Watch Trailer

The Merciless (2017) Sinhala Subtitles | වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද… [සිංහල උපසිරැසි සමඟ]

Jailbreak (2017) කිව්ව වගේ ඉංග්‍රීසි නොවන භාෂා ක්‍රියාදාම චිත්‍රපටි ටිකක් කරන්න පටන් ගත්ත ගමනේ වැඩිම අවධානය යොමු වුනේ චීනයට නෙව… මේ සුදානම එතනින් පොඩ්ඩක් බැහැරට ගිහින් කොරියානු සිනමාව පැත්තට හැරෙන්න. මම කොරියන් කතා බලන කෙනෙක් නෙමෙයි, කොරියානු සිනමාව ගැන වුනත් මට වැඩි අවබෝධයක් නැහැ කියන්න පුළුවන් ලෝ…

Jailbreak (2017) කිව්ව වගේ ඉංග්‍රීසි නොවන භාෂා ක්‍රියාදාම චිත්‍රපටි ටිකක් කරන්න පටන් ගත්ත ගමනේ වැඩිම අවධානය යොමු වුනේ චීනයට නෙව… මේ සුදානම එතනින් පොඩ්ඩක් බැහැරට ගිහින් කොරියානු සිනමාව පැත්තට හැරෙන්න. මම කොරියන් කතා බලන කෙනෙක් නෙමෙයි, කොරියානු සිනමාව ගැන වුනත් මට වැඩි අවබෝධයක් නැහැ කියන්න පුළුවන් ලෝභ නැතුව. නමුත් මම මෙතෙක් කරපු දෙවැනි කොරියානු උපසිරස හැටියට මේ සිනමා පටය කරන මොහොතේ මට තේරුණ එක දෙයක් තමයි කොරියානු ක්‍රියාදාම චිත්‍රපටි ගත්තම බොහොම චරිත ගැන අවධානය යොමු කරන පෙරලි ගොඩක් තියන නිර්මාණ ගොන්නක් බව. කිසිම විටක හිතන දෙය ඒ තරම් ලේසියෙන් සිද්ධ වෙන්නේ නැහැ අවසානය කොහොමත් නොසිතුවක්…

ඉතින් මේකත් ඒ වගේම කතාවක්, මේ කතාව දිවයන්නේ සිරගෙදර මිතුදමක් එක්ක මිනිසුන් වෙනස් වෙන හැටි පෙන්වා දෙමින්… මේ දෙන්නගෙන් එක අයෙක් රහස් පොලිස් නිලධාරියෙක් ඔහුගේ එකම අරමුණ වෙන්නේ මාළු ආනයන සමාගමන් මුවාවෙන් කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරමකට තිත තියන එක… ඒ වෙනුවෙන් ඔවුන්ගේ කල්ලියට එකතු වෙන්න තමයි ඔහු සිරගෙදර වාසයට එන්නේ ඒ ටික දවසකට නෙමෙයි වසර තුනක මෙහෙයුමක් වෙනුවෙන්…. ඔහුගේ ඉලක්කය වෙන්නේ කලින් කිව් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ බොහොම ලොකු තනතුරක් දරන හං ජේඕ නම් මැරයෙක්. ඔහු සැබවින්ම අමුතු මිනිසෙක් කියන්න පුළුවන්… කොටින්ම හිතේ කිසිම තෙතමනයක් නැති ඕනෙම කෙනෙක් ක්ෂණිකව තමුන්ගේ පැත්තට ගන්න ඕනෙම දෙයක් කරන ජාතිය පිස්සු මිනිහෙක් හැටියට තමයි පොලිසිය ඔහු දකින්නේ… නමුත් කතාව යනකොට ඔබ දකී ඔහු සැබවින්ම එහෙම වෙන්න හේතුව වගේම, ඔහුගේ සැබෑ තත්වය…

