Watch Trailer

Child’s Play 3 (1991) with Sinhala Subtitles | හොල්මන් බෝනික්කා 3 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් හය වන උපසිරසියත් ගේනවා ඔයාලට. ඉතින් මේක මම කලින් දුන්න Child’s Play චිත්‍රපට මාලාවේම තුන් වැන්න. Fantasy, Horror, Thriller ගණයට අයිති වෙන IMDb අගය 4.9 ගත්ත ජනප්‍රිය චිත්‍රපටියක්. මේක බැලුවට පස්සේ ඔයාලට බයිස්කෝප් එකේ දැනට දීල තියන Bride of Chucky (1998), Seed of…

Child's Play 3 (1991)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් හය වන උපසිරසියත් ගේනවා ඔයාලට. ඉතින් මේක මම කලින් දුන්න Child’s Play චිත්‍රපට මාලාවේම තුන් වැන්න. Fantasy, Horror, Thriller ගණයට අයිති වෙන IMDb අගය 4.9 ගත්ත ජනප්‍රිය චිත්‍රපටියක්. මේක බැලුවට පස්සේ ඔයාලට බයිස්කෝප් එකේ දැනට දීල තියන Bride of Chucky (1998), Seed of Chucky (2004),  Curse of Chucky (2013) කියන ඒවා අනුපිළිවෙලින් බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ චිත්‍රපට එකතුවත් සම්පුර්ණයි.

මේකෙ කතාව පටන් ගන්නේ දෙවෙනි කොටසේ කතාව සිදුවෙලා අවුරුදු අටක් ගිය තැන ඉඳල. ඇන්ඩි දැන් තරුණ වයසේ. හමුදා පාසලක එයා ඉගෙන ගන්නේ. ඒ අතරෙන් චකි නිර්මාණය කරපු සෙල්ලම් බඩු කොම්පැනිය බෝනික්කෝ ආපහු හදන්න පටන් ගන්නවා. එයාට ඒකට ගන්නේ පරණ අමු ද්‍රව්‍ය. ඉතින් චකිගේ කොටසුත් එතන තියනවා. ඉතින් බෝනික්කා නිර්මාණය උනාම එයාගේ අර නපුරු ආත්මයට ආපහු ජිවය ලැබෙනවා. ඉතින් චකි ඇන්ඩි ගෙන් පලි ගන්න බලන ගමන් කල්පනා කරනවා වෙනත් එයා ගැන දන්නේ නැති ළමයෙක් ගෙ ශරීරයට රිංගන්න. ඉතින් මොනවද වෙන්නේ. ඇන්ඩි ඒකට ඉඩ දේවිද මේ පාර චකි පරද්දන්නේ කොහොමද කියල බලන්න ඔයාලට චිත්‍රපටිය බලන්න වෙනවා.

ඔයාලට පොඩි දෙයක් පැහැදිලි කරලා දෙන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා. මම දන්නවා ඔයාලට මේ දවස් වල වීඩියෝ පිටපත් හොයාගන්න ලොකු ගැටළුවක් තියනවා කියල. එත් එකට එච්චර කලබල වෙන්න දෙයක් නැ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට ලැබෙන උපසිරසි ෆයිල් එකේ නම ගුගල් කරන එක විතරයි. එහෙම නැත්නම් ඔයාලට නමින් නොකිව්වත් ඔයාල දන්න ප්‍රසිද්ද වෙබ් අඩවි කිහිපයක් තියනවා. ඒවාට ලොග් වෙලා චිත්‍රපටි හොයන්න තියන තැන නම ඇතුලත් කල ගමන් ඔයාලට ඒක දකින්න පුළුවන්. මම විශේෂයෙන් මේක කියන්නේ මට නොවුනත් මම දැක්කා ඔයාල අපේ උපසිරසි ලබාදීපු සමහර යාළුවන්ට දොස් කියානවා, චිත්‍රපටිය හොයා ගන්න බැ කියල. එත් ඔයාල විනාඩි දෙක තුනක් ගුගල් එකේ හොයල බැලුවනම් ඔයාලට ඒක ලේසියෙන් හොයා ගන්න පුළුවන්. මොකද මේ උපසිරසි කරන අපිත් චිත්‍රපට හොයා ගන්නේ එහෙමයි.

මම ඊළඟට දෙන්න හිතන් ඉන්නේ ආර්නෝල්ඩ් රඟපාන තවත් සුපිරි චිත්‍රපටියක්. ඉතින් ඒකෙන් හමුවෙන්න බලාපොරොත්තුව ඇතිව සමුගන්නම්.

 

බුදු සරණයි…!

