පුංචි පාලමක් වට ගෙතුනු අපුරු ආදරණීය චිත්‍රපටයක් වෙනුවෙන් සොඳුරු පද පේලි කීපයක් තියන්නයි ලෑස්තිය. අයෝවාවේ කෙත්වතු වල දුහුවිලි මුසු සුළඟේ අමුතු සුවඳක් දැනුනා.. රෝස්මන් පාලම දෙපැත්තේ පුංචි පුංචි කැලෑමල් පිපිලා තිබුනා… නුඹ මාව ගෙන ගියේ පාලම වෙත නොව ඉන් එහා පැත්තේ අලුත් ලොවකට බව මට දැනුනා…. ආපසු එනවිට බ…

පුංචි පාලමක් වට ගෙතුනු අපුරු ආදරණීය චිත්‍රපටයක් වෙනුවෙන් සොඳුරු පද පේලි කීපයක් තියන්නයි ලෑස්තිය.
අයෝවාවේ
කෙත්වතු වල
දුහුවිලි මුසු සුළඟේ
අමුතු සුවඳක් දැනුනා..
රෝස්මන් පාලම දෙපැත්තේ
පුංචි පුංචි කැලෑමල්
පිපිලා තිබුනා…
නුඹ මාව ගෙන ගියේ
පාලම වෙත නොව
ඉන් එහා පැත්තේ
අලුත් ලොවකට බව
මට දැනුනා….
ආපසු එනවිට
බලු කුක්කෙක්
බුරමින්
අපි පස්සෙන්
ආවා මතකද?
ඒ ආවේ
ගිය දෙන්නා නොව
වෙනස්ම දෙන්නෙක්
කියලා
මට හිතුනා…..
ප්‍රේමයට නිම්හිම් නැත කියල විතරයි මට කියන්න තියෙන්නේ. ඒත් ෆ්‍රැන්සෙස්කා රොබට් එක්ක ගියා නම්. ප්‍රමාද නොවී දොර ඇරගෙන වාහනෙන් බැස්සානම් ඇය ජීවිතය ලබන්න ඉඩ තිබුණා. ඒත් චිත්‍රපටියට නඟන්න දෙයක් එතකොට ඉතුරු වෙන එකක් නෑ නේද? තවත් අතකට අහිංසක සැමියෙක්ට දුකක් දීමේ පල විපාක නැත යැයි කියන්න පුලුවන් කාටද?
Clint Eastwood විසින් අධ්‍යක්ෂණය කරපු අනර්ඝ චිත්‍රපටයක් තමයි The Bridges of Madison County චිත්‍රපටය. ඇමරිකාවේ කෘෂිකාර්මික ප්‍රාන්තයක් වන අයෝවා (Iowa) හි මැඩිසන් ප්‍රදේශයේ සිදුවන සිද්ධි මාලාවක් තමයි මෙයට තේමාව කරගෙන තියෙන්නේ. මෙම ප්‍රදේශයේ ලස්සන ආවරණිත පාලම් සහ ඉපැරණි, වහල සහිත පාලම් වල පින්තූර ගැනීමට එන මැදිවිය ඉක්මවමින් සිටින ඡායාරූප ශිල්පියෙකු තමයි Robert Kincaid කියන්නේ. ඔහුගේ චරිතය නිරූපණය කරන්නේ විශිෂ්ඨ නලු Clint Eastwood විසින්. ඔහු දවසක් වාහනේ පදවාගෙන රෝස්මන් පාලමේ පින්තූර ගැනීමට යාම සඳහා පාර අසන්නේ මැදිවියේ සිටි, දරු දෙදෙනෙකුට ආදරණීය මවක් වූ, යහපත් සැමියෙකුට ආදරණීය බිරිඳක් වූ, Francesca ගෙනි. ලොව ජනප්‍රිය නවකතාවක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ Robet JemesWaller ගේ The Bridges of Madison County නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ Clint Eastwood විසින් අධ්‍යක්ෂණය කළ අමෙරිකානු රොමැන්ටික් නාට්‍ය ගණයේ චිත්‍රපටයක් ලෙස ප්‍රකට ඇකඩමි ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ගත් ලොව හොඳම විදේශ චිත්‍රපටය ලෙස ද සම්මානයට පාත්‍ර වූ IMDB දර්ශකයේ අගය 7.6ක් ලැබූ The Bridges of Madison County (1995) චිත්‍රපටය තුල ගලා යන්නේ ඔවුන් දෙදෙනාගේ අමරණීය ආදරයේ කතාවයි.