“මචන්, පට්ට කෙල්ලෙක් එනවා’ එනක්ෂිව දකින මොන කොල්ලගෙන් උනත් කටින් පිටවෙන්නේ ඔය කතාව. ඇය ඇත්තටම ලස්සනයි. දිගටි ඇස් දෙක, රෝසපාට දෙකම්මුල්, නාදළු වගේ දෙතොල්, දිය ඇල්ලක් වගේ කඩා හැලෙන කොන්ඩේ.. කියලා වැඩක් නෑ. ලස්සන වගේමයි එනක්ෂි කියන්නේ හරිම ප්‍රියමනාප කෙනෙක්. උදේ පාන්දරම එනක්ෂිගේ හිනාව දකිනවා කියන්නේ ද…

“මචන්, පට්ට කෙල්ලෙක් එනවා’
එනක්ෂිව දකින මොන කොල්ලගෙන් උනත් කටින් පිටවෙන්නේ ඔය කතාව. ඇය ඇත්තටම ලස්සනයි. දිගටි ඇස් දෙක, රෝසපාට දෙකම්මුල්, නාදළු වගේ දෙතොල්, දිය ඇල්ලක් වගේ කඩා හැලෙන කොන්ඩේ.. කියලා වැඩක් නෑ. ලස්සන වගේමයි එනක්ෂි කියන්නේ හරිම ප්‍රියමනාප කෙනෙක්. උදේ පාන්දරම එනක්ෂිගේ හිනාව දකිනවා කියන්නේ දවසම සුබයි. ඕනම කොල්ලෙක්ට දෙපාරක් හැරිලා බලන්න හිතෙන මේ කෙල්ලගේ හිතේ ඒ ගැන පුංචි පහේ ආඩම්බරයකුත් නොතිබුනාම නොවේ. හැබැයි ඒ නිහතමානි ආඩම්බරකමක්. එනක්ෂි නැටුම් වලටත් හරිම දක්ෂයි. ඉස්කෝලේ එනක්ෂිගේ නැටුමක් තියෙන ප්‍රසංගයක් නම් කවුරුත් මග ඇරගන්න හිතන්නෙවත් නෑ. මේ විදිහට එයාගේ ජීවිතේ ගෙවිලා ගියේ හරිම සතුටින්, සැහැල්ලුවෙන්. සරල ජීවිතයක්.
හැබැයි එනක්ෂිගේ මේ සරල සැහැල්ලු ජීවිතේට ඇස්වහ වදින්න වැඩිකාලයක් ගියේ නෑ. හැමදේම පටන් ගත්තේ ඉස්කෝලෙ පන්ති කාමරෙන්. එනක්ෂිගේ ජීවිතේම නරකාදියක් උනා මේ සිද්ධියෙන්. ඔයාලා දන්නවනේ ඉතින් කොල්ලෝ වගේ නෙමේ කෙල්ලෝ තමන්ගේ පෙනුම ගැන හිතන්න ගියාම. ඒත් කෙල්ලෝ කොල්ලෝ කියලා නැහැ, තමන්ගේ තිබ්බ සුන්දරත්වය හිටිහැටියේම අහිමි වෙන දෙයක් සිද්ධ උනොත්, තමන් කොච්චර මානසිකව වැටෙනවද? කොච්චර පීඩා විඳිනවද? දැන් කිසිම දෙයක් ඉස්සර වගේ නැහැ. ඉස්සර අවධානෙන් තමන් දිහා බලපු කවුරුත් දැන් එනක්ෂි දිහා බලන්නෑ. කාටවත් ඇය ගැන අගයක් නෑ. ඇය නටන්නේ නෑ. මුළු ඉස්කොලෙටම ඇය විහිළුවක් වෙලා.
ඉස්සර කොල්ලන්ට ඇය පට්ට කෙල්ලෙක්. ඒත් දැන්…
‘මචන්, තට්ට කෙල්ලෙක් එනවා’
මේ වසර ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මේ අරන් එන්නේ බොලිවුඩයට අලුතෙන්ම පාත් වෙච්ච සංකල්පයක් තියෙන චිත්‍රපටියක්. අලුත්ම සංකල්පයක් උනාට මේ සංකල්පයම තේමා කරගත්තු තව චිත්‍රපට දෙකක්ම 2019 වසරේදී ප්‍රේක්ෂකයන් හමුවට ආවා. ඔව්, ඒ තමා Bala සහ Ujda Chaman. ඔය චිත්‍රපට දෙක නොවැම්බරේ එලි දැක්වුනත් Gone Kesh එලියට ආවේ මාර්තුවේ. කොහොම නමුත් කලින් කියපු චිත්‍රපට දෙක තරම් ජනප්‍රිය වෙන්නවත්, ආදායම් වල අහලකට එන්නවත් මේ චිත්‍රපටියට හැකිවුණේ නැහැ. නමුත් ගුණත්වය, යතාර්ථවාදී අතින් නම් Gone Kesh අනිත් දෙකට වඩා සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්නම ඕන. IMDb අගය 6.8කට සටහන් කරගෙන ඉන්න ගමන්ම විචාරකයින්ගෙන් නම් හොඳ හොඳ විචාර ලබාගෙන තිබ්බා.
පින්තූරය දැක්ක පමණ හිතෙන්නේ අයියෝ පිළිකාව හැදුනු කෙල්ලෙක් කියලද? නැහැ, මේ පිළිකාව නෙමේ, Alopecia කියන රෝගය. හිසකෙස් වැටීමේ රෝගයක්. වැඩිදුර කියන්න තරම් දේවල් දන්නේ නැහැ. අවශ්‍ය අයට වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්නේ. මේ රෝගයෙන් ශාරීරිකව සහ මානසිකව පීඩා විඳින අය ඕන තරම්. එහෙමත් කෙනෙකුගේ ඇතුළාන්තයට එබී බලලා මනසින් හිතන්න, ඔවුන් වෙනුවෙන් සාක්ෂිකරුවෙක් වෙන්න මේ චිත්‍රපටිය අපිටඉඩ සකසලා දීලා තියෙනවා. එහෙනම් ආරාධනා කරනවා රස විඳින්න කියලා මේ ආදරණීය, විටෙක ඔබව සංවේදී කරවන Gone Kesh.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
5,504 downloadsDownload Gone-Kesh-2019.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
28 comments
Thilina Jayarathna
Niroshan
meloo rahak na meka
gihan perera
ස්තුතියි සහෝ.....ලස්සන කතාවක්....දිගටම 2020 ත් උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....
nalin83dhanus
Thanks bro
crazy_chamikim
"Ujda chaman" awilla thyenne..ekatath sub one.. Ai "Saand Ki aankh" ekath awith thyenne...
arawindasunimal
ස්තුතියි උපසිරසියට (මයුර සුරාජ්) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!Madhura prasad
තුති වේවා බ්‍රෝ සබ් එකට
madhubashana bandara
jaya wewa !!
දිල්ශාන් සචින්ත
මේක බලන්නද මාත්
indika75
thanks..
ishanmaxmaxmax
Ftt
wajira
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
ස්තූතියි සහෝ
rehani
thank you....Broken But Beautiful - season 2 ekatat sun dennakoo
chanaka_priyakelum
Tq bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra.
kasuntharaka95
thanks bro
N_R
Thank You.
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
MAALnath
Thanks ..................good luck ...................
Shaggie
Thnks mchn
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ...
ජය!Kanchaka
Thanks bro
DILmin
Sub ekata thanks!
Advertisement

puluvnnm me film ekta sub denna
The.Animal.2001.1080p.WEBRip maru meka