අද ජූනි 12 වෙනිදා. හරියටම ගිය අව්රුද්දෙ ජූනි 12 වෙනිදා තමයි මගේ උපසිරසියක් බයිස්කෝප් ඒකෙ පළවෙනි වතාවට පල උණේ. ඒ Starship Troopers Invasion ෆිල්ම් එක. එදා ඉඳන් අද වෙනකොට මම මේ අඩවිය එක්ක අව්රුද්දක් රැඳී හිටියා. මේ කාලයේ ලොකු ගොඩක් නොවුණත් සබ් 14ක් දෙන්න පුළුවන් උණා. අද සබ් හතරත් එක්ක ඒ ගාන 15ක් වෙනව…

Toy Story of Terror

අද ජූනි 12 වෙනිදා. හරියටම ගිය අව්රුද්දෙ ජූනි 12 වෙනිදා තමයි මගේ උපසිරසියක් බයිස්කෝප් ඒකෙ පළවෙනි වතාවට පල උණේ. ඒ Starship Troopers Invasion ෆිල්ම් එක. එදා ඉඳන් අද වෙනකොට මම මේ අඩවිය එක්ක අව්රුද්දක් රැඳී හිටියා. මේ කාලයේ ලොකු ගොඩක් නොවුණත් සබ් 14ක් දෙන්න පුළුවන් උණා. අද සබ් හතරත් එක්ක ඒ ගාන 15ක් වෙනවා. ඉතින් අද අව්රුද්දක් වෙන දවසේ මම අරන් ආවේ ඩිස්නි පික්සාර් වල කෙටි ෆිල්ම් හතරක්.

හැමෝම මම දුන්නු Toy Story 01 සහ Toy Story 02 වගේම වෙනත් සහෝදරයෙක් දීල තිබුණු Toy Story 03 බලන්න ඇතිනේ. එහෙනම් ඔයාල දැන් දන්නවනේ ඇන්ඩි එයාගේ සෙල්ලම් බඩු ඔක්කොම බොනී කියන පුංචි ගෑනු ළමයෙක්ට දුන්න කියල Toy Story 03 අවසානයේදී. ඉතින් ඒ නිසා මේ කෙටි ෆිල්ම් හතර ගලා යන්නේ බොනීගේ සෙල්ලම් බඩු විදියටයි.

Toy Story Toon Hawaiian Vacation (2011)

මේ කතාවේදී Toy Story වලට තවත් ඩිස්නි සුපිරි තරු දෙකක් වන ”බාර්බී” සහ ”කෙන්” හඳුන්වා දෙනවා. මේකෙදි බොනී හවායි වලට ගිම්හාන නිවාඩුව ගතකරන්න යනවා සෙල්ලම් බඩු ගෙදර තියලා. කෙන් විසින් බාර්බී ව හවායි වෙත එක්කන් යන්න සැලසුම් කරල බොනීගේ බෑග් එකක් අස්සට රිංගා හිටියත් බොනී ඒ බෑග් එක ගෙදර දාල යනවා. ඉතින් මේ බව නොදැන කෙන් සහ බාර්බී එළියට එනකොට හමුවෙන්නේ අපේ වූඩි ඇතුළු යාළුවෝ කණ්ඩායම. ඉතින් හවායි වෙත යන්න බැරිවුණා කෙන්ගේ හිත සනසන්න වූඩි ඇතුළු පිරිස කරන උත්සාහය තමයි මේ කතාවේ තියෙන්නේ.

Small Fry (2011)

බොනී කෑම කඩේකට බස්(z) සහ රෙක්ස් ව අරන් යනවා. ඒත් කඩේ ප්‍රදර්ශනේට ඉන්න පුංචි බස්(z) කෙනෙක් බොනීගේ බස්(z) ට පහර දීලා බොනී එක්ක ගෙදර එනවා. ගෙදර ආවම තමයි වූඩි ඇතුළු කට්ටිය පුදුම වෙන්නේ ඇත්තම බස්(z)ට මොකක් උනාද කියලා. මේ අතර ඇත්තම බස්(z) කඩෙන් එළියට එන්න හදද්දී විසි කරපු සෙල්ලම් බඩු එකතුවකට අහු වෙනවා. ඉතින් බස්(z)ට වෙන දේවල් සහ වූඩි ඇතුළු යාළුවෝ පුංවි බස්(z) එක්ක කරන දේවල් තමයි මේකේ තියෙන්නේ.

Party Saurus Rex (2012)

හැමෝම දන්නවනේ මොළේ අඩු රෙක්ස් ගැන. මේකෙදි අල ගෙඩියා රෙක්ස් ට නමක් දානවා Party Pooper රෙක්ස් කියල. ඒ ඔහුගේ මෝඩ හැසිරීම නිසා අනිත් අයට වෙන කරදර නිසා. මේ ගැන දුකින් ඉන්නකොට බොනී රෙක්ස් අරගෙන නාන්න යනවා. නාල ඉවර උණාට පස්සේ බොනී රෙක්ස් නාන කාමරේ තියලා ගියාට පස්සේ රෙක්ස් නාන කාමරේ සෙල්ලම් බඩු එක්ක සාදයක් දානවා. ටික වෙලාවලකින් මේ සාදය පාලනයෙන් පිට යනවා. එතනින් එහාට වෙන දේ ඔයාල බලලම දැනගන්නකෝ.

