Watch Trailer

A Separation (2011) | වෙන්වීම [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රධාන වශයෙන් අපේ අවධානයට ලක් වන්නේ ඉංග්‍රීසි, හින්දි, දමිළ චිත්‍රපටයි. එහෙත් මෑතක ඉඳන් තෙළිඟු, කොරියානු, තායි, ඉන්දුනීසියානු වගේ වෙනත් භාෂා කෘතීන්ද ලංකාවේ ජනප්‍රිය වුණා. එයින් ඇතැම් නිර්මාණ සිංහල සිනමා ලෝලියා අතරට ගෙන යෑමේ ලා බයිස්කෝප් අඩවිය සුවිසල් කාර්යභාරයක් ඉටු කළ බව කවුරුත් දන්නවා. ඉරානය යනු…

A Separation (2011)ප්‍රධාන වශයෙන් අපේ අවධානයට ලක් වන්නේ ඉංග්‍රීසි, හින්දි, දමිළ චිත්‍රපටයි. එහෙත් මෑතක ඉඳන් තෙළිඟු, කොරියානු, තායි, ඉන්දුනීසියානු වගේ වෙනත් භාෂා කෘතීන්ද ලංකාවේ ජනප්‍රිය වුණා. එයින් ඇතැම් නිර්මාණ සිංහල සිනමා ලෝලියා අතරට ගෙන යෑමේ ලා බයිස්කෝප් අඩවිය සුවිසල් කාර්යභාරයක් ඉටු කළ බව කවුරුත් දන්නවා.

ඉරානය යනු දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන රාජ්‍යකි. අතීතයේ ලොව පුරා ව්‍යාප්ත වුණ ආර්යන්ගේ නිජභූමිය ඉරානය ආශ්‍රිත එකළ පර්සියාව ලෙස හැඳුන්වූ ප්‍රදේශයයි. සෙසු මුස්ලිම් රාජ්‍යන්ගෙන් වෙනස් වූ සෞන්දර්යාත්මක සංස්කෘතියක් ඇති ඉරානය අදද ඉහළ බුද්ධිමතුන් පිරිසක් ජීවත් වන රටකි. කුමේනි පාලනය අයටතේදී විටක අධ්‍යක්ෂකවරු සිරගත කිරීම්, ඇතැම් විට චිත්‍රපට අධ්‍යක්ෂණය වාරණය කිරීම් වගේ දැඩි ක්‍රියාමාර්ග හමුවේද ඉරාන සිනමාව පුළුල් ජාත්‍යන්තර අවධානයකට ගෙන ගිය සිනමා කෘතියකි මේ.

A separation යනු පර්සියානු භාෂාවෙන් නිපැයුණු IMDb Ratings 8.5 වැනි ඉහළ අගයක් ලබා ගෙන ඇති ඉරාන චිත්‍රපටයකි. Top 250 #106 | Won 1 Oscar හොඳම විදේශ චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානය, Golden Bear, Golden Globe සම්මාන අතුළුව විවිධ අන්තර්ජාතික සම්මාන 80 කට ආසන්න ප්‍රමාණයක් හිමි කරගත් මෙය 2011-2012 කාල වකවානුවේදි වැඩිපුරම ජාත්‍යන්තර අවධානයටපත් වුණ විදේශ භාෂා සිනමා කෘතියයි.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Asghar Farhadi කියන සිනමාවේදියා විසින්. Leila Hatami, Peyman Moaadi, Shahab ආදී ඉරාන සම්භාව්‍ය රංගනවේදීන් පිරිසක් දායක වෙන මෙම නිර්මානය මධ්‍යම පාන්තික උගත් ඉරාන පවුලක් මූලික කරගනිමින් නිර්මාණය කෙරී ඇත.

ගුරුවරියක් වන සිමින් හට විදේස් ගත වීමට අවශ්‍ය වෙයි. මේ තීරණයට ඇයගේ සැමියා වන නදර් අකමැති වන්නේ Alzheimer නම් මොළය සම්බන්ධ මානසික ආබාධයකින් පෙළෙන තම පියාව තනි කර විදෙස් ගත වීමට නොහැකි හේතුවෙන්. මොවුන්ගේ මතබේදය දික්කසාදය දක්වා දුර දිග ගොස් ඇති අවස්ථාවකින් චිත්‍රපටය ආරම්භ වෙන්නේ. සිමින් නිවස හැර යයි. මේ අතර තම පියාව හා ගෙදර කටයුතු කිරීමට සේවිකාවක් නදර් විසින් ගන්නවා.

දිනක් නදර් හා දුව නිවසට එනකොට දොර ලොක් කරලා තාත්තාව ඇඳේ ගැට ගහලා සේවිකාව පලා ගොස්ය. කොහොමවුණත් ඇය ආපසු ගෙදරට එනවා.සිදුවූ දෙය පිළිබද දැඩි කෝපයකින් සිටි නදර් ඇයට දැඩි දෝෂාරෝපනය කර නිවසින් එලවා දමනවා. ඒ අතර ඇයව දොරින් එළියට තල්ලු කිරීමේදි පඩි පෙලේ ලිස්සා ගොස් ඇයට ලැබෙන්න සිටිය දරුවා මිය යනවා.

