කොහොමද, කට්ටිය? ඔන්න ඉතිං පොරොන්දු වුණු විදිහටම තවත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් පැත්තේ ආවා. හැබැයි ඉතිං මෙදා පාර නම් කාලෙකට ගේන අවසාන උපසිරැසිය මේක වෙයි. ඒ මොකද කිවුවොත් මං තාවකාලිකව උපසිරැසිකරණය නවත්වන්න තමයි සූදානම් වෙන්නේ. දැන් ඉතිං හිතනවා ඇති නේ ඒ මොකද කියලා. හේතුව තමයි මම මේ අවුරුද්දේ දෙසැම්බර…
කොහොමද, කට්ටිය? ඔන්න ඉතිං පොරොන්දු වුණු විදිහටම තවත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් පැත්තේ ආවා. හැබැයි ඉතිං මෙදා පාර නම් කාලෙකට ගේන අවසාන උපසිරැසිය මේක වෙයි. ඒ මොකද කිවුවොත් මං තාවකාලිකව උපසිරැසිකරණය නවත්වන්න තමයි සූදානම් වෙන්නේ. දැන් ඉතිං හිතනවා ඇති නේ ඒ මොකද කියලා. හේතුව තමයි මම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම. මේ වැඩේ වගේම අධ්‍යාපනයත් ගොඩ දාගන්න ඕනෙ නිසා තමයි මං මේ තීරණය අරගත්තේ. හැබැයි ඉතිං තාවකාලිකව තමයි හොඳේ? විභාගේ ඉවර වුණු ගමන්ම ඉතිං ආයෙත් බයිස්කෝප් එකට තමයි දුවගෙන එන්නේ. හරි හරි, දැන් ඉතිං ඒ කතාවලින් වැඩක් නෑ. අපි අද කතාව පැත්තට හැරෙමුකෝ.
මේ පාර ගෙනාවේ එසේ මෙසේ ෆිල්ම් එකක් නම් නෙවෙයි. ලෝකය පුරා ජනප්‍රිය වුණු, සුපිරිම කොමඩියක් තමා මෙදා පාර අරන් ආවේ. ඇත්තටම මට මේකෙ සබ් සයිට් එකේ තිබුණෙ නැති එක ගැන පුදුම හිතුණා. අනික මේකෙ සබ් නැති එක සයිට් එකට නම් පාඩුවක්. ඒත් දැන් ඉතිං බලපු නොබලපු හැමෝටම දැන් උපසිරැසිත් එක්කම බලන්න පුලුවන්. දැන් අපි මේකෙ තොරතුරු ටිකක් අවුස්සලා බලමුකෝ.
මේ චිත්‍රපටය සැබෑ කතාවක් ඇසුරු කරගෙන තමයි නිර්මානය වෙලා තියෙන්නේ. හ්ගැබැයි ඒ කතාවේ මූලික කරුණු විතරයි චිත්‍රපටය නිර්මාණයේදී අරන් තියෙන්නේ. නැතුව මුලු කතාවම එහෙම් පිටින්ම චිත්‍රපටයට අඩංගු කරලා නෑ. Sean Anders, මේ නම නම් සිනමා ප්‍රේක්ෂකයෝ අහලා නොතිබෙන්න බෑ. ලෝකෙ හොඳම කොමඩි නිර්මාන කිහිපයකම අධ්‍යක්ෂක විදිහට අයිතිවාසිකම් කියන්නේ Sean තමයි. Daddy’s Home, Daddy’s Home 2, That’s My Boy, We’re The Millers කියන්නේ ඔහුගේ නිර්මාණ කිහිපයක් විතරයි. අන්න ඔහුගේ සැබෑ කීවිතයේ අත්දැකීමක් තමයි Instant Family නම් මේ විශිෂ්ට සිනමා නිර්මාණයට ඇසුරු කරගෙන තියෙන්නේ.
ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම මේකට රංගනයෙන් දායක වෙන්නෙත් එසේ මෙසේ පිරිසක් නෙවෙයි. හොලිවුඩයේ අපිට දකින්න ලැබෙන, කොටින්ම කිවුවොත් දැවැන්තම නිර්මාන බහ්තරයක දකින්න ලැබෙන හුරු පුරුදු මූණු ටිකක්ම තියෙනවා. පළවෙනියටම කිවුවොත් Mark Wahlberg නැත්තම් Transformers: Age Of Extinction, Transformers: The Last Knight, Daddy’s Home, Max Payne, Mile 22 හිටිය සුපිරිම තරුව තමයි පීට් චරිතයට පණ පොවන්නේ. Mark ඉන්න ෆිල්ම් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ, ආයෙ ඉතිං සුපිරියක්ම තමා. චිත්‍රපටය තුළ ඉන්න එලී චරිතයට රංගනයෙන් දායක වන්නේ Neighbors, Spy, Troy, X-Men: First Class, Peter Rabbit චිත්‍රපටවල පණ පෙවූ ජනප්‍රිය Rose Byrne විසින්. ඒ වගේම ළමා ප්‍රධාන චරිතයක් වෙන ලිසී චරිතය ජීවමාන වෙන්නේ අපි කවුරුත් දන්න, Dora and the Lost City of Gold, Middle School: The Worst Years of My Life, Transformers: Last Knight වල හිටිය සුරූපී Isabela Moner අතින්. ඒ වගේම මේකෙ ඉන්නෙ අනිත් ප්‍රධාන ළමා චරිත වුණ ජුවාන් සහ ලීටා ලෙස රංගනයෙන් දායක වෙන්නේ පිලිවෙලින් Gustavo Quiroz Jr. සහ Julianna Gamiz විසින්.
ඒ වගේම මේකෙ රේටින් කොහොමද දන්නවද? IMDb තුළ 7.3 ක්! ඡන්ද කීයකින්ද කියලා දන්නවද? 71,900 අධික ප්‍රේක්ෂක ප්‍රතිචාරයකින්. අනිත් පැත්තෙන් ගත්තම Rotten Tomatoes දර්ශකය තුළත් 81% ක් කැරකිලා තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂණය මේකෙ සැබෑ අත්දැකීම විඳගත් Sean Anders අතින්ම තමයි. ඒ වගේම චිත්‍රපටය රිලීස් වෙලා තියෙන්නේ 2018 නොවැම්බර් 16. බෙදාහැරීම Transformers, Teenage Mutant Ninja Turtles දුන්නු Paramount Pictures විසින්. Comedy | Family ගණයට අයත් මේ චිත්‍රපටය PG-13 වයස් ඛාන්ඩයට තමයි ඇතුලත් වෙන්නේ.
එහෙනම් කතාව ග්ෆැනත් පොඩ්ඩක් කියන්නම්කෝ. පීට් සහ එලී කියන්නේ හරිම නිදහසේ ජීවත් වෙන ජෝඩුවක්. හැබැයි මෙයාලට ළමයි නැහැ. ඒ නිසා මෙයාලා සමහර වෙලාවට සමච්චලයටත් ලක් වෙනවා. මෙයාලා රැකියාව විදිහට කරන්නේ පරණ ගෙවල් අරන් ඒවා ප්‍රතිසංස්කරණය කරලා විකුණන එක. ඒත් මෙයාලගේ ජීවිත කන පිට පෙරලෙන්නේ හරිම ඉක්මණින්. දවසක් පීට් විහිලුවට වගේ කියනවා ළමයෙක් හදාගත්තොත් කොහොම වෙයිද කියලා. මේ ගැන එලී හොයන්න පටන් ගන්නවා. ඒ විදිහට තමයි මෙයාට අනාත ළමයි හදාගන්න දෙන වෙබ් අඩවියක් හම්බෙන්නේ. මේ ගැන එලී පීට්ටත් කියනවා. හැබැයි පීට් ඒකට කැමතිවෙන්නෙ නෑ. නමුත් පීට් ටික වෙලාවකින් අර සයිට් එකට ගිහින් ළමයින්ගේ විස්තර දැකලා අනුකම්පා හිතිලා