Watch Trailer

Collateral Beauty (2016) with Sinhala Subtitles | දුකම කොයිතරම් සුන්දරදෝ…? [සිංහල උපසිරැසි සමග]

මදි නොකියන්න Data තියෙන හින්දා දවසකට කොච්චර නම් Films අපි බාගන්නවද? එහෙම බාගත්තු ඒවයින් කීයක් නම් අපි පස්සේ බලන්නම් කියලා නිකරුණේ Hard එකේ පුරෝගෙන ඉන්නවා ඇත්ද? Collateral Beauty (2016) චිත්‍රපටියත් මට ඒ වගේ චිත්‍රපටියක් වෙන්න තිබුණා, මේකට Sub කරන්න මට “Order” එකක් ආවේ නැත්තම්. YIFY වෙබ් අඩවියේ Top…

මදි නොකියන්න Data තියෙන හින්දා දවසකට කොච්චර නම් Films අපි බාගන්නවද? එහෙම බාගත්තු ඒවයින් කීයක් නම් අපි පස්සේ බලන්නම් කියලා නිකරුණේ Hard එකේ පුරෝගෙන ඉන්නවා ඇත්ද? Collateral Beauty (2016) චිත්‍රපටියත් මට ඒ වගේ චිත්‍රපටියක් වෙන්න තිබුණා, මේකට Sub කරන්න මට “Order” එකක් ආවේ නැත්තම්.  YIFY වෙබ් අඩවියේ Top Downloads අතර තිබිච්ච හින්දම බාගත්තා මිසක මේ චිත්‍රපටිය මොන වගේ එකක්ද කියලාවත් මට කිසි Idea එකක් තිබුනේ නැහැ. හැබැයි දැන්… දැන් මං මේක බලලා ඉවරයි. ඒ වගේම මට මතක Film එකේ අවසන් භාගයේදී “Oh My God” කියලා නළලේ අත ගහගත්ත එක විතරයි. ඒත්මේක Thriller එකක්වත් Sci-Fi එකක්වත් Action චිත්‍රපටියක් නෙමෙයි. Drama සහ Romance චිත්‍රපටියක්. එහෙනම් මොකක්ද මේකේ විශේෂත්වය? ඒ ගැන කියන්න කලින් මම කැමතියි මුලින්ම හසන්ත සහෝදරයට ස්තූති කරන්න, Sub එක කරන්න දුන්නටම නෙමේ, මේ චිත්‍රපටිය බලන්න ඉඩ සැලැස්සුවට. තුන් අවුරුද්දකට කලින්, ඔහු ජව සම්පන්න තරුණයෙක්. වෙළඳ ප්‍රචාරණ ආයතනයක් පවත්වාගෙන යන දක්ෂ ව්‍යාපාරිකයෙක්. සේවකයෝ හැමෝම ඔහුට ආදරේ කරා. ඔහුගෙන් එක වචනයක් ඇහුනත් ඇති, ඔවුන් අභිප්‍රේරණය වෙන්න. ආයතනය ඔහුගේ ජීවිතය වුණා. ඔහුගේ හවුල්කාරයෝ තුන්දෙනා ඔහුට සහෝදරයෝ ගාණයි. ලස්සන බිරිඳක්, හුරුබුහුටි දියණියක්… අද, ඔහු වයසට වඩා මහළු වෙලා වගේ. ඇස් දෙකේ තියෙන්නේ අහිමිවීම. කලින් තිබුණු ජවය දැන් ගෑවිලාවත් නැහැ. සේවකයෝ ඔහු දිහා තුෂ්නිම්භූතව බලන් ඉන්නවා. ඔහු කා එක්කවත් කතාවක් නැහැ. මුහුණේ කිසිම ප්‍රාණවත් බවක් නැහැ. ඔහුට ආයතනය තිබ්බත් එකයි නැතත් එකයි ගාණයි. ඔහුගේ හවුල්කාරයෝ ඔහු එක්ක කතා කරන්නත් බයයි. දැන් ඔවුන් පිටස්තරයෝ වගේ. බිරිඳ? පොඩි දියණිය? ප්‍රශ්නය : මොකක්ද මේ අවුරුදු තුන ඇතුලත උනේ?  ඒකට උත්තරේ චිත්‍රපටිය ආරම්භයේදීම දැනගන්න පුළුවන්. ආයතනය දැන් තියෙන්නේ අවදානමේ. ඔහුගේ හවුල්කරුවන් තුන්දෙනාට මොනවහරි කරන්නම වුණා. එයාලා හදන්නේ ඔහුගේ අයිතිය පැහැරගන්න. මේක ඔවුන්ගේ කූට උපායක්ද? මොකක්ද ඔවුන්ගේ අරමුණ? මොකක්ද ඔවුන්ගේ සැලැස්ම? ඔවුන් සැලැස්මක් හදනවා. එතනින් තමයි මේ කතාවට සුන්දරත්වය ආරෝපණය වෙන්නේ. IMDb දර්ශකයේ 6.7ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ කාගේත් ආදරය දිනාගත්තු Will Smith, Kate Winslet, Edward Norton, Michael Pena, Helen Mirren, Keira Knightley, Jacob Latimore, Naomi Harris කියන පිරිස. මේකට විචාරක ප්‍රසාදය නම් මහ ලොකුවට හම්බවෙලා නැහැ, පුළුවන් නම් IMDb පැත්තේ කරක් ගහලා බලන්න. ප්‍රේක්ෂකයෝ විචාරකයන්ට හොඳට අමතලා තියෙනවා මේ චිත්‍රපටියට එහෙම සලකපු එකට. තවත් නම් මුකුත් කියන්න යන්නේ නැහැ. Sub එක කරේ බොහොම හෙමින්. මොකද කිව්වොත් පෞද්ගලිකව මේ චිත්‍රපටියට වඩා හොඳ පරිවර්තනයක් කරලා දෙන්න ටිකක් මහන්සි ගත්තා. 75%ක් වගේ සාර්ථක ඇති කියලා හිතනවා. එහෙනම් චිත්‍රපටිය බලන්න, ජීවිතේ ගැන වෙනස් විදිහට හිතන්න පටන් ගන්න. මම සමුගන්නවා.

