Watch Trailer

The Perks of Being a Wallflower (2012) Sinhala Subtitles | අපි තමයි අනන්තය….[සිංහල උපසිරැසි]

1999 පෙබරවාරි 01 වැනිදා Stephen Chbosky නම් ලේඛකයා විසින් ඇමරිකාවේදී The Perks of Being a Wallflower නම් කෘතියක් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. එක බොහොම ජනප්‍රිය කෘතියක් බවට වූ අතර 2012 ඔක්තෝබර් මස 12 වැනිදා එය සිනමා කෘතියක් ලෙස ප්‍රෙක්ෂකයන් අතට පත කිරීමට මුල් ලේඛකයා වූ Stephen Chbosky තම සහය අධ්‍යක්ෂණය…

1999 පෙබරවාරි 01 වැනිදා Stephen Chbosky නම් ලේඛකයා විසින් ඇමරිකාවේදී The Perks of Being a Wallflower නම් කෘතියක් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. එක බොහොම ජනප්‍රිය කෘතියක් බවට වූ අතර 2012 ඔක්තෝබර් මස 12 වැනිදා එය සිනමා කෘතියක් ලෙස ප්‍රෙක්ෂකයන් අතට පත කිරීමට මුල් ලේඛකයා වූ Stephen Chbosky තම සහය අධ්‍යක්ෂණය ලබාදී තිබෙනව. මෙය බොහොම අගනා බයිස්කෝප් එක්ක විදිහට IMDB දර්ශකයේ ලකුණු 8.1ක් ලබාගෙන IMDB TOP 250 චිත්‍රපට අතර 225 වැනි තැන ලබාගන්න සමත්වෙලා තියනව. Logan Lerman, Emma Watson, Ezra Miller, Nina Dobrev වගේ තරුණ පරපුරේ බොහොම දක්ෂතා පෙනවන නළු නිළියන් කැලකගේ රංගනය දායක කොටගෙන තිබෙනවා. 90 දශකයේ සංගීතය බොහෝම අලංකාර ආකරයට යොදාගෙන ඇති මෙය මිනිත්තු 102ක් පුරාවට කතා දෙක්ක ප්‍රේක්ෂකයන් අතරට ගෙනයනවා.

කතා දෙකක්? එහෙම කිව්වම විකාරයක් වගේ නේද? නමුත් මේ චිත්‍රපටය බැලුවොත් ඔයාලට එක කතාවක් තේරුම් ගන්න පුලුවන් වේවි. නමුත් නියම විදිහට රසවින්දොත් මේකෙ ඇතුලාන්තයෙන් දිවෙන බොහෝම ආදර්ශමත් සියුම් කතාවක් තේරුම් ගන්නත් පුලුවන්. ඉතින් බයිස්කෝප් එකත් එක්ක ඉන්න ප්‍රේක්ෂකයනට කියන්න තියෙන්නෙ බොහොම අවදානයෙන් බලන්න කියල තමයි.

එහෙනම් හැරෙමු කතාව පැත්තට; මේකෙ උඩින් යන කතාව සරලයි, ලස්සනයි. චාලි කියන්නෙ ටිකක් සබකෝලය වගේම පොඩි මානසික ප්‍රශ්නයක් තියන ගැටවරයෙක්. මැද පාසලේ ඉගනීම අවසාන කරල ඇතුල්වෙනව උසස් පාසලට. නමුත් මේ කොලුව එක්ක කිසිම කෙනෙක් යහළු වෙන්නෙ නැහැ. පළවෙනි දවසෙ කොලුවගෙ යහළුව වෙන්නෙ උසස් ඉංග්‍රීසි ගුරුවරය. කොහොම නමුත් දවසක පාපන්දු තරගයකදි මේ කොලුව පැට්‍රික් නම් වැඩිමල් සිසුවෙක් එක්ක කතා කරනව. ඉන් පස්සෙ සෑම්, මේරි එළිසබෙත්, ඇලිස්, බොබ් වගේ මිතුරන් කාණ්ඩයක් සමග මේ කොලුව එකතු වෙලා තමන්ගේ තනිකම මකා ගනව. කොහොම නමුත් මේ ඔක්කොම වැඩිමහළු සිසු සිසුවියන්. හැමෝම බොහෝම සංගීතයට ලැදී…. මොවුන් අතර විවිධ හැල හැප්පීම්, විරසක වීම්, එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම්, ආදරයෙන් බැදීම් මේ අගනා බයිස්කෝප් එක පුරාවටම බලාගන්න පුලුවනි ඔයාලට.