මිනී මැරීමේ චෝදනාවට ශරියා නීතිය යටතේ නඩුව විභාග කෙරෙනවා. සිමින් හා නදර් නැවත් එක් වෙයිද නදර් ට මරණ දණ්ඩණය ලැබෙයිද කියලා දැන ගන්න ෆිල්ම් එක බලන්න වෙනවා. මව්පියන්ගේ වෙන්වීම දරුවන්ට බලපාන හැටි මෙන්ම නීතිය හා සමාජ ක්‍රමයේ අසාධාරනත්වය ආදිය කතා තේමාව තුළ ප්‍රශ්න කිරීමට අධ්‍යක්ශකවරයා සමත් වෙලා තියෙනවා.

A Separation (2011) on IMDb

 

 

710 MB (BR) කොපිය මෙතනින් බාගන්න 36e390cffc71d8a1b113523403d3928b05f0b29f 760 MB (BR) කොපිය මෙතනින් බාගන්න 55a3e3b26b2dfd2c59c50f801af2216e81734d73 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,728 downloadsDownload A-Separation-2011.zip103 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරුෂාන් ෆර්නෑන්ඩු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,728 downloadsDownload Subtitles103 KB

47 comments

  1. upali

    Maxxa saho supiri akak

  2. asiri

    Jaya wewa

  3. gihan

    Thnx kollo

  4. janaka wickramasinghe

    THANKS MALLI NIYAMI

  5. jeewantha

    Balanna one maru

  6. naleen

    Imdb top 250 akakne supiri

  7. zumo man

    Elazzzz tnxzzzzz

  8. vernie

    niyamai

  9. geeth

    Bohoma pin

  10. nipuna

    Jaya

  11. dilan

    Patta film akak meyka

  12. sumudu

    Balanna one tx

  13. pathum

    Top 250 akak ne aniwa balilak thma ahenam

  14. danu

    පට්ට සුපිරිම පහරක්

  15. උදාර

    ජයම වේවා මචං

  16. quick

    thanks

  17. kalinga

    පට්ට පතුරු ෆිල්ම් එකක් නේ සබ් එකට බොහොම තුති

  18. නලින්

    නියමයි හිරුෂාන් සහෝ.. මේවගේ ඇස නොගැටෙන සලරු අපිට ගෙනවට
    ස්තුතියි සහෝ.

    ජය වේවා!

  19. Sisira Hegoda

    Thanks boy

  20. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ..එල බාන්ඩයක් ගෙනත් තියෙන්නේ...
    250 න් එකක් නම් ඉතින් ආයේ මොන කතාද..
    ඒත් අර මූසල ෂරියා නීතිය ගැන සදහනක් තියෙන නිසා බලන්නත් එපා උනාද මන්දා...
    ඒත් බලනවා..
    බලලම බලමුකෝ...

  21. sampath

    tnxxx machan...

  22. “චූටී මල්ලි”

    මේක නම් හොද එකක් වගෙයි
    නැත්තන් 250ට එන්නෙ නෑනේ
    එල එල බලන්ඩ ඔනි
    සබට තුති
    ඔබට ජය.......

  23. සිසිත සමරතුංග(සිසියා)

    මේක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
    හරවත් නිර්මාණයක්,
    සබට තෑන්ක්ස්....

  24. chap

    mama meka kalin balala tiyenawa..niyama film ekak

  25. රොයිලි

    බොහොම ස්තූතියි හිරුෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. sha

    thanks alot for the subs, excellent job. the movie is real good.. good choice

  27. Udana Udayanga

    Thank you very much!

  28. Emi

    Thanks...

  29. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. waruna

    ela kiri...

  31. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  32. Asanka

    Supirima film ekak. Eth duka sub downloads 800 thawama... Thanks for ssubtitles..

  33. Asanka

    දිගටම මේ වගේ නිර්මාණ වලට උපසිරැසි දෙන්න. අති විශිෂ්ඨ චිත්‍රපටයක්...

  34. Manjula Kumara Gamage

    බොහොම ස්තූතියි..! :)

  35. sanjeewa

    thanks

  36. Tharindu Wanasinghe

    මාත් බැලුවා බොහොම ස්තුතියි උපසිරසියට.....!!!!

  37. අසිත

    elama saho thanks

  38. Supitha

    thanks saho

  39. Ricado Damien

    thank you හිරුෂාන් ෆර්නෑන්ඩු & baiscope team for the sub, it was a beautiful movie. if u can do more subs to these kind of movies, all the best to baiscope & god bless u all.............

  40. malith

    Ela ela

  41. Thanujaya Bandara

    සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්

  42. Anuruddha Udaya

    thx a lot bro...

  43. කවිනු වීරක්කොඩි

    Thnkq!

  44. nish47

    ස්තූතියි සහෝ

  45. Waruna Kamalawansha

    සිංහලෙන් ගෙනාවාට බොහෝම ස්තූතියි

  46. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  47. Manohari

    Thank you..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.