ආ… ඉතින් ඔන්න බයිස්කෝප් රසික රසිකාවියන්( රසිකාවියන් කිවුවට මේකට වැඩියෙන්ම එන්නෙ රසිකයෝ විතරයි මං හිතන්නෙ) වෙනුවෙන් මම තවත් සිනමාපටයක් අරගෙන ආවා. මම දන්නවා බොහෝ දුරට මේ ෆිල්ම් එකට ඕන නම් කමෙන්ට් 16ක් වගේ වැටෙයි. මොකද මේ වගේ සිනමාපට මිනිස්සු නරඹනවා අඩුයි. බොහොමත්ම සීමිත පිරිසක් තමා ඉතින් මේ වගේ සිනමා…
ආ… ඉතින් ඔන්න බයිස්කෝප් රසික රසිකාවියන්( රසිකාවියන් කිවුවට මේකට වැඩියෙන්ම එන්නෙ රසිකයෝ විතරයි මං හිතන්නෙ) වෙනුවෙන් මම තවත් සිනමාපටයක් අරගෙන ආවා. මම දන්නවා බොහෝ දුරට මේ ෆිල්ම් එකට ඕන නම් කමෙන්ට් 16ක් වගේ වැටෙයි. මොකද මේ වගේ සිනමාපට මිනිස්සු නරඹනවා අඩුයි. බොහොමත්ම සීමිත පිරිසක් තමා ඉතින් මේ වගේ සිනමාපටයක් වෙනුවෙන් වෙලාව වෙන් කරන්නෙ. ඒත් කමක් නෑ ඉතින් මම ස්ටීව් ජොබ්ස්ගෙ ප්‍රබලම රසිකයෙක් නොවුනට ඔහු තම දායකත්වය සපයපු අංශය ගැන තියෙන ආසාව නිසා මේ සිනමාපටයට සබ් එක කරන්න බයිස්කෝප් ඇඩ්මින්ලගෙන් වෙන් කරගත්තා. ඉතින් මට මේක වෙන් කරගන්න සහය වෙච්ච විමාටයි අපේ සමීර අයියටයි හුඟක් ස්තූතිවන්ත වෙනවා. සිනමාපටය නමින් Steve Jobs.ස්ටීව් ජොබ්ස් කියන්නෙ කවුද කියන එක මම කට්ටියට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මොහු තමයි ඇපල් සමාගමේ නිර්මාපක, ප්‍රධාන විධායක නිලධාරී වගේම NeXT සමාගමේ නිර්මාපකයා වෙන්නෙ. මොහු උපත ලබන්නෙ 1955 වසරේ පෙබරවාරි 24 දින කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල. මොහුගෙ සම්පූර්ණ නම තමයි ස්ටීවන් පෝල් ජොබ්ස්. මොහු අතින් ඇපල් සමාගම ගොඩනැගෙන්නෙ වර්ෂ 1976 දි. ඒ එයාගෙ කුඩාකල සිටම යාළුවා වෙන ස්ටීවන් වොස්නියැක් විසින් නිපදවපු Apple 1 පරිඝනකය විකිණීම සඳහා. පස්සෙ කොහොම හරි මොහුව 1985 වර්ෂයේදී තමන්ගෙම සමාගමෙන් අස් කරනවා. ඉතින් ඊට පස්සෙ තමා මොහු NeXT සමාගම පිහිටුවාගන්නේ. පස්සෙ 1997 වසරෙදි ඇපල් සමාගම මේ NeXT සමාගම මිලදී ගන්නවා. එතනින් ආයෙමත් ස්ටීව්ට ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා වීමේ අවස්ථාව උදා වෙනවා. ඒ වගේම මොහු තමා දැන් අපි බලන හුඟක් සජීවීකරණ සිනමාපට නිපදවන සමාගමක් වෙන පික්සර් සමාගමත්(Pixar Animation Studios) පටන් ගන්නෙ. ඒ අනුව පික්සර් සමාගම විසින් මුල්ම වරට නිපදවුණු පරිඝනක සජීවීකරණ සිනමාපටය වන Toy Story සිනමාපටය නිපදවීමටත් ස්ටීව් ජොබ්ස් ප්‍රධාන දායකත්වයක් දැක්වුවා කිවුවොත් නිවැරදියි. 1984 වසරේදී මොහු අතින් චිත්‍රමය අතුරු මුහුණතක් ( graphical user interface) සහ මවුස් එකක් සහිත ප්‍රථම පුද්ගලික පරිඝනකය වෙන මැකින්ටොෂ්(Macintosh) පරිඝනකය නිපද වෙනවා. මේ සිනමාපටයේ මුල් කොටසෙදි මේ සම්බන්ධව ස්ටීව්ට එන බාධක,අභියෝග සහ ඔහු ඒවට මුහුණ දෙන්නෙ කොහොමද කියන ගැන බලාගන්න පුළුවන් ඔයාලට. ඉතින් කොහොම හරි 2003 වසරේ ඔක්තෝබර් මාසෙ වෙනකොට ස්ටීව් ජොබ්ස් අග්නාශයික පිළිකාවකින් පෙලෙන බව වෛද්‍යවරු විසින් හොයාගන්නවා. අන්තිමේදී 2011 ඔක්තෝබර් 3 වෙනිදා සවස 3 ට පමණ මොහු අප අතරින් සමුගන්නවා. මොහු මියගිය පසු මොහුගෙ නිල චරිතාපදාන කර්තෘ වන වෝල්ටර් අයිසැක්සන් මොහුව විස්තර කළේ කර්මාන්ත හයක් විප්ලවීකරණය කළ වයවසායකයෙකු විදිහටයි. පුද්ගලික පරිඝනක, සජීවීකරණ සිනමාපට, සංගීතය, දුරකථන, ටැබ්ලට් පරිගණක සහ ඩිජිටල් ප්‍රකාශන ඒ කර්මාන්ත හයයි. ඉතින් එහෙම පුද්ගලයෙක් වෙන ස්ටීව් ජොබ්ස් ගැන සැදුණු මේ සිනමාපටය පැත්තට හැරෙමුකො.