ළමයි හදාගන්න වැඩේට බහිනවා. ඒත් වැඩේ ලේසි නෑ. ළමයි හදාගැනීමේ සති අටක පුහුණුවකට පස්සෙ තමයි ජෝඩුවකට හදාගන්න ඉඩ ලැබෙන්නේ. එයාලා ඒ වැඩෙත් ගොඩ දාලා ලමයෙක් තෝරගන්න මහන්සි වෙනවා. කොහොම හරි මෙයාලට හිතයන්නේ කවුරුත්ම කැමති නැති පැත්තටයි. එලී කියපු කතාවක් නිසා ළමයින් තෝරගන්න පොළක් වගේ තැනකදී ලිසී කියලා තරුණ ළමයෙක් මෙයාලට හොඳටම කට කැඩිච්ච කතා ටිකකින් සංග්‍රහ කරනවා. ඒත් පීට් සහ එලී ජෝඩුවට ලිසීට හිතයනවා. පස්සේ ලිසීව හදාගන්න අරගන්න හැදුවම තමයි මේ දෙන්නට දැනගන්න ලැබෙන්නේ එයාගේ නංගිවයි මල්ලිවයි (ජුවාන් සහ ලීටා) හදාගන්න අරගන්නම ඕනෙ කියලා. එයාලගේ ජීවිත කන පිට පෙරලෙන්නේ මෙතනදී තමයි. මේ ළමයිව මෙල්ල කරන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම තරුණ වියේ ඉන්න ලිසීව. ඉතිං මේ දෙන්නා මේ ළමයි එක්ක කොහොම ඔට්ටු වෙයිද කියලා බලාගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
ඉතිං තාම ඔයාට මේක බලන්න හිතුන් නැද්ද? එහෙනම් සහෝ ඔයාට පින මදි කියලා තමයි කියන්න සිද්ද වෙන්නේ. ඒ වගේම මං තව දෙයක් කියන්නම්, මේකෙ තුළ අපි කවුරුත් හිතට ගන්න ඕන ගැඹුරු ආදර්ශයක් අන්තර්ගත වෙනවා. කොමඩිවලින් පවා මේක තුළ ඉඟිදෙන්නේ අන්න ඒ කාරණාව ගැන. චිත්‍රපටය බලනකොට හිනා වෙවී බලන්න. හැබැයි බලලා ටිකක් වෙලා මේකෙ ඇත්තටම කතා වුණ දේ ගැන චුට්ටක් හිතලා බලන්න. එතකොට තේරේවි. අන්න ඒ නිසයි මේ චිත්‍රපටය මෙච්චර වටින්නේ. ඒ නිසා මම මේක සබ් කරන්න ලැබුනු අවස්තාවත් ලොකු වාසනාවක් කියලා හිතනවා. ජීවිතේට වටිනා දෙයක් ගන්න පුලුවන්, හැබැයි එහෙම කියලා කම්මැලියි කියලා පොඩ්ඩක්වත් නොහිතෙන අත්දැකීමක් ගන්න හිතෙනවා නම්, යන්න… ගිහින් දැම්මම බාගෙන බලන්න මේ වටිනා සිනමානාත්මක නිමැයුම!
හරි ඔන්න ඉතිං මං මගේ වැඩේ අවසන් කරන්න තමයි හදන්නේ. මේ තමයි මගේ ජයග්‍රාහී 18 වෙනි උපසිරැසි ගැන්වීම. කිවුවා වගේම ආයෙ දෙසැම්බර් වෙනකම් මේ පැත්තේ එන්න විදිහක් නෑ. ඒත් ඉතිං O\L ඉවර වුණු ගමන්ම ඉතිං සුපුරුදු විදිහට සබ් එකක් එක්කම මේ පැත්තට දුවන් එන්නම්කෝ. ඒ වගේම හැමදාම කියන විදිහට අදත් කියන්නම්, විනාඩියක් අරන් අදහසක් කොටන් යන්න. මොකද මේ වගේ ලයින් 2200+ ෆිල්ම් එකක සබ් එකකට ඔයාලට දෙන්න පුලුවන් ලොකුම වටිනාකම අන්න ඒ එක අදහස නිසා. එහෙනම් මං තාවකාලිකව බයිස්කෝප් සිංහලෙන් තුළින් සමුගන්නවා. යන්න කලින් සයිට් එක වෙනුවෙන් මාව සම්බන්ධ කරගත් ශාන් විමුක්ති අයියටත්, මගේ උපසිරැසි පල කිරීම වෙනුවෙන් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් මගේ ස්තූතියි පුදකරන්න කැමතියි. එහෙනම් මම සමුගන්නවා. පරෙස්සමින් ඉන්න.
