Watch Trailer

The Wailing (2016) with Sinhala Subtitles | මර ලතෝනි [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඔන්න එහෙනම් අදත් මම අරගෙන ආවා මේ අවුරුද්දෙ කොරියාවේ තිරගත වුණ සුපිරිම චිත්‍රපටි දෙකෙන් එකක්. එකක් තමයි ‘‘train to busan”.ඒත් ඒක වෙන කෙනෙක් භාර අරන් තිබුණ නිසා මම මේක භාර ගත්තා. ඒ චිත්‍රපටිය බැලුවෙ නැත්තන් බලන්න කියලා මමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. මොකද ඒක ඒ තරම් සුපිරි නිසා. හරි ඉතින්…

The Wailing (2016)

ආයුබෝවන් හැමෝටම! ඔන්න එහෙනම් අදත් මම අරගෙන ආවා මේ අවුරුද්දෙ කොරියාවේ තිරගත වුණ සුපිරිම චිත්‍රපටි දෙකෙන් එකක්. එකක් තමයි ‘‘train to busan”.ඒත් ඒක වෙන කෙනෙක් භාර අරන් තිබුණ නිසා මම මේක භාර ගත්තා. ඒ චිත්‍රපටිය බැලුවෙ නැත්තන් බලන්න කියලා මමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. මොකද ඒක ඒ තරම් සුපිරි නිසා. හරි ඉතින් අනිත් චිත්‍රපටිය තමයි ”the wailing”. මම මේ චිත්‍රපටිය එනකල් බලාගෙන හිටියේ. මොකද කටකතා ඇහිලා තිබුණා මේක සුපිරි චිත්‍රපටියක්, ලොවෙත් නෑ කියලා. ඉතින් මේක මොන වගේද කියලා බලනකල් මම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ. බලන්න පටන් ගත්ත ගමන් තේරුණා ඇයි මේක මෙච්චර සුපිරි වෙන්න හේතුව කියලා. එතකොට බලලා ඉවර වුණාම හිතුණා අම්මටසිරි කියලා. ඒ වගේම මේ චිත්‍රපටිය තිරගත වුණාට පස්සෙ කොරියාවෙ සමහරු ඒ චිත්‍රපටිය රූගත කරපු ගමෙන් යන්න පවා බය වුණා. හරි ඉතින් වර්ණනා ඕන නෑ. මං විස්තර ටිකක් කියන්නම් මේ බයිස්කෝප් එක ගැන.

මේ චිත්‍රපටිය ඉස්සරලම තිරගත වුණේ 2016 මැයි 12 වෙනිදා කොරියාවෙත්, ජූනි 03න් වෙනිදා ඇමරිකාවෙත්. එතකොට මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ ”the yellow sea” චිත්‍රපටිය කරපු අධ්‍යක්ෂකවරයම තමයි. එතකොට විනාඩි 156ක්  එහෙම නැති නම් පැය 2කට වඩා අධික කාලයක් දිවෙන මේ චිත්‍රපටියට IMDb අගය 7.6ක් වගේ ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ත්‍රාසජනක/අභිරහස්/හොල්මන් ගණයට තමයි වැටිලා තියෙන්නෙ. මට මේක කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නෙ නෑ. මෙහෙම කියමු, ජීවත් වෙලා ඉන්න මිනිහෙක් හොල්මනක් වෙන්න පුළුවන්ද?

කතාව පටන් ගන්නෙ කොරියාවෙ කදු වලින් පිරුණ Goksung කියන පොඩි ගමක තියන විලක ජපන් මිනිහෙක් මාළු බාන සිද්දියකින්. මේ මිනිහා ඉන්නෙ ගමේ කන්දක කැලෑවෙ තියෙන ගෙදරක. ළගදි තමයි ගමට ඇවිත් තියෙන්නෙ. මෙයා ගමට ආවට පස්සෙ ගම පුරාම අභිරහස් වසංගතයක් පැතිරෙනවා. ඒකෙන් මිනිස්සු එකිනෙකාව මරා ගන්නවා තමන්ගෙ පවුලෙ අයව. ගිනි තියනවා, පිහි ඇණුම් සිද්ද වෙනවා. ඔය වගේ හුඟක් දරුණු සිදු වීම් වෙනවා. පොලීසිය සහ දොස්තරලා සැක කරන්නෙ මේක කැලෑ බිම්මල් කාලා වෙන දෙයක් කියලා.

