Watch Trailer

The Bar (2017) Aka El bar Sinhala Subtitles | මිනිස්සුන්ගෙ හැටි! [සිංහල උපසිරැසි ]

සුබ දවසක් හැමෝටම! කොරෝනා හින්දා ඇදිරිනීතිය පනවපු නිසා ආපහු ගෙදරට වෙලා ෆිල්ම් බලන්න අවස්තාවක් ලැබුණා. ඉතිං ඒ ලැබුණු අවසරයෙන් ෆිල්ම් බලාගෙන යද්දි තමයි මේ ෆිල්ම් එක මට හම්බවුනේ. ඉතිං සුපුරුදු පරිදි මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසි තියේද කියලා ගූගල් කරලා බලද්දි තමා පෙනුනේ තාම මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසි හ…

සුබ දවසක් හැමෝටම! කොරෝනා හින්දා ඇදිරිනීතිය පනවපු නිසා ආපහු ගෙදරට වෙලා ෆිල්ම් බලන්න අවස්තාවක් ලැබුණා. ඉතිං ඒ ලැබුණු අවසරයෙන් ෆිල්ම් බලාගෙන යද්දි තමයි මේ ෆිල්ම් එක මට හම්බවුනේ. ඉතිං සුපුරුදු පරිදි මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසි තියේද කියලා ගූගල් කරලා බලද්දි තමා පෙනුනේ තාම මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසි හදල නැති බව. එතකොට තමයි මට හිතුනේ නිකං ගෙදරට වෙලා ඉන්න එකේ මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසියක් හදලා මං වගේම ෆිල්ම් බලන්න ආස සහෝදර සහෝදරියන්ට දෙන්න ඕනෙ කියලා. ඇත්තටම මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. මං දැන් සෑහෙන කාලෙක ඉදලා “බයිස්කෝප් සිංහලෙන්” වෙබ් අඩවියෙන් සිංහල උපසිරැසි අරගෙන ෆිල්ම්, ටීවිසීරිස් බලල තියෙනවා. ඉතිං ඒ ණය පොඩ්ඩක් හරි ගෙවන්න ඕනෙ කියලා හිතුණ නිසා තමයි මං ඇඩ්මින් මඩුල්ලෙන් අවසරය ඉල්ලුවෙ මේ සිංහල උපසිරැසිය “බයිස්කෝප් සිංහලෙන්” වෙබ් අඩවියෙ පල කරන්න අවස්තාව දෙන්න කියලා.

වැඩි කතාබහ නැතුව අපි ෆිල්ම් එක පැත්තට යමු. අද මම අරං ආවේ “The bar” කියන 2017 වර්ශයේදී තිරගත වුණු spanish ෆිල්ම් එකට අදාල සිංහල උපසිරැසිය. මේ ෆිල්ම් එක Thriller/Horror කාණ්ඩවලට අයත්වෙනවා. ඔයාල හොදටම දන්නවනේ spanish Thriller/Horror ෆිල්ම්ස් හොලිවුඩ් Thriller/Horror ෆිල්ම්ස් වලට වඩා ගොඩක් advance කියලා. හොදම උදාහරණ තමයි “The invisible guest (2016)“, “The body (2012), “The hidden face (2011)” වගේ ෆිල්ම්ස්. ඔය ෆිල්ම්ස් බලල තියේනම් ඔයාල දන්නවා spanish Thriller/Horror වල රස කොහොමද කියලා. කුතුහලය උපරිමයි, අවසානය කොහොම ඉවර වෙයිද කියලා හිතාගන්න බෑ. ඉතිං මේ ෆිල්ම් එක IMDb දර්ශකයෙ 6.3/10 ක අගයකුත්, Rotten Tomatoes වල 86% ක අගයකුත් ලබාගෙන තියෙනවා. ඒවගේම ගූගල් පරිශිලකයන්ගෙන් 77% ක් තමන්ගෙ මනාපය ලබාදීල තියෙනවා.

