller nm ithin aniwa blnowLakshitha
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා !!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thanks bro
Anonymous
Beast Clawing at Straws - 2020 korean film ekata sub denna puluwn nm bro
indika 75
thanks..
නිමල් දිසානායක
අන්ද මන්ද කරවන plot එකක් ඇති
ෆිලුම හොඳයි අමුතුම ගතියකුත් ඇති
sub දුන්නට කළ යුතුමය ඔබට තුති
ධනුක යා යුතුය පෙරටම නොවැටී හතිHasantha
Thank you❤❤❤❤❤
viraj
thank you.....
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Lakshansilva18
thanks for sub
Malith Samarawickrama
Thanks bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Pavith Wijesooriya
අම්මෝ!!!!
මේක නම් පට්ටම ෆිලුමක්...!
සුපිරියක් ❤️
මගහැරුනොත් නම් ලොකු පාඩුවක්...
සබ් එකත් සුපිරිම සුපිරී...
ගොඩක් ස්තූතියි,ඉදිරියටත් කොරියන් මූවී වලට සබ් ඕනේ...Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Nalin Madushka
Thanks brother.
කොරියාවේ ඉඳන්ම කොරියන් movies බලන මම
Advertisement
ආපු දවස්වලම බැලුවා.රෙකමන්ඩ් කරන්න පුලුවන් ෆිල්ම් එකක්.Ending එක, twist එක නියමයි.බලලා නැත්තන් අනිවා අරන් බලන්න..පුලුවන්නම් Ghost lab-2021,The medium 2021 දෙකටත් දෙමු.ලඟදි බලපු හොඳ මූවීස් දෙකක්..