ඔන්න එහෙමනම් මං මේ පාර ආවේ හැමෝම වගේ මග බලාගෙන හිටිය අති දැවැන්ත සිනමාපටයක් රැගෙනයි. ඔයාලා වගේම මාත් මේක එනකම් මග බලාන තමා හිටියේ . මොකද කියනවනම් මේ සිනමාපටය තමයි මගේ උපසිරසි ක්ෂේත්‍රයේ 250වන කඩයිම සැපිරීමේ සළරුව වෙන්නේ. කට්ටියට මතකද දන්නේ නෑ මාව මෙහෙම එකෙක් හිටියද කියලවත්.හෙහ් හේ..හොදයි එහෙමනම් මග…
ඔන්න එහෙමනම් මං මේ පාර ආවේ හැමෝම වගේ මග බලාගෙන හිටිය අති දැවැන්ත සිනමාපටයක් රැගෙනයි. ඔයාලා වගේම මාත් මේක එනකම් මග බලාන තමා හිටියේ . මොකද කියනවනම් මේ සිනමාපටය තමයි මගේ උපසිරසි ක්ෂේත්‍රයේ 250වන කඩයිම සැපිරීමේ සළරුව වෙන්නේ. කට්ටියට මතකද දන්නේ නෑ මාව මෙහෙම එකෙක් හිටියද කියලවත්.හෙහ් හේ..හොදයි එහෙමනම් මගේ අටුවා ටීකා කාරිය මං වෙනදා වගේම උපසිරසි සදහා ගත වූ කාල වකවානු මතක් කරලම පටන්ගන්නම්කො.
- ප්‍රථම උපසිරැසිය 2015-04-19
- 50 වන උපසිරැසිය 2015.10.23
- 100 වන උපසිරැසිය 2016.03.10
- 150 වන උපසිරැසිය 2016.09.13
- 200 වන උපසිරැසිය 2017.02.23
ඔන්න ඔය ආකාරයට තමයි ඒ කාල වකවානු ගතවුනේ.ඔය අතරින් වැඩියෙම තියෙන්නේ ඉතින් ටීවී සීරියස් තමයි.සිනමාපටනම් බොහොම අතළොස්සක් තමයි තියෙන්නේ. මේ වැඩේ ඉතින් මං පටන්ගන්නේ නිකන් කම්මැලිකමට වගේම හිතේ තිබ්බ ආසාවක් ඉෂ්ට සිද්ද කරගන්න කියලා හිතාගෙන. හැබැයි ඉතින් පළමු උපසිරැසිය දාලා ඒකට ලැබුන ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්කහම මට හිතුනා ඔන්න ඔහේ තවත් එකක් කරනවා කියලා. ඔය විදිහට එකක් දෙකක් කරනවා කියලා පටන්ගත්තු ගමන තමයි අද මෙතරම් දුරක් ඇවිල්ලා තියෙන්නේ. අම්මපා දැන්නම් අර මොකේටද ඇබ්බැහි වුන එකා වගේ තමයි. හිතලවත් මේ කාරියෙන් ඈත්වෙන්න බැරිව තමයි ලත වෙන්නේ.හැබැයි දැන්නම් ඉස්සර වගේ නෙවෙයි ටිකක් අඩුවෙන් තමයි උපසිරසි කෙරෙන්නේ. ආයේ ඉතින් කවදා ඊලග කඩඉම පහු කරන්න ලැබෙයිද කියලා දන්නේ නෑ. සමහරවිට ඒකට අවස්ථාවක් නොලැබෙන්නත් පුළුවන්.මොකද දැන් දැන් ටික ටික කාර්යබහුල වීමත් එක්ක උපසිරසිකරණයට යොදවන්න ලැබෙන වෙලාව බොහොම අල්පයි.