 

 

Child's Play 3 (1991) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

563 downloadsDownload Childs.Play_.3.1991.Baiscopelk.com_.rar49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

563 downloadsDownload Subtitles49 KB

23 comments

  1. Kavindu Kanishka

    පරණ ඒවාට sub දාන එකේ අලුත් film වලට sub දාන්නකෝ

    1. Withanage Priyantha Dayakeerthi

      (ඔබලාට අලුත් ඒවාත් දෙන අතරතුර, පැරණි චිත්‍රපට ප්‍රිය කරනා අප වෙනුවෙන්ද ඉක්මනින් සබ් එකක් දාන්න ඉන්න එකම සොයුරාත් ඔය පැත්තට පමණක් නම්මා ගන්නට එපා යයි කාරුණිකව ඉල්ලා සිටින්නෙමි) මීට පෙර කොටස් දෙකම බැලුවා. මෙම උපසිරසියටත් ස්තුතිවන්ත වෙමි!

    2. mithun

      එක අනුමත කරනව මමත්. New මූවී වලට උපසිරැසි ගන්වන්න ඔන තරම් උපසිරැසි කරුවන් දැන් සයිඩ් එකෙ ඉන්න එහෙම එකෙ මෙ සහෝ කරන වැඩෙ අගයනව.. සුපිරි සෙට් එකක් දුන්නෙ , ස්තුතියි කරන්න ඔනෙ එකට

  2. Udara Damith B\K

    බො බොහොම ස්තූතියි
    හො
    ම

    ස්තූ
    ති
    යි

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  3. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ.ජය වේවා!

  4. praneeth madu

    tnx saho..keep going mcn

  5. Tharaka

    සබ් එකට බොහෝම ස්තූතියි.

  6. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ ඊලග කොටසෙන් හමු වෙමු

  7. Tharaka

    මම ඔබ උපසිරැසි ලබා දුන් Child's Play (1988) සහ Child's Play 2 (1990) බැලුවා. ඒ දෙකම පට්ටයි. මට වෙලාව යනවා දැනුනෙත් නෑ. ඒවා පැරණි වුනත් හරිම නිර්මාණශීලී ලස්සන චිත්‍රපට. එකම කාලයකට කොටු නොවී මම නම් පැරණි චිත්‍රපට හැමදාටමත් නරඹනවා. වර්තමානයේ බිහිවෙන හොඳ චිත්‍රපට වගේම 1920 ගණන් වල ලස්සන පරණ චිත්‍රපටිත් මම බලනවා. මට එතකොට සුන්ධර අතීතෙකට ගියා වගේ දැනෙනවා. අපි දැකපු නැති තව පරණ ලස්සන ෆිල්ම් කොච්චරවත් තියනවාද... ඉදිරියටත් මෙසේ පරණ ඒවාට සබ් ලබා දෙන්න කියා මම ඉල්ලනවා සහෝ. ජය පතමි. බුදු සරණයි!

  8. Jack

    සබ් එකට ස්තූතියි.

  9. shamal

    godak hodai..

  10. mithun

    කාටවත් නොදැනිව සයිඩ් එකෙ වෙනසක් කරන එකම කොල්ල.
    ස්තුතියි සහෝ මෙ කරන වැඩෙට නම්.

  11. බොබී

    ෆිල්ම් එකතු සම්පූර්ණ කරන එක නම් ලොකු දෙයක්. අපි සමහර සීරීස් ගන්න හදනකොට මුල ඒවාට සිංහල සබ් නෑ. කවුරු වුනත් පිළිවෙලකට වැඩ කරන්න දන්න සහෝදරයෙක්. ඔහොම දිගටම වැඩ කරගෙන යමු. අනාගතයට සුභ පැතුම්!

  12. nadun

    පරණ වුනත් මේවා සුපිරි චිත්‍රපටනේ. අපි මේවා බලනවා. ඔන්න ඉතින් බෑවා! ගොඩාක් ස්තූතියි සබ් වලටනම්.......

  13. pramoda

    ඔබ වැනි උපසිරසි නිර්මාණ ශිල්පියෙක් මෙම වෙබ් එකට පැමිණ සිටීම ඉතාමත්ම අගය කරන්නට ඕන. ඔබගේ නිර්මාණ බොහොමයක් මා නැරඹුවා. ගොඩක් ස්තුතියි! ඒ වගේම ඔබගේ තෝරා ගැනීම් ඇත්තෙන්ම අනර්ඝයි.

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. අසින්ත

    Thanks මන් දැන් බලන්නෙ, පට්ට Film series එක :)

  16. helakumara

    asanka and bc lk thanks ///////////////////////////

  17. Saranga J. Liyanagama

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

  18. Thathsarani Nimsara

    Good job

  19. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  20. Anonymous

    THANKS

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.