The Watchers (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තරමක් විශේශ හොරර් ෆිල්ම් එකක්. විශේශත්වෙ තමයි මේක The Sixth Sense (1999), Unbreakable (2000), Split (2016) වැනි විශිෂ්ට හොරර් චිත්‍රපට ගනනාවක් අධ්‍යක්ෂණය කෙරූ M. Night Shyamalan මහතාගේ දියණිය වන Ishana Night Shyamalanගේ ප්‍රථම චිත්‍ර…
The Watchers (2024) Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තරමක් විශේශ හොරර් ෆිල්ම් එකක්. විශේශත්වෙ තමයි මේක The Sixth Sense (1999), Unbreakable (2000), Split (2016) වැනි විශිෂ්ට හොරර් චිත්‍රපට ගනනාවක් අධ්‍යක්ෂණය කෙරූ M. Night Shyamalan මහතාගේ දියණිය වන Ishana Night Shyamalanගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වීම. ෆිල්ම් එක ගැන කිව්වොත් මේක තරමක් සංකීර්ණ කතා තේමාවක් රැගත් වෙනස්ම විදිහේ ෆිල්ම් එකක්. ඒ බව ඔයාලටත් තේරෙයි මේකෙ නිකුත් වෙලා තියෙන ට්‍රේලර් දෙක බැලුවාම. හැබැයි ඉතිං ඔයාලත් දකින්න ඇති ෆිල්ම් එකට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් එච්චරම හොඳ නෑ කියලා.
The Watchers (2024) Sinhala Subtitlesඒකට මූලිකම හේතුව වෙලා තියෙන්නේ මේ ෆිල්ම් එකේ කතා තේමාවෙ තියෙන සංකීර්ණ බව වෙන්න ඕනෙ. මේක අධ්‍යක්ෂකතුමියගෙ කුළුදුල් අධ්‍යක්ෂණය නිසාම වෙන්නත් ඇති චිත්‍රපටයෙ සමහර තැන් වල නොවිසඳුණු කරුණු කීපයක් අපිට බලාගන්න හැකිවෙනවා. මං කියන්නෑ ඒවා චිත්‍රපටයට ලොකුවටම බලපාල තියෙයි කියලා හැබැයි චිත්‍රපටයෙ තාත්වික බව එමගින් ටිකක් අඩුවෙලා තියෙනවා. ඒ වගේම රංඟන ශිල්පීන්ගෙත් සමහර තැන්වල දුර්වල රඟපෑම් බලාගන්න හැකිවෙනවා. හැබැයි චිත්‍රපටය රසවිඳීමට ඒවාගෙන් කිසිම බාදාවක් නම් වෙන්නැ කියල කිව්වෑකි. මේ දේවල් නිසා තමයි චිත්‍රපටය අඩු රේටින් අරන් තියෙන්නේ. ඒ අනුව මේකට IMDb දර්ශකේ 5.7 අගයකුත් කුණු තක්කාලි 31% ලැබිල තියෙනවා. හැබැයි මං කිව්ව කරුණු ටික ඇරුණාම ඔයාලට සුපිරි කතා තේමවක් නම් මේකෙන් බලාගන්න පුළුවන් වගේම චිත්‍රපටයෙ අවසානයත් ඉතාමත්ම සාර්ථකයි කියලත් කියන්න පුළුවන්.
The Watchers (2024) Sinhala Subtitlesකතාව ගැන කිව්වොත්, මීනා කියන්නෙ පොඩි කාල සිද්ධ වුණ සිදුවීමක් නිසා ලොකු පීඩාවකින් ඉන්න තරුණියක්. ඇය වැඩ කරන්නේ සුරතල් සතුන් විකුණන ශොප් එකක. එහිදී ඇයට වැඩක් වැටෙනවා ගිරවෙක්ව බෙල්ෆාස්ට් පැත්තෙ තියෙන සත්තු වත්තකට ගෙනියන්න කියලා. බෙල්ෆාස්ට් යනව කියන්නේ දවසක ගමනක්. ඊටත් එදාට ඇයගෙ අම්මා නැතිවෙලා අවුරුදු 15 කුත් වෙනවා. මෙයා ඒකටත් අවුලෙන් ඉන්නේ. කොහොම හරි මීනා වැඩේ බාරගෙන ගමන පිටත් වෙනවා. මෙයාට යන්න තියෙන්නේ පිටිසර කැලෑබද පාරකින්. ඔහොම කැලෑව ඇතුලෙන් මගක් දුර ගියාම වාහනේ නවතිනවා. කරුවල වැටෙන්නත් ඔන්න මෙන්න.
