කොහොමද ඉතින් හැමෝටම, හොඳින් ඉන්නව නේද? ඔන්න අද මං ඔයාලට අරන් ආවේ 90 දශකයේ මුල් භාගයේ නිකුත් උන චිත්‍රපටයක්. ගොඩ දෙනෙක් මේක බලලත් ඇති. මේකෙ කොටස් 3ක් ඇවිල්ල තියෙනව. අද මං ඔයාලට දෙන්න යන්නෙ පළවෙනි කොටස. Clive Barker කියන රචකයයෙ “The Forbidden” කියන කෙටිකතාව පදනම් කරගෙන Bernard Rose කියන අධ්‍යක්ෂකවරයා…

කොහොමද ඉතින් හැමෝටම, හොඳින් ඉන්නව නේද? ඔන්න අද මං ඔයාලට අරන් ආවේ 90 දශකයේ මුල් භාගයේ නිකුත් උන චිත්‍රපටයක්. ගොඩ දෙනෙක් මේක බලලත් ඇති. මේකෙ කොටස් 3ක් ඇවිල්ල තියෙනව. අද මං ඔයාලට දෙන්න යන්නෙ පළවෙනි කොටස. Clive Barker කියන රචකයයෙ “The Forbidden” කියන කෙටිකතාව පදනම් කරගෙන Bernard Rose කියන අධ්‍යක්ෂකවරයා විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේක අයත් වෙන්නෙ Horror|Thriller යන කාණ්ඩ වලට. Imdb දර්ශකයේ 6.6ක් වගේ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම Rotten Tomatoes වල 74% ක් සහ Google පරිශීලකයන් මේකට 84% ක මනාපයක් ලබා දීල තියෙනවා. Tony Todd මේකෙ කැන්ඩිමෑන් ගේ චරිතය රඟ දක්වනවා. ඒ වගේම Virginia Madsen, Kasi Lemmons, Xander Berkeley සහ Vanessa Williams සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. 1992 වසරේදී නිකුත් වෙලා තියෙන මේ චිත්‍රපටය ඩොලර් මිලියන 25.7 ක Box Office අදායමක් දිනා ගැනීමට සමත්වෙලා තියෙනවා.

මේකෙ කතාව දිවයන්නෙ හෙලන් නැමැති උපාධිධාරිනියක් එයාගෙ යාළුවා බර්නිත් එක්ක එකතු වෙලා නාගරික ජනප්‍රවාද පිළිබඳ නිබන්ධනයකට තොරතුරු එකතු කරනව. ඉතින් මෙයාලට මේ කැන්ඩිමෑන් කියන පුද්ගලයාගේ මිථ්‍යා කතාව ගැන අහන්න ලැබෙනව. මෙයාල මේක ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා. කණ්නාඩිය දිහා බලාන කැන්ඩිමෑන් කියන වචනෙ පස් වතාවක් කීවම කැන්ඩිමෑන් මතු වෙනව කියල තමයි හැමෝම විස්වාස කරන්නෙ. එහෙම ආවම කැන්ඩිමෑන් ඒ කෙනාව එයාගේ දකුණු අතේ හයි කරල තියෙන කොක්කෙන් ඇනල ඉතාම සාහසික විදියට ඝාතනය කරනව කියල තමයි මෙයාලට අහන්න ලැබෙන්නෙ. හරි එහෙනම් මීට වඩා කතාවේ අන්තර්ගතය මං ඔයාලට කියන්න යන්නෑ. මේ කැන්ඩිමෑන් කියන්නෙ කවුද? ඇත්තටම එහෙම දෙයක් තියෙනවද? හෙලන්ට බර්නිත් එක්ක එකතු වෙලා නිබන්ධනය සම්පූර්ණ කරගන්න හැකියාව ලැබෙයිද කියල ඔයාලම බලන්නකො.

නැවතත් උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. මං ගිහිල්ල එන්නම්. බුදු සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

2,153 downloadsDownload Candyman.1992.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,153 downloadsDownload Subtitles34 KB

13 comments

  1. Shamal manojan

    ගොඩක් ස්තූතියි මේ චිත්‍රපටය ලබාදුන්නු එකට. ඇත්තටම බයිස්කෝප් අඩවියෙන් කවදාහරි මේ චිත්‍රපට එකතුව දෙනකම් මං ඇගිලි ගැන ගැන හිටියේ.

    බොහොමත්ම ස්තූතියි. අනෙක් චිත්‍රපට දෙකත් දෙන්න. මේකේ හතරවන කොටස 2020 සැප්තැම්බර් එනවා.

  2. kumara 123

    ela

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  5. indika75

    thanks..

  6. Suranjan

    Thanks jayawewa.....!

  7. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට !!

  8. Anuradha

    Very good work...

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Dewadithya

    Thanks for sub!

  12. Shaggy

    Thank you very much brthr

  13. sasanka

    thanks for the sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.