Watch Trailer

The Salesman (2016) AKA Forushande Sinhala Subtitles | සල්ලාලයාගේ මළගම…[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Days of Glory (2006) විජයග්‍රහණයේ නිරුවත………..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින්…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Days of Glory (2006) විජයග්‍රහණයේ නිරුවත………..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ බලන්න ලැබුන වෙනස්ම විදියේ ෆිල්ම් එකකටයි. මේ ෆිල්ම් එක 2017 අවුරුද්දේ ඔස්කාර් සම්මාන උලෙළේදී හොදම විදේශ භාෂා චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ වෙනත් රටවල් 89කින් ඉදිරිපත් කල සිනමා නිර්මාණ 85ක් පරාජයට පත් කරමිනුයි. ඒ වගේම ලොව පුරා සිනමා උලෙළවල් නියෝජනය කරමින් තවත් සම්මාන 8ක් සහ නිර්දේශ වීම් 17කට හිමිකම් කියන්නත් මේ ෆිල්ම් එක සමත් වෙනවා.IMDb දර්ශකයේ 7.9 ක් වගේම rotten tomatoes දර්ශකයේ 96%ක් ලබා ගන්නත් මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා. දැන් හිතා ගන්න පුලුවන්නෙ මේ කියන්න හදන්නෙ කොහොම සුපිරි ෆිල්ම් එකක් ගැනද කියලා. කෙටියෙන්ම කිව්වොත් මිනිත්තු 125ක් යනකල් උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන ජාතියෙ ෆිල්ම් එකක් තමයි මේක……..

මේ ෆිල්ම් එක Asghar Farhadi ගෙ තවත් සුපිරිම ෆිල්ම් එකක්. මීට කලින් මෙයා හදපු A Separation (2011) ෆිල්ම් එක 2012 අවුරුද්දෙ ඔස්කාර් සම්මාන උලෙළේදී හොදම විදේශ භාෂා චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තා. ඒ වගේම The Past (2013) ෆිල්ම් එක 2014 අවුරුද්දේ ඔස්කාර් සම්මාන උලෙළේදී හොදම විදේශ භාෂා චිත්‍රපටයට නිර්දේශ උනා. ඊට පස්සෙ ආයෙත් පාරක් 2017 දීත්….. හිතාගන්න පුලුවන් නේද ලෝකෙ වටේම ෆිල්ම් හදන දාස් ගානක් අධ්‍යක්ෂවරු අතරේ මෙයා කොහෙම කෙනෙක්ද කියන එක ගැන……

මේකේ කතාව ටිකක් කෙටියෙන් කිව්වෙත් එහෙම…. රානා සහ එමාඩ් කියන්නෙ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න වේදිකා නාට්‍ය ශිල්පියො දෙන්නෙක්. මේ දෙන්නා පදිංචියට යන්න අලුත් ගෙදරක් සෑහෙන කාලෙක ඉදලා හෙව්වත් හොද ගෙයක් හම්බවෙන්නෙ නෑ. අන්තිමේදි මේ දෙන්නගෙ උදව්වට එන්නෙ මේ දෙන්නා රගපාන නාට්‍යයේ අධ්‍යක්ෂකතුමා බබාක්. බබාක් බොහොම කැමැත්තෙන් එයාගෙ ගෙයක් මේ දෙන්නට කුලියට දෙනවා. හැබැයි බබාක් ඒ ගෙදර කලින් නතර වෙලා හිටපු ගෑනු කෙනා ගැන රහසක් මේ දෙන්නට නොකියා හංගනවා. කොහොම උනත් අන්තිමේදි ඒ ගෙදර පදිංචියට ගියාට පස්සෙ තමයි රානයි එමාඩුයි දැන ගන්නෙ ඒ ගෙදර වහල දාපු කාමරයක් වගේම කලින් ගෙදර නතර වෙලා හිටපු ගෑනු කෙනාට අයිති බඩු මුට්ටුත් තවම එහෙම්මම තියෙනවා කියලා. එක දවසක් රානා තනියම ගෙදර හිටපු දවසක ගෙදර දොරේ බෙල් එක වදිනවා. ඇවිල්ල තියෙන්නෙ එමාඩ් කියලා හිතපු රානා ගෙදර දොර අරිනවා……

පස්සෙ ගෙදර එන එමාඩ්ට දැක ගන්න ලැබෙන්නේ ගෙදර නානකාමරේ පුරාම ලේ විසිරිලා තියෙන බවත් ගෙදර පඩිපෙල දිගේ කවුරු හරි දුවපු කෙනෙකුගේ ලේ තැවරුන අඩි සලකුණු කීපයකුත් විතරයි. පස්සෙ එමාඩ්ට හම්බ වෙනවා අපරාධකාරයට අමතක වෙලා දාල ගිහින් තිබුන වාහනේක යතුරු කැරැල්ලක්, මේස් ජෝඩුවක්, ෆෝන් එකක්, සල්ලි මිටියක්…. මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ මොකද මේක වචන වලින් විස්තර කරන්න බැරි තරම් සුපිරි කතාවක් නිසා. කතාවේ අවසානය හිතාගන්නත් බැරි විදියෙ එකක් වෙයි.

