Watch Trailer

Them (2006) Sinhala Subtitles | වියරු සෙල්ලම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න මම අද තවත් Horror චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. මුළින්ම කියන්න ඕන මේක සත්‍ය සිදුවීම් අනුසාරයෙන් නිෂ්පාදනය කරපු එකක්. ඔයාල The Strangers (2008), Vacancy (2007) බලල ඇති කියල හිතනව. අන්න ඒවගේ චිත්‍රපට නරඹන යාලුවෙක්නම් මේකට අනිවාර්යෙන්ම කැමති වෙයි. 2006 අවුරුද්දේ තමයි මේක නිෂ්…

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න මම අද තවත් Horror චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. මුළින්ම කියන්න ඕන මේක සත්‍ය සිදුවීම් අනුසාරයෙන් නිෂ්පාදනය කරපු එකක්. ඔයාල The Strangers (2008), Vacancy (2007) බලල ඇති කියල හිතනව. අන්න ඒවගේ චිත්‍රපට නරඹන යාලුවෙක්නම් මේකට අනිවාර්යෙන්ම කැමති වෙයි.

2006 අවුරුද්දේ තමයි මේක නිෂ්පාදනය කරල තියෙන්නේ. ඒ David Moreau සහ Xavier Palud කියන අධ්‍යක්ෂකවරු දෙදෙනා විසින්. මේක ප්‍රංශ-රුමේනියානු සම නිර්මාණයක්. Olivia Bonamy කියන නිළිය සහ Michaël Cohen කියන නළුවා තමයි මේකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. චිත්‍රපටය අයත් වෙන්නේ Horror | Thriller යන කාණ්ඩයට. Imdb අගය 6.4 වගේ අගයක් ලැබිල තියෙනවා. ඊට අමතරව Rotten Tomatoes හි 62% මනාපයක් සහ Google පරිශීලකයන්ගේ 72% මනාපයක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා.

කතාව යන්නේ මෙහෙමයි,

ක්ලෙමෙන්ටයින් කියන්නේ රුමේනියාවේ පාසලක සේවය කරන ප්‍රංශ ජාතික ගුරුවරියක්. ඉතින් දවසක් සති අන්තයේ පාසලේ වැඩ ඉවරවෙලා මෙයා පෙම්වතාගේ ගෙදර යනවා. මේ ගෙදර තියෙන්නේ නගරයෙන් ගොඩක් ඇතුලට වෙන්න කැලෑ බද පාළු පැත්තක. මෙම්වතා එක්ක රෑ කෑම අරගෙන රූපවාහිනිය බල බල ඉඳල මේ දෙන්න නිදා ගන්න යනවා. ඉතින් මේ ක්ලෙමෙන්ටයින් කියන්නේ නින්ද අඩුවෙන් යන කෙනෙක්. ඉතින් මේ නිසා මෙයා මහ රෑ ජාමේ ආපහු පහළට යනව වැඩ වගයක් කරන්න. ඔහොම ඉන්න කොට දුරකතන ඇමතුමක් එනවා. ඒත් අනිත් පැත්තෙන් කවුරුත් උත්තර දෙන්නේ නෑ. ඉතින් ක්ලෙමෙන්ටයින් වැඩ ටික ඉවර කරලා ආයෙත් නිදා ගන්න කියල උඩ කාමරයට එනවා. නිදා ගෙන ඉන්න අතරේ ආපහු ක්ලෙමෙන්ටයින්ට එළියෙන් සද්දයක් ඇවිල්ල ඇහැරෙනවා. පෙම්වතාටත් ඇහැරවලා මේ දෙන්නම මේ එන සද්දේ මොකක්ද බලන්න පහළට යනවා. මේ පහළට යන අතරතුරේ ක්ලෙමෙන්ටයින් දකිනවා එයාගේ කාර් එක මිදුලේ පැත්තකට වෙන්න තියෙනවා. ඒත් ඒ කලින් නවත්තල තිබ්බ තැන නෙවෙයි. ඉතින් මෙයාල දොර ඇරගෙන එළියට ගියාම දකිනව ක්ලෙමෙන්ටයින්ගේ කාර් එක ඇතුලේ කවුරු හරි කෙනෙක් ඉන්නවා කියල. ඒත් පෙම්වතා ඒක නවත්තන්න හැදුවත් කාර් එක යනවා. ඉතින් මේ දෙන්නා ඇතුලට ඇවිල්ලා මේ ගැන කතා කර කර ඉද්දි එක පාරටම ගෙදර ලයිට් නැතිව යනවා. මේ දෙන්න ගෙදර ට්‍රිප් ස්විච් එක හොයාගෙන කළුවරේම ගිහිල්ල ඒක දැම්මත් ලයිට් එන්නේ නෑ. පස්සේ මේ දෙන්නට තේරෙනවා මොකක් හරි දෙයක් සිද්ද වෙනවා කියල. ඉතින් ඊට පස්සේ හරි අමුතු භයානක දෙවල් සිද්ද වෙන්න පටන් ගන්නවා. කතාවේ ඉතුරු ටික ඔයාලම බලන්නකො එහෙනම්.

මම ගිහිල්ල එන්නම් එහෙනම්, නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. බුදු සරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

2,177 downloadsDownload Ils-Them.2006.BRRip_.x264.AAC5_.1-VLiS.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

2,177 downloadsDownload Subtitles13 KB

14 comments

  1. Nipuna Udayanga

    Thank u very much !

  2. waruna nirman

    budu saranay kiwwama ahaka balan yann hitenne na bn

  3. RIGHT

    thank you

  4. n

    venom 2005 kiyala horror movie ekakthiyenawa sub eka denna puluwannam loku deyak

  5. Suranjan

    Thanks......jayawewa......!

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...!!

  9. Shamal manojan

    බොහොම ස්තූතියි උපසිරැසියට....
    George A. Romero හා Stephen King කියන දෙදෙනාගේ චිත්‍රපට හැකිනම් දෙන්න බලන්න. සුපිරි බය වෙන චිත්‍රපට.

  10. indika75

    Thanks..

  11. Sajithlakshan

    thanks ..................

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Dewadithya

    Thanks for sub!

  14. හසිත

    උපසිරස ලබා දීම වෙනුවෙන් ඔබට ස්තුතියි.