IMDb අගය 7.7ක්. මේ සිනමාපටය සම්මාන ප්‍රධාන උත්සව රාශියකටම යෝජනාවීමටත්, සම්මාන හොඳම නළුවා, හොඳම සහය නිලියට හිමි සම්මාන වැනි සම්මාන කීපයක්ම දිනාගැනීමට සමත් වුණා. සිනමාපටයේ ප්‍රධාන චරිතය වෙන ස්ටීව් ජොබ්ස් විදිහට තම රංගන දායකත්වය සපයන්නෙ X-Men: First Class, A Dangerous Method, Prometheus, X-Men: Days of Future Past සහ Macbeth යන සිනමාපට වල අපිට හම්බෙච්ච Michael Fassbender.n ඇපල් සහ NeXT සමාගමේ අලෙවිකරණ විධායකවරිය සහ ස්ටීව්ගේ හිතවතා විදිහට ඉන්න ජොආනා හොෆ්මන් විදිහට රංගන දායකත්වය ලබා දෙන්නෙ අපි Titanic, Labor Day, Divergent, Insurgent වැනි සිනමාපටවලින් අපි අඳුනන Kate Winslet. ස්ටීව් එක්කම එකතුවෙලා ඇපල් සමාගම පිහිටවපු සහ Apple 2 පරිගණකයේ නිර්මාතෘ වෙන ස්ටීව් වොස්නියැක් විදිහට රංගන දායකත්වය ලබාදෙන්නේ Seth Rogen විසිනුයි. ඉන් පසු 1983 සිට 1993 දක්වා ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විදිහට කටයුතු කළ ජෝන් ස්කලී විදිහට Jeff Daniels ද, ජොබ්ස්ගෙ කලින් පෙම්වතිය සහ ජොබ්ස්ගේ දුව වෙන ලීසාගෙ අම්ම වෙන ක්‍රිසන් බෙනන් විදිහට Katherine Waterston ද, මුල් Mac කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන ඇන්ඩි හර්ට්ස්ෆෙල් විදිහට Michael Stuhlbarg ද මෙම සිනමාපටයට තම රංගන දායකත්වය ලබා දෙනවා. ඉතින් මම කතාව කියන්න යන්නෙ නෑ. මොකද සිනමාපටය දුවන්නෙ අදියර තුනකට. ඒ අදියර තුනේදිම ස්ටීව්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න, ඔහු ලබාගන්නා ජයග්‍රහණ, ඒ හැම දෙයක්ම
ඔයාලට සිනමාපට නැරඹීමේදී දැකගන්න පුළුවන්. එහෙනම් තවත් සිනමාපටයකින් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
චාමිකර විදානගේ (චාමි) – : “මේක පරිවර්තනය කරලා ඉවර කරන්න සමන් සහෝට උදව් වෙන්න ලැබිච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. අපි කවදාවත් මුණ ගැහිලා නැති උනත් Steve Jobs ෆිල්ම් එක වෙනුවෙන් එකට වැඩ කලා. ඒකට තමා කියන්නේ Team work එක කියලා. ඔයාල වෙනුවෙන් අපි ඉස්සරහටත් මහන්සිවෙලා වැඩ කරනව.” 🙂
” Being the richest man in the cemetery doesn’t matter to me.
Going to bed at night saying we’ve done something wonderful,
that’s what matters to me.”‘සුසානභූමියේ පෝසත්ම පුද්ගලයා වෙලා ඉන්න එක මට වැඩක් නෑ.
