Watch Trailer

Wonder (2017) Sinhala Subtitle | මනුස්සකම තමයි මේ ලෝකේ තියෙන ලස්සනම දේ. [සිංහල උපසිරැසි සමඟ]

ජිවිතේ හරි පුදුමාකාරයි, ජිවිතේ අපිට දෙන සමහර දේවල් අපි කැමති උනත් අකමැති උනත් අපිට බාරගන්න සිද්දවෙනවා.ඉතිං ඒ විදියට අපිට උරුම වෙන දෙයක් තමයි ලස්සන කියන්නේ ඇත්තටම ලස්සන කියන එක සාපේක්ෂ එකිනෙකාට වෙනස් අන්දමට දැනෙන දෙයක්. Lizzie Velasquez කියන්නේ 2006 වසරේදී තිබුන ඔන්ලයින් මනාප තරඟයකින් මේ ලෝකේ අවලස්ස…


ජිවිතේ හරි පුදුමාකාරයි, ජිවිතේ අපිට දෙන සමහර දේවල් අපි කැමති උනත් අකමැති උනත් අපිට බාරගන්න සිද්දවෙනවා.ඉතිං ඒ විදියට අපිට උරුම වෙන දෙයක් තමයි ලස්සන කියන්නේ ඇත්තටම ලස්සන කියන එක සාපේක්ෂ එකිනෙකාට වෙනස් අන්දමට දැනෙන දෙයක්. Lizzie Velasquez කියන්නේ 2006 වසරේදී තිබුන ඔන්ලයින් මනාප තරඟයකින් මේ ලෝකේ අවලස්සනම කාන්තාව විදියට තේරුණ කෙනා. හැබැයි ද්වේශ සහගතව ඇය ගැන පිළිකුලෙන් කතා කරපු මිනිස්සු අයගේ සැබෑම තත්වය දන්නේ නැහැ. අයගේ මේ ස්වරුපය නිසා සයිබර් බුලින් එහෙමත් නැත්නම් අපි එදිනෙදා දකින්නේ ඕන තරම් ජනප්‍රිය චරිත ෆේස්බුක් එක හරහා ට්‍රෝල් කරනවා. විශාල වශයෙන් අන්න ඒ සයිබර් බුලින් වලට ලක්වෙනව. උපරිම බර 28kg වෙන ඇයගේ එම තත්වයට සහ පෙනුමට හේතුව වෙන්නේ ඇයගේ සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ දුර්වලතාවයක් නිසා ඇයගේ ශරීරයේ මේදය තැම්පත් නොවීම සහ එනිසාවෙන් ඇයගේ සිරුරට මාංශ පේශීන් මගින් ලබාදෙන හැඩය නොලැබීම. එවැනි රෝගීන් මේ ලෝකයෙන්ම වාර්තා වෙන්නේ දෙන්නෙක් විතරයි. ඉතිං මේ වෙනකොට ඇය අයට අපහාස කරපු ඇයව ට්‍රෝල් කරපු හැම කෙනෙක්ටම හොඳ පිළිතුරක් ලබා දීලා තියෙනව. මේ වෙනකොට ඇය ජනප්‍රිය ධනාත්මක චින්තන දේශකවරියක් සහ ලේඛිකාවක්. හැම කෙනෙක්ම ඒ ඒ අයට ආවේනික අන්දමකට සුන්දරයිනෙ. ඉතිං ඇය කියනවා අනිත් අය ඔබට පහර ගසන දුර්වලම ස්ථානය ඔබේ ජීවිතය වෙනස් කරවන සංධිස්ථානය බවට පත්කරගන්න ඔබට හැකියි කියල. මම මේ සත්‍ය කතාව කිව්වේ අන්න ඒ වගේ කතාවක් ගැන ලියවුන කෘතියක් ඇසුරින් නිමවුන බොහොම අපුරු අන්දමේ සංවේදී සිනමාපටයක් ඔබ වෙත තිලිණ කිරීමේ අරමුණ ඇතුව. මම මේ කතාව කිව්වේ හැම චිත්‍රපටයක්ම ප්‍රබන්ධයක් පමණක්ම නොවන බවත් සමහර ප්‍රබන්ධ ගෙතෙන්නෙ යම් සත්‍ය සිදුවීම් ඇසුරින් බවත් ඔබට මතක් කරන්න. අදාළ කෘතියේ නමත් වොන්ඩර්, එහි රචකයා වෙන්නේ R.J. Palacio. ඇය මේ කෘතිය ලියන්නේ ඇයට මුහුණ දෙන්න සිද්දවෙච්ච සත්‍ය සිදුවීමක් ඇසුරින්. දවසක් ඇය තමාගේ අවුරුදු තුනක් වයසැති පුත්‍රයා එක්ක අයිස්ක්‍රීම් ගන්න පෝලිමේ ඉන්නකොට ඇයගේ පුතා දකිනවා උපතින්ම විකෘති අන්දමින් යුතු මුහුණක් තියෙන ගැහැණු ළමයෙක්ව. ඒ ගැහැණු දරුවාව දකින R.J. Palacio ගේ පුතා බයවෙලා අඬන්න ගන්නවා. ඇය තමන්ගේ පුතාව එතනින් අයින් කරගන්නවා එතකොට අර ඉහත සඳහන් කරපු ගැහැණු දරුවාගේ සහ ඇයගේ පවුලේ අය මහත් වේදනාවකට පත්වෙනවා. එතකොට Palacio තවත් අසරණ වෙනවා. ඔය සිදුවීම ඔතනින් නිමයි.ඔය අතරේදී ඇයට දවසක් Natalie Merchantගේ Wonder සිංදුව අහන්න ලැබෙනවා. ඔන්න ඔය සින්දුවෙන් පස්සේ Palacio හිතනව මේ දේ අලළා ගුරුවරුන්ටත් කුඩා දරුවන්ටත් ආකල්පමය වශයෙන් දියුණුවක් ඇතිකරන්න පුළුවන් කෘතියක් ලියන්න. ඇය ඒ කෘතියට වොන්ඩර් කියල නම දාන්නේ ඔය මම කියපු සිංදුව ඇසුරින්. පිටු 311කිං සමන්විත මෙම කෘතිය 2012 වර්ෂයේදී ප්‍රකාශණයට පත්වෙනවා ඒ විතරක් නෙමෙයි ආදායම් වාර්තා තබමින් මේක විකිනෙන්න ගන්නවා. ඒ කෘතිය කෙතරම් අපුර්වද යත් ඒ ඇසුරින් 2017දි සිනමාපටයක් නිකුත් වෙනවා. 

