බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ආදරණීය රසිකයන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා! මම අද අරගෙන ආවේ මගේ 184 වැනි උපසිරැසි නිර්මාණය. මේක ඉන්දියානු සිනමාවේ දැවැන්ත තරු පිරිවරක් එකතු වෙලා නිර්මාණය කරපු, හිනාවෙලා බඩ රිදෙන තරමේ පට්ටම කොමඩි ෆිල්ම් එකක්. ඒ තමයි හැමෝම නොඉවසිල්ලෙන් මඟබලාගෙන හිටපු Welcome to t…

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ආදරණීය රසිකයන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා! මම අද අරගෙන ආවේ මගේ 184 වැනි උපසිරැසි නිර්මාණය. මේක ඉන්දියානු සිනමාවේ දැවැන්ත තරු පිරිවරක් එකතු වෙලා නිර්මාණය කරපු, හිනාවෙලා බඩ රිදෙන තරමේ පට්ටම කොමඩි ෆිල්ම් එකක්. ඒ තමයි හැමෝම නොඉවසිල්ලෙන් මඟබලාගෙන හිටපු Welcome to the Jungle.
මේ කතාව ගෙතෙන්නේ කිසිම වැඩකට නැති, ෆ්ලොප් වුණු නළුවෝ සහ ස්ටන්ට්මන්ලා සෙට් එකක් වටායි. ෆිල්ම් එකක් ෂූට් කරන්න කියලා හිතාගෙන කැලේකට යන මේ කට්ටිය, නොහිතපු විදිහට අසාද් ගන්ජ් කියන ගම අල්ලගෙන ඉන්න සතාරා කියන භයානක ත්‍රස්තවාදියාගේ ග්‍රහණයට අහුවෙනවා. බොරු තුවක්කු අරන් සෙල්ලම් කරපු මේ නළුවන්ට ඇත්තම උණ්ඩ වලට මුහුණ දෙන්න වුණාම වෙන ආතල් සිද්ධි දාමය තමයි මේ ෆිල්ම් එක පුරාම දිග හැරෙන්නේ. ඒ වගේම අවුරුදු 15ක් කැලේ හැංගිලා ඉන්න ඉන්දියන් ආමි එකේ ජෙනරාල් විශ්වජිත් කෝලි ඇතුළු කණ්ඩායමත් මේකට එකතු වුණාම කතාව තවත් රසවත් වෙනවා.
අක්ෂේ කුමාර්, සුනිල් ෂෙට්ටි, සංජේ දත්, අර්ෂද් වර්සි වගේ බොලිවුඩයේ දැවැන්තම කොමඩි සහ ඇක්ෂන් තරු රැසක් එකම තිරයක දැකගන්න ලැබීම මේ ෆිල්ම් එකේ තියෙන ලොකුම ආකර්ෂණයයි. ඔවුන්ගේ පරණ මතකයන් සහ සුපුරුදු රංගන විලාසයන් මේ චිත්‍රපටයට ලබා දෙන්නේ අමුතුම ජීවයක්. ඇක්ෂන්, පට්ට කොමඩි, ඩාන්ස් සහ මියුසික් වලින් කිසිම අඩුවක් නැති මේ සිනමාපටය පවුලේ හැමෝටම එකට ඉඳන් හිනා වෙවී බලන්න පුළුවන් සුපිරිම අත්දැකීමක් වේවි.
මේ චිත්‍රපටයේ තියෙන විහිළු සහ ආතල් එක ඒ විදිහටම ඔයාලට සමීප කරන්න ඕන නිසා, අපේ සාමාන්‍ය කතා කරන භාෂාව උපරිමයෙන්ම පාවිච්චි කරලා දෙබස් වලට සාධාරණයක් කරන්න මම උත්සාහ කළා. අවසාන වශයෙන්, මගේ උපසිරැසි ගැන්වීමේ ගමනට හැමදාමත් අදහස් දක්වමින් මාව දිරිමත් කරන බයිස්කෝප් පවුලේ ඔබ සැමටත් හදවතින්ම ස්තූතියි! (මුල් උපසිරසියේ නැති වුවත් නාකි මයිනා වැනි කොමඩි වචන යුස් කළා)
Welcome 2007
Welcome Back 2015
බුදු සරණයි….!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/BR පිටපත සඳහා අදාළ වේ.
1,315 downloadsDownload Welcome-to-the-Jungle-2026.zip87 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
2 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot Pradeep saho sub ekatra
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Welcome to the Jungle (2026) with Sinhala Subtitles | වනාන්තරයට සාදරෙයන් පිළිගනිමු [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Welcome-to-the-Jungle-2026-1.jpg)
කාලෙකින් සුපිරියකට සබ් ගෙනාවට තෑන්ක්ස් මචෝ