Watch Trailer

The Marine 5 Battleground (2017) with Sinhala Subtitles | මාරාන්තික කල්ලියකට එරෙහිව මැරීන් සෙබලා නැවතත් ක්‍රියාන්විතයේ [සිංහල උපසිරැසි සමඟ]

ඔබත් ක්‍රියාදාම වර්ගයේ චිත්‍රපට නැරඹීමට ප්‍රියකරන්නෙක්ද? එසේනම්, වර්ෂ 2006දී, සුප්‍රකට රෙස්ලින් ක්‍රීඩක John Cena ගේ ප්‍රධාන රංගන දායකත්වය සහිතව ආරම්භවූ සුප්‍රකට The Marine චිත්‍රපට මාලාවේ එකඳු කතාවක් හෝ නරඹා තිබෙනු නිසැකයි. කිසිවෙකු හෝ නොසිතූ අයුරින් ලැබූ අනපේක්ෂිත ජනප්‍රියත්වය නිසාවෙන්ම, චිත්‍රපට…

ඔබත් ක්‍රියාදාම වර්ගයේ චිත්‍රපට නැරඹීමට ප්‍රියකරන්නෙක්ද? එසේනම්, වර්ෂ 2006දී, සුප්‍රකට රෙස්ලින් ක්‍රීඩක John Cena ගේ ප්‍රධාන රංගන දායකත්වය සහිතව ආරම්භවූ සුප්‍රකට The Marine චිත්‍රපට මාලාවේ එකඳු කතාවක් හෝ නරඹා තිබෙනු නිසැකයි. කිසිවෙකු හෝ නොසිතූ අයුරින් ලැබූ අනපේක්ෂිත ජනප්‍රියත්වය නිසාවෙන්ම, චිත්‍රපට නිෂ්පාදකයින් විසින් පළමු චිත්‍රපටයෙන් නොනැවතී දිගින් දිගටම චිත්‍රපට නිකුත් කරනු ලැබුවා. අතීත චිත්‍රපට පිළිබඳව මතක් කිරීමක් කරනු ලැබුවහොත්,

The Marine (2006) – ප්‍රධාන රංගන දායකත්වය, රෙස්ලින් ක්‍රීඩක John Cena විසිනි.
The Marine 2 (2009) – ප්‍රධාන රංගන දායකත්වය, රෙස්ලින් ක්‍රීඩක Ted DiBiase Jr. විසිනි.
The Marine 3: Homefront (2013) – ප්‍රධාන රංගන දායකත්වය, රෙස්ලින් ක්‍රීඩක  Mike Mike ‘The Miz’ Mizanin විසිනි.
The Marine 4: Moving Target (2015) – ප්‍රධාන රංගන දායකත්වය, රෙස්ලින් ක්‍රීඩක  Mike ‘The Miz’ Mizanin විසිනි.

මෙවැනි වූ වාතාවරණයක් මත තමයි, අවසාන චිත්‍රපටයෙන් වසර දෙකකට පසුව, මෙම පස්වන චිත්‍රපටය නිකුත් වෙන්නේ. තුන්වෙනි සහ හතරවෙනි චිත්‍රපට තුලින් ලද අසීමිත ජනප්‍රියත්වය නිසාවෙන්ම මෙවරත් ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නේ, සුප්‍රකට රෙස්ලින් ක්‍රීඩක  Mike ‘The Miz’ Mizanin විසිනි. ඔහුත් සමගින් තවත් රෙස්ලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුන්ම මෙම චිත්‍රපටය තුල රංගනයෙන් දායක වෙනවා. එමෙන්ම, සුපුරුදු පරිදි චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය, WWE Studios ආයතනය විසිනි. එමෙන්ම, චිත්‍රපටය නිල වශයෙන් නිකුත්වීමට තිබෙන්නේ, අප්‍රේල් මස 25 වෙනි දිනයි.

