ICE AGE කිව්වම නොදන්න කෙනෙක් ඇති කියලා මම හිතන්නෙ නෑ. ඔන්න ඉතින් Ice Age පළවෙනි චිත්‍රපටය නිකුත් වෙලා අවුරුදු 20කටත් ළඟයි.🥺 අපි පුංචි කාලෙ ඉඳන්ම ආසාවෙන් බලපු Ice Age movie series එකේ අළුත්ම movie එකට සබ් අරගෙනයි අද ආවෙ. Ice Age The Adventures of Buck Wild චිත්‍රපටය පසුගිය ජනවාරි 28 වෙනිදා නිකුත් වු…

ICE AGE කිව්වම නොදන්න කෙනෙක් ඇති කියලා මම හිතන්නෙ නෑ. ඔන්න ඉතින් Ice Age පළවෙනි චිත්‍රපටය නිකුත් වෙලා අවුරුදු 20කටත් ළඟයි.🥺 අපි පුංචි කාලෙ ඉඳන්ම ආසාවෙන් බලපු Ice Age movie series එකේ අළුත්ම movie එකට සබ් අරගෙනයි අද ආවෙ.
Ice Age The Adventures of Buck Wild චිත්‍රපටය පසුගිය ජනවාරි 28 වෙනිදා නිකුත් වුණා. කළින් චිත්‍රපට ඔක්කොටම පණ දුන්නු Blue Sky ආයතනය 2021 වසරෙදි වැහිලා ගිය නිසා මේ චිත්‍රපටයට පණ දීලා තියෙන්නෙ Disney+ ආයතනයෙන්. හුඟක් දෙනාගෙ අදහස වුණේ Blue Sky animation තරම් සෙට් නෑ කියලා. ඒත් movie එක ටිකක් බලාගෙන යනකොට එහෙමමත් නෑ. කොහොම වෙතත් මේ චිත්‍රපටයට ලැබිලා තියෙන්නෙ 4.2/10ක් වගේ බොහොම අඩු IMDb අගයක්. ඒ වගේම කළින් චිත්‍රපටවල ප්‍රධානම චරිත වුණ ආච්චි අම්මා, ෂීරා, පීචස්, පීචස්ගෙ සැමියා ජූලියන්, සිඩ්ගෙ පෙම්වතිය බෲක් එහෙම දකින්න ලැබෙන්නෙත් නෑ.😕 එතකොට ලෝකෙ මහ්ද්වීප වලට වෙන් කරපු අර ලේනා, අන්න එයත් නෑ.😑
හැමෝම මේ චිත්‍රපටයට Ice Age 6 කිව්වට මේක 6 නෙවෙයි. මේක Ice Age series එක පාදක වුණ spin-off movie එකක්. 2018දි බක් කියන චරිතය පාදක කරගෙන කොටස් වශයෙන් series එකකට නිර්මාණය වෙන්න තිබුණ දේ තමයි මේ වෙද්දි movie එකක් විදියට එළියට ඇවිල්ලා තියෙන්නෙ. 20th Century Fox ආයතනය පාඩු ලැබීම නිසා ඒක Disneyලට අයිති වීමත් එක්ක තමයි මේක සිද්ද වුණේ. සමහර විට Ice Age ප්‍රධාන චිත්‍රපටයක් නොවන නිසා වෙන්නැති චරිත හුඟක් අඩු කරලා තියෙන්නෙ. එහෙනම් කතාව පැත්තට හැරෙමු.
