මතකය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, ජිවිතයට ඇතුවත් බැරි… වෙලාවට නැතුවත් බැරි දෙයක් කිව්වොත් මම නිවැරදි මම හිතන්නේ, මොකද කොයිතරම් වැදගත් වුනත් අපි හැමෝගෙම ජීවිතවල අමතක වෙලා යනවානම් කියලා හිතන දේ අනන්තයි… ඉතින් මේ වටිනා කියන සාපයක් වුන මතකය සමහර හේතු නිසා වියැකී යන්නත් ඉඩ තියනවා… මේ එහෙව් මිනිසෙකුගේ ස…

මතකය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, ජිවිතයට ඇතුවත් බැරි… වෙලාවට නැතුවත් බැරි දෙයක් කිව්වොත් මම නිවැරදි මම හිතන්නේ, මොකද කොයිතරම් වැදගත් වුනත් අපි හැමෝගෙම ජීවිතවල අමතක වෙලා යනවානම් කියලා හිතන දේ අනන්තයි… ඉතින් මේ වටිනා කියන සාපයක් වුන මතකය සමහර හේතු නිසා වියැකී යන්නත් ඉඩ තියනවා… මේ එහෙව් මිනිසෙකුගේ සෝචනීය, කුරිරු කතාව…
බියුන්-සූ නම් වන ඔහු වෘතියෙන් පශු වෛද්‍යවරයෙක්. ඔහුට ඉන්නවා තරුණ දියණියක් ඇය නමින් යුන්-හී, ඔහුගේ බිරිද ගැන කතාවේ මුලින් සඳහනක් නැහැ. බොහොම සරල දිවියක් ගෙවන මේ පවුලේ ලොකුම අවුල වෙන්නේ පියාගේ ඇල්සයිමර් රෝගය. මේ රෝගයට හේතු කාරකය වෙන්නේ මීට වසර 17 කට පෙර සිදුවූ රිය අනතුරක් නිසාවෙන් ඇතිවූ හිසේ ආබාධයක්. මේ නිසාවෙන් ඔහුගේ මතකය කෙමෙන් කෙමෙන් වියැකී යනවා, විටෙක තමුන්ගේ වටපිටාව හා කරන කියන දෙය ගැන පැහැදිලි සිහියකින් කටයුතු කරනා ඔහු තවත් විටෙක අත දරුවෙක් හා සමානයි. කතාව නියම ලෙස ආරම්භ වෙන්නේ මෙවැනි අමතක වීමක් නිසාවෙන් වෙන රිය අනතුරක් නිසාවෙන්. මිහිදුම මැද්දේ ඔහුගේ වාහනය ගැටෙනවා මෝටර් රථයක, යහපත් පුරවැසියෙක් වගේ වාහනයෙන් බැහැලා අනෙක් වාහයන වෙත යන ඔහු දකින්නේ ඒ වාහනයේ ඩිකියෙන් ලේ කාන්දුවීමක්…!!! පොඩි සැකයක් නිසාවෙන් පරික්ෂා කරනා ඔහුට හමුවෙන්නේ ඒ වාහනයේ අයිතිකරුවා…. ඔහු නමින් තේ-ජූ වන අතර ඔහු පොලිස් නිලධාරියෙක්…. දැන් තමයි කරදර කම්කටොලු වගේම මේ සිත කලබන කතාව වෙනස් වෙන්න පටන් ගන්නේ….
බියුන්-සූ මේ තමුන් ඉදිරියේ සිටින තේ-ජූ කවුදැයි කියා අඳුනා ගන්නවා, ඒ ඔහුත් එවැනිම මිනිසෙක් නිසාවෙන්…. අනුමාන කළා නම් ඔබ හරි බියුන්-යූ ඝාතකයෙක්… නමුත් දැන් ඔහු විශ්‍රාමික ඝාතකයෙක්… අවසාන ඝාතනයෙන් වසර ගණනක් ගතවී ගොසින් ඔහුගේ මතකයත් ඒ ලෙසම බොහොම වියැකී ගිහින්… ඒ මතකය එකක් ඔහු දකිනවා තමුන්ගේ ප්‍රදේශයේ සිදුවෙන ඝාතන පෙළක් ගැන නාලිකාවක යන පුවතක් මේ සිද්ධිය නිසාවෙන් මියගිය දෙවැනි තරුණියගේ සිරුර හොයාගන්නෙත් ඔහුගේ අනතුර සිදුවුණා ප්‍රදේශයේ දීමයි. මේ එකක් ඇතිවෙන කුතුහලය නිසා පොලිසිය සම්බන්ධ කරගන්නා මොහුට තමුන්ගේ දුවනියගේ අනාගතය ගැන ලොකු බයක් දැනෙන්නේ තේ-ජූ ඇය හා ඇසුරක් පැවැත්වීමට ගත විටයි…. ඝාතකයෙකු තවත් ඝාතකයෙකු හා පැය දෙකකට ආසන්න කාලයක් පුරා ගෙන යන මානසික, කායික හා ආධ්‍යාත්මික සටන තමයි මේ සලරුව තුලින් ඔබට බලාගන්නට හැකි වෙන්නේ. මේ පැය 2 කට ආසන්න කාලය ඇතුලේ ඝාතකයෙකුගේ සිත ක්‍රියා කරනා ආකාරය, ඒ තුල ඇති ආදරය නම් කොටු බැම්ම… මතකය නම් කුරිරු සළුවට එක්කම බොහොම පෙරලි දැකගත හැකිවේවි….