මම මුලින් කිව්වනේ මේ චාලිගෙ පොඩි මානසික රෝගී තත්වයක් පිළිබඳව. ඒක තමයි ඔහුට එක එක දේවල් පේනව. තමන්ගේ හිත පාලනය කරගන්න බැහැ ඒ ගැන නොහිත. මෙහෙම වෙන්න චාලිට එක හේතුවක් තියනව. ඒක මේ චිත්‍රපටය තුල බොහොම ලස්සනට එක එක අවස්ථාවල පුංචි ඉඟි මගින් ප්‍රේක්ෂකයාට දැනගන්න ඉඩ දෙනව. හැබැයි ඒක කෙලින් කියන්නෙ නැහැ. කොහොමත් අන්න ඒකතමයි මෙහි තිබෙන විශේෂත්වය. ඒක හොයාගන්න මම උපසිරැසියේ සමහර තැන්වල උදව් දීලා තියනව. ඒ කතාව තේරුම් ගන්න පුලුවන් වුනොත් ඔයාලත් වැටෙන්නේ මෙම චිත්‍රපටය රසවිදපු ප්‍රේක්ෂක පිරිසට. ඒ නැතත් උඩින් යන ඒ ලස්සන් කතාවටත් අපේ පාසලේ අවසාන අවුරුදු කිහිපය අපේ මතකයට එනවට කිසිම සැකයක් නැහැ. වැදගත්ම දේ තමයි පවුලේ සැමට එකට ඉඳගෙන රස විදින්න පුලුවන් කතාවක් වීම.

අවසාන වශයෙන් දෙමව්පියන්ට කියන්න තියෙන්නෙ මේ සමාජය ගොඩක් නරකයි. අපි හිතන තරම් හොඳක් ඒක ඇතුලෙ නැහැ. තමන්ගේ දරුවනට තමන් තරම් කිසිම නෑදෑයෙක් ආදරය කරන්නෙ නැහැ. ඒක නිසා තමන්ගේ දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඔවුනට ආදරය කරන්න. මම එහෙම කිව්වෙ ඇයි කියල ඔයාලට තේරේවි මේක බැලුවම. නමුත් මේක පවුලේ සැමට එකට ඉඳගෙන රස විඳින්න පුලුවන් කතාවක්. මෙම චිත්‍රපටය මට ලබාදුන්න අපේ විකිය සහෝදරයට ස්තුතියිවන්ත වෙන ගමන් මම යනවා, තවත් උපසිරැසක් එක්ක හමුවෙමු. කමෙන්ට් එක්ක දාල යන්න අමතක කරන්න එපා. හැමෝටම ආයුබෝවන්….!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

3,038 downloadsDownload The.Perks_.of_.Being_.a.Wallflower.2012.zip193 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12

Subtitles

3,038 downloadsDownload Subtitles193 KB

77 comments

  1. narto

    patta patta thnxxx

  2. zumo man

    elazzz thnxzzz bro

  3. Isuru

    machan 077 katha tikath one ikmanatama.. meykatath bohoma pin

  4. උදාර

    කතාවේ හැටියට නොබලා කොහොමද අනික හොදම 250 තියෙන එකක්. හැරී පොටර් එකේ කෙල්ලනේ ඉන්නේ :) ජය

    1. Anonymous

      film eka kohenda ban bawe

  5. quik

    thanks

  6. wow

    wow... maru :D

  7. pubudu

    tx lot

  8. rusuru | රුසිරු

    ජය වේවා පට්ට ෆිල්ම් එකක් සබ් දාලාම දුන්න එකට අර කිවුවත් වගේ 007 බොන්ඩ් ඒවාත් ඕනේ කොල්ලෝ.

