හැමෝම හොද සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා.ඉතින් 4 වෙනි සබ විදිහට මේ සබ කරන අතරෙ හිතේ පොඩි දුකකුත් තියෙනවා මං කලින් සබ කරපු Ernest & Celastine ෆිලුමට බාගත කිරීම් ටිකක් අඩු නිසා.හරි ඉතින් ඕං එහෙනම් අදත් හොයලා හොයලා අරන් ආවා ටිකක් වෙනස් විදිහෙ ෆිලුමක්.අද ගෙනාපු ෆිලුම අයත් වෙන්නෙ ඩොකියුමන්ටරි එහෙමත් නැ…

හැමෝම හොද සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා.ඉතින් 4 වෙනි සබ විදිහට මේ සබ කරන අතරෙ හිතේ පොඩි දුකකුත් තියෙනවා මං කලින් සබ කරපු Ernest & Celastine ෆිලුමට බාගත කිරීම් ටිකක් අඩු නිසා.හරි ඉතින් ඕං එහෙනම් අදත් හොයලා හොයලා අරන් ආවා ටිකක් වෙනස් විදිහෙ ෆිලුමක්.අද ගෙනාපු ෆිලුම අයත් වෙන්නෙ ඩොකියුමන්ටරි එහෙමත් නැත්තන් වාර්තාමය ගණයට.ඉතින් මං කියන්නම්කො ටිකක් මේ වාර්තාමය චිත්‍රපටි කියන්නෙ මොනවද කියලා. මොකද මං හිතන විදිහට සමහර අය මේක වෙන්න පුලුවන් බලන පලවෙනි වාර්තාමය ෆිලුම් එක.
ඉතින් අපි පලවෙනියටම කතා කලොත්, වාර්තාමය චිත්‍රපටියක මූලික අරමුණු කීපයක් තියෙනවා.ඒ අතරින් කීපයක් මං පල්ලෙහායින් ලියන්නම්.
- මොනයම් හෝ ක්ෂේත්‍රයකට අදාලව තොරතුරු ඉදිරිපත් කිරීම.(තාක්ශනේ පැත්තෙන්ම වෙන්න ඕනෙ නෑ.සංගීතමය පැත්තෙන් හෝ වෙන මොකක්හරි අංශයක් පැත්තෙන් උනත් වෙන්න පුලුවන්)
- මොකක් හරි සිද්දියකට අදාලව වාර්තාවක් ඉදිරිපත් කිරීම.(තාක්ශනේ පැත්තෙන් නම් කරලා තියෙන පරීක්ෂණයක ප්‍රතිපල දැක්වීමක් වගේ)
- යතාර්ථය එහෙමත් නැත්තන් රියැලිටි මූලික වීම.ඒ කිව්වෙ මේ ෆිල්ම් වලදි පෙන්නන්නෙ දැනට වෙලා තියෙන හෝ වෙන්න පුලුවන් දේවල් විතරයි බොහොමයක් දුරට.
- ලොකු ප්‍රේක්ෂකයන් පිරිසක් අතරෙ මේක ව්‍යාප්ත කරලා ඒගොල්ලොන්ගෙ දැනුම් මට්ටම වැඩි කිරීම.
මේ වගේ අරමුණු මත තමා වාර්තාමය චිත්‍රපටියක් හැදෙන්නෙ.
මේ ගණයෙ චිත්‍රපටිවල ඉතිහාසය ගත්තම, මුල් කාලෙ හදපු වාර්තාමය චිත්‍රපටි නම් විනාඩියක වගේ කාලෙකට සීමා වෙලා තියෙනවා.ඒත් දැන් තත්වය වෙනස් වෙලා පැයයි විනාඩි ගානකුත් පහු කරන් යන ඉතාම හොද තත්වයේ ෆිලුම් නිර්මාණය වෙලා තියෙනවා.
ඔන්න එහෙනම් පාඩම ඉවරයි.ෆිලුම බලන්න කලින් දැනගන්නම ඕනෙ කරුණු ටිකක් පොඩියට පැහැදිලි කලා.දැන් කතාවට බහිමු.මේ ෆිලුම 2020 අප්‍රේල් මාසෙ 20 වෙනිදා තමා නිකුත් උනේ. Imdb මීටරෙත් 6.8ක අගයක් ගත්ත මේ ෆිලුම් එක අනාගතේදි අපේ ජීවිතවල මොන වගේ වෙනස්කම් වෙලා තියෙයිද කියලා පෙන්නලා දෙනවා.ඉතින් මේ ෆිලුමෙන් විස්තර කරන්නෙ කෘත්‍රිම බුද්ධිය කියන ක්ෂේත්‍රය නිසා ලෝකෙ වෙනස් වෙන්න පුලුවන් විදිහ.මේක ඇත්තටම රසබර මාතෘකාවක් නිසා තමා මං මේ ෆිලුම තෝරගත්තෙ.