ජේක් කාටර් සහ සෝයි විලියම්ස් යනු, ගිලන් රථයක සේවය කරන්නාවූ පරිපූරක වෛද්‍යවරුන් දෙපලක්. දිනක් රාත්‍රියේ මොවුන් හට මූලස්ථානයෙන් දැනුම් දීමක් ලැබෙනවා, ගොඩනැගිල්ලක් තුල සිටින්නාවූ හෘදයාබාධයක් සහිත පුද්ගලයෙකු පිළිබඳව. ලැබුණු අණට අනුව, මේ පිළිබඳව සොයාබැලීමට මෙම දෙදෙනා පිටත්ව යනවා. නමුත් විශ්මයට කාරණාව වන්නේ, මෙම ගොඩනැගිල්ල මාස ගණනාවක් පුරාවට වසා දමා තිබීමයි. මාස ගණනාවක් තුරාවට වසා දමා ඇති ගොඩනැගිල්ලක් තුල හෘද රෝගියෙක් සිටින්නේ කෙසේද? මෙයයි ඔවුන් දෙදෙනා තුල පැවති කුතුහලය වූයේ. ගොඩනැගිල්ල තුලට ගමන් කරනා මොවුන් දෙදෙනාට දකින්නට ලැබෙන්නෙ තමන් සිතා සිටි අන්දමේ දර්ශනයක් නම් නොවෙයි. ඔවුන් මොහොතකට හෝ නොසිතන්න ඇති ඔවුන් මේ පය තබන්නේ තම ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානයකට බව. අතිශය මාරාන්තික අවි ආයුධ සමගින් සන්නද්ධවූ මාරාන්තික බයිසිකල් කල්ලියකගේ ග්‍රහණයට මොවුන් පත්වෙනවා. නමුත් මෙම බයිසිකල් කල්ලිය මොහොතකට හෝ නොසිතන්නට ඇති, ඔවුන් මේ ගැටෙන්නේ, ඇෆ්ඝනිස්තානයේ අතිශය බැරෑරුම් චාරිකා දෙකක් සමගින් යුධ භූමියේදී ධෛර්යසම්පන්නව සතුරාට මුහුණු දී, සතුරු බලඇණි විනාශ කර දැමීම හේතුවෙන් ලෝකඩ පදක්කමකින් පුදනු ලැබුවාවූද, කාලයක් තිස්සේ පෞද්ගලික ආරක්ෂක සේවයේ නියතු වුණා වූද, අතිශය දියුණු අවි ආයුධ හැසිරවීමෙහි ලා නිපුනයෙකු වන්නා වූද, අතිශය නිර්භීත මැරීන් බටයෙකුට එරෙහිව බව.

එහෙනම්, කැමති අය අරගෙන බලන්න. පෙර චිත්‍රපට නරඹපු අයට නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් දන්නවා මේ චිත්‍රපටය මොන මට්ටමේ එකක්ද කියලා. පෙර චිත්‍රපට නරඹලා නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම චිත්‍රපටයක් එකිනෙක සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙනම්, පුරා හෝරා එකහමාරක් ක්‍රියාදාම ලෝකයේ සැරිසරන්න. චිත්‍රපටය විඳින්න. තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!

NEW

The Marine 5: Battleground (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Marine.5.Battleground.2017.720p.BluRay.x264-ROVERS

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

9,425 downloadsDownload The-Marine-5-Battleground-2017-BR.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

9,425 downloadsDownload Subtitles62 KB

44 comments

  1. දමිත්

    උපසිරැසියට ස්තුතියි සහෝ..
    ජයෙන් ජය..

  2. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    ෆිලුම බාගෙන හිටියේ සබ දෙනක්ම්.ඒත් මං හිතුවේ පරක්කු වෙවි කියලා. ඉක්මනට දුන්නට thnx සහෝ..
    බුදුසරණයි..ජය වේවා..