  9. lasanatha!!!!!!

    aniwa balilak meyka thxz

  10. naleen

    ජයම වේවා :)

  11. ccnp

    Thanks

  12. tharanga

    එලස්... මේක නම් සුපිරි ෆිල්ම් එකක්. බොහොම තුති සහෝට

  13. ganidu

    ජය :) සුපිරි

  14. chami

    thnxxxxxxxxxxx

  15. h[A]s

    මේක නම් පට්ටම ෆිල්ම් එකක් අනිවා සබ් දාපු එක නම් සුපිරි

  16. vernie

    මේක බැලුවා. මරු. 1.6 gbකොපිය ගන්නවා

  17. uda

    නිසැකවම සහෝ නිසැකවම! ඉතාම අනර්ග සිනමාපටයක් මේක! මේක ආ දවස්වලම මම අරගත්තා. නමුත් හරියට බලන්ඩ යන්නෙනම් දැන් තමා. මම එහෙන් මෙහෙන් බැලුවා මිස හරියාකාරෙට බැලුවෙ නෑ තව. නමුත් ඔයා කියන දේ කියන්ඩ හදන දේ 100%ක් ඇත්ත බව මට පිළිගන්ඩ වෙනවා.

    මේක මේ සීනිබෝල කතාවක් වගේ පෙනුනට ඇත්තෙන්ම එහෙම නෙවෙයි. ඔයා වගේ පොඩි වයසක කොල්ලෙක් මේක මේ විදිහට වටහා ගැනීමම ඉතාම අනර්ගයි. මොකද ඔයිට වැඩි වයස්වල කොල්ලොත් අද ජීවිතේක ගැඹුරක් දන්නෙ නෑ ඇතැම් වෙලාවක. ඒ විතරක් නෙවෙයි මේක මේ විදිහට සබ් කරලා මතුපිටින් දිවෙන සුරුවම් කතාවක් යටින් යන ලොකු වැදගැම්මක් අපේ මිනිස්සුන්ට සිහිපත් කරන්ඩ හිතුව එකත් හරිම අනර්ගයි.

    නිසැකවම මේකෙ රගපාන නළු නිළියන්ගෙන් බැරෑරුම්ම කාර්යය ඉටු කරන්නේ යොවුන් නළුවන්. ඔවුන්ගේ දක්ෂතාවය පිළිබදව කිසිදු සැකයක් ඇත්තෙ නෑ. මොකද මේ චිත්‍රපටය මෙතරම් ඇගයීම් ලබන්නට හේතුව කොහෙත්ම ඔවුන් සතු ජනප්‍රියත්වයනම් නොවෙයි, නිත්තෙන්ම ඒ ඔවුන් සතු දක්ෂතාවයමයි. රගපෑම කියන්නෙ සබෑවටම මොකද්ද කියන එක ඉගෙන ගන්ඩ අපේ ප්‍රවීණ යැයි කියාගන්නා නළු නිළියන්ටත් මේවා වටීවි. රගපෑම තුළ තමා ඉස්මතු නොවී අදාල චරිතය සහ එය සතු ගුණාංගයන් පමණක්ම ඉස්මතු විය යුතු බව ආසියාවෙ ඇතැම් ලොකු ලොකු නළුවො ළගවත් නැති දෙයක්. ඒ අතින් මොවුන් ඉතා ඉහළයි.

    සුපුරුදු පරිදි බටහිර රචකයන්ගේ පදනම වන දෘෂ්ටිවාදයන් මත පදනම්ව කෙරෙන නිර්මාණයන්ගේ තිබෙන ගැඹුරත් මෙහි දක්නට ලැබෙනවා. අපේ රටවල මේ ගතිය හරිම අඩුයි නේ. එනිසාමයි ඔවුන්ගේ සිනමාපටවලත් (ඕනෑම එකක) ලොකු කතාවක් තියෙන්නෙත්. අපේ සිනමාවට එතනට එන්ඩත් තව හුගාක් දුර යන්ඩ වෙයි.

    කොහොම වෙතත් මෙවන් අගනා නිර්මාණයක් ගෙන ආ එකට තුති! ජය!

  18. was

    සමීර දෙන්නෙත් නියමම ඒවා. ශා,,,, ඔන්න එහෙනම් බානවා.

  19. දනුක

    සුපිරි

  20. elakiri

    එළකිරි මචෝ මේක උදා කියලා තියෙන විදියට නියමම එකක්

  21. lk

    thx lot

  22. kalinga

    නියමයි මචෝ තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!!!

