කාංචිපුරම් සේද සාරි යනු ඉන්දියාවේ තමිල්නාඩුවේ කාංචිපුරම් ප්‍රදේශයේ වියන ලද සේද සාරි වර්ගයකි. මෙම සාරි තමිල්නාඩු, කේරළ, කර්නාටක සහ ආන්ද්‍ර ප්‍රදේශ්හි බොහෝ කාන්තාවන් විසින් මංගල සහ විශේෂ අවස්ථා සාරි ලෙස අඳිනු ලැබේ. එය 2005-2006 දී ඉන්දීය රජය විසින් භූගෝලීය දර්ශකයක් ලෙස පිළිගෙන තිබෙනවා. කන්චිපුරම් සාර…

කාංචිපුරම් සේද සාරි යනු ඉන්දියාවේ තමිල්නාඩුවේ කාංචිපුරම් ප්‍රදේශයේ වියන ලද සේද සාරි වර්ගයකි. මෙම සාරි තමිල්නාඩු, කේරළ, කර්නාටක සහ ආන්ද්‍ර ප්‍රදේශ්හි බොහෝ කාන්තාවන් විසින් මංගල සහ විශේෂ අවස්ථා සාරි ලෙස අඳිනු ලැබේ. එය 2005-2006 දී ඉන්දීය රජය විසින් භූගෝලීය දර්ශකයක් ලෙස පිළිගෙන තිබෙනවා. කන්චිපුරම් සාරි සෑදීම සඳහා භාවිතා කරන පිරිසිදු මල්බෙරි සේද සහ සාරි දකුණු ඉන්දියාවෙන් තමයි පැමිණෙන්නෙ. කාංචිපුරම් සාරියක් විවීම සඳහා ෂටල් තුනක් භාවිතා කරනවා. වියන්නා දකුණු පැත්තේ වැඩ කරන අතර, ඔහුගේ සහායකයා වම් පැත්තේ ෂටලය මත වැඩ කරනවා. මායිම් වර්ණය සහ මෝස්තරය සාමාන්‍යයෙන් ශරීරයට වඩා බෙහෙවින් වෙනස්. මුණ්ඩිය (සාරියේ එල්ලෙන කෙළවර) වෙනත් හැඩයකින් ගෙතීමට සිදුවුවහොත්, එය මුලින්ම වෙන වෙනම වියන ලද අතර පසුව සියුම් ලෙස සාරියට සම්බන්ධ කරනවා. සිරුර මුණ්ඩිය හමුවන කොටස බොහෝ විට සිග්සැග් රේඛාවකින් දැක්වෙන්නෙ. නියම කාංචිපුරම් සේද සාරියක, ශරීරය සහ මායිම වෙන වෙනම වියන ලද අතර පසුව එකට සම්බන්ධ කරනවා. සාරිය ඉරී ගියත් මායිම නොගැලපෙන තරමට සන්ධිය වියා තිබෙනව. එයින් කාංචීවරම් සේද සාරි අනෙක් ඒවාට වඩා වෙනස් කරනවා. කන්චිපුරම් සේද සාරි රන් මායිම් , සාම්ප්‍රදායික මෝස්තර සහ ප්‍රතිවිරුද්ධ වර්ණවලින් යුත් ඝන රෙදි සඳහා පමණක් ප්‍රසිද්ධයි. වසර 150 කට වඩා පැරණි සම්ප්‍රදාය සකසන ලද සේද නූල් සහ “සාරි” – රන්වන් පැහැයෙන් ආලේප කරන ලද රිදී සිල්ක් නූල් වලින් අතින් වියන ලද සම්ප්‍රදායක් තමයි මේ රාජ පට්ට සාරියට තියෙන්නෙ.
ආයුබෝවන් යාළුවනේ ඔන්න ඔයාලව බලන්න තවත් ලස්සන පවුලේ කතාවක් අරගෙන ආවා. 2014 වසරේ හොදන නැගී එන පිරිමි සම්මානය වන “Edison Awards”, 2015 හොඳම සංගීත අධ්‍යක්ෂක සම්මානය (“Thani Oruvan(2015) “SIIMA Awards” නිර්දේශිත වෙලා , එම වසරේම නැගී එන සංගීත නිර්මාපක සම්මානය (“Thani Oruvan(2015) “Mirchi Music Awards South” නිර්දේශ වෙලා, 2018 වසර තමන්ගේ කඩයිම් වසර කරගත් “Meesaya Murukku(2017)” චිත්‍රපටයේ වසරේ හොදම නවක නළුවා, හොඳම සංගීත අධ්‍යක්ෂක, හොදම ඉදිරිපත් කරන්නා ලෙස Behinwoods Gold Medals සම්මානයත් , හොදම පිරිමි පසුබිම් ගායකයා (Kavan-2017) ලෙස 2018 වසරේ SIIMA Awards නිර්දේශිත වුණ, 2019 වසරේ The Icon of Independent Music වෙනුවෙන් Behindwoods Gold Mic Awards සම්මානයත්, 2020 වසරේ Epitome of Tamil pride (Tamizhi-2019) වෙනුවෙන් Blacksheep Digital awards සම්මානයත් හිමිකරගත්, Sundar C. ගේ නිෂ්පාදයක් යටතේ 2017 වසරේ පිටපත් රචනය හා අධ්‍යක්ෂණය හා රංගනයෙන් Meesaya Murukku(2017) චිත්‍රපටයෙන්, 2019 වසරේ Sundar C.ගේම නිෂ්පාදනයක් යටතේ Natpe Thunai(2019) චිත්‍රපටයෙන්, Sundar C.ගේම නිෂ්පාදනයක් යටතේ Naan Sirithal(2020) චිත්‍රපටයෙනුත්, නිෂ්පාදනය කතාව තිර රචනය සංගීතය හා අධ්‍යක්ෂණයෙන් Sivakumarin Sabadham (2021) චිත්‍රපටයෙන් ඔබ හමුවට එන Hiphop Tamizha කියන බ්‍රෑන්ඩ් එකෙන් ලොවම වසඟයට ගත්ත Adhithya Ramachandran නොහොත් සංගීතයේ තවත් කින්ග් කෙනෙක් වෙන්න යන Adhi ගේ නවතම චිත්‍රපටයයි ඔයාලට අද අරගෙන ආවේ. 2021 සැප්තැම්බර් මස 30 වෙනිදා තමයි චිත්‍රපටය එළිදක්වල තියෙන්නෙ. පැය 2 කුත් විනාඩි 17ක් පුරාවට ලස්සනට වරෙක සන්තෝසයෙනුත් වරෙක හැගීම්බරවත් ගලාගෙන යන Comedy, Drama වර්ගීකරණය යටතේ පෙළගස්වන ලද IMDb අගය 5.3ක් අරගෙන තියෙන ලස්සන ගීත කීපයකිනුත් හැඩගැන්වෙලා තියෙන ඒ විතරැක්යෑ ලස්සන හුරුබුහුටි නවක නිළියෙක් වන, Triples (2020) නම් වෙබ් සීරියල් එකෙන් පිවිස Boomika (2021) චිත්‍රපටයෙන් පසු මෙම චිත්‍රපටයට දායක වුණ Madhuri Jain.ඉතින් විස්තර පොඩ්ඩක් අද වැඩි වුණා, කතාව ගැන ටිකක් කියන්නම්.
