සියළු බයිස්කොප් රසික රසිකාවියන්ගෙන් අවසරයි! කාලයක් තිස්සේ බයිස්කොප් එක පැත්තේ ආවා ගියාට අද තමයි හා හා පුරා කියලා මගේ කුළුදුල් උප සිරැසි නිර්මාණය ඉදිරිපත් කරන්න යන්නේ. ඉතිං මගේ මුල්ම උපසිරැසය නිර්මාණය කලේ හැමෝටම මඟඇරුනු ටිකක් පරණ චිත්‍රපටයකට. නාට්‍යමය චිත්‍රපට වලට කැමති රසික රසිකාවියන්නම් මේ චිත්‍රප…

සියළු බයිස්කොප් රසික රසිකාවියන්ගෙන් අවසරයි! කාලයක් තිස්සේ බයිස්කොප් එක පැත්තේ ආවා ගියාට අද තමයි හා හා පුරා කියලා මගේ කුළුදුල් උප සිරැසි නිර්මාණය ඉදිරිපත් කරන්න යන්නේ. ඉතිං මගේ මුල්ම උපසිරැසය නිර්මාණය කලේ හැමෝටම මඟඇරුනු ටිකක් පරණ චිත්‍රපටයකට. නාට්‍යමය චිත්‍රපට වලට කැමති රසික රසිකාවියන්නම් මේ චිත්‍රපටියට කැමති වේවි.
මෙම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Tracy Rose Chevalier කියන බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාව විසින් 1999 දි රචනා කරපු Girl With A Pearl Earring කියන කෘතිය. නෙදර්ලන්ත ජාතික ජොහැන්නස් වර්මියර් කියන චිත්‍ර ශිල්පියා ඇඳපු චිත්‍රයක් පසුබිම් කරගෙන තමයි මේ පොත ලියලා තියෙන්නේ. මෙම චිත්‍රය දැනට නෙදර්ලන්තයේ Mauritshuis කියන කෞතුකාගාරයේ තැම්පත් කරලා තියනවා. ලොව පුරා පාඨකයන්ගේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වෙමින් රටවල් 35ක භාෂාවන්ට මෙම කෘතිය පරිවර්තනය වෙලා තියනවා.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ 16 හැවිරිදි “ග්‍රීට්” නම් තරුණියයි. ග්‍රිට්ගේ චරිතයට පණපොවන්නේ අපි කවුරුත් දන්න Black Widow, Lucy වැනි චරිත හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වූ Scarlett Johansson. තාත්තාගේ දෑස් අන්ධ වීම නිසා කිසිදු ආදායම් මාර්ගයක් නැතිකම හේතුවෙන් ග්‍රීට්ට වමියර් කියන චිත්‍ර ශිල්පියාගේ ගෙදර වැඩට යන්න සිද්ධ වෙනවා.අහම්බෙන් වමියර්ගේ අත්උදව්කාරී වන ග්‍රීට් වමියර්ට නිර්මාණ කටයුතු කරන්න උදව් කරනවා. මෙහෙම සේවය කරද්දි එක් එක් අයගේ තාඩන පීඩන වලට හසුවන ග්‍රිට් අවසානයේ මුතු කරාබුව පැලඳි යුවතිය වෙන්නෙ කොහොමද කියලා බලන්නනම් චිත්‍රපටය නරඹන්නම වෙනවා.
Scarlett Johanssonට අමතරව මෙම චිත්‍රපටය සඳහා Collin Firth, Tom Wilkinson බැට්මෑන් සීරීස් එකේ Scarecrow විදියටත් In the Heart of the Sea චිත්‍රපටයේ Matthew වැනි චරිත වලින් ජනප්‍රිය උන Cillian Murphy වැනි අයත් රංගනයෙන් දායක වෙනවා. 2003 වසරේ දෙසැම්බර් 12 දින මුලින්ම තිරගත උන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Peter Webber විසින්. ඇමරිකානු ඩොලර් මිලියන 31.4 උපයාගෙන තිබෙන මේ චිත්‍රපටයට IMDB අගය 6.9/10 ලබාගෙන තියෙනවා. ඇකඩමි සම්මාන සහ සම්මාන රැසකට නිර්දේශ උනු මෙම චිත්‍රපයේ රංගනය වෙනුවෙන් Scarlett Johansson Golden Globe සම්මානය සහ හොඳම නිලිය සඳහා වන Bafta සම්මානය ලබා ගැනීමට සමත් වෙනවා.
