Watch Trailer

The Longest Yard (2005) | අපරාධකරුවන් උනත් , එයාලත් මිනිස්සු. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ දෙවනි උපසිරැසි නිර්මාණයයි. එයට මම තෝරාගත්තේ ක්‍රීඩා , හාස්‍ය සහ අපරාධ යන වර්ගීකරණයට ලක් උන චිත්‍රපටයක්. මේක ඇමරිකානු පාපන්දු ක්‍රීඩාව සමඟ යන කතාවක්. 1974 දී Longest Yard යන නමින්ම තිරගත වූ චිත්‍රපටයේ නැවත නිර්මාණයක්. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ 50 First Dates (2004) , Get Smart (20…

The Longest Yard (2005)

මේ මගේ දෙවනි උපසිරැසි නිර්මාණයයි. එයට මම තෝරාගත්තේ ක්‍රීඩා , හාස්‍ය සහ අපරාධ යන වර්ගීකරණයට ලක් උන චිත්‍රපටයක්. මේක ඇමරිකානු පාපන්දු ක්‍රීඩාව සමඟ යන කතාවක්. 1974 දී Longest Yard යන නමින්ම තිරගත වූ චිත්‍රපටයේ නැවත නිර්මාණයක්.

මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ 50 First Dates (2004) , Get Smart (2008) , Anger Management (2003) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කල Peter Segal නම් අධ්‍යක්ෂක වරයා විසින්. මෙහි ප්‍රධාන චරිතය රගපාන්නේ කවුරුත් දන්නා Adam Sandler විසින්. දන්නවනෙ Grown ups (2010), Grown ups 2 (2013) ,That’s My Boy(2012) හෙම බලල ඇතිනෙ. හැබැයි ඔහු මෙහි රඟපාන්නෙ ඊට වඩා ටිකක් වෙනස් චරිතයක්. සෙසු චරිත Cris Rock , Burt Reynolds , William Finchtner , James Cromwell යන අය විසින් රඟපානු ලබනවා. IMDb අගය සටහන් වෙන්නේ 6.3/10 ක් ලෙසයි.

මිනිත්තු 113 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටියේ පෝල් ක්‍රේව් කියන්නෙ හිටපු තරඟ පාවාදීම් චෝදනා ලැබූ ඇමරිකානු පාපන්දු තරුවක්. නමුත් වරක් ඔහු බීමත්ව පෙම්වතිය රවටා ඇයගේ වාහනයෙන් පාරේ අනාචාරව හැසිරීම හේතුවෙන් ඔහු හිරගෙදරට නියම වෙනවා. එහිදී හිරගෙදර පාලක තුමා ඔහුගේ අකමැත්ත මතම ඔහුව සිරකරුවන්ගෙන් යුත් පාපන්දු කණ්ඩායමක්සෑදීමට යොදවනවා. මෙම පාපන්දු කණ්ඩායම තරඟවදින්නේ ඔවුන්ව බලාගන්නා මුරකරුවන් සමඟයි. මෙය සෑදීමේදී ඔහුට විවිධ බාධා වලටත් මුහුණ දීමට සිදුවෙනවා. එහිදී ඔහුට මිතුරන් මෙන්ම සතුරන්ද ඇතිවෙන අතර එහිදී කෙයාටේකර් සහ 1955 හේස්මන් කුසලාන ජයග්‍රාහකයාවන නේට් ස්කාර්බෝ ඔහුට මුණගැසෙනවා. ඔවුන්ට එකතු වී මේ කණ්ඩායම එකලස් කරන්න හැකි වේවිද ? ඔවුන්ට මුරකරුවන් සමඟ තරඟ කර ජයග්‍රහණය කිරීමට හැකිවෙයිද ? ඒ ගැන දැනගන්න ඔයාලම බලන්න කියල මම ආරාධනා කරනව……

මේක මුල ඉඳල කම්මැලි කමක් නැතුව ආශාවෙන් බලන්න පුළුවන් විනෝදකාමී චිත්‍රපටියක්. දන්නවනෙ කොහොමත් Adam Sandler ඉන්නව නම් ඉතිං හාස්‍ය නැතිවෙන්න බෑ නෙ. ඔයාලටත් බාගතකරගෙන බලන්න කියල ආරාධනා කරනවා.

එහෙනම් ඔයාලට සුබදවසක්……. 😀

The Longest Yard (2005) on IMDb

 

 

699 MB (BR)කොපිය මෙතනින් බාගන්න

86c503645656712f186d6281748521866af9ded9

700 MB (DVD)කොපිය මෙතනින් බාගන්න

37c4c8d069b29f8b3dca6d861f6a2ceeb2ef7fa3 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,645 downloadsDownload The.Longest.Yard_.2005.baiscopelk.zip117 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

2,645 downloadsDownload Subtitles117 KB

21 comments

  1. කැලුම් ගුණසේකර

    බැලුවා වගේ මතකයි මේක. ස්තුතියි උපසිරැසියට.

    1. haritha prabuddha

      thanks for sub,

  2. thisal

    අම්මටහුඩු මැක්සා බඩුවක් මගෙ fav නලුවා ඉන්නෙ අනිවා බලනවා තැන්ක්ස් මචන් සබට පුලුවන් නම් Adam Sandler ඉන්න ෆිලිම්ස් දිපන්කො තව වටිනවා ගොඩක්

  3. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ...
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා...!!!

  4. නලින් පෙරේරා

    ස්තුතියි මාලිංග සහෝ.. ජය වේවා!

  5. akila

    Torrent eka click karama google ekatane yanne

  6. Jack

    නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට.

  7. නීල නේත්‍ර

    මේ film එක මීට කලින් බලල තියෙනව සබ් නැතිව... සිංහල සබ් එක්ක අනිවා ආයේ බලන්න පුලුවන් ෆිල්ම් එකක්, සබ් එකට බොහොම ස්තූතියි... සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා.. !!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය..........

  10. රොයිලි

    බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට ආ...
    ජය වේවා. !

  12. ud@IDM

    thanks bro

  13. දමිත්

    ස්තුතියි සහෝ ..
    සුබ අලුත් අවුරුද්දක් වේවා..
    සියලු වැඩ සාර්ථක වේවා..
    ජයෙන් ජය…

  14. prabhath

    thanks

  15. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. හසන්ත මාලිංග

    සුබපැතූ අදහස් දැක්වූ හැමෝටම බොහොම ස්තූතියි...... :D

  19. Nandana

    Thank U Hasantha.

  20. kent parker

    thanks