Watch Trailer

Labor Day (2013) with Sinhala Subtitles | ප්‍රේමයක් වූ අහඹුව…. [සිංහල උපසිරසි සමඟ]

ජීවිතයක් වෙනස් වෙන්න මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒකට එක තත්පරයක් හොඳටම ඇති. ඒ වෙනස හොඳට වුණත් එහෙමත් නැත්තම් නරකට වුණත්…. මං ඇඩෙල්. අවුරුදු 12ක දරුවෙක් එක්ක තනිවුණු අම්මා කෙනෙක්. එක හේතුවක් නිසා මගේ මහත්තයා මාව දාලා යන්න ගියා. එදා ඉඳන් මගේ ජීවිතේ සොහොන් පිටියක් වගේ වුණා. හැමදේම නීරස වුණා. හුස්ම වැ…

Labor Day (2013)ජීවිතයක් වෙනස් වෙන්න මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒකට එක තත්පරයක් හොඳටම ඇති. ඒ වෙනස හොඳට වුණත් එහෙමත් නැත්තම් නරකට වුණත්….

මං ඇඩෙල්. අවුරුදු 12ක දරුවෙක් එක්ක තනිවුණු අම්මා කෙනෙක්. එක හේතුවක් නිසා මගේ මහත්තයා මාව දාලා යන්න ගියා. එදා ඉඳන් මගේ ජීවිතේ සොහොන් පිටියක් වගේ වුණා. හැමදේම නීරස වුණා. හුස්ම වැටෙන නිසා ජීවත් වුණා මිසක් ජීවත් වෙන්න තරම් කිසිම බලාපොරොත්තුවක්, ආශාවක් තිබුණේ නැහැ. සමාජයට මං බය වුණා. ගොඩක්. ඇත්තටම කිව්වොත් මං ගෙදරින් එළියට බැස්සෙත් මාසයටම එකම එක වතාවයි. ගෙදරට ඕන කරන බඩුමුට්ටු ගේන්න ඕන නිසා.

ඒ වගේ දවසක, මගේ ජීවිතේ අලුත් වෙනසකට මුල පිරුවා. ඒත් ඒකේ ආරම්භය සුන්දර වුණේ නම් නැහැ. සුපුරුදු විදිහට කටුකයි. එදා අපි එද්දී හිරගෙදරින් පැනපු දරුණු මිණිමරුවෙක් අපිට තර්ජනය කරලා අපේ ගෙදරට රිංග ගත්තා. ඇත්තටම කිසිම රැකවරණයක් නැතිව අපි ගොඩක් අසරණ වුණා. ඒත් කරගන්න කිසිම දෙයක් නැති තැන අපි දෙන්නට සිද්ධ වුණේ බලාගෙන ඉන්න එක විතරයි. හැබැයි එයා අපි දෙන්නට කිසිම කරදරයක් කරේ නම් නැහැ.

හොඳට හෝ නරකට හෝ වෙන්නැති, පොලිස් සෝදිසිකිරීම් නිසා එයා බලාපොරොත්තු වුණු විදිහට එළියට පැනගන්න බැරිවුණා. තවදුරටත් එයාට අපි එක්කම අපේ ගෙදර ඉන්න සිද්ධවුණා. හැබැයි එයා අපිට කරදරයක් වෙනවා වෙනුවට අපිට සහනයක් වුණා. මං දන්නේ නැහැ, එයාට තිබුණු බය, පිළිකුල අපෙන් ටික ටික ඈත් වෙලා ගියා. හැමදේම සාමාන්‍ය විදිහට ගෙවිලා යද්දී, ජීවිතේ පාළුව නැති වෙලා අලුත් පාටක් එකතු වෙනවා වගේ මට දැනුණා. මට විතරක් නෙමයි, මගේ පුතා හෙන්රිටත් එහෙම දැනෙන්න ඇති. මම දන්නේ නැහැ, ඇයි කියලා, ඒත් අපි එයාට ගොඩක් ළංවුණා. මං එයාටත් එයා මටත් ආදරය කරන්න පටන් ගත්තේ අපිටත් නොදැනීමයි. ජීවිතේ ලස්සන වෙන්න පටන් ගත්තා. සතුට අපි ළඟටත් ආවා. ඒත් අපි එහෙම ජීවත් වුණේ මුළු ලෝකෙටම හොරෙන්, බයෙන්. මේ ආදරය නැති කරගන්න මට බය හිතුණා, ලෝභ හිතුණා. ඒත්… ඒත් ඒ සතුට, ආදරය දිගටම අපිට විදින්න දෙන්න තරම් මේ ලෝකේ කාරුණික වුණාද….???

ජාත්‍යන්තර සිනමා දර්ශකය තුළ 6.9ක අගයක් සටහන් කරමින් 2013 වසරේ තිරගත වූ සොඳුරු සලරුවකි Labor Day. අපි කවුරුත් දන්නා Kate Winslet වගේම Josh Brolin, Gattlin Griffith, Tobey Maguire ප්‍රධාන චරිත වලට පණ පොවයි. Golden Globe සම්මාණයකට හා තවත් සම්මාන දෙකකට නිර්දේශ වී ඇති මෙම සලරුව අධ්‍යක්ෂණය කර ඇත්තේ Jason Reitman විසින්ය. ඔබ Drama, Romance ගණයේ චිත්‍රපටි ප්‍රිය කරන අයෙක් නම් මෙය අනිවාර්යෙන් නැරඹිය යුත්තක් බවයි මගේ නම් අදහස.