“ජීවිතේ සමහර කතා තියෙනවා
කියන්න තැනක් නැති
කෙනෙක් නැති
ඒ වගේම අහන්න කෙනෙකුත් නැති…..” මේකත් එහෙම කතාවක්…….

ලගදීම තවත් සුපිරිම ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය…….!

ප.ලි
මේ ෆිල්ම් එකේදි Asghar Farhadi අපිට නොතේරෙන්න ෆිල්ම් එකේ කතාව ඇතුලෙ තවත් කතාවක් හංගලා තියෙනවා. රානා එමාඩ් දෙන්නම රගපාන්නෙ “Arthur Miller” කියන ඇමරිකානු ජාතික රචකයගෙ “Death of a Salesman” කියන ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයේ විලී ලෝමන් සහ ලින්ඩා ලෝමන්ගෙ චරිත. මම ඒ දෙබස් අදුර ගන්න ලේසි වෙන්න වෙනම වර්ණයක් යෙදුවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

4,473 downloadsDownload The-Salesman-2016.zip64 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HasithaMadhushan-e1483740911458.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

4,473 downloadsDownload Subtitles64 KB

41 comments

  1. NmE-milinda

    Thanks broo

  2. hasitha86

    thanks...!

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. janitha11

    THANKS. GOOD LUCK

  5. thilina86

    wow this is a Great movie i was looking for wow. Thanks dude. Thank you so much. Thaaaaanks really. wow

  6. Soori

    අනිවා බලන්න හොය හොයා හිටපු එකක්.
    බාන්න දැම්මා. උපසිරැසියට බොහෝම ස්තුතියි හසිත සහෝ....
    තවත් මේ වගේ හොඳ නිර්මාණයකින් හමු වෙමු.
    ජය වේවා....!!!

  7. LSMhuska

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  8. Buddi

    Thanks...........

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. AsithaDilruwan

    elama saho thanks

  11. James DC

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...

  12. dhammika prasad

    තෑන්ක්ස් සහෝ සබට...

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. chulanharshana

    Ela

  15. malith

    Thank you

  16. ඩොක් අයියා

    ඔන්න “හසිත මධුෂාන්” මල්ලියෝ මගෙන් තැන්කු වේවා.
    බාගත්තා එහෙනම් උපරැසිය

  17. Charitha65

    උපසිරසියට ස්තුතියි .ජයවේවා

  18. Kaveeshanethmal

    Nice work Broo.. Keep it up.

  19. DILAN ANUSKA

    thanks

  20. chathura1985

    THANK MALLI ME FILM EKATA SUB DUNNATA MAMA AURUDDAK VITHARA MEKA ENAKAN BALAN HITIYA

  21. dimuthukanz

    Thanks bro

  22. Wicki

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. duel

    thanks bro

  24. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසිත සහෝ.
    ජයෙන් ජය.

  25. Gandhaka Indrajith

    Thanks for the subtitle

  26. Hemantha De Silva

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. Hasitha_Madhushan

    හොරෙන්ම සබ් එක බාගෙන නොයා එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න නතර උන හැම දෙනාටම බොහොමත්ම ස්තූතියි.

  28. kumaradasa

    sub ekata thanks bro

  29. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. Sesath7398

    Link eka denna film eke

    1. Hasitha_Madhushan

      මේ උපසිරැසියට ගැලපෙන හොද කොපියක් baiscopedownloads වෙබ් අඩවියෙන් හරි moviescounter වෙබ් අඩවියෙන් හරි බොහොම ලේසියෙන් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. TRD

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට....ජයෙන් ජය....!!!!

  33. akila13

    thanx bro

  34. Virajperera

    tnx bro

  35. mindika

    Thanks!!!

  36. sathyajith

    thanks for the sub

  37. Emi

    Thank you

  38. අරෝෂ

    ඇත්තටම ඔයාලගේ මේ සත් ක්‍රියාව බෙහෙවින්ම් අපි අගය කරනවා

  39. Akila Dilhara

    Thanks Brother...❤

  40. Siyumi Kumarasinghe

    ඔයා මේකට හුගක් මහන්සි වෙලා කියලා පේනවා....බොහෝම ස්තූති.