එතකොට අපෙ ප්‍රධාන කතා නායකය වෙන්නෙ සාමාන්‍ය පොලිස් නිලධාරී Jong-goo(Kwak Do-Won), මෙයාට හම්බෙනවා අභිරහස් තරුණ ගෑණු කෙනෙක්, මෙයා එයාට කියනවා කන්දෙ ඉන්න ජපන් මිනිහා තමයි මේකට හේතුව කියලා. ඒ මිනිහා හොල්මනක් කියලා.පස්සෙ කන්දෙ දඩයම් කරන මිනිහෙක් Jong-goo ට කියනවා මේ ජපන් මිනිහා ඇගේ එක ඇදුමක්වත් නැතුව සත්තුන්ව අමුවෙන් කනවා දැක්කා කියලා. ඉතින් මෙයා පොලිසියත් එක්ක මිනිහගෙ ගෙදර පරීක්ෂා කරන්න යනවා. මෙතනදි එක නිලධාරියෙක් දකිනවා යම් යම් දේවල් වගයක්, ඒ දේවල් වලින් මෙයාට කතා කරගන්න බැරි තරම් පුදුමයට පත් වෙනවා. ආපහු යන ගමන් මෙයා දැක්ක දේ කියනවා…

ඔය අතරම Jong-goo ගෙ පොඩි දුව Hyo-jin අමුතු විදියට හැසිරෙන්න ගන්නවා. කලින් නොකාපු දේවල් කන්න ගන්නවා. තව හුඟක් දේවල් වෙනවා. ළමයගෙ අත්තම්මා එතකොට කට්ටඩියෙක්ව ගෙන්නනවා. කට්ටඩියා තමයි Hwang Jung-Min. මතකනෙ ”veteran” චිත්‍රපටියෙ ප්‍රධාන චරිතේ. මෙයා කතාවට එනටර් වෙන්නෙ එතනදි…

හරි ඉතින් මං තවත් කතාව කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න. ඇත්තටම මේ ජපන් මිනිහා හොල්මනක්ද නැත්තන් වෙන කවුරුහරිද? කවුද මේ අභිරහස් නමක් නැති තරුණ කෙල්ල? Jong-goo ගෙ දුවව බේරගන්න පුළුවන්ද? ඇත්තම හොල්මන කවුද? කතාවෙ අන්තිමට ඇගේ මයිල් කෙලින් වෙලා මොලෙත් හිරි වැටෙන අවසානයක් දකින්න ලැබෙයි. ඒ ගැන මට විශ්වාසයි. ඒ වගේම තමයි යම් යම් හේතූන් නිසා පොඩි ළමයි මේක නොබැලුවොත් තමයි හොඳ. එහෙනම් ගිහින් එන්නම් තවත් චිත්‍රපටියකට උපසැරසි අරගෙන.

ජය වේවා!

The Wailing (2016) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

10,917 downloadsDownload The-Wailing-2016Br.Baiscopelk.com_.rar33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,917 downloadsDownload Subtitles33 KB

49 comments

  1. Sajith Thilakarathne

    niyamai aa...

  2. lahiru

    fatta macho.. thanx

  3. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “චාමල් කැලුම් අතපත්තු” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  4. Udara Damith B/K

    ela

  5. අසිත

    patta pata pata wage
    elama thanks

  6. Tharaka

    සුපිරි හොල්මන් ෆිලුමක් වගේ. මේක අනිවාර්යයෙන්ම බලනවා. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  7. Malinda

    Thank you bro.

  8. Ishan Madusha

    නියමයි.ස්තුතියි සහෝ සබ් එකට

  9. Rakitha Ranathunga

    Thanks machn sub ekata....

  10. අරුණ දිසානායක

    බොහොමත්ම ස්තුති, ඇත්තෙන්ම ෆිල්ම් ගොඩක් බාගන්නවා මම. ඒත්නිතර කොමෙන්ට් කරන්නෙ නම් නෑ.ඒ ගැන අමනාප වෙන්න එපා.මොකද ෆිල්ම් එක බාගන්නෙ සමහර වෙලාවට වැඩ කරන අතරෙ ලැබෙන පොඩි විවේකයකදි.එහෙමත් නැත්තන් වෙන වැඩක යෙදිල ඉන්න ගමන්.ඉතින් සමාව දෙන්න, ඒකෙදි ස්වේච්චාවෙන් ඔයාල කරන මේ සේවය සුළු කොට තකනවා නෙවේ, ඇත්තෙන්ම කොමෙන්ට් නොකරන බොහෝ අයගෙ තත්වෙත් මේක වෙන්න ඇති. ඉතින් බයිස්කෝප් වෙබ් අඩවිය පවත්වාගෙන යන, රෑ තිස්සෙ නිදිමරමින් සබ් කරන සියළු සොයුර සොයුරියනේ... ඔබලා හැම දෙනාටම මෙය මීටත් වඩා සුපිරි මට්ටමෙන් කරගෙන යාමට ශක්තිය ලැබේවා.ඔබට ජය