දෙවසරකට වැඩි කාලයක් බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙලා ඉදිද්දී දැන අදුරගත්තු අය බොහොමයි.ඒ අතරින් අපේ ඇඩ්මින් මණ්ඩලයේ සෑම දෙනාවම වගේම සහෘද උපසිරසිකරුවන්ව මේ අවස්ථාවේ විශේෂයෙන්ම මතක් කළ යුතුයි. නම්ගම් වශයෙන් කාවවත් සදහන් නොකළේ ලිපිය උවමනාවට වඩා දික්වෙන නිසයි. අනික ඉන්න සැට් එකත් වැඩියිනේ. ඊළගට තමයි වැදගත්ම පිරිස ඉන්නේ, ඒ තමයි අපේ උපසිරසි බාගත කරගැනීමට පැමිණෙන ප්‍රේක්ෂක ඔබ. ඔබගෙන් යම් පිරිසක් අපව දිරිමත් කරමින් පළ කරගන යන්නා වූ අදහස්/උදහස් තමයි අපේ මේ ගමනට අඩිතාලම වෙන්නේ.එහෙම නොවන්නට සිය කාලය ශ්‍රමය වැය කරමින් අපි මේ කරන කර්තව්‍යය මෙතරම් දුර නොඑන්නට තිබ්බා.250 කරන්න කිව්වම මේ ෆිල්ම් එක මට දීපු හසන්තවත් විශේෂයෙන් මතක් කරන්ට ඕන.හරි එහෙනම් මෙතනින් මගේ හෑල්ල නවත්තගන්නම්කො.

TRANSFORMERS සිනමාපටමාලාවේ අලුත්ම සිනමාපටය තමයි TRANSFORMERS THE LAST KNIGHT කියලා කියන්නේ. මේක තමයි මෙහි පස්වන සිනමාපටය වෙන්නේ. මෙහි පෙර චිත්‍රපට හතරනම්
- Transformers (2007)
- Transformers: Revenge of the Fallen (2009)
- Transformers: Dark of the Moon (2011)
- Transformers: Age of Extinction (2014) ලෙස දැක්විය හැක.
පිටසක්වල ජීවින් ගැන අපේ සිත් තුළ වූ බියකරු අප්‍රියජනක හැගීම් පසෙකට විසි කරලමින් 2007 වර්ෂයේ මයිකල් බේ නම් අද්විතීය අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් සිය ගමන ආරම්භ කළ TRANSFORMERS සිනමාපට මේ වන විට ලොව පුරා ලොකු කුඩා සිනමා රසික සැමගේ සිත් සතන් තුළ විශේෂ ස්ථානයක් දිනා ඇති බව නොරහසක්.ට්‍රාන්ස්ෆෝමර්වරුන්ගේ පස්වැනි ආගමනය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 604.1ක ආදායමක් ඉපයීමට සමත්ව ඇති අතර IMDB දර්ශකයේ 5.3ක අගයක් ලබාගෙන තිබෙනවා. මෙවරත් MARK WAHLBERG කේඩ් යේගර්ගේ චරිතයට පණ පොවනවා.සෙසු චරිත සදහා Laura Haddock විවියන් ලෙසත්, Josh Duhamel කර්නල් ලෙනොක්ස් ලෙසත්, Isabela Moner ඉසබෙලා ලෙසත්, Anthony Hopkins සර් එඩ්මන්ඩ් බර්ටන්ගේ චරිතයත් නිරුපනය කරනවා…
පෘථිවිය ට්‍රාන්ස්ෆෝමර්වරුන්ට තහනම් කරලා. මිනිසුන් විසින් ට්‍රාන්ස්ෆෝමර්වරුන්ව දඩයම් කිරීමක් සිද්ධ කරගෙන යනවා.ඒ සදහා වෙනම හමුදා බලකායක්ද පිහිටුවලා තියෙන්නේ. ඔප්ටිමස් ප්‍රයිම් පෘථිවියෙන් යන්න ගිහින් තමන්ගේ නිර්මාපකයන්ව හොයාගෙන. ඔය අතර කේඩ් යේගර් බම්බල් බී සමගින් එකතුවෙලා ට්‍රාන්ස්ෆෝමර්වරුන්ගේ ජිවිත බේරගන්නවා. මෙවර කතාව දිවෙන්නේ අතීත සිදුවීමක් සම්බන්ධ කරගෙන. එනම් අතීතයේදී ආතර් රජු සමයේ මායාකාර මර්ලින් හට ට්‍රාන්ස්ෆෝමර්වරු 12 දෙනෙකුගෙන් හිමි වෙනවා යම් බලගතු යෂ්ටියක්. මේ යෂ්ටියේ රහස මර්ලින්ගේ මරණය සමග වැළලී යනවා. මේ යෂ්ටිය සොයාගැනීමට ඩිසෙප්ටිකොන්වරු ද මහත් පරිශ්‍රමයක් දරනවා.
