පාන්දර 2 ඉඳන් නැඟිටගෙන ගහපු ගේම අදින් ඉවරයි ඔන්න. මෙහෙම කියද්දි ඔයාල බලනවා ඇති මේ මොකක් කියවනවද කියලා. ඇමරිකාවේ ඉරිදා රෑ 9 වෙද්දි හෙවත් ලංකාවෙ වෙලාවෙන් සඳුදා පාන්දර 6.30 ට Game of Thrones කොටස සජීව විකාශය වෙන්න ගන්නකොට මම ඉන්න දිහා වෙලාව පාන්දර 3 යි. උදේ 8 නැත්තම් ලංකාවෙන් උදේ 11.30 වෙන්න කලින් දෙන…

පාන්දර 2 ඉඳන් නැඟිටගෙන ගහපු ගේම අදින් ඉවරයි ඔන්න. මෙහෙම කියද්දි ඔයාල බලනවා ඇති මේ මොකක් කියවනවද කියලා. ඇමරිකාවේ ඉරිදා රෑ 9 වෙද්දි හෙවත් ලංකාවෙ වෙලාවෙන් සඳුදා පාන්දර 6.30 ට Game of Thrones කොටස සජීව විකාශය වෙන්න ගන්නකොට මම ඉන්න දිහා වෙලාව පාන්දර 3 යි. උදේ 8 නැත්තම් ලංකාවෙන් උදේ 11.30 වෙන්න කලින් දෙන එකක් දීලා වැඩට යන්න පිටත් වෙන්න ඕනා. ඉතින් මම පාන්දර 2 – 2:30 ට වගේ නැඟිටලා තමා සබ් එක දාන්න ලෑස්තිවෙන්නෙ. ඔන්න අද ඒ වැඩේ හමාර වෙනවා. සතුටයි දුකයි මිශ්‍ර හැඟිමකින් තමා මේ ලිපිය ලියන්නේ.
ඇත්තටම මම Game of Thrones එක බාරගත්තේ 4 වෙනි අදියරෙන්. චරිත මල්ලි තමා පළවෙනි අදියර ඇද්දෙ. දෙවෙනි තුන්වෙනි අදියර කළේ බොහෝ දෙනෙක්ගේ සහභාගීත්වයෙන්. පස්සෙන් පහු මම ආපහු පළවෙනි අදියර 3 ටම ආපහු සබ් කළා විවිධ හේතු හින්දා. කොහොමහරි මම හිතනවා Game of Thrones උපසිරැසියට ඔයාලට දෙන්න මම උපරිමය කළා කියලා. මේ වෙලාවෙ මම ස්තූතිවන්ත වෙන්න ඕනා තරිඳු විශ්වනාත් හා නෙරංජි ඒකනායක කියන සුපිරි චරිත දෙකට. බයිස්කෝප් සිංහලෙන් විදියට අපි වාසනාවන්තයි ඔවුන්ගේ වටිනා දායකත්වය Game of Thrones වෙත ලබාගන්න ලැබීම ගැන. ඒ වගේම Game of Thrones – Sri Lanka ගෲප් එකේ පරිපාලක Sha Danthanarayana සහෝදරයට මට ලබාදුන්න අප්‍රමාණ සහය වෙනුවෙන්. තවත් අමතක කරන්න බෑ උපසිරැසියේ අඩුපාඩු බලන්න කියල ඉල්ලපුවම නෑ බෑ නොකිය ඒක කරල දෙන හසන්ත සහෝවත්. තව සිතියම අදාළ විදියට හදල දුන්න සිසිල සහෝවත් අමතක කරන්නම බෑ. මෙච්චර කල් කමෙන්ට් කරපු හැමෝටමත්, මගේ 500 වෙනි සිංහල උපසිරැසියට සුබ පතපු හැමෝටමත් බොහොම පිං. ඒ වගේම විශේෂ ස්තූතියක් කරන්න කැමතියි Sasindu Theekshana මල්ලිට මා ගැන මව්බිම පුවත්පතට කරපු ආටිකල් එක ගැනත්. කොහෙත්ම බලාපොරොත්තු නොවුන, හදිස්සියෙම කරපු දෙයක්. මේ පහල තියෙන්නෙ ඒක.
ඊළඟට තරිඳූ අයියා හා අපේ දායකත්වයෙන් හා තරිදූ අයියාගෙ මැදිහත්විමෙන් ලබාදුන්න ටීෂර්ට් ගැන කියන්න ඕනා. මේ වෙද්දි අපි තැපැල් කරන්න අරගෙන තියෙන්නෙ. ලැබුණ අය ඡායාරූපත් එවල තියෙනවා. මේ පහළ පළවෙන්නෙ ඒවා. ඒ වගේම විශේෂ ස්තූතියක් යන්න ඕනා තිසර නියෝ මල්ලිට. ඔහු තමා ජයග්‍රාහක ලයිස්තුව හදලා දිනුම් ඇදල ජයග්‍රාහකයෙක් තෝරපු දෑතේ හිමිකරුවා.