Collateral Beauty (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Collateral.Beauty.2016.720p.BluRay.x264-[YTS.AG]

 මෙම ලබා දී ඇති උපසිරසි සියළුම බ්ලුරේ පිටපත් සඳහා අදාළ වේ.

2,071 downloadsDownload Collateral-Beauty-2016.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

2,071 downloadsDownload Subtitles52 KB

35 comments

  1. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    සබ් එක නැතුව මේක බැලුව සහො.ඒ තරම් හිතට අල්ලපු ෆිලුමක්. සබ එක්ක අයේ බලනවා..
    බුදුසරණයි..ජය වේවා..

  2. එල්.සී. දමැල්

    මමනම් කලින්ම දැනගත්තා මේ සුපිරි චිත්‍රපටයට අපේ සුපිරි උපසිරසකරුවා, මයුර අයියාම මේක ගේනව කියලා...
    නියමයි ආ...
    මේක ෆිල්නම් එකනම් කලින්ම ඩවුන්ලෝඩ් කරගත්තා...
    සිංහල සබ් එක ඔන්න ගත්තා...
    අද හෙටම බලන්න ඕන මේකනම්...

  3. charith vishwa

    sub ekata thanks bro..
    obata jaya !!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. sam

    thank you for sub

  6. දිල්ෂාන් සල්පදෝරු

    තැන්ක්ස් බ්‍රෝ

  7. chalana

    thnx bro...

  8. ricado

    thank you very much for the sub, no doubt about the movie when will smith's there...........

  9. mithun

    මෙකෙ සබ් එක දානකල් සෑහෙන කාලයක් බලම් උන්න
    කොමෙන්ට් එක නම් බොහොම සතුටින් දාන්නෙ ඔයාගෙ සබ් බලන්නත් ආසයි කිවුව ..... බලලම කියන්නම් බොහොම ස්තුතියි බ්‍රො උපසිරැසි දැම්මට ලිස්ට් එකෙ තිබුන මූවි එකක් බලන්න ඔනමයි කියල ..