තම නිර්මාපකයාව සොයාගෙන යන ඔප්ටිමස් ප්‍රයිම්ට දැනගන්න ලැබෙනවා සිය නිර්මාපකයා ක්වින්ටෙසා නම් දුෂ්ට දෙවගනක් වග.ඇය පවසන ආකාරයට පෘථිවියට තවත් නමක් තිබෙනවා. ඒ නම තමයි යුනික්‍රෝන්. ඉතින් පේන විදිහටනම් මේ යුනික්‍රෝන් කියන්නේ සයිබර්ට්‍රෝන්වල පරම හතුරා කියලා තමයි හදුන්වන්නේ. ඇයගේ අභිප්‍රාය යෂ්ටිය ලබාගෙන පෘථිවියේ ජිවය විනාශ කොට සයිබර්ට්‍රෝන් ග්‍රහයාට යළි ජිවය ලබාදීමයි. ඉතින් මේ යෂ්ටිය තියෙන සෙවීමේ ගමනට දෛවෝපගත සිදුවීමකින් මෙන් කේඩ් යේගර්ව සම්බන්ධ වෙනවා. ඔහුට එය සොයාගැනීමට එංගලන්ත ප්‍රභූවරයෙකු සහ ඔක්ස්ෆෝඩ් මහාචාර්යවරියක් සහය වනවා.එහෙමනම් අපි සිනමාපටය නරඹලාම දැනගමු ඔප්ටිමස් ප්‍රයිම් ප්‍රමුඛ ඔටෝබොට්වරුන්ට සහ මානව වර්ගයාට ක්වින්ටෙසාට සහ මෙගාට්‍රෝන් සමගින් සටන් කර පෘථිවියේ විනාශය නවතාලිය හැකි වේවිදැයි කියලා.
එහෙමනම් මෙතෙකින් මං සමුගන්නවා යළිත් ඉක්මනට උපසිරසියකින් හමුවෙන අපේක්ෂාව ඇතුව.ඔබේ වටිනා අදහස ද පහලින් කොටාගෙන යන්ටකෝ එහෙමනම්. එතෙක් ඔබ සැමට ජයෙන් ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා යාවත්කාලීන කර ඇත.
110,118 downloadsDownload Transformers-The-Last-Knight-2017-BR.zip325 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
243 comments
අසංක ප්‍රදීප් රණතුංග
D J Ushan Remixer
Good Luck Bns
Issrhtt Karamu
ublgei apei kisi wensk na
Field eka witri wens
Elm
JayaPraneeth priyadarshana
Tks bro
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Kasun Widusha
Thada thada broo...300 gahamu oya gemmenma
Kaveen Conara
thnx bro.. goodluck
නවින් නිසල්
සුබ පැතුම් , උපසිරසියට ස්තුතියි . :)
Isuru Dhananjaya
Download කරපු වෙලාවේ ඉදලා හැමවෙලේම ඇවිත් බැලුවා සබ දාලදා කියලා.. ගොඩාක් ස්තුතියි සහෝ.. ජය වේවා..
Mithuranga Mahisadha
broo link eka dynko
Praneeth priyadarshana
Kohenda ban download kale
Akalanka
Thnx........
යුශාන් පියුමාල්
එල ඔහොම යං ..... 300 ත් ඔය වේගයෙන්ම දෙමු
chamalkalum
250 උපසිරැසියට මගෙනුත් උණුසුම් සුබ පැතුම් සහෝ.. තව තවත් හොද නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා! ජයවේවා!
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකන් බලන් හිටියේ...
250ට සුබ පැතුම්!Ayesh Danu Dissanayaka
උපසිරසියට,ස්තුතියි සුබපැතුම්.
Ravin Laksitha
ලෝකේ වටේම තියන ෆිල්ම් බා ගත්තට කියන දෙයක් තේරෙන්නෙ නැත්තන් වැඩක් නෑ.....බයිස්කෝප් එකේ සෙට් එක කිසිම ලාබයක් නැතුව කරන මේ වැඩේ ඇත්තටම වටිනවා මචං මම වගේ ගොඩේ බයියන්ට......එල කොල්ලෝ දිගටම කරගෙන යමු මේ විදිහටම......