එහෙනම් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා චිත්‍රපටය නරඹන්න කියලා.මගේ පළමු උපසිරැසිය නිසා අඩු පාඩු බොහොමයක් ඇති. ඒ පිළිබඳ සමාව ඉල්ලන ගමන් අඩුපාඩු පෙන්නලා දෙන ලෙසත් ඉල්ලීමක් කරනවා. උපසිරැසිය කිරීමට අවසර ලබාදුන් සිසිල ප්‍රසාද් සහෝදරයා ඇතුලු සියලුම ඇඩ්මින් වරුන්ට ස්තුතිය පලකරනගමන් තවත් උපසිරැසියකින් හමුවන තෙක් දැනට සමුගන්නම්.හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Shanaka-Amila–e1528391309656.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රජිත සුරජංන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රජිත සුරජංන
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
35 comments
Hiran Eranda
Rajitha Suranjana
jagath55
Thanks
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Rajitha Suranjana
Thanks Bro
විමා
පළමු වැඩේට සුභපැතුම් සහෝ
දිගටම කරගෙන යමු මේ වගේ හොඳ නිර්මාණ වලට
ජයRajitha Suranjana
ස්තූතියි සහෝ!
Krishan NiShalya
බොහොම ස්තූති...
මේවගේ හොඳ කතාවලට දිගටම උපසිරැසි ලබාදෙන්න...
ඔබට ජය...
Rajitha Suranjana
බොහොම ස්තුතියි!
ranga11112
Suba pathum saho....sub aka gaththa...thank you
Rajitha Suranjana
Thank You!
ranga11112
පළමු වැඩේට සුභපැතුම් සහෝ
දිගටම උපසිරැසි ලබාදෙන්නබොහොම ස්තූති…
Rajitha Suranjana
බොහොම ස්තුතියි!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rajitha Suranjana
බොහොම ස්තූතියි! බුදු සරණයි!
Bandara 1976
Old is Gold. Thanks Bro..
Rajitha Suranjana
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි.පළමු උපසිරැසියට සුභපැතුම්
Rajitha Suranjana
ස්තූතියි!
Kanchaka
Thanks bro
Rajitha Suranjana
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha Suranjana
බොහොම ස්තූතියි!
iresha
thank you ...........
Rajitha Suranjana
:)
malith
Ela ela
Rajitha Suranjana
ela
Buddi
Thanks..........
hegoda
ඔබ ඉතා විශිෂ්ට සේවයක් කර ඇත. මේ චිතුපටයට ඔබගේ උප සිරැසිය වටිනා සාධාරණයක් කර ඇත. බස හැසිරවීම ඉතා ම ඉහලයි. ඒ නිසා කතාවේ රසයට බාධාවක් සිදුව නැති බවයි මගේ විශ්වාසය. ඉතින් දිගටම මේ කාර්යයේ යෙදෙන්නට ඔබට ධෛර්යය ලැබේවායි පතමි. ස්තුතියි.
Rajitha Suranjana
බොහොම ස්තූතියි! ඔබගේ අදහස ඉතා අගය කොට සලකනවා. :)
AsithaDilruwan
Ela saho thanks
Rajitha Suranjana
Ela
Waruna Kamalawansha
පොත නම් බලලා තියනවා. බලමු බයිස්කෝප් එකත්. බොහෝම ස්තූතියි උපසිරැසියට
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Asitha Jayasinghe
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා සහෝ!!!!! දිගටම මේ වගේ හොද චිත්‍රපට වලට සබ් දෙමු. ජයවේවා!!!!!!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

බොහොම ස්තුතියි උපසිරසියට. අඩවියට සාදරයෙන් පිලිගන්නවා.දිගටම වැඩේ කරගෙන යමු.