Watch Trailer

The Ant Bully (2006) | එකා වගේ නැගී හිටියොත් ඕනම දේකට මූණදීලා ජයගන්න පුළුවන්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? කාලෙකට පස්සේ මම අවා. නිකං නෙමෙයි, subtitle එකකුත් අරගෙනමයි ආවේ. මේක මම translate කල තුන්වෙනි සබ. ෆිල්ම් එක තමා “The Ant Bully”. ඇනිමේෂන් ෆිල්ම් එකක් මේක. 2006 තමා මේක out වෙලා තියෙන්නේ. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ “ජෝන් ඇලෙක්ස්සැන්ඩර් දාවිස්” කියලා කෙනෙක්. 1999 අවුරුද්දේ “The Ant Bully” කිය…

The Ant Bully (2006)

කොහොමද? කාලෙකට පස්සේ මම අවා. නිකං නෙමෙයි, subtitle එකකුත් අරගෙනමයි ආවේ. මේක මම translate කල තුන්වෙනි සබ. ෆිල්ම් එක තමා “The Ant Bully”. ඇනිමේෂන් ෆිල්ම් එකක් මේක. 2006 තමා මේක out වෙලා තියෙන්නේ. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ “ජෝන් ඇලෙක්ස්සැන්ඩර් දාවිස්” කියලා කෙනෙක්. 1999 අවුරුද්දේ “The Ant Bully” කියලා පොතකුත් ගහලා තිබිලා තියෙනවා. ඒක ලියලා තියෙන්නේ “ජෝන් නිකල්” කියලා කෙනෙක්. වැඩේ කියන්නෙ මේකේ ඉන්න ප්‍රධාන චරිතයට ඉන්න “ලූකස් නිකල්” සහ එයාගෙ පවුලේ වාසගමත් “නිකල්”. පොත ලියපු කෙනා මතක්වෙන්න දාන්න ඇති.

මම මේකේ කතාව පොඩ්ඩක් කියන්නම්කෝ. මේ කතාව පටන් ගන්නේ “ලූකස් නිකල්” කියලා පොඩි කොල්ලෙකුගෙන්. කට්ටිය ඉන්නේ “ලාස් වේගාස්” වල. මේ කොලුපැටියා නිතරම වගේ එයා සෙට් වෙලා ඉන්න කට්ටියගෙන්ම එක එක හිරිහැර වලට ලක්වෙනවා වගේම නිතරම ගුටිකනවා. ලූකස් ටිකක් පොඩි හින්ඳා තමා නිතරම හිරිහැරවලට ලක් වෙන්නේ. ඒක හින්ඳා ලුකස් කරන්නේ තමුන්ට වඩා පොඩි “කූඹි” සෙට් එකකට වැඩ පෙන්නනවා හිරිහැර කරනවා. නිතරම වගේ වතුරෙන් කූඹි ගුල නාවනවා. මේක හිංදා කූඹි නිතරම බයෙන් ඉන්නේ. කතාවේ හැටියට මේකේ කූඹිත් ලේසිපාසු නෑ. එක කූඹියෙක් ඉන්නවා “සෝක්” කියලා. එයා විජ්ජා කාරයෙක්. සෝක් නම් නිතරම වගේ හදන්නෙ ආපහු පහර දෙන්න ලූකස්ට. සෝක් ගේ පෙම්වතිය ඉන්නවා “හෝවා” කියල කෙනෙක්. එයා සාත්තු සේවිකාවක් ලු. හෝවා බලන්නේ ලූකස් එක්ක මේක කතාකරලා විසඳගන්න. හෝවා එක තැනකදී චප්ප වෙන්නත් ගියා, ඒත් සෝක් හිටියා හොඳවෙලාවට බේරගන්න. මේ කූඹි කොළණියේ ඉන්න ලොක්කො ටික සෝක් ගැන විශ්වාසය තියන් ඉන්නවා මේකට විසඳුමක් හොයාගනියි කියලා. සෝක් කොහොමෙන් හරි හදාගන්නවා මායා බලයක් තියෙන ද්‍රාවණයක්. ඒකෙන් ලූකස් ව කූඹින්ගේ තරමට පොඩි කරලා කූඹින්ගේ උසාවියට ගේන්නයි සෝක්ගේ අදහස.