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. mithun

    ඇත්තටම මෙක කියන්න ඔනෙ.. මෙකට සම් දාපු සහොදරයටත් , කොරියානු චිත්‍රපට ගැනත්... කොරියාවවෙ එලියට එන සමහර ෆිල්ම් ගත්තම ඇමරිකන්, චිත්‍රපට වලට හැරෙන්නත් බෑ.. එයාල ඔනවට එපාවට චිත්‍රපට අලියට,දාන් නෑ දැම්මොත් එක හිට්ම තම.. මාර සොටොරී.. සෑහෙන ගන්න දෙවල් ඉතුරු කරනව ඔවුන්ගෙ චිත්‍රපට වලින් අන්න එකයි කොරියානු චිත්‍රපට වලට මග කැමැත්තක් තියෙන්නෙ .. imdb 7.6ක් කැරකිල කියන්නෙ අහන්න,දෙයක් නෑ නෙ ඉට කලින් බලපු train to busan චිත්‍රපටයත් කියන්න වචන නෑ . සොම්බිස් ෆිල්ම්ස් බලල තියෙ එවගෙ සොම්බිස් එකක් බැලුවෙ නෑ..
    මෙකටත් උපසිරැසි දැම්මට ඔබට බොහොම ස්තුතියි සහෝ ජයම වෙවා ඔබට සතුටුයි සහෝ

    1. ruwan

      ay bro mekath maru - World.War.Z

    2. mithun

      Ah saho ekat supiri ganaya filumak tama

  13. mithun

    උපසිරැසි දෙනකොට ඉවසල හරි wep කොපි හරි අනකම් ඉමු සහෝ මෙ වගෙ සුපිරි ෆිල්ම් බලන්න ඔනෙ එහෙමයි අප්ඩෙට් එකකුත් දෙන්න බ්ලුරෙ වගෙ අපුමත් සුපිරි වැඩක් නැවත පාරක් ස්තුතිය

  14. Lushan Kuruppu

    Thank you bro!

  15. Gayan

    නියමයි.ස්තුතියි සහෝ සබ් එකට. the flu kiyala korian film ekak thiyenawa. ekata sub eka danawada.

  16. praneeth madu

    tnx saho

  17. Manura Sathsarindu

    THNX SAHO...

  18. Hiruni

    Thank you.. :) :)

  19. Oshan

    Trian to bussan balala peek wela inna welawaka e wagema filumak labenawa kiyanne feeling bless. Thank you ale . Jayen jayama wenna one !!!

  20. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. silent$

    Pattttaaaaaaaaaaaaaaaaaaa

  23. keshan

    thanks bro

  24. mithun

    අප්ඩෙට් එකට බොහොම ස්තුතියි දැන් තම බාන්න ඔනෙ සතුටුයි ගොඩක්

  25. ඉෂාන් මදුෂ

    br update එකට ස්තුතියි සහෝ

  26. maheshbabu

    thank's for BR update bro.......

  27. mithun

    පිස්සු හැදිල අයෙත් පිස්සු හැදුන සහෝ එච්චරම සුපිරිමයි මෙක මම නම් පට්ට රෑ බැලුවෙ නින්ද ගියෙත් නෑ හිතෙ කුතුහලයට එච්චර සුපිරිම ස්ටොරි එක නම්. ඔයගෙ සිංහල උපසිරැසි නම් great බ්‍රො
    බොහොම ස්තුතියි මෙ වගෙ සුපිරිම චිත්‍රපටයක් උපසිරැසි ගන්වල අපිටත් බලන්න අරම් අවට එ සතුට සල්ලි වලට ගන්න බෑ
    මෙ මගෙ දෙවෙනි කොමෙන්ට් එක පිලුම බලල උදෙයි ඔන්න අයෙ දාන්න හිතුනෙ ඔන්න..... තව හොයල හොදම රෙටින් තියෙන සුපිරි කොරියානු චිත්‍රපට තියෙ නම් දෙන්න ඔබට ජයෙන් ජය බ්‍රො

    1. Anonymous

      කතාව තේරෙන්නෑ හරියට,කවුරු හරි කියනවද ඒකෙ කතාව හරියට

  28. chamalkalum

    Hamotama sthuthuthi.. e wagema your welcome.. digatama me widiyata comment karala sahaya denna.. thanks

  29. ashan alnkanath

    thanks...............................

  30. malith

    Ela broo

  31. dileepasanjeewa19298

    film eka banna pluwn link ekk dnnko

  32. Eranda Malith 2.0

    Thanks mcn

  33. Dewadithya

    Thanks for Sub!

  34. Dula95

    thank u bro

  35. Saranga J. Liyanagama

    Thanks

  36. Nehan

    Aiye bluray copy ekt update ekk dennko

  37. Shaggy

    Thank you very much

  38. Anonymous

    Sub eka supirir. digatama karagena yanna saho.

  39. Sachinda Dissanayake

    ගොඩක් ස්තූතියි ලබාදුන් උපසිරස සදහා.

  40. kale brecht

    Good

  41. Sl roman

    Thanks. But idk why. Subtitles didn't synchronised

    1. Sanupa Ranmeth - Admin

      ඔයා දාගෙන තියෙන කොපිය හරිද බලන්න සහෝ. අපි මේකේ සබ් දීල තියෙන්නේ Blu-Ray කොපියට.

  42. Uvindu Ravihara

    Meka downlod wenne 0.63kb ne.eka wada na.

    1. Ravindu Heshan - Admin

      Dan wada karanawa Saho

    2. dill

      Bro ane the admiral (2014) me movie eke sub weda neee... hadala denna puluwn d.?

    3. Ravindu Heshan - Admin

      Eka wada dan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.