    1. mithun

      ඔයා වගේම ඩයල් එකක් මමත් ටිකක් හොදම.. ලිපිය ලස්සනයි. ෆිල්ම් හාර්ඩ් එක පිරෙනකම්ම ඩව්න්ලොර්ඩ් කරනව එක මේ ආත්මයෙ නවතියි කියල කියන්න බැරිතරම් චිත්‍රපට වලට ගොඩක් ඇලුම් කරන රස විදින්න කැමති කෙනෙක් මමත්
      අපේ ඉතින් ඔක විතරන පුරුද්දකට කියල තියෙන්නෙ එ අතින් සතුටුයි ජිවතෙ වෙන පුරුදු නෑ
      මේවගෙ සතුටක් හැමෝලගමත් නෑ
      ඔයල වගෙ අය තව තවත් බිහිවෙන්න කියලයි මම කියන්නෙ
      මෙකත් හාර්ඩ් එකෙ පුරෝගන්නම්කො
      බලන්නම ඔනා .
      රස වින්දනය කියන දේට මාත් ගොඩක් අසයි සහෝ ඔයා වගෙම
      මේ කොමෙන්ට් එක දෙන්නෙත්
      සබ් එහෙම මම අස කරන ටයිප්
      එකට ලියන නිසයි
      සබ් එහෙමත් සුපිරි එකට දානව
      කියන්න ඔනෙ
      ඉතින් එකත්...

    2. Mayura

      උඹේ එක කමෙන්ට් එකක් ඇති බන් තව සබ් එකක් කරන්න මෝටිවේට් වෙන්න. තෑන්ක්ස් හැමදාම කමෙන්ට් කරනවට බන්

  10. Mahesh

    Sub ekata thanx

  11. praneeth madu

    බොහොම ස්තුතියි මයුරයෝ

  12. Kulanjana Maduranga

    niayamai…thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  14. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  15. Sajith Anthony

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  16. dharshana...

    Thanks....

  17. චතුෂ තුෂර කුමාර

    බාගෙන සෑහෙන දවසක්... බලන්නේ නැතිව හිටියේ කවුරුම හරි මේකට සබ් දෙයි කියලා හිතාගෙන... මල පැනලා හිටියේ... ඇයි යකෝ හොඳ ෆිල්ම් බර ගානක් ඇවිත් තියෙද්දි මේ රේටින් 2-3ක්වත් නැති උලව් හිටං එනවා මේවා නැහැ... :D

  18. Dasitha147

    bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

  19. Nishan

    Thanx bro

  20. Dimuth Hewagama

    Thanx...

  21. Dulanga

    Thanks

  22. w a thilak

    හොදයි වගේ....ස්තතුතියි

  23. AWNCK

    Thanks Bro..............

  24. Supitha

    thank u saho

  25. ashan lankanath

    Thanks ...............good luck ........................

  26. nidi

    මයුර,
    මට නම් මේවා තමා නියම නිර්මාණ. මේ තියෙන්නේ චිත්රපට නෙවෙයි, ජීවිතය!
    ඔයා ගොඩක් මහන්සි වෙලා මේකට උපරිමයෙන් සාධාරණය ඉෂ්ට කරලා තියෙනවාට ස්තුතියි!
    මේක ඔයා සබ් කළ චිත්රපටවලින් මම බැලූ දහවැන්න. ස්තුතියි!

  27. kent parker

    thanks

  28. Prageeth Gaya

    ela ela broo

  29. Prageeth Gaya

    plzz becoming jane 2 film ekat me wagema fil ekak
    eka tawama mn beluwe ne sub eka neti nisa
    puluwannam ekatat sab enna
    jaya wewa

  30. arawindasunimal

    thanks sub ekata

  31. Anonymous

    සුපිරියටම තිබ්බා සබ් එක

  32. Rishantha

    Thanks Brother

  33. Nishan

    TThanx bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.