කවුද කැමති හැරී පොටර් ,පර්සි ජැක්සන් , නානියා වගේ කතා වලට? අනිවාර්යයෙන්ම හැමෝම කැමති ඇති. ඉතිං එහෙනම් අද මම අරගෙන ආවෙ ඒ වගේම ලස්සන කතාවක් අරගෙන. සමහරවිට ගොඩක් අය මේක බලලා ඇති . නැත්නම් කොහොමහරි මේක මඟඇරගන්නෙ නැතිව බලන්න කියලා ඉල්ලනවා. කතාව ගැන කියනවනම්– මේ කතාවෙ පසුබිම වෙන්නෙ අපේ ලෝකෙට ගොඩක් දුරට ස…

කවුද කැමති හැරී පොටර් ,පර්සි ජැක්සන් , නානියා වගේ කතා වලට? අනිවාර්යයෙන්ම හැමෝම කැමති ඇති. ඉතිං එහෙනම් අද මම අරගෙන ආවෙ ඒ වගේම ලස්සන කතාවක් අරගෙන. සමහරවිට ගොඩක් අය මේක බලලා ඇති . නැත්නම් කොහොමහරි මේක මඟඇරගන්නෙ නැතිව බලන්න කියලා ඉල්ලනවා. කතාව ගැන කියනවනම්–
මේ කතාවෙ පසුබිම වෙන්නෙ අපේ ලෝකෙට ගොඩක් දුරට සමාන සමාන්තර විශ්වය තුළ පවතින ලෝකයක්. ඒ ලෝකෙ මිනිස්සුන්ගෙ ආත්මය සත්ව ස්වරූපයෙන් ඒ මිනිස්සු ලඟින්ම හිටියා. එයාලට කියන්නෙ ඩීමන්ල කියලා. ඉතිං මේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි ලයිරා බැලැක්වා. ලයිරා බැලැක්වා කියන්නෙ අවුරුදු දහයක විතර අනාථ දැරියක්. එයා හැදුනෙ පඬිවරුන්ගෙන් පිරුණ ‘ජෝඩන්’ කියන උසස් අධ්‍යාපන ආයතනයෙ. හැබැයි එයාට හිටියා ඇස්‍රියල් කියල මාම කෙනෙක්. ඔහු වංශාධිපතියෙක්. එයාගෙ රැකවරණය යටතෙ තමයි ලයිරා විද්‍යාලයෙ හැදුනෙ වැඩුනෙ.ඉතිං ඔය කාලෙදි අහිකුණ්ඨික ගෝත්‍ර වල සහ ඉබාගාතෙ යන අනාථ දුප්පත් කුඩා ළමයි අතුරුදන් වෙන්න පටන්ගන්නවා. මිනිස්සු ඒකට සැක කලේ ‘ගොබ්ලර්’ යන නමින් හැඳින්වූ කිසිවෙක්වත් නොදුටු පිරිසක්ව. මේ අතර ඇස්‍රියල් මාමා අළුත් සොයාගැනීමක් කරනවා, ඒ තමයි එයාලගෙ වගේම තවත් සමාන්තර ලෝක තිබෙන බව. ඒගැන වැඩිදුර පරීක්ෂණ සඳහා උත්තරද්‍රවයට යාමට ජෝඩන් විද්‍යාලයෙන් අවසරය හා මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටිනවා. ඉතිං අපේ කතා නායිකාවත් මාමගෙන් ඉල්ලා සිටිනවා එයාවත් උතුරට එක්ක යන්න කියලා. එම අතරතුරේදි ලයිරාගෙ හොඳම යහළුවන් වන රොජර් සහ බිලීව ගොබ්ලර්ලා විසින් පැහැරගන්නවා. ඉතිං අපේ වීරවරියවත් ඇස්‍රියල් මාම එක්කරගෙන යන්න කැමති වෙයිද, එයාට උතුරට ගිහින් යහළුවන්ව බේරගන්න හැකි වෙයිද? ඇය කව්ද, ඇයගේ විශේෂත්වය මොකක්ද වගේ ප්‍රශ්න සියගාණක් ඇතිවෙයි. ඒ ප්‍රශ්න හැම එකටම අවසානයෙදි පිළිතුරු ලැබෙනවා.
