Watch Trailer

Under Paris (2024) Sinhala Subtitles | පැරීසියේ මෝර භීෂණය [සිංහල උපසිරැසි]

Under Paris (2024) Sinhala Subtitles හැමෝටම සුබ දිනයක් වේවා! ඔයාලා මෝරුන් සම්බන්ධ චිත්‍රපට නරඹන්න කැමතිනම්, Jaws, The Meg, Deep Blue Sea, Meg 2: The Trench වගේ චිත්‍රපට ආසාවෙන් නැරඹුවනම් එහෙනම් මේ තමයි ඔයාලගේ වාසනාවන්ත දවස. මොකද මෝරුන් සම්බන්ධව නිර්මාණය උන නවතම චිත්‍රපටය තමයි මම අද ඔයාලට අරන් ආවේ.…

Under Paris (2024) Sinhala SubtitlesUnder Paris (2024) Sinhala Subtitles

හැමෝටම සුබ දිනයක් වේවා! ඔයාලා මෝරුන් සම්බන්ධ චිත්‍රපට නරඹන්න කැමතිනම්, Jaws, The Meg, Deep Blue Sea, Meg 2: The Trench වගේ චිත්‍රපට ආසාවෙන් නැරඹුවනම් එහෙනම් මේ තමයි ඔයාලගේ වාසනාවන්ත දවස. මොකද මෝරුන් සම්බන්ධව නිර්මාණය උන නවතම චිත්‍රපටය තමයි මම අද ඔයාලට අරන් ආවේ. මේ සලරුව නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් උනේ පසුගිය 6 වෙනිදා. ඒ වගේම මේක ප්‍රංශ චිත්‍රපටයක් කියලත් කියන්න ඕන. එහෙනම් චිත්‍රපටයේ අන්තර්ගතය පොඩ්ඩක් බලලා ඉමු නේද.

Under Paris (2024) Sinhala Subtitles

පැරීසිය… ලොව ජනාකීර්ණම නගරයන්ගෙන් එකක්, එමෙන්ම ලෝක උරුමයක් වන සුපතල අයිෆල් කුළුණ තිබෙන්නෙත් එහිම තමයි. ආදරවන්තයන්ගේ නගරය කියලත් පැරීසියට අන්වර්ථ නාමයක් තිබෙන්නේ එහි තියෙන ප්‍රේමණීය සුන්දරත්වය නිසාමයි. මේ පැරිස් නගරයේ අලංකාරයට එහි පිහිටා තිබෙන සේන් නදියත් බලපානවා. කිලෝ මීටර 777ක් පුරා දිවෙන මේ සුන්දර ගංගාවට හදිසියේම මෝරෙක් ආවොත් මොකක් වෙයිද? සාමාන්‍ය මෝරෙකුත් නෙමෙයි මිරිදියේ වාසය කරන්න පුළුවන් ඒ වගේම ඕනෑම පරිසර තත්වයකට හැඩගැසෙන්න පුළුවන් මෝරෙක් තමයි  පැරීසියේ සේන් නදියට හදිසියේම කඩා වදින්නේ. ඉතිං මේක වෙන්නේ කොහොමද? මෝරෙක් වගේ සමුද්‍ර ජීවීයෙක් මිරිදියේ වාසය කරන්නේ කොහොමද? පැරීස් වාසීන් මේකට කොහොම මුහුන දෙයිද කියන ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේ සලරුව නරඹන්නම වෙනවා.

