බයිස්කෝප්වාසී සියල්ලන්ටම ආයුබෝවන්, අද මගේ උපසිරැසි ජීවිතයේ සුවිශේෂී දවසක්, ඒ කිව්වේ මගේ පනස්වෙනි උපසිරැසිය පල කරන්නයි යන්නේ, පලවෙනි කඩඉම. ගොඩක් අය මාව දන්නෙවත් නැතුව ඇති, මම මුලින්ම බයිස්කෝප් අඩවියට ආවේ කොහොමද කියලා හරි මතකයක් නම් නැහැ, සබ් දාගෙන ෆිල්ම් බලනකොට මටත් හිතුණා සබ් එකක් කරලා බලන්න. මම මු…

බයිස්කෝප්වාසී සියල්ලන්ටම ආයුබෝවන්,
අද මගේ උපසිරැසි ජීවිතයේ සුවිශේෂී දවසක්, ඒ කිව්වේ මගේ පනස්වෙනි උපසිරැසිය පල කරන්නයි යන්නේ, පලවෙනි කඩඉම. ගොඩක් අය මාව දන්නෙවත් නැතුව ඇති, මම මුලින්ම බයිස්කෝප් අඩවියට ආවේ කොහොමද කියලා හරි මතකයක් නම් නැහැ, සබ් දාගෙන ෆිල්ම් බලනකොට මටත් හිතුණා සබ් එකක් කරලා බලන්න. මම මුලින්ම උත්සහ කළේ Kai Po Che, ෆිල්ම් එකේ භාගයක් විතර නිකන් කොටලා, මේල් එකක් දාලා අහපුවාම ඒක වෙන කෙනෙක් භාර අරගෙන කිව්වා, පස්සේ මම මගේ මුල්ම උපසිරැසිය විදිහට Delhi Belly කරනවා, ඒක සයිට් එකේ පලවෙන්නේ 2013 ජූනි 07. දැන් අවුරුදු 9ක් වෙන්න ඔන්න මෙන්න වෙනවා, සේරම වගේ මම කලේ හින්දි වැඩ, එකම එක කන්නඩ චිත්‍රපටයකුයි, ඉංග්‍රීසී ඇනිමේට් ෂෝර්ට් ෆිල්ම් එකකුයි කරලා තියෙනවා. චිත්‍රපට 21ක්, කෙටි චිත්‍රපට 2ක් සහ ඉතුරුවා සේරම ටීවී සීරිස් තමා, ඔය චිත්‍රපටවල හවුලේ කරපුවා දෙකක් විතර අන්තර්ගතයි. කරපුවගෙන් මම ප්‍රියතම Ganchakkar සහ Jalsa. මේ සබ් 50න් 25ක්ම කෙරුවේ මේ අවුරුද්දේ, ඒ කියන්නේ මේ මාස පහට.
අවුරුදු 9කින් තියා කවදාවත් මම මේ කඩඉමට එයි කියලා මම නම් හිතුවෙම නැහැ, මුලින්ම සබ එකක් කරන හැටි, අරවා මේවා විස්තර අහගත්තේ ආසිරිගෙන්, ඒ කිව්වේ හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්තගෙන්. පොර මට දුන්නේ ෆුල් සපෝර්ට් එකක්, දැන් නම් මෑන් දකින්නත් නැහැ. ඊට පහුකාලීනව මයුර සුරාජ්, මෑන් තමා ඔය ශිල්ප ක්‍රම, තාක්ෂණික මෙවලම් වගේ එව්වා කියලා දුන්නේ. දැන් ඔය හවුලේ යන වැඩ ඔව්වා මෙව්වා හැම එකක්ම ඌ එක්ක තමා. මට ගොඩක් සමීප පරණ උදවිය, තාරක නුවන් දිල්හාර, දිදුල KD, අදිත ප්‍රවීන්, දිල්ශාන් කාලිංග, වගේ අයව මතක් කරනවා. තව ශසිත් සඳරුවන්, දහරා මුතු අමා, පසිඳු මධුමාල්, විකියා, රොයිලි ප්‍රනාන්දු, හසන්ත වික්‍රමරත්න, අශාන් විමුක්ති වගේ අයවත් මතක් කරනවා.