වර්ධරාජන් මහත්මයා ගමේ හිටිය ගමේ හිටිය රෙදි වියන්නෙක්. ” රාජ පට්ට ” නම් සේද රෙද්දෙන් වියන සාරි තමයි එයා ගොතන්නෙ. ඉතින් මුලු කාන්චිපුරම් වලටම මෙතුමා ප්‍රසිද්ධයි. වර්ධරාජන් මහත්මාගේ ලොකු පුතා ගනේෂ්ගේ විවාහ මංගල්‍යය දවසෙම වර්ධරාජන් මහත්තයගෙ බිරිද දරු ප්‍රසූතියෙදි අන්ත්‍රා වෙනවා. ඒ දරුවා හදා වඩා ගන්නේ ගනේෂ් සහ එයාගෙ බිරිද එකතුවෙලා. ගනේෂ්ගේ බිරිදගේ දෙමව්පියෝ තමන්ගේම මුණුබුරෙක් නැති එක ගැන නිතරම ඔවුන්ට දොස් පවරන්න වුණා. ඔය අතරේ වර්ධරාජන් මහත්තයා ළග වැඩ කරපු චන්ද්‍රසේකර් වර්ධරාජන් මහත්මයා රවට්ටලා එයාගෙ සාරි තමන්ගේම කඩයක් පටන්ගෙන විකුණන්න පටන් ගන්නවා. කොහොමින් හරි වර්ධරාජන් මහත්තයට මුණුබුරෙක්ගේ මූණ බලන්න වාසනාව ලැබෙනවා. කාලයත් එක්ක දෙන්නා වැඩෙනකොට සම වයසේ බාප්පා පුතා කියනකොට එයාළගෙ අනෙත් යාළුවෝ සමච්චල් කරන්න පටන් ගන්නව. පස්සෙ වුණ ආරවුලක් නිසා ශිවාව සීයා ළග නතර කරගෙන ගනේෂ් එයාගෙ පුතාවත් අරගෙන වෙනත් නගරෙකට පදිංචියට යනව. වර්ධරාජන් මහත්තයා හා චන්ද්‍රසේකර් අතර ඇතිවුණ ප්‍රශ්නෙදි වර්ධරාජන් මහත්තයගෙ වියන ගෙදර වැඩත් නතර වෙනවා. ඔය ප්‍රශ්න අතරේ ශිවාගේ අභියෝගය මොන වගේ එකද්ද කියල අපි බලමු.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
4,822 downloadsDownload Sivakumarin-Sabadham-2021.zip88 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
15 comments
oshanda
Naveen Mbr
ස්තූතියි ඔෂධ සහෝදරයා!
Anonymous
Akhanda(2021)
Bro daddy(2022)
Aaha(2021)
Badava rascal(2021)
Garuda Gamana Vrishabha Vahana(2021) ඔය දකුණු ඉන්දියානු ෆිල්ම් වලට ප්‍රමුඛතාව නොදී ඇයි බන් මේ වගේ ෆිල්ම් වලට සබ් ගහන්නේ?? අනේ මන්දා බයිස්කෝප් එකට මොනවා වෙලාද කියලා?? ඔකෙන් වෙන්නේ කමෙන්ට් කරපු ටිකදෙනත් නැතිවෙලා අන්තිමට කමෙන්ට් නැතෙයි කියලා උපසිරසිකරුවත් වැඩේ අතහරින එක.No name
Thaks sub ekata
Anonymous
Thanks for sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Naveen
උපසිරසියට තුති
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Samith
Thanks brother
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
1945 sub plz
Eranda
Thanks brother
Udaya Fdo
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඇත්තෙන්ම සමාවෙන්න ඕනේ ලිපියේ සදහන් කරන්න බැරිවුණා මට මේකෙ සින්දු ටික හදල දුන්නෙ "රවිදු නවීන් " සොහොයුරා. ඒ සින්දු ටික ලස්සනට පරිවර්තනය කරල දුන්නා. බෙහෙවින්ම ස්තූතියි සහෝදරයා...