  23. g-a-n-d-u

    තෑන්ක්ස් මචං

  24. eraNga

    patta patta machan

  25. hh

    elakiri machan :D thawath hoda wata subs denna

  26. chamath cafe

    සුපිරි මමත් මේක බලන්න ආසාවෙන් උන්නේ,. ජය

  27. cj

    niyamai

  28. sumudu

    thxxxxx saho

  29. Bandula

    supiri

  30. NPDJs

    thankzzzzzz

  31. ශාන් විමුක්ති [වීමා]

    "අවසාන වශයෙන් දෙමව්පියන්ට කියන්න තියෙන්නෙ මේ සමාජය ගොඩක් නරකයි. අපි හිතන තරම් හොඳක් ඒක ඇතුලෙ නැහැ. තමන්ගේ දරුවනට තමන් තරම් කිසිම නෑදෑයෙක් ආදරය කරන්නෙ නැහැ. ඒක නිසා තමන්ගේ දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඔවුනට ආදරය කරන්න"

    සිරා මචං ඒ කතාවනම්, මම උබත් එක්ක අනිවාර්යෙන්ම එකගයි බන්
    නියමයි කොල්ලෝ :)

  32. Sara Yohani Epa

    thanks.....................

  33. me

    Thanks

  34. Ranga

    Ela ela thanks macho

  35. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම් කතාව හරියටම රස විඳින්න පුළුවන් වෙයිද කියලා. :P :P

  36. bee

    elz elz..........
    tnx

  37. randy brckham

    gindara macho !~elama thamai,me denma banawa mn nam

  38. Uraj Deemantha

    බාගෙනම බලමු..... :)

  39. දිදුල Kd සිල්වා

    ලස්සන කතාවක් වගෙයි.. බොහොම ස්තූතියි යාලුවා සබ් එකට..

  40. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මැක්සා, ටොප් 250 හේ තියෙනවානම් ඉතින් ආයේ මොන කතාද
    නේද... අනිවා බෑමක් තමයි....

  41. “චූටී මල්ලි”

    එලනෙ සමීර
    පෝස්ට් එකට අනුව නම් ලස්සන ෆිල්ම් එකක් වගෙ
    කොහොමත් ඉතින් හොද ඇති 250 අස්සෙ තියෙනවලුනෙ

    බොහොම පිං මේ වගෙ අගනා වටිනා නිර්මාන අපිට සිංහල එක්ක දෙනවට

    How.To.Rob.A.Bank.2007
    දෙන්න බැරිද මාත් බලලනම් නෑ ඒත් හොද ඇති කියලා හිතෙනවා

  42. Dhanuka

    විස්තරේ හැටියට බොහොම වටිනා කතාවක් කියල හිතෙනවා. ඒ වගේ එකක් හොයල උපසිරසිත් එක්කම දීපු එකනම් ගොඩාක් වටිනවා. ඉදිරියෙදිත් මේ වගේ නිර්මාණ අපිත් එක්ක බෙදා ගන්න සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා! කියල සුභ පතනවා.

  43. shann

    tnxxx

  44. yeshu

    thankZ

  45. හසන්ත වික්‍රමරත්න

    සොරි වෙන්න ඕනේ ප්‍රමාද උනාට. ගොඩක් ස්තුතියි සබ් එකට. ලස්සන කතාවක් මේක. මම කලින් බැලුවා. දැන් සිංහලෙන්ම බලන්න පුළුවන් සමීරට පින් සිද්ධ වෙන්න. :D

  46. දිනුක මධුශාන්

    එළ කතාවක් වගේ, මාත් බලන්න ඕන. බොහොම ස්තුතියි සහෝ.. ජය!

  47. chinthaka

    good macho.....Queen.of.the.Damned.2002 ta sub danawada

  48. chathuranga

    thanks.mdhn....................................!!!!!!!!!!!!!!!!!!!!

  49. mudiya / මුදියා

    සුපිරියි සමීර සහෝ.අනිව බෑමක් තමයි මේක නම්.ඔයා චිත්‍රපටිය විස්තර කරන්නෙත් බලන්න හිතෙන විදිහටම තමයි.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!

  50. dulo

    patta film ekak macho. maru

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.