චිත්‍රපටය පැත්තට හැරුණොත්,
පනස්වෙනි උපසිරැසියටත් මම ගෙනාවේ හින්දි චිත්‍රපටයක්. නම Thar, මේක පසුගිය හයවැනිදා නෙට්ෆ්ලික්ස් හරහා මුදාහැරුණු චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කරන්නේ රාජ් සිං චෞද්‍රි විසින්. එතකොට ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙන්නේ අනිල් කපූර් සමඟ ඔහුගේ පුතු හර්ශ්වර්ධන් කපූර්. ෆාතිමා සානා ෂෙයික්, සතීෂ් කෞශික්, ජිතේන්ද්‍ර ජෝෂි, රාහුල් සිං සහය චරිතවලින් දායක වෙනවා. අනිල් කපූර් සහ හර්ශ්වර්ධන් නිෂ්පාදනයෙන් දායක වෙනවා.
මේක 1985දී රාජස්ථානයේ සිද්ද වෙච්ච කතාවක්. සුරේඛා(අනිල් කපූර්) කියන්නේ, රාජස්ථානයේ මුනාබෝ කියන ගමේ පොලිස් පරීක්ෂකවරයා. මිනිහා තව මාස කීපයකින් විශ්‍රාම ගන්න ඉන්නේ. ඒ කවදාවත් උසස්වීමක් ගන්නේ නැතුව පොලිස් පරීක්ෂක කෙනෙක් විදිහටම. මේ ගමේ එහෙම ලොකුවට දේවල් වෙන ගමක් නෙවෙයි. දවසක ගහක එල්ලලා මිනිහෙක් මරලා තියල හම්බවෙනවා. පුදුම දස වදයක් දීලා තමා මරණයට පත් කරලා තියෙන්නේ. සුරේඛාගේ දැක්මට අනුව මේක ඉස්සරහට වෙන්න තියෙන ලොකු සිද්ධියක මූලාරම්භයක් විතරයි. සුරේඛාගේ වචනයෙන් කිව්වොත් එන්න තියෙන ෆිල්ම් එකක පෝස්ටර් එකක් වගේ. ඔය අල්ල පනල්ලේ සිද්ධාර්ත්(හර්ශ්වර්ධන් කපූර්) කියන ඇන්ටික් බඩු බිස්නස් කරන ආගන්තුකයෙක් මේ ගමට එනවා. එන්නේ ලියන්න කියන්න දන්න වැඩට ගන්න පුළුවන් මිනිහෙක්ව හොයාගෙන.
මේක කාන්තාර පරිසරයේ කර්කෂ චිත්‍රපටයක්. සුශාන්ත්ගේ සොන්චිරයියා, අභේ ඩියෝල්ගේ මනෝරාමා සික්ස් ෆීට් අන්ඩර් වගේ චිත්‍රපට බලපු අයට මේ පරිසරය හුරු පුරුදු ඇති. කවුබෝයි ජාතියේ ෆිල්ම්වල පරිසරය. මේක එක දිගට බලන් ඉන්න පුළුවන් සිනමා නිර්මාණයක්. මසාලා හොයන ජාතියේ අයට නම් දිරවන්නේ නැහැ. IMDb අගය 6.1ක් වෙනවා. අනිල් කපූර්ගේ කාලෙකින් හොඳ රංගනයක් සහ අන්ඩරේටඩ් නළුවෙක් වුණු හර්ශ්වර්ධන්ගේ හොඳ රංගනයකුත් බලාගන්න පුළුවන්. අන්තිමට මතක් කරන්න ඕනේ දරුණු ලේ වැගිරීම් වගේ ඒවා බලන්න අපහසු, දරන්න බැරි අය නොබැලුවාට කමක් නැහැ.
එහෙනම් ආයෙත් දවසක උපසිරැසියකින් නැවත මුණ ගැහෙමු.
අරගලයට ජය…
හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
8,954 downloadsDownload තාර්-2022.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
44 comments
Kantha_DLA
සච්ත්‍ර නිර්මාණ
සසිත සමරතුංග ගොඩක් ස්තුතියි මචං..උඹලා මේ කරන වැඩේ සුපිරි ...බයිස්කෝප් වෙනුවෙන් sinhala subtitle කෙරෙන හැමෝටම ගොඩක් ස්තුතියි
දහරා මුතු අමා
පලවෙනි කඩයිමට උනුසුම් සුබ පැතුම්...! සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරන ගමන්ම කඩයිම් වලටත් ඉක්මනටම යන්න ලැබෙන්න කියලාත් ප්‍රාර්තනා කරනව. ඒ වගේම මාවත් මතක් කලාට ස්තූතියි.