ඉතිං මේ ෆිල්ම් එකේ ප්‍රධාන වශයෙන් (මුලුමනින්ම කියලා කිව්වත් හරි) පෙන්වන්නෙ බාර් එකක ඇතුලෙ වෙන සිදුවීමක්. Downtown madrid වල බාර් එකකට එන පාරිභෝගිකයන් අටදෙනෙක්, බාර් එකේ අයිතිකාර කාන්තාව සහ කෝකියා වටා තමයි කතාව දුවන්නෙ. ඉතිං එදා වෙනද වගේම හොදට ඉරපායපු සාමාන්‍ය දවසක්. කට්ටිය බාර් එකේ ඉද්දි එක්කෙනෙක් ගණුදෙනු පියවලා එලියට බහිනවා. බැහැල අඩි දෙකක්වත් යන්න වෙන්නෑ මිනිහට කවුරුහරි ස්නයිපර් ප්‍රහාරයක් එල්ලකරල මරල දානවා! මිනිහා ලේ පෙරාගෙන බාර් එකේ දොර ඉස්සරහ වැටිලා ඉන්නවා. කොහොමද ඒක? ඉතිං ඒ වෙඩිවැදුණු කෙනාට උදව්කරන්න කියලා බාර් එක ඇතුලෙ ඉන්න තවත් කෙනෙක් එලියට යනවා. ඔව් ඔයාල හිතුව හරි, එයාටත් වෙඩි තියනවා. දැන් බාර් එක ඉස්සරහ මිනී දෙකයි. වෙඩිතියන්න හේතුව කවුරුවත් දන්නෑ. දැන් බාර් එක ඇතුලෙ ඉන්න අටදෙනාට එක දෙයක් පැහැදිලියි. ඒ තමයි බාර් එකෙන් එලියට බහින හැමෝටම වෙඩිකාල මැරෙන්න වෙනව කියලා. කරන්නෙ මොකක්ද කියලා එයාලට හිතාගන්න බෑ. පොලීසියට කතාකරන්නත් බෑ, මොකද කාගෙවත් ෆෝන් වලට සිග්නල් අහුවෙන්නෙත් නෑ. ඒ විතරක් නෙවෙයි මොකද වෙලා තියෙන්නෙ කියලා දැනගන්න TV එක දාල බැලුවම ඒකෙත් මුකුත් නෑ. වෙනදා යන සාමාන්‍ය වැඩසටහන් ටික යනවා. නමුත් වෙඩිතැබීමක් ගැන වචනයක්වත් කිසිම චැනල් එකක් කියන්නෙ නෑ. පිස්සු වගේ නේද? මිනිස්සු දෙන්නෙක් ඇස් ඉස්සරම මැරිල වැටුණා, එලියට බහින්න බෑ වෙඩි කන්න වෙනවා, කාගෙවත් ෆෝන් වලට සිග්නල් අහුවෙන්නෙ නෑ, වෙඩිතැබීම ගැන ටීවි එකේ මුකුත් පෙන්නන්නෙත් නෑ. හිතන්නකො ඔහොම සිදුවීමකට මුහුණ දෙන්න උනොත් ඔයා මොකද කරන්නෙ? ඉතිං මං පුංචි හැදින්වීමක් විතරයි කලේ. බාර් එකේ ඉන්න අය මොනව කරයිද? කවුද වෙඩික්කරුවා? මොන අරමුණකින්ද වෙඩිතියන්නෙ? පණ බේරගෙන එලියට යන්නෙ කොහොමද? පොලීසියෙන් මොන වගේ පියවරක් ගනීද? අවසානයේ ජීවිතය බේරගන්නෙ කවුද? මේ දේවල් වලට උත්තර හොයාගන්න නම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා.

හරි එහෙනම්, කලිනුත් කිව්ව වගේ මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඒ නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති. මං උපසිරැසිය හදද්දි පුලුවන් තරම් නරඹන්නන්ට දැනෙන විදිහට උපසිරැසිය හදන්න උත්සාහ කලා. ඇත්තටම මේ ෆිල්ම් එකෙන් මිනිස්සු ජීවිතයත් මරණයත් අතර ඉද්දි හැසිරෙන විදිය හරි අපූරුවට පෙන්නනවා. ඒ වගේ මොහොතක් ආවම මිනිස්සු බොහොමයක් ආත්මාර්ථකාමී විදිහට තමා හැසිරෙන්නෙ. තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න අසරණයව බිලිදෙන්න හදනවා. ඔයාට ඒ ගැන හොද අවබෝධයක් මේ ෆිල්ම් එක බලල ගන්න පුලුවන්. අවසාන වශයෙන් මේ වැඩේට සහයෝගය දුන්නු ඇඩ්මින් මඩුල්ලෙ “ශාන් විමුක්ති” සහෝදරයට මගේ විශේෂ ස්තූතිය පුදකරනවා. ඉතිං උපසිරැසි ගැන්වීමෙ වැරදි අඩුපාඩු තියෙනවනම් පහලින් කමෙන්ට් කරන්න. තවත් උපසිරැසියකින් ආපහු මුණගැහෙමු. එතකල් පරිස්සමින් ඉන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,731 downloadsDownload The-Bar-2017.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Elessar Aragon” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-05-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Elessar Aragon

Subtitles

2,731 downloadsDownload Subtitles48 KB

19 comments

  1. මයුර

    පළමු උපසිරසියට හදවතින්ම ස්තුතියි..
    අනිවා මේක නම් දැන්මම බාගන්නවා.
    දිගටම සබ් කරන්න කාලය ලැබේවා!!!

    1. Anonymous

      machan link ekak dinko down karana

    2. Anonymous

      බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් යමන්

  2. indika75

    පලමුවන උපසිරැසියට සුබපැතුම් !!!!spanish නම් ඉතිං....කියලා වැඩක් නෑ.බොහොම ස්තූතියි .

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Trouble (2019)
    The Night Clerk (2020)
    The Lovebirds (2020)
    (psarips(dot)one site eke thiyana
    honda aluth movies walata sub denna plz..)

  4. එල්.සී. දමැල්

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝ...
    පළවෙනි වැඩේට උණුසුම් සුභ පැතුම්!
    දිගටම උපසිරස කරමු එහෙනම්. :)
    ජය... :D

  5. isuru srinath sjs

    පලමු උපසිරැසියට සුබ පතනවා !! ඒ වගේම බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය!!

  6. සනිඳු ලක්ඛිත

    පලවෙනි උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ...ඒ වගේම මේ බොහොම ස්තූති මේ ෆිල්ම් එකට උපසිරස කරලා අපිට ගෙනාවට. තවත් ෆිල්ම් එකක උපසිරසකින් හමුවෙමු...ජය වේවා...බුදුසරණයි..!

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. lakshan

    thanks ........................

  10. Malith Samarawickrama

    thanks mchan

  11. Wayantha Sandaruwan

    palamu sub ekata wensma kathawak genawata godak sthuthiyi jaya wewa

  12. Dewadithya

    Thanks for sub!

  13. jagath55

    Thanks

  14. MAALNATH

    Thanks ............good luck ...........

  15. Rishantha

    Thanks Brother

  16. Anonymous

    thanks macho

  17. අසේල

    බුදු සරණයි සහෝදරයා