Garudan (2024) Sinhala Subtitles කරුණා සහ ආදි කෝම්බෛ කියන ගමේ හොල්ලන්න බැරි අතු දෙකක්. මේ දෙන්නා හොඳම යාළුවෝ වගේම ශක්තිමත් බැඳීමක් දෙන්නා අතරෙ තිබුණා. මේ බැඳීම තවත් ශක්තිමත් කරන්න කළගුණ දත් බල්ලෙක් මෙයාලා දෙන්නත් එක්කම වාසය කළා. ඒ සොක්කන්. අනාථයෙක්ව හිටි සොක්කන් පුංචි කාලයෙදි කරුණා දුන් බත් පතකින්…

කරුණා සහ ආදි කෝම්බෛ කියන ගමේ හොල්ලන්න බැරි අතු දෙකක්. මේ දෙන්නා හොඳම යාළුවෝ වගේම ශක්තිමත් බැඳීමක් දෙන්නා අතරෙ තිබුණා. මේ බැඳීම තවත් ශක්තිමත් කරන්න කළගුණ දත් බල්ලෙක් මෙයාලා දෙන්නත් එක්කම වාසය කළා. ඒ සොක්කන්. අනාථයෙක්ව හිටි සොක්කන් පුංචි කාලයෙදි කරුණා දුන් බත් පතකින් ආරම්භ වුණ මේ ගැතිකම වැඩිමහල් වෙනතුරුත් නොවෙනස්ව තිබුණා. සොක්කන් කරුණාට විශ්වාසවන්ත සේවකයෙක් විදියට ජීවත් වුණා. මොවුන් තිදෙනා අතරට පිටතින් පැමිණි කීප දෙනෙක් බලපෑම් කරන්න ගන්නවා. වියෝවීම්, කරදර වලට මුහුණ දෙන්නට වෙනවා. මොහොතකදී සොක්කන්ට යුක්තියද, විශ්වාසවන්ත කමද කියන විකල්ප දෙකෙන් එකක් තෝරාගන්න සිදු වෙනවා.
Garudan (2024) Sinhala Subtitlesගරුඩන් කියනේ ගරුඬාට. නැත්නම් ගුරුලා, බ්‍රාහ්මණ උකුස්සා නමින් හඳුන්වනවා. ගරුඬා හින්දු දෙවි විශ්ණු දෙවියන්ගේ වාහනය ද වෙනවා. RS දුරෛ සෙන්දිල්කුමාර් විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ මෙය දමිළ සිනමා අධ්‍යක්ෂක වෙට්‍රිමාරන් විසින් රචනා කරන ලද කතාවක්. දුරෛ සෙන්දිල්කුමාර් Ethir Neechal (2013), Kaaki Sattai (2015), Kodi (2016) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. ඒ වගේම ඔහු Viduthalai Part 1 චිත්‍රපටය රචනයෙන් වෙට්‍රිමාරන් හට සහයෝගය ලබා දුන්නා.
සූරි ප්‍රධාන චරිත මවන මෙහි ඔහු සමඟින් උන්නි මුකුන්දන්, සසිකුමාර්, ශිවාදා, සමුත්‍රකනී, රෝෂිණී හරිප්‍රියන්, රේවතී ශර්මා, වඩිවුකරසි, ජෝර්ජ් මරියාම්, මයිම් ගෝපි, RV උදයකුමාර් යන නළු නිළියන් රඟපානවා.
ඇති ඇති කියවෙන තරමට විකට චරිත කළ සූරිගේ ජීවිතය Viduthalai Part 1 (2023) චිත්‍රපටයෙන් උඩුකුරු වෙනවා. ඒ වගේම ඔහුට විජේ සේදුපති, සසිකුමාර්, නිවින් පෝලි, උන්නි මුකුන්දන් වැනි දමිළ, මලයාලම් තරු සමඟින් කරට කර රඟපාන්නත් අවස්ථාවක් මින් උදා වුණා. විඩුදලෛ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සූරිට ආනන්ද විකටන් වසරේ හොඳම නළුවා සම්මානයද හිමි වුණා.