කතාවෙ ප්‍රධාන චරිත ක්‍රෑෂ්, එඩී, බක් සහ සී. (සී කියන්නෙ අළුත් චරිතයක්.) කළින් Dawn Of the Dinosaurs වලදි ක්‍රෑෂ්, එඩී දෙන්නට බක් වගේ වෙන්න ඕන උනා මතක ඇතිනෙ. ඔන්න ඉතින් මේ චිත්‍රපටයෙදිත් ක්‍රෑෂ්, එඩී දෙන්නා බක් වගේ නිදහස්, නිර්භීත වැඩ කරන්නයි උත්සාහය. ඒත් එලී ඒ දෙන්නට තියෙන ආදරේ නිසාම භයානක වැඩ කරන්න ඉඩ දෙන්නෙ නෑ. ක්‍රෑෂ්, එඩී දෙන්නා ඒක තේරුම් ගන්නෙ ඒ දෙන්නට බබාලට වගේ සලකනවා කියලයි.😒
ඔන්න ඉතින් ක්‍රෑෂ්, එඩී දෙන්නා දවසක් රෑ හොර රහසෙම රංචුවෙන් පැනලා යනවා. ඉතින් ඒ ගමනෙදි තමයි ඒ දෙන්නා පොළොව යට අතුරුදන් උන බක්ගෙ ලෝකයට යන්නෙ. මේ අතර ඒ ලෝකෙ ඇතුළෙත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙමින් තියෙන්නෙ. ඒ නිසා පොළොව යට ලෝකයේ හැම ජීවිතයක්ම අනතුරේ. ඉතින්, ක්‍රෑෂ්-එඩී පැනලා ගිහින් කියලා දැනගන්න රංචුවෙ අය ඒ දෙන්නව හොයන් යනවා. ඊටපස්සෙ තමයි හොඳ හොඳ දේවල් ටික සිද්ද වෙන්නෙ. ඒ දේවල් දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.
කළින් චිත්‍රපට 5 තරම් හොඳ නැති උනත් යම් තරමකට enjoy කරන්න පුළුවන් චිත්‍රපටයක් වේවි කියලා මම හිතනවා. ඉස්සරහට අපිට ඇත්තම ICE AGE 6 බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
සතුටින් ආරක්ෂිතව ඉන්න…!❤

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/ WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
54,205 downloadsDownload The-Ice-Age-Adventures-of-the-Buck-Wild-2022.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසුර සංජන
Subtitles
29 comments
හසිත මධුෂාන්
අන්ජන
කොහොමද ෆිල්ම් එක හොයාගන්නේ
Naveen Mbr
සබ් එකට ස්තූතියි!
Nishan S Ariyarathna
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿
thisal
all of us are dead ekata sub danawda
Vino
Snowpiercer season 3 සබ් ඕනේ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Nilhan
එක සයිට් එකක නම් මේ ෆිල්ම් එකට google translate එකේම පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා තරඟෙට වගේ දාලා තිබ්බා. එහෙම බලද්දි මේ සබ්ටයිට්ල් එක කොලිටි. හිතට ඇල්ලුවා.❤
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි..දිගටම සබ් කරගෙන යමු...ජය
තුවා
ෆිල්ම් එකේ ඇනිමේශන් නම් මෙදාපාර වස චාටර්..
බලපු ජරාම ඇනිමේශන් එක 2022කේ....Udaya Fdo
Thank you
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Tnxx broo...❤️❤️❤️
Roshan
Tnx for sub.Great job.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Udara Damith
ලේ නා
නැති අයිස් ඊජ
හයියෝඕ
මීMalith samarawickrama
Thanks sub ekta.
visal sathsara
ලේන නැති ice ahe
අපිට එපාHetti Arachchilge Nayan Nadeeshan Thisera
ice age buck wild
sub weda nee..zip file damageSahan Gayantha
thanks a lot saho sub ekata
Kasun
Thanks bro
Hirusha matheesha
මෙච්චර කාලයක් හිටපු ලේනා නැතුව අයිස් ඒජ් වැඩක් නැ මටනම්
Anonymous
thanks bro
sub eka enakam balan hitiye film eka balannaRuchira
Thanks for the sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SUNIMAL
Blu-Ray SUB .....????? NADDA?
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Hari
This movie is how to download
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!