ඉතින් හිර ගෙදරින් ඇතිවෙන මිතුදම නිසා හං තමුන්ගේ නව මිතුරා තමුන්ගේ ජාවාරමට එක්කාසු කරගන්නවා ඒ තවත් සැලසුමක් හිත දරාගෙන… ඒ අතරේ ජෝ (රහස් පොලිස් නිලධාරියා) තමුන්ගේ මෙහෙයුම වෙනුවෙන් කල්ලියේ ඉහළටම යන්නට වැඩ සිද්ධ කරනවා… මේ සියල්ල එක්ක කල්ලියේ නායකයා හං මරන්න පිඹුරු පත් නිර්මාණය කරනවා විතරක් නෙමෙයි කලිනුත් එහෙම මේ සියල්ලටම මැදි වුන දෙපිටකාට්ටුවකුත් බොහොම අගයට කල්ලියේ රජයන්න තමයි අදහස… ඉතින් ජෝට මේ මත්ද්‍රව්‍ය ජාවාරමට තිත තියන්න ලැබෙයි ද? ඔහු පොලිසිය වෙනුවෙන් වැඩ කරයි ද? ජාවාරම්කරුවන් වෙනුවෙන් වැඩ කරයි ද? එහෙමත් නැත්නම් තමුන් වෙනුවෙන් වැඩ කරයි ද? මේ මෙහෙයුම ඇත්තටම කොහොම සැලසුම් කල එකක් ද? මෙහෙයුමේ අවසානය මොන වගේ එකක් වේවි ද? පැහැදිලිවම හොඳ සහ නරක කියන ලෝකයේ බෙදී යන සාධක දෙක මැද ඇතිවෙන මේ මිතුදම මේ සියල්ල නිසා කොහොම තැනකට ඇදවැටෙනු ඇති ද? මේ සියල්ල ඔබට දැකගත හැකි වේවි මේ නිර්මාණය බැලුවොත්… කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලන්න කියලා ඉල්ලිමක් කරනවා…

කොරියානු භාෂාවෙන් දිවයන මේ නිර්මාණය පැය 2 ක් කාල පරාසයක් පුරා විදිහි යනවා අයත් වෙන්නේ Action, Crime, Drama කියන කාණ්ඩවලට. Sung-hyun Byun ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි තිර රචනයත් ඔහු හා Min-soo Kim අතින් තමයි සිද්ධ වෙන්නේ. මිට කලින් මම උපසිරස එකතු කරපු කොරියානු නිර්මාණය වුන Salinjaui gieokbeob (2017) වගේම මේකෙත් Kyung-gu Sol තමයි එක ප්‍රධාන චරිතයක් වෙනුවෙන් එක්කාසු වෙන්නේ… ඔහු නම් සැබවින්ම පැති කිහිපයකින් පෙනෙන චරිත වෙනුවෙන් අපූරුවට ගැලපෙන නළුවෙක් වගෙයි. ඔහු සමඟ තිරයේ හරි හරියට ගැටෙන අනික් චරිතය වෙනුවෙන් එක්කාසු වෙන්නේ Si-wan Im (Moon Embracing the Sun) ඊට අමතරව Kyoung-Young Lee, Hye-jin Jeon, Byung Mo Choi වගේ පිරිසක් මෙහි චරිත නිරුපනය කරනවා.

ලබාගෙන ඇති IMDB අගය 6.7 ක් ඒ වගේම රෝටන් ටෝමාටෝ අඩවියෙත් 75% වගේ අගයක් ලබාගන්නට මේ අපුරු කතාව සමත් වෙලා තියනවා…. ඉතින් එහෙනම් ඔබට භාරයි රස විදින්නට… ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

27 comments

  1. mmn

    Elsss

  2. Prabodha Madhusankha Hettiarachchi

    Balagenama hitapu movie ekak thanks bro sub ekata...

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. Bandaramudiyansi

    කොරියන් එව නම් නොබල බෑ. තැන්ක්ස් ඔයාට ගොඩක් ❤ ❤ ❤ ❤

  5. Stranger

    thanks

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Bobby

    Thank you very much

  10. priyan99

    thanks sub ekkata bro

  11. ranga11112

    බොහොම ස්තූති සහෝ....

  12. ishcooray

    thankz bro.....!

  13. gihan perera

    Good job bro...Well done...keep continue it...god bless you.....

  14. Sadun-Lakshitha

    ජයවේවා බ්‍රෝ

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Mawan Geethanjana

    THANKS FOR SUB

  17. Dewadithya

    Thanks!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. malith

    Ela ela

  20. AsithaDilruwan

    Ela saho thanks

  21. tharidu sagara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
    ජය වේවා!!!

  22. Sanju_kelum

    THANQ BRO..

  23. kaaka1985

    thanks

  24. IsuruF

    Elma

  25. Rukshan37

    Ela ela

  26. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  27. Krishani

    Thank you