Garudan (2024) Sinhala Subtitlesබොහෝ හාස්‍යජනක නළුවන් ප්‍රධාන චරිත රංගනයට පැමිණියත් කර්මාණ්තයේ නමක් දිනාගෙන තව තවත් වැඩියෙන් ජනප්‍රියත්වයට පත් වෙමින් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂන්නය ඈඳා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කලෙක අත්‍යාවශ්‍යම හාස්‍ය නළුවන් වූ සන්තානම් ප්‍රධාන චරිත රංගනයට පැමිණියත් නැවතත් කොමඩි චිත්‍රපටවලට තම අවදානය යොමු කර තිබෙනවා. ඒ වගේම යෝගි බාබුගේ මෑත පැමිණි ප්‍රධාන චරිත රඟන චිත්‍රපටවල අසාර්ථක තත්වයක් පෙනෙන්න තිබෙනවා.
මෑත කාලයේ සිනමාවේ වැඩිපුර දකින්න නැති ප්‍රවීණ නිළි වඩිවුකරසි ද මීට සම්බන්ධ වීම ගරුඩන් කණ්ඩායම ලද භාග්‍යයක්. ඇය චිත්‍රපට 350කට අධික සංඛ්‍යාවක් හා ටෙලිනාට්‍ය 40ක පමණ රඟපා තිබෙනවා. චිත්‍රපටය ගැන තවත් බලාපොරොත්තු තියාගන්න හේතුවක් වුණේ මලයාලම් සිනමාවේ උන්නි මුකුන්දන් මේ සමඟ සම්බන්ධ වීම නිසායි. බොහෝ විට මේ උන්නි මුකුන්දන්ගේ පළමු දෙමළ චිත්‍රපටය විය හැකියි. තවද අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් වන සසිකුමාර් හා සමුත්‍රකනී මීට එකතු වීම චිත්‍රපටයේ අගය තවත් වැඩි කළා. සූරී, සසිකුමාර් සමඟින් Porali (2011), Sundarapandian (2012), Kennedy Club (2019), Udanpirappe (2021), Kombu Vatcha Singamda (2022) චිත්‍රපටවල රඟපෑවා. ඒ වගේම සූරි සමුත්‍රකනී සමඟ Paayum Puli (2015), Rajinimurugan (2016), Namma Veettu Pillai (2019), Don (2022) චිත්‍රපටවල ද රඟපෑවා.
Garudan (2024) Sinhala Subtitlesසූරි ප්‍රධාන නළුවෙකු ලෙස සිනමාවට පිවිසෙන්නේ ඉලෛයරාජාගේ සංගීතය සමඟයි. ඒ වගේම මෙවර ඉලෛයරාජා පුත් යුවන් ශංකර් රාජා මේ චිත්‍රපටයට සංගීතය සපයනවා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ චිත්‍රපටයේ BGM ඉතාමත් අද්විතීය ආකාරයෙන් නිර්මාණය කර තිබුණා. චිත්‍රපටයේ විරාමයට පෙර දර්ශනය සහ පෙර අවසන් ජවනිකා වල සූරිගේ රංගනයෙන් නිසැකවම ඇඟ කිළිපොලා යනවා. පසුබිමින් යුවන්ගේ පසුබිම් වාදනය එක්ක එය තවත් අනර්ඝ අයුරින් ඉස්මතු වෙලා දකින්න, විඳින්න ලැබුණා.
Garudan (2024) Sinhala Subtitlesඒ වගේම ගරුඩන් නම් කතාවක් වෙට්‍රිමාරන් විසින් තලපති විජයිව යොදාගෙන සිනමාවට නගන්න බලාපොරොත්තුවෙන් හිටියා. ඔහු විජයිට මේ කතාව බොහෝ කලකට කලින්ම කියා තිබුණා. විජයි රසිකයින් විසින් මේ චිත්‍රපටයේ ෆෑන්මේඩ් පෝස්ටර් පවා නිර්මාණය කර තිබෙනවා අදටත් අන්තජාලයෙන් සොයාගත හැකියි. මේ ඒ කතාවමද කියලා නිසැකවම කියන්න බැහැ.