කිවයුතුමයි මෙය පිටතින් දකින කතාව නෙමෙයි, පෙරලි බොහොමයි විටෙක ඔබ තේ-ජූ හා එක්වේවි ඒ ඔහුඑ අහිංසකයෙකු ලෙස දකින නිසාවෙන් තවත් විටෙක ඔබ බියුන්-සූ හා එක්වන්නේ ඔහුගේ කෝණයෙන් කතාව වඩා සංවේදී නිසාවෙන් නමුත් ඒ මොහොතේම ඔහු තමුන්ගේ සීමාව ඉක්මවා යන්නේ ඔබට ඔහුත් එපා කරමින්, නමුත් සත්තයි අවසානය ඔබ සිතන දෙය නොවේවි. අවසාන කතාවේ වීරයා මේ දෙදෙනාම නොවේවි… කෙටියෙන් කියන්නේ නම් Seven, Memento, Heat හා Insomnia වැනි විශිෂ්ඨ නිර්මාණ කිහිපයක හරය ගෙන ඒ තුල කතාව උඩු යටිකුරු කල අගනා කතාවක් තමයි මෙය.
IMDB මීටරයේ 7.0 අගයක් ලබාගෙන තියන මේ කොරියානු චිත්‍රපටය Action, Drama, Thriller කියන කාණ්ඩයන් තමයි නියෝජනය කරන්නේ. මෙය Shin-yeon Won ගේ අධ්‍යක්ෂණයක්, ඔහු තමයි මින් පෙර Yong-eui-ja (2013), Sebeun deijeu (2007) වගේ චිත්‍රපට නිර්මාණය කරලා තියෙන්නෙත්. මේ සඳහා පදනම් වෙලා තියෙන්නේ A Murderer’s Guide to Memorization නම් Kim Young-ha විසින් රචිත සුප්‍රසිද්ධ ග්‍රන්ථය. ප්‍රධාන චිත්‍රය නිරුපනය කරනු ලබන්නේ Kyung-gu Sol ඊට අමතරව Nam-gil Kim (Seonduk yeowang ටෙලි කතා මාලාව, Pandora (2016)) සහ Seol-Hyun Kim (Click Your Heart ටෙලි කතා මාලාව, Motnani Juuibo ටෙලි කතා මාලාව, Orenji Mameolleideu ටෙලි කතා මාලාව) තමයි අනිකුත් උප ප්‍රධාන චාරිත දෙක නිරුපනය කරන්නේ.
මම කොරියානු ටෙලි කතා මාලා හා චිත්‍රපට අතිශයින්ම අප්‍රිය කරනා කෙනෙක්, නමුත් අහම්බයකින් තමයි මේ සලරුව අසගැටුනේ, කියන්නට ඕනේ ඇත්තටම සතුටු වෙනවා මේක බලන්නට අවස්ථාවක් ලැබීම ගැන මොකද අවසාන මොහොත දක්වාම හොඳ මද වේගී නමුත් ස්ථාවර ආරම්භයක් අරගෙන කතාවේ තුන්වෙනි භාගය වන කොට පෙරාර පෙරලා උඩු යටිකුරු වන ලෝකයක හැම මොහොතේම ප්‍රේක්ෂකයා අවිනිශ්චිත මානසිකත්වයක පිල් මාරු වෙමින් තියන්නට හදන ඒ උත්සාහය අතිශයින්ම විශිෂ්ඨයි. මම හිතනවා ඔබත් ඒ අත්දැකීම එලෙසින්ම විදගනී කියල. එහෙනම් ඉතින් 2017 සැප්තැම්බර් 7 වැනිදා කොරියාවේ දී තිරගත වීම ආරම්භ කරපු මේ ක්‍රියාදාම, ත්‍රාසජනක කතාන්තරය ඔබට භාරයි. ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු.. එතෙක් ඔබට ජය වේවා !!!