  3. Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  4. harsha

    බොහෝම ස්තූතියි ප්‍රසාද්. සබ අරගත්තා. ඒ වගේම කියන්න ඕන මම සියළුම මැරීන් ච්ත්‍රපට ටික බලලා තියනවා. නමුත් මෙච්චර රෙස්ලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩක් එකම චිත්‍රපටයක හිටියා කියලා නම් මතකනෑ. චිත්‍රපටි වලට විතරක් නොවෙයි රෙස්ලින් වලල්ල තුළත් 'The Miz' නළුවෙක් තමයි. මෙයයි මරීසුයි මලම වාතයක්. නැවතත් ස්තූතියි. ජයවේවා

  5. Bobby

    Thank you very much

  6. praneeth madu

    බොහෝම ස්තුතියි සහෝ

  7. shehan

    thankz.puluwannam the legend of michael ekata sub eka denna

  8. dilan lakmal

    Sisila aiya ela.sub eka gatta.film eka download wenna demma.oyage film thunak thiyenaea download karala.balanna welawa hoyaganna thama amru.heta mokak hari karanna oni .thanks bro.

  9. hasith

    tnx sahoo iye bawe dn num itn balanna puluwan

  10. Ishan

    Machan film eka category karaddi paule semata / Lamainta kiyana category 2ma add karala. Meka family film ekak nemeine?

    1. Sisila Prasad

      පාවිච්චි වෙන වචන නම් ටිකක් දරුණුයි. ඒ වගේම මේක R වර්ගයේ චිත්‍රපටයක්. ලේ වැගිරීම්, ප්‍රචණ්ඩත්වය චිත්‍රපටය පුරාවටම තියෙනවා. ඒ ඇරෙන්න අසභ්‍ය දර්ශන නම් මුකුත්ම නැහැ.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. LAKSHAN

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  13. chalana

    thnx bro...

  14. mithun

    සබ් මැශිමක්නෙ මෙක... ෆට්ටම වැඩක් සහෝ එක රැයින් සබ් එක ගහල වගේ මෙච්චර ඉක්මනින් දේවී කියල හිතුවෙ නෑ
    දෙකම අද ගන්නව බොහොම ස්තුතියි බ්‍රො සතුටුයි

  15. Kulanjana Maduranga

    niayamai…aniwa bamak thama..thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Kulanjana Maduranga

    niayamai…aniwa bamak thama.thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Jack

    පට්ටයි මචෝ.
    එකෙන්ම බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට..
    ජය..

  18. Sajith Anthony

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  19. lakshan

    ස්තූතිය මචං

  20. Ravin

    Thanks for the Sub

  21. chameera

    obta jaya........tnx

  22. Gayan Madushanka

    Fttai

  23. laiya

    බොහොම ස්තූතියි

  24. Rusiru Dilsara

    බොහොම ස්තූතියි..

  25. Nishan

    Thanx bro

  26. නවින් නිසල්

    උපසිරසියට ස්තුතියි !!!

  27. හිරු

    ගොඩක් ස්තුතියි සහෝ... ඔන්න මමත් බානවා සබයි පිලුමයි..

  28. අසිත

    elama saho thanks

  29. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  30. hasindu

    Elama bro

  31. චින්තක

    යකෝ කිව්වත් වගේ උබනම් සබ් මැෂිමක් නේ බන් . පට්ට පට්ට ප්‍රසාද් සහෝ . ඊලග ෆිලුම මොකක්දෝ ... ජයවේවා ...

  32. Ajith Priyantha

    sub akata thanks wawa

  33. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ...

  34. Prasad Randunu

    Bohoooma Thuthi Sisila aiyaaaa... Thawath Hoda ekakin hamuwemu. Jaya wewa

  35. Dulanga

    thanks

  36. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  37. iru

    Sub ekata thankz mchn.....eth film eka nm melooma rahak na.Marine 4 ekatath lajjawk.meke fight ehma okkma wrestling ring eka atle fight wge. :D :D

  38. Samudika Rathnayaka Richerdson

    Thanks bro..!!..:)

  39. Hasith

    බොහොම ස්තුතියි!

  40. දිනූජ තීරාජ්

    එලම කොල්ලෝ

  41. thisaru kesara

    Thank you sahodaraya sub ekata.sub eka Maru. .

  42. danumad

    thuthi sahurdayaneni

  43. dumidup

    thanks