෴෴සුබ දවසක්…!෴෴

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
7,780 downloadsDownload Instant-Family-2018.zip92 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
36 comments
LB Roshan
satM
Thanks bro.
sujithj
meeke sub mn goda parak hoyala barima thana sub karanna haduwa. Admin aiyala kiwwa meeka langadima karanawa kiyala. Supirima film 1k meeka... sub karanakm hitiye balanna. Thanks sub ekata malli...
Bole
Exam eka goda daa ganan bro <3
Jaya wewa !Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
ස්තූතියි
Anonymous
Kauruth Dunne ne mekata sub 1 year giya thanks for sub and Good luck your exam
Anonymous
thanks malli, supirima katawak
යුරාන් ධනුක (දනුවා)
උපසිරැසියට ස්තූතියි මල්ලී !!!
අධ්‍යාපන කටයුතු හොඳට කරන්න ශක්තිය ලැබේවා !!indika75
thanks..
Minoli Wansooriya
thank u mage sudu malliyata:) -hansi akki-
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
suranuwan
thanks bro....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
podda
thanks saho!!!
good luck on your examsPramukmili
Thanxx bro..............
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Dhanushka
Thanksssssss!!!!
සචින්ත කල්හාර බෙනට්
බොහෝම ස්තූතියි අදහසක් පල කරන් ගිය වගේම ඩවුන්ලෝඩ් කරපු හැමෝටම.
රිප්ලයි නොකලට හැමෝටම මේ විදිහට ස්තූති කරන්න කැමතියි. දිහටම රැඳිලා ඉන්න අපිත් එක්ක.෴෴ජය වේවා...!෴෴
සචින්ත කල්හාර බෙනට්
බොහෝම ස්තූතියි අදහසක් පල කරන් ගිය වගේම ඩවුන්ලෝඩ් කරපු හැමෝටම.
රිප්ලයි නොකලට හැමෝටම මේ විදිහට ස්තූති කරන්න කැමතියි. දිහටම රැඳිලා ඉන්න බයිස්කෝප් අපිත් එක්ක.෴෴ජය වේවා...!෴෴
Sandeep
Thanx saho.. sub ekata..
Anonymous
thanks saho
Anonymous
thanks
lakshan
thanks .....................
Harith91
Thanks
Yomal Senanayake
උපසිරැසියට ගොඩක් ස්තුතියි මලේ.... නමුත් පොඩි අවුලක් තියෙනවා මටත් තේරුණ විදියට.... ගූගල් අයියලත් කියන්නෙ මේක "කොමඩියක්'' කියලා... නමුත් ඒකනම් වැරදියි.... මේක කොමඩියක් ගණයට ගන්න අමාරුයි....
Buddhika Lakmal
බොහෝම ස්තූතියි.. O/L Exam සාර්තක කරගන්න ශක්තිය ධෛරය ලැබේවා...
MAALNATH
Thanks ...................good luck ...............
jagath55
Thanks
shelby
Thanks Machan <3
Buddhika Lakmal
පට්ට ෆිල්ම් එක මල්ලි... තෑන්ක්ස් සබ් දුන්නට.. නිකමට වගේ බලල දැම්මා.. කියල වැඩක් නෑ සුපිරි.. ඒකයි ෆිල්ම් එක බැලුවට පස්සෙ අදහසක් කොටල යන්න ආවේ... මේ වගේ හැංගිලා තියෙන ෆිල්ම්වලට සබ් දෙන්න.. ජය වේවා... ඉගෙනීමේ කටයුතුත් සාර්තක වේවා......
hidul1986
thx for the sub ...
>>>> hart touching Great move ...keep up the good work.
Anonymous
thanks for sub
Anonymous
Thanks for the subtitles
SD
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks saho. all the best for your o/l exam