Labor Day (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Labor Day (2013) 720p BrRip x264 – YIFY
Download Labor Day (2013) 1080p BrRip x264 – YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,400 downloadsDownload Labor.Day_.2013.baiscopelk.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

2,400 downloadsDownload Subtitles69 KB

40 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    බොහෝම ස්තූතියි උපසිරැසියට...
    තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දෙමු...
    ජයම වේවා…!

  2. සමීර චතුරංග

    බොහෝම ස්තුතියි..දිගටම සබ් දෙමු.

  3. ගයාන් රූකාන්ත(ජෝනා)

    පට්ට ෆිලුමක් වගේ ලිපියත් ලෙසටම ලියලා තියනවා
    ඔන්න ගත්තා. අදම බලන්න ඕනේ ෆිලුම ...ජය මචෝ .

    1. Mayura Suraj

      :-*

  4. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  5. wappula

    niyamai malli thank you..

  6. Ayesh

    Thank You..

  7. නලින්

    ස්තුතියි මයුර සහෝ!‍‍

    මෙක නම් බලන්න වටින කථාවක් ! අනිවා බලනවා !

    ජය වේවා!

  8. gihan

    සිංහල උපසිරසියට ගොඩක් පින්

  9. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි.....සහෝ

  10. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    බලන්න කියල හිතාගෙන උන්නු ෆිල්ම් එකක්. ස්තුතියි සබට.
    තව තවත් සබ් කරන්න.

  11. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri ෆිල්ම් එකක් නේ සහෝ..
    ලස්සනට කතාව ලියලා තියෙනවා..
    අනිවා මේකනම් ගන්නවා, මගේ ටයිප් එක....
    ජය වේවා...

  12. “චූටී මල්ලි”

    හොද කතාවක් වගේ
    පෝස්ට් එකත් නියෙමට ලියලා තියෙ
    මේක ටිකක් කල් දැන් ඇවිත් නෙ
    තව හොද එව්වට සබ් දෙන්න මයුර
    සබට තුති
    ඔබට ජය.................

  13. Asitha

    Katawa kiyewwama kenekta balanna hithenawa.lassanata liyala.mama meka balala godak dawasak.kawruth balanna.lassanay.

  14. bee

    tnq tnq jaya wewaaaaaaaa

  15. Kulanjana Maduranga

    meka nm balannama ona.niyama kathawak wge.subata thanks MAURA saho.digatama sub denn.jaya wewa.....

  16. Keshan Wasala

    ගොඩක් ස්තුතියි !! :D

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  18. Chami

    Thank you very much...

  19. Mihiraj

    Thanks, නියමයි මචන්,

  20. surapappa

    ස්තූතිය් ඔබට
    පට්ට පිල්ම් එක
    සබ් එකට තුති

  21. thilina

    niyamai macho,thankz

  22. Hooba Pee Pee

    keep up all these good works... good luck...

  23. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Emi

    Thanks

  25. WickZ

    බානවද නැද්ද බානවද නැද්ද :D

  26. wiki

    Thanks

  27. kanchana

    mama kkate ta gadakma kemathiy , sthitiy godakkma

  28. kindofplace

    Great work keep going brother, also i would like the Conspiracy I and II if you can give this films I appreciate it

  29. Ranga Madushanka

    patta saho.. digatama aluth film demu...

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  31. dinesh

    supiri,කියන්න වචන නෑ.මේ වගේ ඒවා ටව දෙන්න

  32. oshan

    supiri film ekak..adenawa..Sub ekath niyamata krala thiyanawa adennama.thankx bro..

  33. Nipuna Udayanga

    thanks machan !

  34. Mithun

    ගොඩක් ස්තුතියි මයුර මෙවගෙ එවට සබ් දෙනවට ෆට්ටම වටින ෆිල්ම් එකක් මිස් කරල

  35. Roshan

    Thanks macho

  36. Helili Hemamali

    බොහොම සුන්දර චිත්‍රපටයක්. මුල්ම කාලේ කරපු උපසිරැසියත් කියලා ගුණාත්මක බවේ අඩුවක් නම් දැක්කේ නෑ මසුර. ජය වේවා!

  37. Anonymous

    Thnx

  38. රිශාන්ත

    Thanx Mayura

  39. Lakshansilva18

    Thanks for Subtitles

    Requests:-

    The Last House on the Left (2009)
    Arlington road (1999)
    The Devil's Advocate (1997)
    In the name of the father (1993)
    Primal Fear (1996)
    Frailty (2001)
    The Wind That Shakes the Barley (2006)
    volver (2006)
    K Pax (2001)
    The Lincoln Lawyer (2011)
    five fingers (2006)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.