Higuita (2023) Sinhala Subtitles ආයුබෝවන්. 2023 Theatre release උනත් වසරකට වැඩි කාලයක් ප්‍රමාද වී මේ ජූනි 28 දින OTT release උන දැනට IMDB අගය 8.2 ක් ගත්තු political drama ඝනයට අයත් මේ සිනමා පටයේ තිබෙන්නෙ අම්වුට්සතුම ඒත් ලස්සන කතාවක්. මලයාලි රසිකයො මග හරින්නෙ නැතුව බලන්නම ඕනෙ කතාවක් හැටියට මම කියනවා…
Higuita (2023) Sinhala Subtitles
ආයුබෝවන්. 2023 Theatre release උනත් වසරකට වැඩි කාලයක් ප්‍රමාද වී මේ ජූනි 28 දින OTT release උන දැනට IMDB අගය 8.2 ක් ගත්තු political drama ඝනයට අයත් මේ සිනමා පටයේ තිබෙන්නෙ අම්වුට්සතුම ඒත් ලස්සන කතාවක්. මලයාලි රසිකයො මග හරින්නෙ නැතුව බලන්නම ඕනෙ කතාවක් හැටියට මම කියනවා.
Higuita (2023) Sinhala Subtitlesහිගුයිටා කියන නම අනූව දශකයේ ලෝකයේ ප්‍රසිද්ධ වෙන්නෙ ඉන්දියාවෙන් නම් නෙමෙයි කොලොම්බියාවෙන්. කොලොම්බියානු පාපන්දු කණ්ඩායමේ අනූව දශකයේ සිටි ප්‍රකට දැල රකින්නා වන ඔහු සුවිශේෂ ක්‍රීඩකයෙක්. දෙවුර දක්වා කොණ්ඩය වවා ගත් ඔහුටම ආවේණික ක්‍රීඩා රටාවක් තියෙන මොහු ඒ කාලයේ පාපන්දු ලෝලීන්ට නම් අමතක නෑ. ඔහුගේත් දුර්ලභ සුවිශේෂත්වය තමයි ඔහු සිය දැල රැකීමට පමනක් සීමා නොවී ප්‍රතිවාදී ගෝල සීමාව ආක්‍රමනය කරමින් ගෝල රැස් කිරීම Higuita: The Way Of The Scorpion (2023) කියන චිත්‍රපටය ඔහු ගැනයි. ඒත් ඒ කිසිවක් අපේ කතාවට අදාළ නෑ. ඒකෙ පාපන්දුවට සම්බන්ධ කිසි දෙයක් නෑ. හිගුයිටා ගැන නිකම් දැම්මෙ දැන ගන්න.
Higuita (2023) Sinhala Subtitlesමේකෙ ප්‍රධාන චරිතයක් වන මුකුන්දන් නම් වාමාංශික ප්‍රභල දේශපාලකයා තරුණ කාලයේ පාපන්දු ක්‍රීඩා කරන විට ඔහුට පට බැඳුනු නමක් තමයි හිගුයිටා.එහෙනම් ඔහුගේ චරිතය තේරුම් ගන්න පුළුවන් නේ?. කතාවේ අනිත් ප්‍රධාන චරිතය දාස් නම් තරුණයාගේ පියා සිවිල් පොලිස් සේවයේ සිටියදී මිය යනවා ඒ නිසා පොලිසියට බැඳීමට ඔහුට අවස්ථාවක් හිමි උනත් නියමිත කාලය තුලදී ඔහු එම රැකියාව භාර ගන්නේ නෑ. මදක් අලස අහිංසක චරිතයක් වන ඔහු තුල ඇති බිය එයට හේතුවක් වෙනවා නමුත් සිය මවගේ දැඩි බලපෑමත් පවුලේ අමාරු කම් නිසා ඔහුට අකමැත්තෙන් හෝ පොලිසියට බැඳෙන්නට සිදු වෙනවා.
Higuita (2023) Sinhala Subtitlesඒත් මේ පාර නිකම්ම ලැබුනු අවස්ථාව නිසා නෙමෙයි පාලක දේශපාලක පක්ෂයේ සහයෝගය ඇතිව. ඇත්තෙන්ම ඔවුන් මේ පත් කිරීමට ප්‍රති උපකාරයක් ලෙස ඔහුව දේශපාලන භීෂනයක් ඇති කන්නූර් වල මුලින් සඳහන් දේශපාලකයාගේ ආරක්ෂකයා ලෙස අනුයුක්ත කරනවා. නිරන්තරයෙන් මරණ තර්ජන ඇති මෙම නායකයාගේ ආරක්ෂකයා වීම මරු කටට යාමක්. ඒත් පක්ෂයට අනුව පාක්ෂිකයෙකුගේ ජීවිතයේ පාලනය තිබෙන්නේ පක්ෂය මතයි. එක් පසකින් දේශපාලනය සහ ඒ හා අත්වැල් බැඳුන පොලිසිය අතර හිර වෙන අහිංසක ඔහුට කටයුතු කරන්න වෙන්නේ ප්‍රභල සහ ප්‍රචණ්ඩ යැයි හංවඩු ගැසුණු දේශපාලන නායකයෙකු සමග. එම සම්බන්ධය කෙසේ වේද? පහු ගිය දවස් වල අපිට අපේ රටේ සිදු වීම් වලදිත් මේ ගැන හිතන්න සිදු උනා. එහෙනම් බලල ඉන්න.
Higuita (2023) Sinhala Subtitlesකාලෙකට පස්සෙ සුරාජ් වෙන්ජාරමුඩුගෙ රංගනයක් දකින්නෙ ධ්‍යාන් ශ්‍රීනිවාසන් සමග. අමතරව ඉන්ද්‍රන්ස්. විනීත් කුමාර් මනෝජ් ජයන් රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂණය හේමන්ත් නායර් ගෙන්.
ඉතිං මගේ සිය වෙනි උපසිරැසියට සුභ පැතුම් එක් කල සියළු දෙනාටම ස්තූතියි. ඔබ දෙන ධෛර්‍යය නිසා තමයි අපි තව මත් මෙහි රැඳී සිටින්නේ.
එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.
2,942 downloadsDownload Higuita-2023-Sinhala-Subtitles.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Higuita (2023) Sinhala Subtitles
Subtitles
- #2023
- #Abu Salim
- #Ajay Natraj
- #BANDULA K
- #Binu Pappu
- #Dhyan Sreenivasan
- #Hemanth G. Nair
- #Higuita
- #Higuita (2024)
- #Higuita (2024) Sinhala Sub
- #Higuita (2024) Sinhala Subtitles
- #Indrans
- #Jayaprakash Kuloor
- #Manoj K. Jayan
- #Navas Vallikkunnu
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Suraj Venjaramoodu
- #Vineeth Kumar
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Pradeep
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
ස්තූතියි බන්දුල සහෝ අඩුවක් නැතිව නන්ස්ටොප් මලයාලම් සබ් දෙනවට.............
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement

තැන්ක්ස් පලවෙනි ඩවුන්ලොඩ් එක මගෙන්... මලයලම් විතරයි බලන්න පුලුවන් ඒවට එන්නේ දැන්. වැඩි වැඩියෙන් මලයාලම් වලට සබ් කරන්න හෙතු වසනා පැදේවා...