යාලුවනේ ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මේක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියල. මිනිත්තු 113ක් පුරා දිවයන මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Philip Pullmanගෙ Northern Lights කියන නවකතාව. මේක Adventure, Family, Fantasy කියන ඛාණ්ඩ වලට තමයි අයත් වෙන්නෙ. ඒවගේම අද වෙනතුරුත් IMDb දර්ශකයෙ 6.1ක අගයක් පවත්වාගෙන යාමට සමත් වෙලා තියනවා. ප්‍රධාන චරිත ගත්තොත් Nicole Kidman, එතකොට ජේම්ස් බොන්ඩ්ට පණපොවන Daniel Craig, ලයිරා ලෙස Dakota Blue රංගනයෙන් දායක වෙන අතර ලයිරාගේ ඩීමන් වන පැන්ට Freddie Highmore හා ලොරෙක් නම් හිම වලසාට Ian McKellen හඬකවනවා. ඊට අමතරව තවත් බොහෝ ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙලා තියනවා. මෙම කතාව චිත්‍රපටි මාලාවක් ලෙසින් නිකුත් කිරීමට බලාපොරොත්තු වී ඇති අතර කුමක් හෝ හේතුවක් නිසා එය අතරමග නතර වී තිබෙනවා.බොහෝ දෙනා එයට හේතුව ලෙස සඳහන් කරන්නෙ මෙයින් කතෝලික සභාවට වක්‍රාකාරයෙන් විවේචන එල්ලවී තිබීම නිසා බවයි. කෙසේ උවත් ලෝකයේ ජනතාව මෙහි ඊළඟ කොටස නිකුත් වෙනතුරු තවමත් බලා සිටිනවා. මෙහි නිෂ්පාදනය Bill Carraro හා Deborah Forte විසින් කර ඇති අතර අධ්‍යක්ෂණය Chris Weitz ගෙයි. රචනය Philip Pullman (නවකතාව) සහ Chris Weitzගෙ. විශේෂයෙන් කියන්න ඕනෙ 2008 ඔස්කාර් සම්මාන උළෙලේදී Best Achievement in Visual Effects සම්මානය දිනාගත්තා. ඒවගේම එම උළලේදීම Best Achievement in Art Directing සම්මානය සඳහා නිර්දේශ උනා. තවද Best Achievement in Visual Effects සම්මානයම 2008 BAFTA සම්මාන උළලේදීත් මෙම චිත්‍රපටය හිමිකර ගන්නවා. මීට අමතරව තවත් සම්මාන 6 ක් දිනා ඇති අතර නාමයෝජනා 32කටත් යෝජනා වෙලා තියනවා .2007 දෙසැම්බර් 7 වනදා ප්‍රදර්ශනය ආරම්භ කර ඇති අතර English, Icelandic, Russian හා French භාෂා වලින් නිකුත් කරලා තියනවා. Box-office වාර්තා අතරට එක්වී ඇත්තේ ඇ.ඩො.මිලියන 180ක වියදමක් සහ ඩොලර් මිලියන 372ක ආදායමක් ලබා ඇති බවටයි. New Line Cinema, Ingenion Film Partners සහ Scholastic Productions යන නිෂ්පාදන සමාගම් හරහා තමයි නිකුත් වෙලා තියෙන්නෙ.
ඉතිං යාළුවනේ අන්තර්ජාලයෙන් සොයාගත් කරුණු තමයි මෙච්චර වෙලා ඔයාලට ලිව්වෙ, කතාව බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියලත් ඉල්ලනවා. මේ උපසිරසිය මට ලබාදුන් අශාන් විමුක්ති ( හැන්ඩි) සොයුරාටත් සැමවිටම දිරිමත් කරන තරිඳු රුක්ශාන් සොයුරාටත් fb පිටුව හරහා සම්බන්ධ වී සිටින සුජීව ඇතුලු මිතුරන්ටත් ස්තූති කරන අතර අඩුපාඩු ඇත්නම් සමාවන ලෙසද ඉල්ලා සිටිනවා. ඔයාලගෙ ඉල්ලීම් ඇත්නම් (චිත්‍රපට) දන්වා එවන්න. පුලුවන් විදියට කරන්න බලන්නම්.
එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු. ඔබට ජය…
2010 දෙසැම්බර් 11 සචින්ත රුක්ෂාන් සොයුරා විසින් පල කළ ලිපිය.
හැමෝටම ආයුබෝවන්.මේක මම බයිස්කෝප් එකට ලියන පළවෙනි ලිපිය.
