ඔන්න එහෙනම් බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැමෝටම සුබ දවසක් දවසක් ප්‍රාර්ථනා කරනවා.ඔන්න ඉතින් අද මමත් බයිස්කෝප් අඩවියට ගොඩ වෙන්නේ මගේ උපසිරසි නිර්මාණකරණයේ මගේ පලවෙනි සිතුවිල්ල සම්පුර්ණ කරගන්නයි.ඒක තමා මගේ පලවෙනි උපසිරසි 5 වෙනුවෙන් භාෂා 5ක සිනමාපට සඳහා උපසිරසි ලබාදීම. ඉතින් 2020/01/19…
ඔන්න එහෙනම් බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැමෝටම සුබ දවසක් දවසක් ප්‍රාර්ථනා කරනවා.ඔන්න ඉතින් අද මමත් බයිස්කෝප් අඩවියට ගොඩ වෙන්නේ මගේ උපසිරසි නිර්මාණකරණයේ මගේ පලවෙනි සිතුවිල්ල සම්පුර්ණ කරගන්නයි.ඒක තමා මගේ පලවෙනි උපසිරසි 5 වෙනුවෙන් භාෂා 5ක සිනමාපට සඳහා උපසිරසි ලබාදීම. ඉතින් 2020/01/19 දින බයිස්කෝප් අඩවියට බැඳුනු දා සිට 2020/06/19 දක්වා පුරා මාස 5ක් මේකට ගතවෙලා.(මොකට මෙච්චර කල් ගියාද කියලා මම දන්නෙත් නෑ.). ඉතින් මුල් උපසිරසි ටිකත් මතක් කරගෙනම යන්නම්.ඒවා තමා Baasha, Tapped out, Aakrosh, Proxima කියන ටික.තව මේ උපසිරසිය මට ලබාදුන්නු විමා අයියටත්
බොහෝම ස්තූතියි. ඔන්න එහෙනම් ඒ වැඩෙත් හමාරයි, දැන් අපි යමු සිනමාපටය ගැන තොරතුරු ටිකක් බලන්න. 2017 මැයි 12 වෙනිදා Chandra Mohan නම් අධ්‍යක්ෂකවරයාගේ මංගල නිර්මාණය ලෙස ඉන්දියාවට නිකුත් Radha සිනමාපටයේ නිෂ්පාදනය Bhogavalli Bapineedu නම් අයෙක් සිදුකර ඇති අතර මෙහි තිරරචනය, කථාව යන ද්විත්වයම අධ්‍යක්ෂකවරයා විසින්ම සිදුකරන ලදී. Romantic, Comedy, Action, Drama කාණ්ඩ වලට අයත් වන මෙම සලරුවට IMDb දර්ශකයේ 5.4ක අගයක් හිමිවන අතර google පරිශීලකයන්ගේ 82% මනාපයක් හිමිවී තිබෙනවා.
මිනිත්තු 126ක ධාවන කාලයකින් යුතු මෙහි ප්‍රධාන චරිත Sharwanand, Lavanya Tripathi, Aksha Pardasany සඳහා නමැති අය රංගනයෙන් දායක වන අතර Ravi Kishan නම් නළුවා මෙහි දුෂ්ඨයාගේ චරිතයට පණපොවනු ඇති. දැන් එහෙනම් අපි කථාව පැත්තට පොඩ්ඩක් හොම්බ දාලා බලමු.රාධා ක්‍රිෂ්ණා කියන්නේ පොඩිකාලේ ඉඳන්ම ක්‍රිෂ්ණාට ගොඩක් ලැදි කෙනෙක්. දවසක් පාරෙදි ඔහුට පොඩි ඇබැද්දියක් වෙනවා. මේ වෙලාවේ පොලිස් නිලධාරියෙක් ඇවිත් මෙයාට උදවු කරනවා. මෙයා හිතනවා ක්‍රිෂ්ණා පොලිස් වේශයකින් ඇවිත් එයාව බේරගත්තා කියලා, ඉතින් මෙතනින් පස්සේ මෙයාට ඕන වෙනවා පොලිසියට බැඳෙන්න.ඉතින් කොහොමහරි මෙයා පොලිසියටත් බැඳෙනවා. ඊට පස්සේ එක දවසක් ඇමති කෙනෙකුගේ රැස්වීමක පිපිරෙන බෝම්බයකින් මෙයාට ගොඩක් දේවල් නැතිවෙනවා.
ඉතින් මොනවද මෙයාට නැතිවෙන්නේ…?
කවුද මේ බෝම්බය පුපුරවන්නේ…?
බෝම්බ පිපිරීමයි ඇමතිතුමයි අතරේ සම්බන්ධයක් තියනවද…?
මේ හැමදේටම පිලිතුරු බලාගන්න මේ සිනමාපටය නරඹන්න ආරාධනා කරනවා. තවත් එකක් මේ උපසිරසියට අදාල ෆිල්ම් එක බලනකොට මතක් කරලා ඒකේ Audio stream එක Telugu වලට දාගන්න නැත්තන් දෙබස් වලට උපසිරසිය හරියටම ගැලපෙන එකක් නැහැ.
ඉතින් කලින් උපසිරසියේදී ඉල්ලපු ඉල්ලීමට ප්‍රතිචාර දැක්වුවට බොහොම ස්තූතියි, ඔයාලා සඳහන් කරපු සිනමාපට සමහරකට දැනටමත් උපසිරසි හදන්න බාරගෙන තියනවා. එහෙම නැති ඒවාට ඉදිරියේදී උපසිරසි දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් නැවත උපසිරසියකින් හමුවනතුරු සුබගමන්.
ජය වේවා…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි UNCUT HD පිටපත් සඳහා අදාළ වේ.
7,683 downloadsDownload Radha-2017.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
16 comments
indika75
Anonymous
Thanks bro....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
Thanks bro
Kavi_madushan
bohoma sthuthi saho sub ekata,puluwnnm raahu 2020 telugu movie ektath sub denna,jayawewa !!!
Anonymous
thanks..........mama try karannam
D.Chamara
bohoma sthuthi ,
Anonymous
Thanks
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි !!
Anonymous
thanks bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Thanks bro....
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Anonymous
Bohoma Sthuthiyi Sahoo....
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
තව තෙලුගු ටිකක් බස්සමු ඈ...
දිගටම සබ් දෙමු කිව්වා... ජය!Anonymous
Balamu ayiyee....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks..