Watch Trailer

Freddy’s Dead: The Final Nightmare (1991) with sinhala subtitles | ෆ්රෙඩීගේ මරණය [සිංහල උපසිරසි සමඟ]

මෙන්න තියෙනව 1991 වසරෙ නිපදවනලද හීන චිත්‍රපට මාලාවෙ හයවැන්න.කතා නායකය ග්ලෙන් දකින හීනෙ නිසා කාලය හරහා ස්ප්‍රින්ග්වුඩ් වලට යවනව ෆ්රෙඩී. අවසානයේ නවතින්නෙ පොලිස් පුනරුත්තාපන මධ්‍යස්ථානයක. කාලෝස්, ට්‍රේසි, ස්පෙන්සර්, සමාජ විරෝධී ක්‍රියා වල යෙදුන බාලවයස්කාරයන් කිහිප දෙනෙක්ම මෙතන ඉන්නව. එයාලව බලාගන්න වෛද…

Freddy's Dead The Final Nightmare (1991)

මෙන්න තියෙනව 1991 වසරෙ නිපදවනලද හීන චිත්‍රපට මාලාවෙ හයවැන්න.කතා නායකය ග්ලෙන් දකින හීනෙ නිසා කාලය හරහා ස්ප්‍රින්ග්වුඩ් වලට යවනව ෆ්රෙඩී. අවසානයේ නවතින්නෙ පොලිස් පුනරුත්තාපන මධ්‍යස්ථානයක. කාලෝස්, ට්‍රේසි, ස්පෙන්සර්, සමාජ විරෝධී ක්‍රියා වල යෙදුන බාලවයස්කාරයන් කිහිප දෙනෙක්ම මෙතන ඉන්නව. එයාලව බලාගන්න වෛද්‍ය උපදේශක වරුන් දෙදෙනෙකුත් එක්ක. මෙයාලගෙ උත්සහය මේ පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පැනයන්න. ඒ අතරෙදි තමා ග්ලෙන් මේ තැනට අරගෙන එන්නෙ.

මැගී කියන්නෙ එයාලගෙ උපදේශිකාව, ඇය උත්සහ කරන්නෙ මෙයාලව යහ මගට ගන්න. නමුත් ග්ලෙන් ගෙ පැමිණීමත් එක්ක ඇයට තම අතීතයේ යම් යම් සිද්ධි මතක් වෙන්න ගන්නව. ඒ ග්ලෙන් තමන් දැකපු හීනය විස්තර කරද්දි. ඇයට මතක් වෙනව තමනුත් මේ හීනෙ කොහේ හරි හිටිය කියල. පොලිසිය ග්ලෙන්ව හමුවෙනකොට ඔහුගේ අතේ තිබුණ පුවත් පත් ලිපියකින් තමා මේ මතකයන් අලුත් වෙන්න ගන්නෙ. ග්ලෙන්ගෙ හීනයටත් මේක සම්බන්ධ නිසා ඇය තීරණය කරනව ග්ලෙන් සමග ස්ප්‍රින්ග්වුඩ් ගම්මානයට යන්න.

මධ්‍යස්ථානයෙන් පැනල යන්න හදන තුන්දෙනා මේ වෙනකොට වෑන් එකේ හැංගිලා. මේ කිසිදෙයක් මැගී දන්නෙත් නෑ. යන්නෙ කොහෙද කියල හැංගිච්ච අය දන්නෙත් නෑ. අතරමගදි ග්ලෙන් ට නින්ද ගිහින් කලබලයක් කරනකොට වාහනය අනතුරට පත්වෙන්න ගිහින් තමා මේයාලව අහුවෙන්නෙ. මැගීගෙ තීරණය මේ තුන්දෙනා වාහනෙත් අරගෙන ආපහු යන්න ඕන කියන එක, ඇය හා ග්ලෙන් ස්ප්‍රින්ග්වුඩ් වල නවතිනකොට. කට්ටිය ඒකට එකඟ වෙලා වාහනෙත් අරගෙන යන්න ගියාට රාත්‍රිය උදා වෙනකම්ම මෙයාලට නගරයෙන් පිටවෙන්න ලැබෙන්නෙ නෑ. අවසානයේ උත්සහය අත ඇරල දාල පාලු ගෙයක රාත්‍රිය ගත කරනව.

ෆ්රෙඩී ගැන විස්තර හොයාගෙන ආපු මැගීට දැනගන්න ලැබෙනව ෆ්රෙඩීට දරුවෙක් හිටපු බවත් එම දරුවා අනාත ආශ්‍රමයක් මගින් වෙනත් දෙමාපිය යුවලකට හදාගැනීමට දුන් බවත්. අදාල අනාත නිවාසයට යන ඔවුන් සිතන්නේ ග්ලෙන් එම දරුවා බවයි. මේ අතර ට්‍රේසි ඇතුලු පිරිසත් ලොකූ කරදරයකට මැදිවෙලා. ඇත්තටම ෆ්රෙඩීගේ දරුවා කවුද?, ඔවුන්ට ස්ප්‍රින්වුඩ් වලින් යහතින් පිටවී යා හැකි වෙයිද? නැවත අවධි වෙන ෆ්රෙඩීව මර්ධනය කරන්නෙ කෙසේද?. ස්ප්‍රින්ග්වුඩ් වල දරුවන් නැත්තේ ඇයි. සියල්ල දැනගන්න චිත්‍රපටය නරඹන්න.

මේ ෆිල්ම් එකතුවත් Extraa Torrent සයිට් එකෙන් ගන්න. මෙන්න මේ A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr ටොරන්ට් නම සෙව්මක් කරල. ධාරිතාවය ටිකක් වැඩියි, ඒත් මේකට හරියන srt ෆයිල් එක තමා මේත් එක්ක තියෙන්නෙ.

 

A Nightmare on Elm Street 5: The Dream Child (1989) | ළදරුවාගේ සිහිනය

Wes Craven’s New Nightmare (1994) | නොමිනිසෙකුගේ පිබිදීම

Freddy's Dead: The Final Nightmare (1991) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

139 downloadsDownload A-Nightmare-on-Elm-Street-6-1991-Baiscopelk.com_.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

139 downloadsDownload Subtitles28 KB

10 comments

  1. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  2. Udara Damith B/K

    ස්තුතියි

  3. aluth.lk

    aluth films walata sub depang bng!

    Arsenal 2017
    Baked in Brooklyn 2016
    Brotherhood 2016
    Lovesick Get Over It 2016

    1. Buddhika

      aluth ewata sab denna ba ban, eewa bedhaaganna hena wali.parana ewata kawuruth naee.
      mata leesiy.

  4. Kulanjana Maduranga

    niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි……………!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  9. Sadeepa amod

    me wage horro slasher film walata sub one