එල්. සී. දමැල්
50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සිසිත සහෝ! :)
දිගටම උපරිසරකරණයේ නිරත වන්නටත් අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌Anonymous
congrats brother
Kushan
Sub akta thanks
ම යු ර
අඩේ 50වෙනි උපසිරැසියට සුබපැතුම් මචෝ..
මෙතනින් නොනැවති දිගටම වැඩේ කරගෙන යන්න කාලය ලැබේවා කියලා පතනවාAnonymous
සුබපැතුම් බොම්ක❤️
vimukthi
බොහොම ස්තූති සබට ! ජය
Hasitha
පලමු කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ ..!!
Dumith
Madhuchandraleka movie 1tath sinhala sub 1k dannakooo
Pasindu Madumal
ගොඩක් කතා වුණා නම් දැක්කා, බලන්න ඕනේ
ස්තූතියි, මාවත් මතක් කරල තියෙනවට.
එහෙනම් මින් නොනැවතී තව ඉදිරියට යමු.
සබට තුති සහෝ..! ❤️Redrux
congrtz bro
Anonymous
Congratz machn!
අචින්ත
50ට සුභ පැතුම් මචන්.
ගෙනාව තරමක් ඉතිං බලන්න පුළුවන් කාලයට වටින නිර්මාණ ඒකේ දෙකක් නැත.
සයිට් එකේ ඉන්නම ඕන කෙනෙක් උඹත්..ජය වේවා!Eranda
Congratulation brother
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thanks jayawewa.....!
Anonymous
Congrats for 50th sub
Anonymous
50ට සුබපැතුම් බ්‍රෝ
Nadun Piyumantha
50 වෙනි උපසිරසියට සුභ පතනවා. මේ සබ් එකටත් ස්තූතියි
L.Y
පලමු කඩයිමට සුබපැතුම්
දිගටම හින්දි සීරීස් දෙමුSheron
Congrats for 50th sub ..keep going ..
oshanda
50 weni kada imata suba pethum sahodharaya.... digatama demu
Rahal
100 ghmu ikmanta
Jaya wewa sahoNaveen
50 ට සුබපැතුම්
උපසිරසියටත් තුතිAnonymous
thanks
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Rumesh
සුබපැතුම් සහෝ
Achi
බොහොම ❤ ස්තුතියි සහෝ
indika 75
උණුසුම් සුබ පැතුම් !!!
Anonymous
50 ට 100 වාරයක් ස්තුතියි
Buddhika laKMal
50වෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥තාරක නුවන් දිල්හාර
සුභ පැතුම් පනස්වෙනි කඩයිමට වගේම,
ආසිරි ප්‍රියන්තගේ වේගවත්ම 50 වාර්තාව අලුත් කරන්නට සමත් වීම සම්බන්ධව,
ඉස්සර ඉඳන්ම ආසම ගුණාත්මක උපසිරැසිකරුවෙක්,
Ghanchakkar වගේම I Hate Luv Stories නුත් ඔබ උපසිරැසි ගන්වපු චිත්‍රපටි වලින් මතකේ රැඳුනු එකක්,
මේ උපසිරැසියටත් ස්තුතියි!
ඉදිරියේදීත් තව තව උපසිරැසි කරන්නට හැකියාව ලැබේවා!
ජයෙන් ජය!
ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ...හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!Ranjeewa K.Liyanage
50 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් සහෝ.......!!!
Achi
අනිවා බලහල්ලා...
තවන්ගේ කෙල්ලව දූෂණය කරලා මරලා දාල ගිය උන්ගේන් පලි ගන්න සීන් එකක් තියෙන්නේ...
අම්මෝ ❤️
50Heshan
Thanks saho
Anonymous
සුබපැතුම් ලොක්කා
දිගටම සබ් ගේමුShane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
රොයිලි
කඩඉමට සුබ පැතුම්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
Tharidu Sagara
50 සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!ශසිත් සඳරුවන්
පළමු කටඉමට සීතල සුබපැතුම් සිසියෝ...!
පමාවට සමාවෙන්න ඕන. ගුණාත්මක සබ් දෙන ඉන්දියන් පැත්ත ඇදගෙන යන එල කොල්ලෙක්.
දිගටම සබ් දෙමු ආ...
ජය!mindika
Thanks !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!