කලින් කොටස ගැන වැඩි යමක් කියන්නෙ නෑ. හැමෝම බලන්න ඇතිනෙ. ඒ ගැන සහ සම්පූර්ණ අටවෙනි අදියර ගැන තියෙන විවේචන ගැන නම් මට තියෙන්නෙ මේ වගේ අදහසක්. ඩැනීගේ චරිතෙ කොහොමත් ඔය තැනට එන්න නියමිතව තිබුණා මම හිතන විදියට. මෙතන හත්වෙනි අදියරෙන් නයිට් කිංග්ව ඉවරයක් කරලා මේ අදියරෙන් කිංග්ස්ලෑන්ඩින් වලට වෙන් කළානම් මීට වඩා මේ චරිත ඒ ස්වභාවයට පත්වෙන විදිය අපිට ධාරණය කරගන්න පහසු වෙන විදියට සියුම්ව කරන්න තිබ්බා කියල මම හිතනවා. කතාව ගලපු වේගය ටිකක් වැඩියි වගේ. කොහොමහරි අදින් ඒක ඉවරයිනේ.
පහුගිය කොටසෙ ජයග්‍රහණය ලබල තාමත් අපිට ලිපිනය ලබා නොදුන්න Dinusha Madhuranga සහෝට මතක් කරනවා හැකි ඉක්මනින් අපි එවපු මේල් එකට උත්තර එවන්න කියලා. ඒක ලැබෙනකම් අපි බලන් ඉන්නෙ ඉතිරි කිහිප දෙනාටත් ටීෂර්ට් යවන්න.

යන්න කලින් කියන්න ඕනා පැරණි හා නව චරිත එක්ක Game of Thrones Reunion Special කොටසක් DVD හා BluRay නිකුතු එක්ක එන්න නියමිතයි. බලමු හොඳයි නම් ඒකටත් උපසිරැසි දෙන්නම්.
එහෙනම් අපි යනවා. ජයම වේවා!!!!!!෴෴
කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

Works with MEMENTO & AMZN.WEB-DL Releases
ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
75,694 downloadsDownload GOT-S08E06.052020190627.zip97 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
379 comments
Seagle
UmeshDilshan
Hithata patta awl season 8 enakan anith season tika thunparak baluva.kathave awasanya epama karpu vidiyta ivara kare. kathakrla vadak na .........
sub eka apita velvat denva. thanks mchn. api venuven karna me sevavta.Anonymous
Kohomada bn balanne mata hoyagann be
Sanath Indika
thx brooo
Roshan Laksiri
Thanks bro,hodata wede kala.jaya.....
tharindudulaj
thanks machan awrudu gaanak api wewuwen kepa kara kalayala. Jaya wewa!!!!
Sachintha Pradeep
එලම සහෝ
YasasPerera
thanks bro
LakshanD
ස්තූතියි සහෝ ❤️❤️❤️
Chamikara
Thank You!!!
Isuru Dilshan
බොහෝම පින් රොයිලි, මේ තරම් අපි වෙනුවෙන් කරන සේවාවට.
23sanjeewa
thanks bro
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි අයියේ මෙච්චර දවසක් මහන්සි වෙලා කැප වෙලා ඉක්මනින්ම සබ් එක ගෙනත් දුන්නට. ඉතින් කියන්න තියෙන්නේ ඉදිරි කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලා තමා, එහෙනම් ජය වේවා රොයිලි අයියේ..!!
lahiru sadaruvan
thank you so much brother....
amalll1
Thank you Aiya Sub akata, Our watch is ended.
Nirosh C
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
Tharukahome1
තෑන්කූ සහෝදරයා අපි ෙවෙනුවෙන් ෙමේච්චර කාලයක් සබ් කරල දුන්නට.... තිබුණු හදිස්සියට බැලුවට ඔයාගෙ සබ් ඒකත් ඒක්ක ආයෙ බලනව ෙගොඩක් ෙවෙලාවට.... ආයෙත්පාරක් කියනව ෙගොඩක් ස්තූතියි!!
manji139
thanks for lot ayy
arakatath sub dennAnujaya chathuranga
denakan balagena hitiye thanks bro
MadhuBandara
Thank you Yaluwa...
isuruchamara
Thanks Aiya!
hashanmp
thaku bro..
Sudheera Kasun
Thanks Sahoo...!