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
250ට සුබ පැතුම්kalmal
මේ චිත්‍රපටිය ගැන එක දෙයක් කිමට කැමති එනම් රැප රාමු අතර මුල් චිත්‍රපටිය මෙන් නියම සම්බන්ධයක් නැහැ උදාහරණයක් ලෙස ග්‍රිම්ලොක් වැනි අය සටනට එන්නේ නැහැ ඔවුන් එක් රුපරාමුක දෙකක විතරයි ඉන්නේ චිත්‍රපිටය දම්වැලක් ලෙස රුපරාමු එකිනෙකට සම්බන්ධ විය යුතු වුවත් එසේ නොමැති නිසා චිත්‍රපටිය බෝරින් වෙනවා තැනිත් තැනින් කැලි පෙන්වා කොටස් එකතු කර ඇති බවකුත් පෙනවා මෙම චිත්‍රපටිය මෙම චිත්‍රපටි පෙලේ අසාර්ඨකම චිත්‍රපටිය වෙලා තියෙන්නෙත් වියදම මිලියන 217-260 වුනාට ඇමරිකාවේ අදායම 130 ක් පඹන විමත් උදාහරණයක් ඉම්බල්බි 2018 එන නිසාත් එයට මිලියන 120 ක් යන නිසාත් ටැවිස් නයිට් අධ්‍යක්ෂණය කරන නිසාත් ඒකවත් සාර්ථක වෙදැයි බලමු සබට තුති
Ravin Laksitha
තවත් දෙයක් තියනවා කියන්න අමතක උනා කියල දාන්න කලින් කමෙන්ට් එකෙන්.....
මේක උපසිරසි බා ගන්න කට්ටියටයි කියන්නේ...
යකෝ ඔබපු ගමන් ඩවුන්ලෝඩ් වෙන හින්ද වෙන්න ඇති කොමන්ටුවක් වත් දාන්නෙ නැත්තේ...මේ කොල්ලො සෙට් එක මහන්සි වෙලා කරන මේ වැඩේට පොඩි හරි කොමන්ටුවක් දාපල්ලා ඒකත් බැරි නම් උඩින් දාල තියන රේට් එකවත් ඔබල පලයල්ලා.....දමිත්
සුබ පැතුම් සහෝ 250ට..
ජයෙන් ජයම වේවා...මලින්ද
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
සුභ අනාගතයක් වේවා....dilan lakmal
Thanks sahodaraya.meka patta film eka.ela.jaya wewa.
Lakshan Thennakoon
250වෙනි උපසිරසට සුබ පැතුම්, බ්ලුරේ අවම බලනවා සබට එකට ස්තුතියි , එනකන් බලන් හිටපු ෆිලුමක්, ජය
:) ;) :) ;)Mithun
Congratulations bro .. BR apuma balanna tama hitam inna, sb eka shanika update ona onna.. jaya obata
Nipun Dilshan
well done brother......!!!!!!!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Tharaka
250වෙනි උපසිරැසියටත් සුබ පැතුම්!
Samitha
Ela mchn
shehan prasantha
සුභ පැතුම් සහෝ ........
ඉදිරියටත් කරගන යමු.
ජයෙන් ජයම වෙිවා !Helili Hemamali
නියමයි අයියේ.. සුබ පැතුම්..
Saman Prasad
මූ උඹට වඩා බාලයි යකෝ...
Helili Hemamali
දැනුවත් වුනා.
ut
Congratulations !!! thank you keep it up bro
priyan99
good luck bro.thanks for subtitle.
Kasun Dilhara
සුබ පැතුම් සහෝ දිගටම සබ් කරමු
pcvenom
250 supiri
හසන්ත
250 වෙනි උපසිරසට සුබ පැතුම්. 300 ටත් මේ වගේ හෙමිට කරගෙන යමු. ජය !
Sanjaya
250 ට සුබපැතුම්..
ජය වේවා..!!
☺ ☺ ☺සිසිල ප්‍රසාද්
250 වෙනි කඩයිම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සහෝ.
බයිස්කෝප් අඩවියේ ඉන්න වේගවත්ම උපසිරසිකරුවන් අතරින් කෙනෙක් වගේම, බොහොම රසට උපසිරැසි කරන්න දන්න කෙනෙක් විදියට බය නැතුව හඳුන්වන්න පුළුවන්.
දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්න කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මං හිතන්නේ, මොකද ඒ තරමටම විශ්වාසයි බයිස්කෝප් රසික රසිකාවියන් වෙනුවෙන් දිගටම උපසිරසිකරණයේ යෙදෙනවා කියලා.
එහෙනම්, ඊළඟ කඩයිමෙන් බොහොම ඉක්මණට හමුවෙමු.
ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්‍යය නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ජය!Silent$
Congtzzzzzzzzzzzz
Nisal Tharinda
250 වෙනි උපසිරැසියට සුභ පැතුම්...
ඉක්මනටම bluray copy 1 දෙන්න
Thank you....Pradeep Anuruddha Dissanayake
අෆ්ෆට බොලේ...ලේසී නෑ බලාගෙන ගියාම.250ක් කියන්නේ සෑහෙන්න ලොකු උපසිරැස ගානක්.එල එල...ඔහොම්ම ගිහින් 300 කඩ ඉමත් ඉක්මනට පාස් කොරන්න යොධ බල,යෝධ ශක්තිය ලැබේවා කියලා පතනවා
Bobby
Thank you very much Maduka for the Sab
ravindu
Niyamai saho...film eka enakn godak kalayak baln hitiya..sub ekata thanzzzz....thawa thwath sub karnna shakthiya labewa kiyala wish karanwa..
Hemal
Thanks sahoooooooo <3 <3 <3
thusitha
thanks broooooooooooo,,,,,obata jaya wewa........
පැතුම් චතුරංග
හම්මේ මේකට සබ දෙනකම්මයි හිටියේ..
ඒවගේම 250 ත් ගැහුවා එහෙනම් ආ.. එලම තමා..
250 වෙනි උපසිරසියට මගේ සුබ පැතුම් මධුක අයියේ..
300 ලෙසටම ගහමු ඉක්මනටම බෑ නොකියා...
ඒවගේම උපසිරසියට ගොඩාක් ස්තුතියි..ජය වේවා!!
Prashan
Congratz Brother.....දිගටම SUB වැඩේ කරන්න
Kulanjana Maduranga
welldone….Hat off Respect Bro….Great work & Lot of thanks MADUKAPRIYA saho.keep it up...wish u’r great future…..
Naveen Randika
250 වැනි සිංහල උපසිරැසියට සුභ පැතුම් !
ජයවේවා !Sajeevi
250 වෙනි උපසිරැසියට සුබ පැතුම්....
Naveen Lakshan NL
250 weni sub ekata suba patanawa bro digatama sub karanna wasanawa labewa !!!
Udara Damith B/K
~~~~~~~~~~~~`හුදකලාව ගමන් කරන්නාගේ ජීවිතය ඉතා වේගවත්ය ~~~~~~~~~~~~~~
*******රදියාඩ් කිප්ලින්**************************.................................................250.....................................................................
.................................................250.....................................................................
.................................................250......................................................................
............................ ට සීතලම සීතලම සිතලෙන්ම සුබ පතනවා ...............................................
................................. ඉක්මනට හරි ටිකක් පහුවෙලා හරි ..................................................
...............................................300.......................................................................
................................ට යන්ඩ සුබ පතනවා හැබැයි .........................................................
.........................නතර කරන්ඩ එහෙම එපා සබ් කරන එක ................................................
..................... මාත් ඔයා සබ් දුන්න ඒවගෙන් ගොඩක් ගොඩාක්...........................................
...............................බලලා තීන්නේ සීරියස් තමයි ..........................................................
......................... අනාගත සියලු කටයුතු සියල්ලම............................................................
......................................සාර්ථක වේවා...................................................................~~~~~~~~ පළමුවෙනි හා හොදම ජයග්‍රහණය නම් තමාව දින ගැනීමය~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~ප්ලේටෝ~~~~~~~~~~~~~~~~~~~~~~DG
bohoma sthuthi saho....
Nüwäñthå Dúlån
හම්මා නිලුපුලා 250 ගහලා නොවෑ..
දැනුයි දැක්කේ.
අවංකෙන්ම සන්තෝසයි හොඳේ..
උබ සයිට් එක වෙනුවෙන් සෑහන මෙහෙවරක් කරන එකෙක්,
කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ,
උපසිරැසි කඩයිම් වගේම ජීවිතේ අනික් කඩයිම් වලටත්
ගේමක් නැතුවම් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,
ජය !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සුබපැතුම්.