අම්මා! සාමාන්‍යයෙන් අපි හැමෝම මුලින්ම කියන වචනෙ. එ වචනෙ තියෙන බලයෙන් අනිත් හැම වචනයක්ම යටපත් වෙනවා. අම්මව දෙවියො විදිහට නොසැලකුවත් දෙවියන්ව අම්ම විදිහටත් සලකනවා. පරිත්‍යාගයට කියන තවත් නම තමයි අම්ම කියන්නෙ. ඒත් මගෙ අම්මා එහෙම නෑ. මගෙ අම්මා මටත් වැඩිය ආදරේ කලේ ගණිතයට. එයාගෙ ගණිත වැඩසටහන් වලට. මන් පුං…

අම්මා!
සාමාන්‍යයෙන් අපි හැමෝම මුලින්ම කියන වචනෙ. එ වචනෙ තියෙන බලයෙන් අනිත් හැම වචනයක්ම යටපත් වෙනවා. අම්මව දෙවියො විදිහට නොසැලකුවත් දෙවියන්ව අම්ම විදිහටත් සලකනවා. පරිත්‍යාගයට කියන තවත් නම තමයි අම්ම කියන්නෙ.

ඒත් මගෙ අම්මා එහෙම නෑ.

මගෙ අම්මා මටත් වැඩිය ආදරේ කලේ ගණිතයට. එයාගෙ ගණිත වැඩසටහන් වලට. මන් පුංචි කාලෙදිම මාව තාත්තගෙන් වෙන් කරලා එංගලන්තයට අරන් ආවා. අපිට හරි හමන් ගෙයක් කියල එකක් තිබුනෙ නෑ. අපි හැමදාම හිටියෙ හොටෙල් කාමර වල. මට කවදාවත් ළමා කාලයක් තිබුනෙ නෑ. අවුරුදු ගානක් යනකන් මම ඉස්කෝලෙකට ගියේ නෑ. ඒ මම රට රටවල ඇවිදින නිසා දැනුම ලැබෙනවයි කියල මගෙ අම්ම හිතපු නිසා.

අද මම මේ කරන්න යන දේ මීට කලින් කිසිම දුවෙක් කරන්න නැතුව ඇති. මගෙ අම්මට විරුද්දව අපරාධ නඩුවක්!

ඒත් මම ලොකු වැරැද්දක් කලා. ලොකුම ලොකු වැරැද්දක්. මගෙ අම්මා එයාගෙ අම්මට කරපු වැරැද්ද. ඉස්සර මගෙ ජීවිතෙ එකම අරමුනයි තිබුනෙ. ඒ මම මගෙ අම්ම වගේ නොවෙන එක.මට අම්මව තේරුම් ගන්න බැරි වුනා. මම මගෙ අම්මව හැමදාම දැක්ක අම්ම කෙනෙක් විදිහට විතරයි. කවදාවත් ගැහැනියෙක් විදිහට දැක්කෙ නෑ. ඒත් මම පරක්කු වැඩි වුනේ නෑ. අපි ආයෙ එකම කණ්ඩායමක් බවට පත් වුනා.

අම්මේ!
මට ඔයා ගැන ආඩම්බරයි!

සකුන්තලා දේවි

 

සකුන්තලා දේවි සහ ඇගේ දියනිය අනුපමා

සකුන්තලා දේවි උපත ලබන්නෙ කන්නඩ හින්දු පවුලකට දාව 1929 අවුරුද්දෙ නොවැම්බර් 4 වෙනිදා බැංගලෝරයෙදි. ඇගේ පියා චිත්‍ර ශිල්පියෙකු, සිංහයින් හීලෑ කරන්නෙකු, සහ මැජික් ශිල්පියෙකු ලෙස සේවය කලා. සකුන්තලාට වයස අවුරුදු තුනක් පමන වන විට ඔහු ඇයගේ ගණිත හැකියාව න් හඳුනා ගත්තා. ඉන්පසු ඔහු ඇයව සංදර්ශන සඳහා රැගෙන ගියා. විධිමත් අධ්‍යාපනයක් නොලැබුවත් ඇය මයිසූර් විශ්ව විද්‍යාලයේදී ඇගේ ගණිත හැකියාවන් ඉදිරිපත් කලා.

ඇය පාසල් සිසුන් සඳහා සරල ගණිත් ක්‍රම හඳුන්වා දුන්නා. ඇය ගණිතයට පෙන්වූ විශිෂ්ට දක්ශතා නිසා 1982 වසරේදී ගිනස් ලෝක වාර්තා පොතටද ඇතුලත් වුනා. දේවි ලොව පුරා රටවල් ගනනාවක ඇගේ ගණිතමය කුසලතා ප්‍රදර්ශනය කරමින් සංචාරය කලා පසු කාලීනව ඇය නවකතා, ගණිත ප්‍රහේලිකා සහ ජ්යෝතිශය පිලිබද පොත් ගණනාවක් රචනා කලා.ඒ වගේම සමලිංගිකයින් පිලිබඳ ඉන්දියාවේ රචනා වූ පලමු පොත වන The World Of Homosexuals රචනා කලා. ඇය සමලිංගිකත්වය පිලිබඳ ධනාත්මක ව දුටු අතර ක්ශේත්‍රයේ පුරෝගාමියෙකු ලෙසද සැලකෙනවා. ඇය 1980 දී ඇය ලෝක් සබා මැතිවරනයටද ඉදිරිපත් වුනා. ඒ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ට ප්‍රතිවිරුද්දවයි. 2013 දි ඇය මිය යන්නේ දරුනු ශ්වසන ආබාදයකට ලක් වීමෙන්.

සකුන්තලා දේවිගෙ ජීවිත කතාව ඇසුරෙන් නිපදවපු මෙම චිත්‍රපටිය ජූලි 31 වනදා ඇමසෝන් ප්‍රයිම් නාලිකාව මගින් විකාශය කලා. මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ අනූ මෙනන්. රංගනයෙන් සකුන්තලා දේවිගේ චරිතය ට විද්‍යා බාලන්, ඇයගේ දියනිය ලෙස සාන්‍යා මල්හෝත්‍රා සහ සැමියා ලෙස ජිශු සෙන් ගුප්තා රංගනයෙන් දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ සචින් සහ ජිගර්. ගීත ගායනයෙන් සුනිදි චෞහාන්, ශ්‍රෙයා ගෝශාල්, බෙනී දයාල් සහ මොනාලි ඨාකුර් දායක වෙනවා.

ඉතින් තවත් චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.

Due to copyright issues, we do not provide any torrent link.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

1,785 downloadsDownload සකුන්තලා-දේවි-2020.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank


GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,785 downloadsDownload Subtitles56 KB

7 comments

  1. kumaradasa

    bohoma stuthie sub ekata.godak mahasi wala api wanuwan sub hadanawata

  2. Anonymous

    thanks

  3. nish47

    ස්තූතියි සහෝ

  4. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  7. Anonymous

    thanx fpr the sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.