අපි පුදුම හිතෙන දෙයක් කළා කියාගෙන රෑට නිදාගන්න යන එකයි මට වැදගත් වෙන්නෙ”
“Design is not just what it looks like and feels like. Design is how it works”
“සැලසුම කියන්නෙ යමක් මොන විදිහටද පේන්නෙ, මොන විදිහටද දැනෙන්නෙ කියන එක විතරක් නෙවෙයි.
සැලසුම කියන්නෙ යමක් වැඩ කරන විදිහටයි.”“Sometimes when you innovate, you make mistakes. It is best to admit them quickly, and get on with
improving your other innovations.”“සමහර වෙලාවට අළුත් දෙයක් කරනකොට ඔයාගෙ අතින් වැරදි වෙනවා.
ඒ වැරදි ඉක්මණටම පිළිගෙන ඔයා කරන අනිත් අළුත් දේවල් වැඩි දියුණු කරගෙන
ඉස්සරහට වැඩේ කරගෙන යන එක හුඟක් හොඳයි.”
~ Steve Jobs ~
Due to copyright issues, we do not provide any torrent links.
Steve Jobs 2015 720p BRRip x264 AAC ETRG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
6,518 downloadsDownload Steve-Jobs-2015.zip182 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සහ“ සමන් ප්‍රසාද්” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
66 comments
හිරු පැංචා
Sajeevi
Thanks for sub.
Rasikaviyan wana apith mewa balanawarajitha
තෑන්ක් සහෝ සබ් එකට
චාමිකර විදානගේ (චාමි)
පරිවර්තනය කල මම ම පළවෙනි කමෙන්ට් එක දෙනවා. "මේක බැලුවම ඔයාලට තේරේවි අපි සාර්ථකයි කියලා හිතන් ඉන්න සමහර මිනිස්සු ජීවිතේ දින්නේ පුදුම කැප කිරීම් කරලා, අභියෝග වලට මුහුණ දීලා කියලා. සාර්ථක ගමනකට හැමෝටම මගේ ආශිර්වාදය." ජය වේවා.!
චාමිකර විදානගේ (චාමි)
අපොයි.. මම දීලා තියෙන්නේ 4 වෙනි කමෙන්ට් එක නේද? :P
මලින්ද
මම ඔය පුද්ගලයට කැමැති නැහැ ඔය එතුමාගේ පොත කියවද්දී සේවකයන්ට සලකපු හැටි කියවෙනවා සමහර වෙලාවට එය එලියට දානවා පොඩි සිදුවීම් වලට .මේක ලොකු කතාවක් මම මේක කිඌවෙ බලන කොණේ වෙනස් කරලා බලන්න මොකද great කියල බලන්නම එපා
ඩීන්
තෑන්ක්ස් සහෝ.
Amila gihan
my world hero mcn steave ,,, thnxx brother..
Yohan
Thnxx saho sub 1kt
Kulanjana Maduranga
niayamai…thanks CHAMIKARA & SAMAN sahola..sub ekata..digatama sub demu.jaya wewa……
Shanaka Chathuranga
තූන්ක්ස් මචං.........
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!kenan
meka enakan hitiye tnkxx bro
thisal
තැන්ක්ස් බන් බාලා තිබ්බෙ
sam
thanks, me wage film godak watinwa ape life ekata
විමා
උපසිරසට බොහොම තුති දෙන්නටම
ඇපල් නෙමේ මොක හැදුවත් මාත් පෞද්ගලිකව ස්ටීව් ජෝබ්ස්ට ආස නෑ රොබෝ කෙනෙක් වගේ හිතපු කෙනෙක් තමන්ගේ ලමයව පවා තමන්ගේ නෙමේ කියල කියපු කෙනෙක්, කොහම උනත් ෆිල්ම් එකනම් සුපිරි, අනිවා බලන්න වටිනා ෆිල්ම් එකක් ජයshavendra
එකයි සහෝ ..මොකවුනත් film එක හොදා
sub එකට ස්තුතියි සහෝ
asitha
එල මචං.
එලොවටත් නැති මෙලොවටත් නැති සමහර හින්දි, දෙමල ෆිල්ම් වලට වඩා මෙව්වා කොච්ච්ච්ර වටිනවද?
බොහොම පින් සහෝ!
දෙනකම් හිටියේ.සාෂා ස්වර්ණලතා
සැහෙන දවසක් ඉදන් sub download කලාට අද තමා comment 1ක් දාන්න හිතුනේ,
ඒ මන් ගොඩාක් දවස් ඉදන් මේ ෆිල්ම් එක දෙනකම් බලන් හිටියා,
ගොඩාක් ස්තුති..chandika
thanks sub eketa...