The Watchers (2024) Sinhala Subtitlesඉතිං මීනා ගිරවත් අරන් පයින් උදව් හොයාගෙන වැඩි දුරක් යන්න මත්තෙන් කාර් එකත් අතුරුදහන් වෙනවා. මෙයා හොඳටම බයවෙලා දුවගෙන යද්දි අත්භූත ගෙදරයක් හමුවෙලා ඔවුන් මෙයාව ඇතුලට ගන්නවා. එතනදි තමයි මීනට වැඩේ තේරෙන්න ගන්නේ. ඒ කැලෑව ශාපලත් තැනක්, රෑට අත්භූත සත්වයො ටිකක් ඒ කැලෑවේ සැරිසරනවා, ඔවුන්ට එයාල කියන්නේ “නිරීක්ෂකයෝ” කියලා. මේ නිරීක්ෂකයො බලන් ඉන්නෙ මිනිස්සුන්ව බිලිගන්න. එයාල අර ගෙදර ඇතුලෙ ඉන්නකල් තමයි ආරක්ෂිත. මේ සත්තුන්ට ඉර එළියෙ ගමන් කරන්න බෑ, ඒ නිසා දවල්ට උන් පොළව යට හැංගිලා ඉන්නේ. ඉතිං කවුද මේ සත්තු? ඔවුන් කොහොමද ඇතිවුණේ? කොහොමද මේ වනාන්තරේට ආවේ? ඒක අවුරුදු බර ගානක් ඈතට දිවයන කතාවක්. මොකක්ද ඒ කතාව කියන එක වගේම, මීනා ඇතුළු මේ පිරිස ඉන්න ආරක්ෂිත ගෙදර ඇතිවුණේ කොහොමද කියන හැමදේකටම උත්තර ඔයාලට මේ චිත්‍රපරයෙන් හොයාගන්න පුළුවන්.
මේක සිනමාශාලාවල් වලට නිකුත් කෙරුණේ ලංකාවෙත් ඇතුලුව ජූනි 07 වෙනිදා. බෙදාහැරීම් කටයුතු කරේ Warner Bros. Pictures ආයතනය විසින්. මීට රංගනයෙන් දායක වෙනවා Dakota Fanning / Georgina Campbell / Olwen Fouéré / Oliver Finnegan වැනි අය.
The Watchers (2024) Sinhala Subtitlesඕක තමයි එහෙනම් ෆිල්ම් එක ගැන විස්තරේ. මං උඩ කිව්ව දේවල් තමා මේකෙ රේටින් අඩුවෙන්න හේතුවෙලා තියෙන්නෙ ඊට වඩා කිසිම අවුලක් නැතුව බලන්න පුළුවන් සුපිරි කතා තේමාවක් තියෙන හොරර් චිත්‍රපටයක් මේක. මොකද මේක ඇමරිකානු ඩොලර් මිලියල 30 වැනි ලොකු මුදලක් වැය කරලා හදපු චිත්‍රපටයක්, ඒ නිසා ෆිල්ම් එකේ ගුණාත්මකබාවෙ ගැන නම් කිසිම සැකයක් තියාගන්නෙපා ඒ අතින් වැඩේ සුපිරියටම තියෙනවා. එහෙනම් ඔච්චරයි කියවන්න යන්නේ අවසාන වශයෙන් මේකට උපසිරැසි කරන්න උදව් කරපු යුරාන් ධනුක සහෝට ස්තූති කරන ගමන් අපි සමුගන්නවා. ජයවේවා!
The Watchers (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB RIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,504 downloadsDownload The-Watchers-2024-Sinhala-Subtitles.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට සහ “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Watchers (2024) Sinhala Subtitles
Subtitles
- #Alistair Brammer
- #Anthony Morris
- #Bimsara Yashan (ඔලිව)
- #Christian Bailey-Rocks
- #Dakota Fanning
- #Eabha Connolly
- #Emily Dargan
- #Georgina Campbell
- #Hannah Dargan
- #Jim Tighe
- #Joel Figueroa
- #John Lynch
- #MaxxA
- #Morgan Bailey-Rocks
- #Oliver Finnegan
- #Olwen Fouéré
- #Shane O'Regan
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Siobhan Hewlett
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Thabile Michelle Hlongwane
- #The Watchers
- #The Watchers (2024)
- #The Watchers (2024) Sinhala Sub
- #The Watchers (2024) Sinhala Subtitles
- #You Decide
- #Zarima McDermott
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Kantha_DLA
Buddhika Lakmal
බොහෝම ස්තූතියි බිම්සර සහෝටයි ධනුක සහෝටයි මහන්සිවෙලා මේකට සිංහල සබ් දුන්නට......
ජයවේවා......Sahan Gayantha
thanks a lot Bimsara saho sub ekata..
Malith samarawickrama
Thanks saho sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ගොඩක්ම ස්තූතියි .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!