තවත් මේ ගැන කතා කලොත් සුප්‍රසිද්ධ Bill Gates, Elon Musk වගේ කට්ටිය කෘත්‍රිම බුද්ධිය ගැන දරන මතයත් මේගොල්ලො වීඩියෝ සහිතව පෙන්නලා දෙනවා.ඒ වගේම 2001 කියන ආතර් සී.ක්ලාක් මහත්තයගෙ ප්‍රබන්ධය ඇසුරිනුත් 2014 වසරේ නිකුත් වෙච්ච Ex machina චිත්‍රපටියෙනුත් වගේ මූලාශ්‍ර කීපයකින් අදාල සිද්දි උපුටාගෙන මෙතන මහාචාර්යවරු ගොඩදෙනෙක් කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරනවා.කිසිම අඩුපාඩුවක් නැතුව කිසිම කම්මැලිකමක් නැතුව මේ ෆිලුම බලන්න පුලුවන් මේ අය කරුණු දක්වන විදිහ නිසයි,පෙන්නන නිදර්ශක නිසයි.
මේ ෆිලුම කෘත්‍රිම බුද්ධිය එහෙමත් නැත්තන් AI ගැන කුතුහලයක් තියෙන අයට හොදින් රසවිදින්න පුලුවන් වෙන ෆිලුමක් වෙනවා නොඅනුමානයි.මොකද මං බලලා තියෙන වාර්තාමය චිත්‍රපටි දෙක තුනෙනුත් සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් රසවින්දෙ මේ ෆිලුම විතරයි.විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ මේ ෆිලුම් එක බලද්දී සමහර තැන් නොතේරෙනවා වෙන්න පුලුවන්.ඒ වගේ වෙලාවල් වලදි කලින් තිබුන සංවාද 4, 5 ආපහු රීප්ලේ කරලා බලන්න.ෆිලුම මුල ඉදන් අගට වෙනකන් හොදට තේරුම් ගන්න ඕනෙ කරන හැමදෙයක්ම මම වරහන් ඇතුලේ අදාල සංවාදවල ලියලා තියෙනවා.ඉතින් ඒ තැන් ටිකක් නවත්තලා බලන්න අමතක කරන්නත් එපා….
අද නම් ලිපිය නම් ටිකක් ලෙක්චර් එකක් වගේ උනා පොඩි පාඩමකුත් තිබුන නිසා. කමක් නෑ ඒකෙනුත් පොඩි දැනුමක් එනවනෙ!! එහෙනම් දැන් ඉතින් ලිපිය නවත්තන්න වෙලාව.මේ ලිපිය කියෙව්ව අතරෙම ඔහොම්ම පල්ලෙහට ගිහින් පොඩි කොමෙන්ටුවකුත් හලාගෙන යමු.ඒ වෙලාවෙ මේ වගේ වාර්තාමය චිත්‍රපටි ගැන ඔයාගෙ අදහසත් ලියන්න.ඒ අනුව ඉතින් තව ඒ වර්ගයෙ ෆිලුම් ගේන එක තීරණය කරගන්න පුලුවන්නෙ.ඒ වගේම ඕගොල්ලොන්‍ට උපසිරැසි ඕනෙ ෆිලුම් තියෙනවා නම් දැනට මේ වෙබ් පිටුවෙ පලවෙලා නැති, ඒවත් පහලින් ලියාගෙන යමු.ඒවාත් අනිවා සලකා බලනවා හොදේ.
එහෙනම් මං ගිහින් එන්නම්.ආපහු තවත් සබකින් ලගදිම හමුවෙමු….!!!

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,375 downloadsDownload We-Need-to-Talk-About-A-I-2020.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිහස් සෙන්හිරු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිහස් සෙන්හිරු
Subtitles
22 comments
Nelson
Malinda
Nice Work Bro
Thank you....එල්.සී. දමැල්
මේව පරිවර්තනය කරන එක ලේසි නැහැ. මේ වගේ මහන්සි වෙලා කරන උපසිරස ගොඩක් වටිනව. ගොඩක් අය උපසිරස නොදෙන මේ වගේ වැදගත් දේ දිගටම අරං එමු.
ජය... ✌සිහස් සෙන්හිරු
අනිවාරෙන්ම සහෝ
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි
Request...
Flight of The Navigator - 1986
The Goonies - 1985
Cocoon - 1985
Cocoon: The Return - 1988සිහස් සෙන්හිරු
ඉක්මනටම දෙන්නම් අයියේ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Sanjaya
Godaak Sthuthi Sahoo..!!!
Anonymous
Thanks bro
indika75
බොහොම ස්තූතියි .පාසැල් දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ගොඩක් වැදගත් උපසිරැසියක්.තවත් මෙවැනිම වාර්තා වැඩසටහන් කරන්න.
සිහස් සෙන්හිරු
බොහොම ස්තූතියි!!
Sasanka
Sub eka banna bani
සිහස් සෙන්හිරු
තාම බැරිද සහෝ?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshan Fernando
Its a good movie glad that you choose this curious movie. I love it and very happy to watch it with sinhala sub.
Thank You..!!!Anonymous
thank you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!PahasaraDv
Thankz....
Vinod
Thank you saho thawa mewage films oneeeeee...
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![We Need to Talk About A.I (2020) Sinhala Subtitles | අනාගතේදි කෘත්‍රිම බුද්ධිය [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/We-need-to-talk-about-A.I.2020.jpg)
Good work friend, Thanks for the sub