Garudan (2024) Sinhala Subtitlesඉ.රු. කෝටි 20ක පමණ මුදලකින් නිෂ්පාදනය කළ ගරුඩන් මේ වසරේ මැයි මස 31 දින තිරගත කිරීමෙන් පසුව ඉ.රු. කෝටි 50 ඉක්මවූ ආදායමක් උපයා ගනු ලබනවා. ඒ වගේම චිත්‍රපටයට විචාරකයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ ඉතා යහපත් ප්‍රතිචාර හිමි වුණා. Imdb හි මීට ලැබී ඇති රේටින් අගය 7.7ක්. TOI විසින් 3.5/5ක්, OTTPlay විසින් 3/5ක්, Only Kollywood විසින් 3.7/5ක් ලෙස ඔවුන්ගේ අගය කිරීම ලබා දී තිබෙනවා.
Garudan (2024) Sinhala Subtitlesසූරිගේ පැමිණීමට නියමිත චිත්‍රපට ලැයිස්තුවේ Viduthalai Part 2, Ezhu Kadal Yezhu Mazhai සහ Kottukkali චිත්‍රපට පැමිණීමට නියමිතයි. ඒ වගේම Vilangu කතා මාලාව අධ්‍යක්ෂණය කළ ප්‍රශාන්ත් පාන්ඩියරාජ් විසින් සූරි සමඟින් චිත්‍රපටයක් කිරීමට සූදානමින් සිටිනවා. වෙට්‍රිමාරන් අධ්‍යක්ෂණය කළ විඩුදලෛ පාර්ට් 1, 2 සහ රාම් අධ්‍යක්ෂණය කළ යේළු මලෛ ඒළු කඩල් චිත්‍රපටයද Rotterdam International Film Festival හි ප්‍රදර්ශනය කෙරුණා. P.S. විනෝද්රාජ් අධ්‍යක්ෂණය කළ Kottukkali නොහොත් The Adamant Girl චිත්‍රපටය ද 74th Berlin International Film Festival හා තවත් සම්මාන උළෙලවල ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා. තවද එම චිත්‍රපටයට Transillvania International Film Festival උළෙලේදී විශේෂ ජූරියේ සම්මානයක් ලැබී තිබෙනවා.
Garudan (2024) Sinhala Subtitlesඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ.
කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Garudan (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/ HQ HDRip පිටපත් සඳහා ගැළපේ.
13,231 downloadsDownload Garudan-2024-Sinhala-Subtitles-Update.zip122 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Garudan (2024) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #Editor's Pick
- #Garudan
- #Garudan (2024)
- #Garudan (2024) Sinhala Sub
- #Garudan (2024) Sinhala Subtitles
- #Indian Box Office Hits
- #M. Sasikumar
- #Mime Gopi
- #Must Watch
- #R.S. Durai Senthilkumar
- #R.V. Udhaya Kumar
- #Revathi Sharma
- #Roshini Haripriyan
- #Samuthirakani
- #Shivada Nair
- #sinhala sub
- #Sinhala Subtitle
- #Soori
- #subtitle
- #Unni Mukundan
- #Vadivukkarasi
- #Vetrimaaran
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
21 comments
Buddhika Lakmal
shan
මැදින් ඇඩ් යනවා නේද, හරියටම මේක හොද කොපියක් රිලීස් වෙන්නෙ කවද්ද සහෝ
Dananjaya
28 web enawa
Anonymous
Original ndda bn thama
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Gayan
Thank you u guys are still the best
Buddhika Lakmal
අප්ඩේට් එකට ස්තූතියි සහෝ......
Nimantha
Original akata sub dunnata thanks..
Kantha_DLA
Thanks for update saho........................
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Prageeth Chamalka
ගොඩාක් ස්තුතිය උපසිරැසි නිර්මානයට සහෝ ❤️❤️...ජය වේවා...
Prageeth Chamalka
ගොඩාක් ස්තුතිය උපසිරැසි නිර්මානයට සහෝ ❤️❤️
prageeth chamalka
ගොඩක් ස්තුතිය උපසිරැසි නිර්මානයට සහෝ ❤️❤️
sashen
Supiri
ShAVINDU
Pt sir 2024 sub plz
ShAVINDU
Thankyou Saho sub ekt
Hashan
Thanx for the sub...❤️
Chanaka Sangeeth
THANK YOU
Anonymous
නියමයි
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


බෙහෝම ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට....
(මේකේ කොපිය හොදයිද මචං.. මීටවැඩිය හොද කොපියක් එයිද...)