ග්වාතමාලා (Guatemala) විත්‍රපටයක් වන මෙය එරට බිහිවි ඇති උසස් නාට්‍යමය ගනයේ නිර්මාණයකි. Imdb 7.2/10 හා Rotten Tomatoes අගය 100% ත්, Rogerebert අගය 3.5/4 ද ලබා ගෙන ඇති අතර, 88 වන ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන සම්මානයකටද නිර්දේශ වීම හා වෙනත් පිළිගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකටද පාත්‍ර වු මෙම නිර්මාණය ග්වා…

ග්වාතමාලා (Guatemala) විත්‍රපටයක් වන මෙය එරට බිහිවි ඇති උසස් නාට්‍යමය ගනයේ නිර්මාණයකි. Imdb 7.2/10 හා Rotten Tomatoes අගය 100% ත්, Rogerebert අගය 3.5/4 ද ලබා ගෙන ඇති අතර, 88 වන ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන සම්මානයකටද නිර්දේශ වීම හා වෙනත් පිළිගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකටද පාත්‍ර වු මෙම නිර්මාණය ග්වාතමාලා තරුණ සිනමාකරුවකු වන Jayro Bustamante විසින් තිරපිටපත රචනාකරමින් අධ්‍යක්‍ෂණය කර ඇති ප්‍රංශ සම නිෂ්පාදනයකි. ග්වාතමාලා උස්බිම් ප්‍රදේශවල දරිද්‍රතාවයෙන් හෙබි මව පියා හා තරුණ දියණිය සමඟ ජීවත්වන ජල විදුලිය පවා නොමැති පවුලක් වටා කථාව ගොඩ නගා ඇත. නූතන සමාජයට විවර නොවු ගතානුගතික ආගමික විශ්වාසයන් හා මිත්‍යා විශ්වාසයන් සමඟ ගෙවෙන ඔවුන්ගේ සුළු ජීවන තත්වය ගොඩනගා ගන්නේ ගිනි කන්දක් ආසන්නයේ ඇති කෝපි වගා බිම් වල කම්කරු රැකියා කරමින්ය.
මෙහි කථාව “මරීයා” නම් තරුණිය වටා ගෙති ඇති අතර, විරුද්ධ ලිංගික හැඟිම් පුබුදුවන ජීවන කඩ ඉමක් පසු කරන මෙම නාඹර යෞවණියගේ සිතේ ඒ පිළීබඳව ඇතිවන හැඟිම් පෙන්වන අවස්ථාවක් ලෙස මව හා පියා සයනයේ රමණයේ යෙදෙන අවස්ථාන දැක්විය හැක. “පෙපේ” යනුවෙන් කෝපිවත්තේ වැඩකරන තරුණයකුගේ චරිතයක් වන අතර එම පීඩිත සමාජයෙන් පීඩනයෙන් මිදිමට තැත්කරන ඔහු වැනි චරිත අප සමාජයේද දක්නට ඇත. ධනවත් රටකට හොරෙන් පැන යාමෙන් තමන් සිතැඟි සිහින රාජ්‍ය සොයා ගත හැකිබව ඔවුන් සිතයි. පෙපේගේ අරමුණ දේශසීමා හරහා හොරනේ ඇමරිකාවට එක්සත් රාජධානියට ඇතුළවීමයි. එහිදි මරියා විසින් අසන්නේ ඔබ මා රැගෙනද යන්නේ එවිට ඔහු පවසන්නේ ඔබ මට හොදනම් එසේ කරන්නම් යන්නයි.
කෙසේ හෝ තම එකම තරුණ දියණිය විවාහයට පෙරම වෙනත් පුද්ගලයකු අතින් අනාත වි ඇති බව හා ඇයට දරුවකු ලැබීම සිටිනා බව දැනගන්නා ඇයගේ දෙමාපියන් මෙම දරුවා ගබ්සා කරවීමට විවිධ ග්‍රාමිය විධික්‍රම අත්හදා බලනා ආකරයත්, අනාගත බෑනනුවන් මෙම සිදුවීම දැනගතහොත් එය විවාහයේ කෙළවර බවත්, පියා මෙම සිදුවීමෙන් බොහෝ සේ කම්පාවට පත්වන්නේ කෝපි ඉඩමේ පාලකයා මෙම සිදුවීම දැනගැනිමෙන් ඔහුගේ රැකියාව මෙන්ම ඔවුන්ගේ වාසස්ථනද නැතිවන බැවිනි, අවසානයේ දරුවකු වෙනුවෙන් හඩන මවක් හා තම දියණිය වෙනුවෙන් කැපවන දෙමාපියන් මෙන්ම තමා විවාහපත්වී මට සිටිනා කාන්තාවට දැරුවකු ලැබීමට සිටින බව දැනගත් වතු හිමියෙකුගේ ජීවන දෘෂ්ඨියන් හා ඔවුන්ගේ මානුෂීය හැඟීම් රංගන ශිල්පීන් විසින් විශිෂ්ඨ ලෙස විදාහා දක්වා ඇති බව ඔබට දැකගත හැක.
දුප්පත් කමත්, නූගත් කමත් නිසා අසරණවන ජිවිත විවිධ යාගහෝම හා ශාක්තික්‍රම පසුපස යන නොදියුනු මිනිසුන් දකුණු ආසියාතික රටවල පමණක් නොව මෙම නිර්මාණය රසවිඳිමෙන් ඔබට මෙවැනි දේවල් වෙනත් කලාපයක රටවලද ඇති බව වටහා ගත හැක. දකුණු ඇමරිකාණු දියුණුවෙමින් පවතින රටක ගැමි සංකෘතිය හා එහි ජීවත්වන පුද්ගලයන්ගේ ජීවන දැක්ම පිලිබඳ යම් කිසි දැනිමක් මෙම නිර්මාණය නැරඹීමෙන් ඔබට ලබා ගත හැකි බවත්, තවත් මෙවැනි නිර්මාණයකින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගනිමි.
බයිස්කෝප් අඩවියට ජය