ඉතිං එම චිත්‍රපටයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය Beauty and the Beast 2017, The Perks of Being a Wallflower 2012, වැනි බොහොම අපුරු සිනමා නිර්මාණ අපිට තිලිණ කරපු ස්ටෙෆන් චබොස්කිගෙන්. ඉතිං මේ සිනමා නිර්මාණයට IMDB 8.1 වගේ අගයක් ලැබිල තියෙනව මේ ලිපිය ලියන 2018 ජනවාරි 30 වැනි දින වෙනකොට. ඒ වගේම මේ සිනමාපටය සඳහා රංගනයෙන් Owen Wilson, Julia Roberts, Mandy Patinkin, වැනි ප්‍රවීණ නළු නිලියන් එකතු වෙනකොට පොඩිත්තන්ගේ චරිත සඳහා බොහොම අපුරුවට තම රංගන දායකත්වය ලබා දෙන්නේ ප්‍රධාන චරිතය ලෙසින් එකතු වෙලා ඉතාම අගනා රංගනයක නිරත වෙන Jacob Tremblay සමග Noah Jupe, Kyle Breitkopf, James A Hughes. යන අයයි. ඩොලර් මිලියන 20කැ වියදමින් නිපදවුණු මෙය ඩොලර් මිලියන 250කට ආසන්න අගයක ආදායමක් වාර්තා කරගන්න සමත් වෙනවා. පවුලේ සැමට බලන්න පුළුවන් බොහොම ආදර්ශමත් ආකල්පමය දියුණුවක් ඇතිකරවන්න පුළුවන් මේ සංවේදී කතාව ඔබට බාරයි එහෙනම්. වෙනද වගේ කතාව ගැන නොකියා ඉන්නම්. මොකද මේක හැම කෙනෙක්ම බලන ගමන් තම තමන් ඇතුලාන්තයෙන්ම හිතන්න ඕන කතාවක්, අපි වැඩිය නොසිතා කි දෙනෙක්ට නම් මේ වගේ බුලින් කලාද කියල. ඒ කෙනා අපි කරපු වැඩ නිසාවෙන් මොන තරම් අපහසුතාවයට මානසික පීඩනයකට ලක්වෙන්නට ඇතිද කියල.. එහෙමනම් නැවතත් උපසිරසකින් හමුවෙමු. ගිහින් එන්නම්… අනිවාර්යෙන්ම බලන්න, නෙතට කඳුලක් එක්කරාවී ඔබට නොදැනිම.