දැන් නිවාඩු කාලෙත් අතලඟ නිසා නංගිලා මල්ලිලා එක්ක එකට ඉඳගෙන බලන්න පුළුවන් බයිස්කෝප් එකක් දෙන්න මම හිතුවේ,මේක 2007 වසරේ නිපදවුණ ලස්සනම ලස්සන චිත්‍රපටයක්. මට පුදුමත් හිතුනා මෙක බයිස්කෝප් අඩවියේ මේක දාලා තිබුන්නැති එක ගැන. Oscar සම්මානයකින් පිදුම් ලැබූ මේ බයිස්කෝප් එකේ ඉන්නෙ කවුරුත් දන්න Casino Royale, Quantum of Solace කියන අවසානයට නිකුත් වෙච්ච ජේම්ස් බොන්ඩ් චිත්‍රපට දෙකේ ප්‍රධාන චරිතයට පණ පොවන හා Defiance චිත්‍රපටයේ රඟපෑ Daniel Craig වගේම Eva Green, Nicole Kidman යන දක්ශ රංගන ශිල්පීනුයි.
කතාව lyra කියන ගැහැනු ළමයෙක් වටා ගොඩනැගිලා තියෙන්නේ මෙයාට තෑග්ගකට මාලිමා යන්ත්‍රයක් ලැබෙනවා ඒකෙ විශේෂත්වය තමයි ඒකෙන් කෙනෙකුගේ අතීතය ගැන ඕනෑම දෙයක් දැනගන්න පුලුවන්,මේ අතරේ මහාචාර්යයවරයෙක් වන lyra ගේ මාමා (Lord Asriel) පර්යේෂණ කටයුත්තක් සඳහා පිටත්ව යනවා එහිදී ඔහුට මුහුනපාන්න වෙන කරදර මෙන්ම ඔහුව හොයන්න යන lyraට සිද්ධවෙන දේවල් ත්‍රිමාණ සජීවීකරණ භාවිතා කර ඉතාමත් සිත්ගන්නා ලෙස නිර්මාණය කර තිබෙනවා.
මීට වඩා කිව්වොත් තේරුමක් නතුව යනවා.ඔයගොල්ලොත් බාලම බලන්නකෝ.යද්දි Comment එකකුත් දාලම යන්න බලන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
8,616 downloadsDownload The-Golden-Compass-2007.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
43 comments
chinthaka sampath
THE NEW FOLDER
Thanks bro............
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Asitha Jayasinghe
එල සහෝ. දිගටම මේ වගේ සබ් දෙමු.
dsdkavishka
Thenks saho, mewage film fatta
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයM.W. Dilhani
උපසිරැසියට ස්තුතියි. ෆිල්ම් එක කලින් බලලා තියෙනවා. ගොඩක් ලස්සනයි. sinhala subtitles එක්ක ආයෙ බලනවා
ranga11112
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බුදු සරණයිRumesh Perera
Naked comedy movie ekata sub eka dennako bro
Himantha
Sub ekata thanx broo. the death of stalin akata sub denna barida
Sherlock holmes
Thanks bro
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් ඉදිරියෙදි The Crow (1994) සබ් දෙන්න
ජය වේවා!Udara Damith Dissanayaka
නියමයි.බොහොම ස්තූතියි..................
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
jagath55
Thanks
Madushan Piyumantha
thanxxx
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Tashan_Jay
film eka baagen sub ek hoya hoya idiye bro.. thanx a lot!
විදුෂාන් සජිත්
:-) බොහෝම ස්තූතියි “ගයාන් චතුරංග” සහෝ උපසිරැසියට..!
Operation Red Sea (2018) උපසිරැසි දෙන්න බලන්න.gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
pradeep darshana
Tax sahoo sub ekata
sashindramax
Niyamai saho thanks sub ekata
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!sasala
thanks. lassana film ekak vage
sublove
me wage lassana film ekakata sub dunata bohomath sathuthi. godak kaleka indala sub ekka balana hitapu film ekak
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ගයාන් සහෝ.
ජයෙන් ජය.arunalu geenada
kawada suba deida kiyala balan hitiye tnx bro
SP
Thanks
navindumovinda
ela...
PubuduWeerarathna
Page not found kiyala watenawa ne
Sakuntha madushan
tnq very much
Viraj
sub ekata thanks saho. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chulender kasun
Niyamai...
Thanks...widuranga
thanx booka sub ekata... thanx again
lahiruperera22
අඩේ සොරි බං කිල්ප්බොඩ් ඒකේ කොපි වෙලා තිබුන ඒකක් කමෙන්ට් වුනා
Hiran Senanayaka
Thank's Bro..
dlen
thank you.
Thilina Jayarathna
tanku
Nishanpradeep95
Tnx bro
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
arawindasunimal
thanks sub ekata (gayan chathuranga) jayawewa.................
Anonymous
thank you very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Golden Compass (2007) Sinhala Subtitles | රන්වන් මාලිමාව [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/The-Golden-Compass-2007.jpg)

Thank U Bro.........