Under Paris (2024) Sinhala Subtitles

Under Paris (2024) චිත්‍රපටය මේ වෙද්දි 5.6ක IMDb අගයක් සහ Rotten Tomatoesහි 67%ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Action / Horror යන කාණ්ඩයන්ට අයත් වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Xavier Gens කියන අධ්‍යක්ෂකවරයා. ප්‍රංශ ජාතික රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වෙන මේ සලරුවේ ප්‍රධාන චරිතය හොබවන්නේ Bérénice Bejo විසින්. ඇය A Knight’s Tale (2001) චිත්‍රපටයේ සහය චරිතයක් නිරූපනය කලා ඔබට මතක ඇති. එමෙන්ම ප්‍රංශ භාෂා චිත්‍රපටයක් වන The Artist (2011)හි රංගනය වෙනුවෙන් ඇය සම්මාන රැසකටත් නිර්දේශ වෙලා තියෙනවා. සෙසු චරිත වෙනුවෙන් Nassim Lyes, Anne Marivin, Léa Léviant සහ Anaïs Parello යන නළුනිළි කැල සම්බන්ධ වෙලා තිබෙනවා. මේ චිත්‍රපටය වෙන් කරගෙන තිබුනේ අපේ සොහාන් මල්ලි නමුත් එයාගේ කාර්‍යබහුලත්වය නිසා තමයි මට මේක උපසිරසි ගන්වන්න අවස්ථාව ලැබුනේ. ඒ නිසා සොහාන් මල්ලිටත්, රවිදු හේෂාන් සහෝටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. අනිත් කාරණාව තමයි දැන් දැන් ඔයාලගේ කොමෙන්ට් වැටෙන එක සෑහෙන අඩුවෙලා තියෙනවා කියලත් කියන්න ඕන. ඒ නිසා අලුත් ෆිල්ම් එකක් ආවත් උපසිරසි ගන්වන්න දෙතුන් පාරක් හිතන තත්වෙට ඇවිත් තියෙන්නේ. ඉතිං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ පුංචි හරි කොමෙන්ටුවක් දාගෙන කියලා විතරයි. මොකද ඒකෙන් තමයි මේ වැඩේට පොඩි කික් එකක් එන්නේ. එහෙනම් සුපුරුදු විදියට තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!

 

Under Paris (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,234 downloadsDownload Under-Paris-2024-Sinhala-Subtitles.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Under Paris (2024) Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

11,234 downloadsDownload Subtitles33 KB

33 comments

  1. Buddhika Lakmal

    ස්තූථියි යුරාන් ධනුක සහෝටයි චාමිකර විදානගේ සහෝටයි මේ මූවිඑකට සිංහල සබ් දුන්නට....

  2. Viraj Bandara

    ela ela brooo

  3. Kaveen

    thank you.

  4. kassaa

    Sub eka ganna behane...

  5. lakmal

    thank sho jayawewa digatama sub denna me film ake download link tama baiscopdownlod ake dala nane

  6. Malith samarawickrama

    Thanks saho sub ekata good luck.

  7. ANURA

    THANK YYOU

  8. Anonymous

    thank u bro

  9. Kavindu Nethmina

    Sub Ekata Thanks Bro

  10. lakmal

    thank you sho b.downlad akata link dala nane sho tama

  11. gayan

    bohoma isthuti sahodaraya

  12. Bimsara Yashan(ඔලිව)

    දැං කොමෙන්ට් වැටෙන්නැති එක ගැන නම් කියලා වැඩක් නෑ ඉතිං. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජයවේවා!

  13. Prageeth

    සුපිරිම බ්‍රෝ...keep up it

  14. Chaminda

    Thank you bro❣️❣️❣️❣️

  15. Kasun Weerasiri

    Niyamai.. Supiri ....

  16. sahan malinga

    thank you bro

  17. Anonymous

    Thank you Bro..

  18. sachithra

    thanks bro.. obata jaya....

  19. niro

    thanks boza

  20. Kamal

    supiri

  21. Dinidu

    Supiri thanks bro ✌️

  22. Dayan

    Helloo Admin team...

    Thank you very much for this... appriciated..

  23. Milan Pasidu

    Tnx boza

  24. uwiniran

    good job bro....

  25. Samantha

    Nice work bro

  26. baiscope over

    thanks bro pls keep it us....

  27. Anonymous

    thnx bro

  28. supun

    thanks bokka

  29. D

    Thanks for the subs

  30. Ferdiya

    jaya weva

  31. Ishan Madusha

    බොහෝම ස්තූතියි.

  32. Dhushan

    Bohoma sthuthi..!!!

  33. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