“තමන් කවුද කියන එක කවදාවත් අමතක කරන්න එපා.
මොකද අනිත් අය, ඔයා කවුද කියන එක කවදාවත් අමතක කරන්නේ නැහැ.
ඒක පලිහක් විදියට පාවිච්චි කරන්න
එතකොට කාටවත් කවදාවත් ඔයාට ඒකෙන් රිද්දන්න ලැබෙන්නේ නැහැ.
“
~ ට්රියන් ලැනිස්ටර් (ගේම් ඔෆ් ත්‍රෝන් ) ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.

7,839 downloadsDownload Wonder.2017-1.zip151 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/vima-123456.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

7,839 downloadsDownload Subtitles151 KB

48 comments

  1. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…..

  2. tharindu gunarathna

    thanks

  3. tharindusampath

    thank you bro sub denakam balagena hitiye

  4. D.Chamara

    hamee denakam balagena hitiya baohaoam sthuthi sahooo jaya...

  5. Praneeth priyadarshana

    Tks sahooooo

  6. Thisal

    ස්තූතියි

  7. Sanath Indika

    thx broo

  8. suraswv

    thanks bro

  9. harshaw

    ස්තූතියි !!

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි විමා සහෝ උපසිරැසට..!

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. Kaushan Herath

    සබට තෑන්ක්ස් සහෝ

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. එල්.සී. දමැල්

    මේක නම් ආපු කාලෙම වගේ ගත්තේ. හැබැයි බලන්න වුනේ නැහැ. දැන් ඉතින් සබ් එක තියෙනවනේ. ලිපියත් හරිම වටිනවා. ඉගෙනගන්න දෙයක් උදාහරණයක් සඳහන් කරන එක නියමයි. එහෙමනම් ලිපියට සහ උපසිරසට බොහොම ස්තුතියි අයියේ... තවත් මෙවැනි සුපිරි සිනමාපටයක උපසිරසකින් හමු වෙමු නේද....

  15. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. subodha

    Thanks..

  17. dumidu gamage

    thanks bro

  18. Aruna Disanayaka

    thank you bro

  19. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  20. siricute

    ☻☻☻☻☻

  21. Bandaramudiyansi

    බොහොම ස්තුතියි මල්ලි.
    මල්ලි ඔයා මිට කලින් දුන්න මුවි එක
    හොද ප්‍රින්ට් එකකට වැඩ කරයිද.

    1. විමා

      අද අප්ඩේට් එකක් දෙන්නම් ඒකට සහෝ

  22. Kanchaka

    Thanks bro......

  23. Thusitha Sampath

    Thank You very much

  24. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  25. AsithaDilruwan

    elama saho thanks

  26. James DC

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට...

  27. malith

    Ela ela

  28. akila13

    සබට තුති සහෝ ජය වේවා

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශාන් සහෝ.
    ජයෙන් ජය.

  31. Yohan_Darshana

    උපසිරැසියට ස්තුතියි....

  32. Gayan Chathuranga

    උපසිරැසියට ස්තුතියි!

  33. anunethu

    Thanks ...

  34. VSImple

    උපසිරසියට ස්තුතියි...........
    ජය........

  35. Ishan007

    Thanx machn sub ekata

  36. Kaazz_bat

    Thanks mcn Sub ekata,. Jayawewa,

  37. sampath n perera

    උපසිරැසියට ස්තුතියි!

  38. asintha rukshan

    thank sahoo attatama meka mara motivation ekk

  39. MadhuBandara

    Thank You....

  40. Jeevan Suraj

    Thanks for the sub bro

  41. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  42. Nidi

    ශාන්, මට කළ හැකි උපරිමයෙන් ඔයාටයි, බයිස්කෝප් සයිට් එකටයි, මේ ෆිල්ම් එක දීම වෙනුවෙන් කළගුණ දැක්වුවා. මා ලියන 'නිදිගෙ පංච තන්තරේ' බ්ලොගයට 'විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා' නමින් පෝස්ට් එකක් අද; 2018.10.18 පබ්ලිෂ් කළා. ඒක මේ ෆිල්ම් එක ගැනයි!

  43. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  44. suchroxx

    Thanks Bro

  45. neelanethra

    ස්තූතියි සහෝ...!!!

  46. yasith Maduran

    thank you sooo..much

  47. Thisev

    Useful