Toy Story of Terror! (2013)

බොනී එයාගෙ අම්ම එක්ක ආත්තම්මලයි ගෙදර යනකොට රෝදේ හුලං යනවා අතරමගදී. ඒ නිසා මේ දෙන්නට මොටෙල් එකක රෑ නතරවෙන්න වෙනවා. රෑ බොනීගේ බෑග් ඒකෙන් පිටට එන අල ගෙඩියා අතුරුදහන් වෙනවා. මෙයාව හොයන්න යනකොට එයාල හොයා ගන්නවා මේ මොටෙල් එකේ අයිතිකාරයා සෙල්ලම් බඩු හොරකම් කරල අන්තර්ජාලයෙන් විකුණන කෙනෙක් කියල. ඒත් ඒ ගැන හොයාගන්න කොට හැමෝම මේ කෙනාට අහුවෙනවා. ඒ ඔහුගේ හුරතක් කටුස්සා හරහා. මේ කටුස්සා තමයි සෙල්ලම් බඩු හොරකම් කරන වැඩේ කරන්නේ. ඉතින් වූඩි ඇතුළු පිරිස බේරෙන්නේ කොහොමද කියලා බලලම දැනගන්නකෝ.

එහෙනම් දැනට සමුගන්නවා. හැමෝටම ජයෙන් ජය.

 

325 MB කොපිය මෙතනින් බාගන්න

B39D5369E54EE889C70EADBFF95AACF2643B510F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,189 downloadsDownload Toy.Story_.Short_.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/thisaraneo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තිසර නියෝ

Subtitles

1,189 downloadsDownload Subtitles32 KB

27 comments

  1. ඉෂාර වෙත්තසිංහ

    නියමයි....................
    මේ ෆිල්ම් එක මම අනිවාර්යෙන්ම බානවා................
    සබ් එකට ගොඩක් ස්තුතියි...............
    ඔබට ජය..................

  2. වරුණ රංගජිත් (වරූ)

    ඒල ඒල තිසර
    උපසිරැසියට ගාඩක් ස්තූතියි
    ජය ෙව්වා....
    බාන්න දැම්මා...

  3. නලින්

    ස්තුතියි තිසර සහෝ!

    ජය වේවා!

  4. Mahesh

    තැන්කු

  5. HimEshCrEeD

    ජය වේවා තුති ඔබට

  6. Tharindu Perera

    elazzz ahh macahnnn....
    thanks sub ekatahh....

  7. Saman Prasad ( Black Panther )

    ela ela saho. onna ehenam banawa.

  8. Ruchira

    ela ela onna ehenm mmt banna danwa.
    sub1 tnnx.

  9. Nimesh

    saho..Nonstop movie eka denna..

  10. Kulanjana Maduranga

    niyamai THISARA saho.....subata thanks.ohoma yn.jaya wewa............

  11. jayanandana

    onna gaththa machan

  12. Aditha Praween

    එළ සහෝ
    කාටූන් වුණත් බලන්න හිතෙනවා !
    ජය පතනවා ඉදිරියට යන්න .
    :D

  13. Yashoda Hemal

    Bohoma pin :)
    Digata sub denna

  14. Lasiru

    Thanx....!

  15. Saketha Pulasthi

    Thanks

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  17. Amil

    ජය වේවා ...
    මේ ෆිල්ම් එක මම අනිවාර්යෙන්ම බානවා

  18. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..............

  19. Asitha

    Thanks.........

  20. mindika

    Thanks !!!!!!!!!!!!!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් මේ අවුරුද්දේ සංවත්සරය වෙනුවෙන් ආ? මෙන්න බානවා. ජය෴෴ :P :P

  22. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි තිසර සහෝ
    තව දිගු කාලයක් අඩවිය සමග රැදෙන්න ලැබේවා කියනවා ඔන්න
    මෙන්න බානවා! :)

  23. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, සමාවෙන්න අදහසක් දාන්න පරක්කු උනාට, වැඩත් එක්ක පොඩ්ඩක් පරක්කු උනා, ඔන්න අද තමයි මේ ටික ගන්නේ, පැන්ඩා කෙටි චිත්‍රපට දෙකත් දෙන්න බලන්න, ජයවේවා.

    1. දිමුතු තරංග ඉලුක්කුඹුර

      Toy Story of Terror 2013 එකේ පමණක් සබ එක සෙට් වෙන්නේ නැහැනේ, මෙන්න ඒකට 208 MB DVD ටොරන්ට් එක. හැබැයි භාෂාවනම් වෙනස්
      http://torrentz.eu/bcd9c6e8f0563db49f8b8c80655c270d6021ac68

  24. ලක්ෂාන් නිලංක

    ජය වේවා තිසර සහෝ....තව චිරාත් කාලයක් ‍සබ්දෙන්න පුලුවන්වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...ජය වේවා

  25. Amalka Himeshan

    Thanks sub ekata