Saman Prasad
චාමිකර සහෝට මුළින්ම ස්තූතිවන්ත වෙනවා මේක සම්පූර්ණ කරන්න මට උදව් වුණාට...
ඇත්තටම මටත් සිනමාපටය නරඹන්න ගත්තට පස්සෙ තමා එතුමගෙ සමහර ගතිගුණ ගැන හරියටම අවබෝධයක් ආවෙ...
සමහර ගතිගුණ ගැන නම් කීයටවත් සතුටු වෙන්න බෑ. අර විමා කියන්න වගේ රොබෝ ගතිගුණ තියෙන මනුස්සයෙක්.
හැබැයි එතුමා ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දුන්න විදිහ එහෙමනම් අපේ ජීවිතයට ආදර්ශයට ගන්න වටිනවා.
තමන්ගෙම සමාගමෙන් එතුමාව පැන්නුවත් එතුමා ආයෙත් වෙන ක්‍රමේකට උඩට එනවා.
එහෙනම් ආයෙමත් වතාවක් චාමිකර සහෝට ස්තූතිවන්ත වෙනවා මේක කරන්න උදව් වුණාට...
ජය වේවා...!!!චාමිකර විදානගේ (චාමි)
සමන් සහෝ... මට ගොඩක් සතුටුයි ඔයත් එක්ක එකතු වෙලා මේකේ සබ් එක හදපු එක ගැන. මම හිතන්නේ අපි දෙන්න වෙන්න ඇති පළවෙනි වතාවට එකතු වෙලා ෆිල්ම් එකක සබ් එකක් දුන්නේ. ජය වේවා.!!!
Anuradha
Cheers bro... Great work, keep it up!
kelum
thanks
uditha
download karanna kalinma godak pin kiynwa mchn,, thnx meka dunnata
shiran
තැන්ක්ස් මචන්,,
මෙලො රහක් නැති සමහර ටැමීල් හිංදි ෆිල්ම් වලට වඩා හොදා ,,
තැන්ක්ස්
uditha
God job
Kasun
Superb... machan thanks....
Sanath Perera
thanks for sub bro...
නලින් පෙරේරා
බොහොම ස්තූතියි චාමිකර සහා සමන් සහෝලා දෙන්නටම සිංහල උපසිරැසිය ගෙනාවට. ජය වේවා෴
eshan malimbada
machn thanxx mewage film 1kata sub karata... sirawatama thanx
Udara Rashmika
Patta denakan balan hitiye thank you!!!
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Mithun Sriyantha
මෙච්චර ලිපියක් ලියල ඔච්චර කියපු හින්ද මමත් බාන්න දැන්ම ඔන්න අද.. life එකට යමක් ගන්න පුලුවන්ද කියල බලමුකො අහෙනම්..
@බලමුකො සහොල දෙන්නගෙ වැඩ කොහොමද කියල
උපසිරැසියට තුති ඔයාලට
දිගටම,දෙන්න ෆිල්ම් ..තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Ras
Thnk you so much....
kavinda
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
Samith
තැන්ක්ස් මචන්,,
එලොවටත් නැති මෙලොවටත් නැති සමහර හින්දි, දෙමල ෆිල්ම් වලට වඩා මෙව්වා කොච්ච්ච්ර වටිනවද?රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
සබට ස්තුතියි.
lahiru
meva tama neyama films...thanks.......
indika
බොහොම ස්තුතියි....
Sajja
Thank you very Much...
Viraj
මම හිතන්නේ කිසිම මිනිහෙක් ගොඩක් හොදත් නෑ නරක්ත් නෑ. ස්ට්ව් ජොබ්ස් ටත් ඒ කතාව පොදුය. ඒත් දෙයක් ලබා ගන්න කරන කැප කිරීම, වැරදි තීරණ අරගෙන ඒවා නිවරැදි කර ගැනිම, අරමුන වෙනුවෙන් කැපවීම මේ කතාවෙන් ඉගෙන ගන්න පුලුවන්.
Sub eka dunnata thank you.jaya wewa
sameera
nice job bro
sasiru
ගොඩක් ස්තුති මෙ ෆිල්ම් එකට උපසිරසිය දුන්නට!!!
Srimal Priyanga
ස්තුතියි සහෝ
Gihan
මේ වගේ උසස් නිර්මාණ වල sub දෙනවට ගොඩක් පිං
oditha
thankz bro
wiki
obata bohoma stuthiyi....
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
Kalana
බොහොම ස්තූතියි.ඔබට ජය !
නයනප්‍රිය
සුපිරි සහොදරයා බොහෝම ස්තුතියි
Shan Bro
patta sahooooooooooooo..............................thanxxxxxxxxxxxxxxx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පුලුවන්නම් Sirimanthudu කියන එක දියන්කෝ බන්.... Mahesh Babuගේ.... Thankx Sub එකට....