මම රොෂාන් ශමීර.. පළමුවෙන්ම කියන්න ඕනේ මේ මගේ පළමු සිංහල උපසිරැසියයි. බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට මාව පිළිගත්තාට බොහෝම ස්තුතියි. විශේෂයෙන් ශාන් විමුක්ති සහෝදරයාට. මම මේ වෙබ් අඩවියෙන් සිංහල සබ් අරගත්තාට අවසානෙට මා සෙවූ මෙම චිත්‍රපටයට සබ් නැති නිසා විනෝදෙට වගේ මම සබ් හැදුවා. පස්සේ මේ සබ් එක ඔක්කොම අයත…

මම රොෂාන් ශමීර.. පළමුවෙන්ම කියන්න ඕනේ මේ මගේ පළමු සිංහල උපසිරැසියයි. බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට මාව පිළිගත්තාට බොහෝම ස්තුතියි. විශේෂයෙන් ශාන් විමුක්ති සහෝදරයාට. මම මේ වෙබ් අඩවියෙන් සිංහල සබ් අරගත්තාට අවසානෙට මා සෙවූ මෙම චිත්‍රපටයට සබ් නැති නිසා විනෝදෙට වගේ මම සබ් හැදුවා. පස්සේ මේ සබ් එක ඔක්කොම අයත් එක්ක බෙදා ගන්නයි මම විමුක්ති සහෝදරයාගෙන් අහලා එව්වේ.
පළමු උපසිරැසිය වුනත් මට හැකි උපරිමයෙන් මම මේක නිමකලා කියලයි මට නම් හිතෙන්නේ. අඩුපාඩු තියනවානම් පෙන්නල දෙන්න. බොහොම ගෞරවයෙන් පිලිගන්නවා. (විමුක්ති සහෝදරයා මගෙන් චිත්‍රපටයට ලිපියක් ඕනේ කියලා ඉල්ලුවට මට ලිපි ලියලා නම් පුරුද්දක් නැහැ. ඒ නිසා ලිපිය ගැන සමාවෙන්න හොදේ)
මෙම චිත්‍රපටය 1979 තිරගතවූ චිත්‍රපටයක්. Guns of Navarone, Lawrence of Arabia, Lion of the Desert වැනි අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට වල රගපෑ Anthony Quinn මෙහි ප්‍රධන චරිතය රගදක්වයි.
ප්‍රංශයේ නාසි ආක්‍රමණය අතරතුර ප්‍රංශ විරෝධතා නායකයින් පිරිසක් ජර්මනියේ සැගවී සිටින මහාචාර්ය වරයෙක් හොර රහසේ පටුවහල් කරගැනීමට වරින් වර උත්සහ කර අසාර්ථක වූ පසු ඔවුන් විසින් ඒ සදහා එඩේරෙකුගේ සහය පතයි. ඔවුන්ගේ ගමන් මාර්ගය වනුයේ හිම වලින් වැසුනු පියුරීන්ස් කදු වැටියයි. කෙසේ වෙතත් මේ වන විටත් නාසීන් විසින් මෙම මහාචාර්ය වරයා දඩයම් කිරීමට දක්ෂ SS හමුදා නිලධාරියකු වන කපිතාන් බර්කිව් මේ සදහා යොදවා ඇත. මම මීට වඩා වැඩියමක් කියන්න යන්නේ නැහැ. චිත්‍රපටයේ අවසානය ඔබම රසවිදින්න. මහාචාර්ය බර්ග්සන් ගේ චරිතය James Mason විසිනුත් කපිතාන් බර්කිව් ගේ චරිතය Malcolm McDowell විසිනුත් රග දක්වන අතර බසික්ස් එඩේරාගේ චරිතය සදහා Anthony Quinn එක්වේ.
ඔබ සැමට සුභ දවසක්.. ස්තුතියි..

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
1,304 downloadsDownload The.Passage.1979.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
9 comments
හසිත මධුෂාන්
SAjith Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා...!!Tharaka
palamu sub ekata suba petum.............. jaya..........!
Hashan M. Priyadarshana
Palaweni sub ekata suba pathanawa bro digatama karan yan...
Jaya wewa!usvip
thanx
Suranjan
Thanks machan.....jayawewa.....!
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Sudesh deiyagala
Well done bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!
ෆිල්ම් එක බලලම කියන්නම් කොහොමද කියලා....
පුලුවන්නම් මේ වගේ පරන උනත් සබ් කරන්න මග ඇරුන හොද ෆිල්ම් වලටම සබ් කරන්න.....