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,455 downloadsDownload Ixcanul-2015.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ Chanmatara ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Chanmatara
Subtitles
21 comments
Prabodha Madhusankha Hettiarachchi
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Mayura
බොහොමත්ම ස්තුතියි උපසිරසියට..
සෙට් වෙන ටයිප් එකක්.Kulanjana Maduranga
subata thanks saho...
thilina86
Superb thanxz fro the sub
Tharaka
THANKS............
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි
harshani11112
ස්තුති සහො උපසිරැසියට
Shamal Ranasinghe
Thank you...! jaya wewa.
jagannatha
මේ සලරුව හඳුන්වා දුන්නාටත් උපසිරැසි ලබා දුන්නාටත් බොහොම ස්තූති. ඩී.වී.ඩී පිටපත්වලට ලබා දී ඇති උපසරැසි ගැළැපෙන බව සඳහන් කොට ඇතත් උපසිරැසි ගැළැපෙන්නේ බ්ලූ රේ පිටපත් වලටයි. එම්.බී 651ක් ඇති ganool පිටපතට උපසිරැසි මැනවින් ගැළැපේ.
Nirosha Nirosha
thank you
nish47
thanks bro
kasunmirissa
film aka down karagannay kohomada?
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!
AsithaDilruwan
Ela saho thanks
බොබී
නිතර දකින්න නොලැබෙන, මේ වගේ ෆිල්ම් අපි අතරට ගේනවට ඔයාට බොහොම ස්තූතියි සහෝ. දිගටම කරගෙන යමු.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
IreshSampath
thanks
sulochana
Thank you
dilani.i
thanks for sub
Nidi
හරිම අපූරු කලාත්මක චිත්‍රපටයක්.
නළු-නිළියන් රඟපානවා නෙවෙයි,
ඇත්තටම ඒ-ඒ තැන්වලම ජීවත් වෙනවා වගේ.
අම්මාගේ දිරියත්, නුවණත් අපට කියන්නේ
රට; තැන වෙනස් වුණත් මව්වත්කම එකමය කියලා නේද?
Chanmatara, ගොඩක් ස්තුතියි,
මෙහෙම ෆිල්ම් එකකට සබ්ස් දීලා සයිට් එකත් එළිය කළාට.
Advertisement

Godak sthuthi bro sub ekata....