දමිළ සිනමා කර්මාන්තයේ පසුගිය දිනවල පැතිරී ගිය ආරංචියක් තමයි විජේගේ නිවසේ හදිසි ආදායම් දෙපාර්තමේන්තු විමර්ශනය. අධික ආදායම් ලබන බහුතර ප්‍රමාණයක චිත්‍රපට කාර්‍ය මණ්ඩලය එහි ආදායම් සඟවා තබාගන්නවා. ඒත් තල – තලපති ප්‍රේක්ෂකයින් තමන්ගේ වීරයාගේ ප්‍රෞඩත්වය පෙන්වීම සඳහා ව්‍යාජ්‍ය වාර්තා ඉදිරිපත් කර බැනර්, කටව…

දමිළ සිනමා කර්මාන්තයේ පසුගිය දිනවල පැතිරී ගිය ආරංචියක් තමයි විජේගේ නිවසේ හදිසි ආදායම් දෙපාර්තමේන්තු විමර්ශනය. අධික ආදායම් ලබන බහුතර ප්‍රමාණයක චිත්‍රපට කාර්‍ය මණ්ඩලය එහි ආදායම් සඟවා තබාගන්නවා. ඒත් තල – තලපති ප්‍රේක්ෂකයින් තමන්ගේ වීරයාගේ ප්‍රෞඩත්වය පෙන්වීම සඳහා ව්‍යාජ්‍ය වාර්තා ඉදිරිපත් කර බැනර්, කටවුට්, සමාජ ජාලා පෝස්ට් ඉදිරිපත් කරනවා. ඒක සාමාන්‍යයෙන් වන දෙයක්. ඒත් හදිසියේ බිගිල් චිත්‍රපටයේ නිෂ්පාදිකා ආර්චනා විසින් බිගිල් චිත්‍රපටය කෝටි 300 ඉක්මවූවා කියා පෝස්ට් එකක් මඟින් දැක්වූවා. එය අවතක්සේරු නොකල ඉන්දියානු ආදායම් දෙපාර්තමේන්තුව විසින් විමර්ශන දියත් කලා. Master (2020) චිත්‍රපටය රූගත කිරීම් අතරමැදි ම විජයිව ගෙන්වා ගත් ආදායම් දෙපාර්තමේන්තුව විජයි විසින් නිසි පරිදි ආදායම් බදු නොගෙවා ඇති බවට තහවුරු කලා. ඒ වගේම ඔහුගේ ආදායම් සඟවා ඇති බව තහවුරු වුවා. Bigil (2019) චිත්‍රපටය සඳහා විජයි විසින් ඉන්දියානු රුපියල් කෝටි 50ක් ලබා ගත් බව තහවුරු වූණා. රජිණිකාන්ත් තමයි දකුණු ඉන්දියානු සිනමාවේ අධිකම ආදායම් විදිහට ඉන්දියානු රුපියල් කෝටි 40 අතර ආදායමක් ලබන්නෙ. රජිණිකාන්ත් මේ අතරවාරයේ හදිසි දැනුවත් කිරීමක් කලා. Darbar (2020) චිත්‍රපටය වෙනුවෙන් රජිණිකාන්ත් ඉන්දියානු රුපියල් කෝටි 100 – 110ත් අතර ප්‍රමාණයක් ලබා ගත් බව පිළිගනු ලැබුවා. ඒ අනුව ඉන්දියාවේ වර්ථමානයේ ඉහලම ආදායම් ලබන රංගන ශිල්පියා රජිනිකාන්ත් වේ. ඒ බව විවිධ මාධ්‍ය විසින් තහවුරු කලා.
2020 ජනවාරි 24 දින තිරගත වූ මේ චිත්‍රපටයේ සහය නළුවෙකු ලෙස ප්‍රබල ස්ථානයක් හිමි කරගත් R K Suresh විසින් ප්‍රමුඛ චරිතයක් රඟ දක්වනවා. ඔහු විසින් Billa Pandi (2019) හි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලැබුවා. සුරේෂ් මෙහි ඩී. එස්. පී. අමීර් යූසූෆ් යන චරිතය නිරූපණය කරනු ලබනවා. මෙහි ඇතුලත් කතන්දරය තුල දැක්වෙන්නේ, පුදුම සහගත ලෙස මිතුරන් තිදෙනෙකු රහසිගත ලෙස මිය යාම පිළිබඳ සිද්ධියකි.
Masala, Drama වර්ගයට අයත් මේ චිත්‍රපටය අගය කිරීම් ඉතාමත්ම පහලම අගයක තිබුණා. මේ අමීර් යූසුෆ්ගේ අත්භූත සහගත ලක්ෂණයක් තියෙනවා. මොකද ඔහු කළු මුසල්මානුවෙක්. ඔහුගේ පෙනුම, හැසිරීම, වචන උච්චාරණය බොහෝ සෙයින් දමිළයෙකුම හා වැනියි. චිත්‍රපටයේ මොකක්දෝ දෙයක් පෙන්වන්න අධ්‍යක්ෂ තුමා බොහෝ මහන්සි වූවත් ඔහුටත් නොතේරීම පිටවුණු චිත්‍රපටයක් තමයි මේක. Reviews නොතිබුණු මේ චිත්‍රපටයේ ප්‍රේක්ෂකයින්ගේ අදහස් විමසුමකදී මේ චිත්‍රපටයේ රඟන නළු නිළියන්ගෙන් ඉහලම ප්‍රතිචාරයක් ලැබුණත්, අධ්‍යක්ෂකතුමාටත් නොතේරී පිටවුණු මේ චිත්‍රපටයට ජනතාව නම් පහත්ම වචනයෙන් විවේචනය කලා. දැනටමත් ඇති තත්වය නිසාවෙන් මගේ අදහස් එක් කර හානි කිරීමට අකමැති හෙයින් බැලීම සහ නොබැලීම ඔබ හට භාර කරමි. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි True WEB පිටපත් සඳහා අදාළ වේ.
5,433 downloadsDownload Vanmurai-2020.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
7 comments
Kantha_DLA
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... නියමයි... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා..... දෙවි පිහිටයි....ජය වේවා....
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
දමිත් රත්නායක
Another good one. Your subs are always on point, thanks.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lalani Maduwanthi
Thank you God bless you
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!