Shahin
Thanks for the sub
Nirmitha99
තෑන්ක්ස් බ්‍රෝ .
geenath
patttttytttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttama iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
geeganagamage
බොහොම ස්තුතියි මේ වගේ ලස්සන සුපිරි කථාවක් අවසන් වෙනතුරු අරගෙන ආවාට .
chanaka sasalanka
thanks bro
හසන්ත වික්‍රමරත්ත
මෙච්චර දවසක් හිතනවටත් වඩා වේගෙන් උපසිරසි දීල සයිට් එකේ වෙනම ට්‍රෙන්ඩ් එකක් හදල අන්තිමට සයිට් එකත් ඩවුන් කරන්න තරම් කෙනෙක් ඉන්නවා නම් ඒ රොයිලි ප්‍රනාන්දු විතරයි. පාන්දර 2 ඉඳන් අවදි වෙලා මේ වෙනුවෙන් බලන් ඉන්න හැමෝම වෙනුවෙන් කරපු ඒ කැපවීමට අපි හැමෝගෙම ආචාරය රොයිලිට ලැබෙන්න ඕන. ඉස්සරහට තව මේ වගේ එකක් අල්ලගමු එහෙනම් ජය!
dinakara nadun
ස්තුතියි අයියේ
A JAYANATH
බොහොම ස්තූතියි උපසිරසට
ජයවේවා!
එහෙනං ඒකත් ඉවරයි(යකෝ සබ බාගන්න ගිහිපු වෙලාවක්)
Supun_boy
බොහොම ස්තුතියි කරපු හැමදේටම..
Supun Buddika
එහෙනම් එකත් අහවරයි..
GOT එකට උපසිරැසි ලබා දුන් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.ජය වේවා !!!
Lolinda
බොහොම ස්තුති sub eka dnna karapu kapavimta mechchra kalekata . jayaa
Pathumbdr
මම ජීවිතේ මෙතෙක් කාලෙට බලපු හොඳම කතාව! හරිම දුකයි ඉවර වෙන එකට. මමත් සබ් 2ක් කරා. කන කට්ට හොඳට දන්නවා. රොයිලි අයියා සහ මුල් කතාංග වලට උපසිරැසි ලබාදුන් සියලුම දෙනාට හදවතින්ම ස්තුති වන්ත වෙනවා... !!!!!!!!!
piyumal sanjeewa
Thanks bro..
Rvmendis85
Thank you bro....
DMCVIJAYANGA
බොහොම ස්තූතියි. මෙපමන කාලයක් ආ ගමන් මගෙ අවසානයට සුබාසිරි. ඉදිරියටත් උපසිරස ලබා දීමට හැකියාව ලැබේවා
yukthi.jayakody
Thank You Bro...
G.T.A.Fernando
Sub eka denna sahaya dun hamotama ස්තුතියි ....oyalage kapawima athi විශිෂ්ඨයි.
buddikakb
සබට ස්තූතී සහෝ
Waruna Kamalawansha
මෙච්චර ඉක්මනින් නිවැරදි උපසිරැසියක් දෙන එකනම් සුපිරි වැඩක්..... ඒ මහන්සිය නිසයි අපිට තේරෙන බසින් මේක බලන්න පුලුවන් උනෙත් ඉක්මනින්ම... බොහෝම ස්තූතියි උපසිරැසියට....
Malinda01
Thank bro. අපි වෙනුවෙන් sub දෙන්න කැපකිරීම් කරපු සියලු දෙනාටම .❤️❤️❤️
ජය වේවා !!!nandana.c
බොහෝම ස්තූතියි...... ජය වේවා.............
Prakash Rangana
බොහොම ස්තුතියි රොයිලි සහෝ මෙච්චර කට්ටක් කාල මේ අවුරුදු ගාන පුරාවට අපිට ඉක්මනින්ම උපසිරසිය අරන් ආවට. ඒ වගෙම අපිට T-shirt ලබාදීමට කටයුතු කරන තරිඳු සහෝදරයා ඇතුලු පිරිසටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනව.(මග බලන් ඉන්නෙ T-shirt එක එනකල්)
ජයවේවා........!
Dnkshehan95
Thnqq ayya..
ND
Ela..
kkasthurisinghe
thank you........jaya wewa..
deepa
Thanks brother
IshaN22
tnx
Massanka
සබ් එකට ස්තූතියි බ්‍රෝ ;-)
Massanka
Documentary වලට සබ් දෙන්න හිතපු එක කලොත් නම් හෙන වටිනව අයියෙ... සුබ පතනව කරන වැඩ වලට :-)
neelanethra
බොහොම ස්තූතියි රෝයිලි සහෝ... සීසන්එක පුරාවටම අපිට පුලුවන් ඉක්මනට අපිට සබ්එක දුන්නට...
K3JD
Thanks malli aththatama mama ki parak site eka ude idan reload kalada manda kohoma hari site eka block welath thibba . Meka balanna sahena perum puran inne eth dan okkoma bagaththath balanna upset ekwn inne spoilers nisa facebook page wala . Ane manda ona ekak kiyala dan balanna yanne oyaata godaak thanks sub walata kathawe rasaya sinhala sub nisa hodata wadinawa . Thawa hoda series ekak karanna malli anagathedi oyage hakiyawa nisa api loku sathutak labanawa..
mchanaka
Thanx Roily...!
Advertisement


hamme dilaa patta brooo// Thanks much