පා.ලි. බාගත කිරීම් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවෙලා තියන බවයි පෙන්නේ…. ඒකට බොහොම හේතු වෙලා තියෙන්නේ මේ චිත්‍රපටයේ නම… Memoir of a Murderer මේ නමින් 2017 වසරේ දී චිත්‍රපට දෙකක් නිකුත් වෙලා තියනවා. එකක් කොරියානු බසින් Sarinjaui Gieokbeop (2017) ලෙසත්, ජපන් බසින් 22-nenme no kokuhaku: Watashi ga satsujinhan desu (2017) ලෙසත්. මම මේ උපසිර ලබා දීලා තියෙන්නේ කොරියානු බසින් නිර්මාණය වුන Sarinjaui Gieokbeop (2017) නිර්මාණය වෙනුවෙන්. මේකේ තවත් නිකුත් වෙලා තියෙන්නේ WEB පිටපත් පමණයි, BR පිටපත් නිකුත්ව තියෙන්නේ පෙර කිව ජපන් චිත්‍රපටයට. ඉතින් බාගත කිරීමේ දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. කාටහරි අපහසුතාවක් වුනා නම් ඒ ගැනත් බොහොම කණගාටුයි….

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
38 comments
sachintha
Prabodha Madhusankha Hettiarachchi
Mn godak asama karana category thama crime/ thriller . Godakma sththui sahooosub ekata. Puluwanm "the third murder" film ekata sub demuda?
prabasha
ස්තූතියි !
Ishan Madusha
නියමයි සහෝ.බොහොම ස්තූතියි
JoJo’s Bizarre Adventure: Diamond Is Unbreakable – Chapter 1 (2017)
පුලුවන්නම් සබ් දෙන්නකො.ජය වේවා!damith1981
මේකේ සබ් එක හරියන්නේ නෑ සහෝ පොඩ්ඩක් බලන්න.මේකෙ තියෙන්නේ වෙබ් එකක් .සබ් එක බ්ලූරේ එකක් .චුට්ටක් වත් ගැලපෙන්නේ නෑ.කොහොම උනත් ඔයාගේ මහන්සියට ගොඩක් ස්තූතියි
Bandaramudiyansi
බොහොම ස්තුතියි උපසිරැසියට .... බලළම කියන්නම්කො අසම ටයිප් ස්තුතියි නැවතවරක් ❤ ❤ ❤ ❤ ❤
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!pushpe
bohoma sthuthi,digatama korean awata sub denna . jay wewa!!1
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි උපසිරැසි
මනං හැරී එක ගත්තාKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ranfilm
thank you saho.super.
malith
Ela ela
Arrow T
niyamai
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
AsithaDilruwan
ela ela thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
ජයෙන් ජය.siyath dasanayaka
Thank you very much!
dskumara
flim eka hoya gnna be japan eka vitharai thiyenne
damithfernandoo
ko machan film eka hoya ganna baane
Bandaramudiyansi
සුපිරි ෆිල්ම් එක නම්.. thank ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bandaramudiyansi
පුලුවන් නම් තව කොරියන් මුවි ටිකක් දෙන්න ...please ....කොරියන් එව නම් සුපිරි
chathuranga002
thanx
බොබී
ඇත්ත සහෝ. මම ජපන් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. මෙච්චර වෙලා රට පටලාගෙන හිටියේ. ලිපියක් තියෙනකොට මීට පස්සේ මම අගටම කියවන්න ඕනි.
Haashan Dhanushka
br avillo update karannoooooooo
Lasantha kelum
සහෝ bluray ඇවිත්නෙ බැරිද update එකක් දෙන්න තියන උපසිරැසියට ස්තුතී මචෝ
Lahiruseya
Thanks patta sameera
subodha
Thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
Eranda Malith 2.0
බොහොම ස්තූතියි සහෝ
ricadodamien
Thank U Sameera brother & baiscope team for the sub, all the best to baiscope team.................
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Lakshansilva18
bluray update karanna puluwanda bro web copiyak hoyagannath na torrents walath na
Rukshan37
Ela
Anonymous
Thanx sub ekata.
Advertisement
![Sarinjaui Gieokbeop (2017) AKA Memoir of a Murderer Sinhala Subtitles | ඝාතකයෙකුගේ වියැකී යන මතකය…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Memoir-of-a-Murderer-2017-1.jpg)

Sub ekata thanks ayyee...
Elama...