අම්මයි තාත්තයි යනවා පොඩි සවාරියක් ලූකස් වයි, ලූකස්ගේ අක්කවයි, ආච්චිවයි ගෙදර තියලා. සෝක් මේ වෙලාවෙ ගෙට පැනලා ලූකස්ව පොඩි එකෙක් කරලා අරගෙන යනවා කූඹි ගුලට. වැඩේ කියන්නෙ තාත්තා යන්න කලින් වත්තේ ඉන්න කෘමි ටික මරලා දන්න කතාකරගත්තා කියලා “ස්ටැන් බීල්ස්” කියල කෙනෙක් එනවා ලූකස්ගෙන් ඒකට අත්සන ගන්න. ලූකස් එකටත් කොහොමෙන් හරි අත්සන් කරනවා කූඹිගුලට යන්න කලින්. කූඹින්ගේ උසාවියට ලූකස්ව ගෙනිච්චාම කට්ටිය එක එක තීරණ ගන්නවා. සෝක්ට ඕනේ කූඹි ගැන ලූකස්ට උගන්නලා කූඹින්ගේ තරම පෙන්නලා පස්සෙ ලූකස්ව මරලා කන්න. ඒත් කූඹින්ගේ රැජින කියනවා ලූකස්ගේ හැටි වෙනස් කරලා ගත්තොත් කූඹින්ට වඩා හොඳ අනාගතයක් තියේ කියලා. හෝවා ඉදිරිපත්වෙනවා ලූකස්ට කුබි ගැන කියලා දෙන්න. සෝක්ට මේක එච්චර අල්ලන්නෙ නැ. සෝක් දකින්නෙ හෝවා සෝක්ට ළංවෙනවා වෙනුවට ලූකස්ට ළංවෙනවා කියලා. මේ කතාව යන ගමන් ලූකස්ට උගන්නනවා, සමහර කුබින්ගේ හිත දිනා ගන්නවා. එක එක කෑම කනවා, සමහර කෑම ලූකස්ට එච්චර අල්ලෙන්නෙ නෑ, කූඹිත් එක්ක එකතුවෙලා කූඹින්ට තර්ජනයක් උන මැස්සො වගයකට ප්‍රහාරයක් දෙනවා වගේ ලොකු ලොකු සිද්ධි ගොඩක් වෙනවා. ලූකස්ට පෙන්නනවා කූඹින්ගේ ඉතිහාසය තියන තැනක්. එතකොට ලූකස්ට මතක්වෙනවා අර කෘමි මර්දනය කරන්න වැඩේ බාරදුන්න ස්ටැන් බීල්ස් ගැන. ලූකස් කූඹි කට්ටියක් එක්ක ගෙදර ගිහින් කොන්ත්‍රාත්තුව අවලංගු කළත් ඒක වෙන්නෙ වැරදියට. කොන්ත්‍රාත්තුව අවලංගු වෙන්නෙ නෑ.

ගෙදරට ගිහිං එන අතරේ සෝක් ලූකස්ව පන්නනවා හෝවාට හොරෙන්. ලූකස්ව හොයන්න හෝවාත් කට්ටියකුත් යනවා. ලුකස්ව ගෙම්බෙක් ගිලිනවා, පස්සෙ සෝක් ඇවිත් ලුකස්ව බේරගන්නවා. මාර සිද්ධි වෙන්නෙ කතාව යනකොට. ඔන්න කොහොමෙන්හරි කෘමි මර්ධකයා එනවා වැඩේ කරන්න. ලූකස් කූඹි එක්ක එකතුවෙලා කූඹි ටික මරන්න ආපු ස්ටැන් බීල්ස් ට දෙනවා හොඳ කෑමක්. ඉතින් මම ඔය පුළුවන් විදියට කෙටියෙන් කියපු ලොකු විස්තරේ ෆිල්ම් එක බලලම තේරුම් ගත්තනම් හොඳා. මට 100%ක්ම ශුවර් ඕගොල්ලෝ මේක බලල අනිවා රසවිඳිනවාමයි. ආයේ ඒකෙ දෙකක් නෑ. සෝක්ට හඬකවන්නේ “නිකොලස් කේජ්”. හෝවාට හඬකවන්නේ “ජූලියා රොබර්ට්ස්”.

අනික කියන්න ඕනේ “The Ant Bully” එකට subtitles හදද්දී අනිත් ඒවට වගේම මාර මහන්සියක් උණා. මොකද දන්නවද? මම ඉස්සෙල්ලා subtiles දාපු ෆිල්ම්ස් දෙක “Pixie Hollow Games” සහ “Unstoppable” වගේම මේකත් translate කරද්දී ඉංග්‍රීසි වචන භාවිතය, ඒ වචන අපේ සිංහලට ගැලපෙන විධිය, idioms(භාෂාවේ විශේෂ යෙදුම්), ඕන කරන වචන, ඕන නැති වචන, සමාන වචන වගේ ප්‍රශ්න ගොඩක් ආවා, පුළුවන් උපරිමයෙන් වැඩේ කළා ඉතින්. උදාහරණයක් කිවුවොත් subtitles දාන එක සමහර අයට ලේසියි කියල හිතුණට හොඳ ගුණාත්මක තේරුමක් දෙන්න “Unstoppable” හදන වෙලාවෙ මම ඒ 777 කොච්චියේ තිරිංඟ පද්ධතිය (break system) ගැන වෙනම අන්තර්ජාලයේ හෙවුවා, ඉගෙන ගත්තා. ෆිල්ම් එක හොඳට අධ්‍යනය කළොත් තේරුම් අරගෙන සිංහලට translate කළොත් හොඳ ගුණාත්මක subtitle එකක් කට්ටියට දෙන්න පුළුවන්. මම මේ ළඟදී දැක්කා translate කරද්දී ඒ ගුණාත්මක ගතිය ටිකක් සමහරුන්ගෙන් ගිලිහිලා ගිහින් තියෙනවා. ඒත් කට්ටියගෙන් බොහෝමයක් දෙනා හොඳ subtitles දෙනවා. ඒක සතුටක්. නොමිලේ දුන්නත් ගුණාත්මක දෙයක් දුන්නොත් ඒක වටිනවා මාර විදියට. ඉගෙන ගන්නත් පුළුවන්නේ.

එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම්. ආයෙමත් හම්බෙමු. ජය වේවා.

The Ant Bully (2006) on IMDb

 

 

379 MB (BR) කොපිය මෙතනින් බාගන්න

e7ae819b857ecad2e94119182d8f9e31ab7bc40a

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

862b4f1beba512ad562823edfe3fe56e2d4a6682 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,691 downloadsDownload The.Ant_.Bully_.2006.baiscopelk.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/PradeepN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් නිශාන්ත” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රදීප් නිශාන්ත

Subtitles

2,691 downloadsDownload Subtitles76 KB

37 comments

  1. Ayesh

    සබ් එකට ස්තුතියි..

  2. Kulanjana Maduranga

    niyama Animation movie 1k.elazzz.subata thanks PRADEEP saho.digatama sub denn.jaya wewa......

  3. Kani

    patta...
    I ♥ Anime...
    good luck..

  4. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    </blockquote

  5. වරුණ රංගජිත් (වරූ)

    ela
    thanks....

  6. Amil

    ඔය දිලා තියෙන්නේ පට්ට ‍ෆිල්ම් එකකට සබ් එකක්.. තැන්ක්ස් සහෝ....

  7. Ashan ravihansa

    ela machn mevage evanam patta padiri films machn puluvannam thavath mevee films tiakak denda

  8. Lakmal

    thanks machan

  9. වලාකුළ

    Thanks Bro

  10. Chami.S

    Thanks..

  11. ajantha

    uba keyana katha wa shathika atha.dan meke sub dena katiya ohe sub denawa gunathma bawaya adui.suba eka ta isthuthi.meka kalin balaala thiyena wa. niyama film eka .

  12. shani

    thanks

  13. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  14. GhosT-FaceR

    Backyard Ashes (2013)
    me film ekata sub one

  15. nalaka

    thanks machan

  16. toodo

    අනිත් අය කථාව අගේ කරන්න හිතාගෙන විස්තර කරන්නේ නෑ.ඔයා හොදයි.කැමති කෙනෙකුට බලන්න පුලුවන්,අකමැති
    කෙනෙකුට නොබලන්න පුලුවන්.මෙික අනිත් අයට තේරුමි ගන්න බෑ.එයාල හිතන්නේ කථාව කිවිවොත් අගය අඩු වෙනව කියල.
    සබි වලට ස්තුතියි සහෝදරයා.

  17. Emi

    Thanks

  18. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

    1. ප්‍රදීප් නිශාන්ත

      මචං, කොහොමද comments දාද්දී ඒ icon එකට මගෙ මූනු තහඩුවේ පිංතූරේ දාගන්නේ?

    2. ඇඩ්මින්

      මෙන්න මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න. ඒකට දාන ඊමේල් එකම මෙතන කමෙන්ට් කරනකොට යොදාගන්න..
      gravatar.com

    3. ප්‍රදීප් නිශාන්ත

      මම register වෙන්න මෙන්න මේ "https://en.gravatar.com/connect/?source=_signup" link එකට යද්දි ඉබ්බා මාක් එකක් දාපු "ඔහොම හිටු" page එකක් එනවනේ...
      උදවු please...

  19. Dulanga

    thanks

  20. Viduranga

    Aththa kathawa machan. Sub denakota hondata hewwoth apitath deyak igena ganna puluwan. E wagema Balana kenatath hondata rasa windinna puluwan. Thanx umbe uthsahayata!

  21. Navin

    Thanks...

  22. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.........

  23. Pri

    Thank you very much

  24. janaka

    thanx...

  25. ප්‍රදීප් නිශාන්ත

    ඔන්න "The Ant Bully" කට්ටියගේ තව පොඩි කතා සෙට් එකක් හම්බුනා. බලන්නකෝ..
    The Ant Bully - All Animated Shorts
    https://www.youtube.com/watch?v=PY93dba3nxM

  26. Boss

    මෙන්න ඩයල් එක....

    1. ප්‍රදීප් නිශාන්ත

      කවුද මචං... මොකෝ සීන් එක? :)

  27. DDSameera

    dats da true..!!! we need to create quality sub for others !! cheers !!!!

  28. danushka sampath

    good work................

  29. Chamindu

    සබට තුති

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  31. tharindu

    Thank you very much

  32. gihan

    සිංහල උපසිරසියට ගොඩක් පින්

  33. Imesh

    නියමයි,,,