මේ කතාව තුල ඇත්තටම ආදරයට එහා ගිය දෙයක් විස්තර වෙනවා. මිනිස්සුන්ගෙ හිතට දැනෙන පාලුව, කාන්සිය, තනිකම මෙන්ම තමන්ට තරුණ කාලයේ නොලැබුන ආදරය දැන් ලැබුනට පස්සේ ඒ එක්ක ඇලෙමින් ගැටෙමින් දුක් වෙමින් ඉන්න ගැහැනියෙකුට ලැබෙන ඇසුරත් සමඟ සිතේ ඇතිවන විචලනය වීම අපුරුවට සිත්තම් කරනවා. ආදරයත්, අනුකම්පාවත් අතර වෙනස අදුන ගන්නා ඇය අවසානයේදී තම පවුල වෙනුවෙන් තමන්ට අහඹු ලෙස ලැබුනු ආදරය කැප කරනවා. මේ වගේම ලස්සන ආදර කතා තමයි The Note Book (2004), A Message in a Bottle (1999), Eternal sunshine of the spotless mind (2004) කියන්නේ. Clint Eastwood ගේ චිත්‍රපටවලට කැමති අය Gran Torino (2008), Million Dollar Baby (2004) බලන්න. ඔහුගේ අධ්‍යක්ෂණයේ සාර්ථකත්වය කොච්චරක්ද කියනවා නම් ඔහු අධ්‍යක්ෂණය කල ගොඩක් චිත්‍රපට IMDB 8.0 ආසන්නයේ තියෙන්නේ. ඉතින් මේක අාදරයට කැමති හැමෝම බලන්න ඕන චිත්‍රපටයක්. හැබැයි ඉතින් මම ආසාවෙන් කට්ටියට නිර්දේශ කරපු සමහර චිත්‍රපටි වලට කට්ටියගෙන් පලු යන්ඩ බැනුම් අහල තියනව. ජය වේවා!
“Age is only a number, and if we live by numbers forever, none of us will ever be happy! “
“When I think of why I make pictures, the reason that I can come up with just seems that I’ve been”
“making my way here. It seems right now that all I’ve ever done in my life is making my way here to you.”
“The old dreams were good dreams; they didn’t work out, but glad I had them.”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,648 downloadsDownload The-Bridges-of-Madison-County-1995.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දමිත් තරංග
Subtitles
21 comments
කැලුම් ගුණසේකර
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!
දමිත් සහෝ දුන්න ෆිල්ම් හැම එකක්ම වගේ මම බැලුවා....
මේකත් ඒ වගේම ලස්සන එකක් වෙන්න ඕනෙ.......
බොහොම ස්තූතියි දමිත් සහෝ මේ වගේ හැංගිලා තියෙන හොද ෆිල්ම් වලට සබ් කරනවට.Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Pavi
Godak kal hewwa film ekak ... Nama mathaka nathuwa thibune.. godak sthuththi ...
harshani11112
ස්තුති දමිත් සහො ....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයjagath55
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bandara 1976
ප්‍රේමයට නිම්හිම් නැත Clint Eastwood ගේ Film එකක් නම් ඉතින් බලන්නම වෙනවා. No 1 Cowboy Actor in Hollywood
AsithaDilruwan
Ela saho thanks
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
pasindu sri
tanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malith
Ela ela
Hassy
me wage hoda films walata subs danna famous nati ewata..thanks!!
janith yashoda
Thank you
Bandara76
clint eastwood ගේ බොහොමයක් චිත්රේපටි (කව්බෝයි චිත්රේපටිද සමග) ගොඩක් හෙමින් ගලාගෙන යන ඒත් උපරිමව විඳින්න පුළුවන් චිත්රයපටි.1960 දශකයේ සිට මේ දක්වා සිටින ඔස්කා සම්මාන ලාභී අග්රතගනයේ හොලිවුඩ් නලුවෙක් ලෙස මොහු හැදින්විය හැකියි.
sasanka
thanks for the sub
Anonymous
Thanks for sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.