Watch Trailer

Million Dollar Baby (2004) Sinhala Subtitles | ජීවිතයේ සදාතන අරමුණ… [සිංහල උපසිරසි සමඟ]

” මිස්ට ඩන් නේද ?” “ම්ම් ,මං ඔයාට ණයයිද ?” “නෑ සර්.” “එහෙනම් මං ඔයාගෙ අම්මවවත් දන්නවද?” “ඒකනම් හරියටම දන්නෙ නෑ සර්.” ඒ විදියට තමයි ෆ්‍රෑන්ක් ඩන්ට මුලින්ම මාගරට් ෆිට්ශෙල්ඩ්ව මුණගැහෙන්නෙ. එයා ඔහුගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි. ඒ තමන්ව පුහුණු කරන ලෙස, බොක්සිං ලෝක ශූරතාවය දිනා ගැනීමට තමාව පුහුණු කරන එක. ඇයි ම…

” මිස්ට ඩන් නේද ?”

“ම්ම් ,මං ඔයාට ණයයිද ?”

“නෑ සර්.”

“එහෙනම් මං ඔයාගෙ අම්මවවත් දන්නවද?”

“ඒකනම් හරියටම දන්නෙ නෑ සර්.”

ඒ විදියට තමයි ෆ්‍රෑන්ක් ඩන්ට මුලින්ම මාගරට් ෆිට්ශෙල්ඩ්ව මුණගැහෙන්නෙ. එයා ඔහුගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි.
ඒ තමන්ව පුහුණු කරන ලෙස, බොක්සිං ලෝක ශූරතාවය දිනා ගැනීමට තමාව පුහුණු කරන එක. ඇයි මැගී ඒ වගේ ඉල්ලීමක් ඔහුගෙන් කරන්නේ ? මොකද එයා දන්නවා මේ ලෝකෙ ලෝක ශූරයෙක්ව හදන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් ඒ තමයි ඔහු කියල.

නමුත් ඒ වන විටත් තම දියණිය ක්‍රීඩා තරුවක් වෙනවා දැකීමට බලාපොරොත්තුවෙන් සිටි ෆ්‍රෑන්ක්ගේ ඒ හීනය බිඳී ගොස් තිබුණා. මොකද ක්‍රීඩාවලට අකමැති උනු ඔහුගේ දුව වුනු කේට් නිවස අත්හැර ගොස් තිබුණා. එම හේතුව නිසා ෆ්‍රෑන්කි කිසිම මොහොතක කාන්තාවන්ව පුහුණු නොකරමි යන දැඩි තීරණයේ තමයි එල්බ සිටියෙ.

ක්‍රියාදාම හා බොහෝ සංවේදී සිදුවීම් රැසකින් පිරුණු මේ චිත්‍රපටය තමයි 2004 හොඳම චිත්‍රපටය සඳහා වූ සම්මානය දිනාගත්තේ. F.X.Toole ගේ Rpoe burns: Story of the Corner කියන පොත ඇසුරින් තමයි කතාව හදලා තියෙන්නේ.

ඉතිං ඊටපස්සෙ මොකද වෙන්නෙ, මුඩුක්කුවකින් ආපු මැගී ලෝක ශූරතාවය දිනාගනීද, ඒ වෙනකොටත් අවුරුදු 31ක් වෙලා හිටිය මැගීව ෆ්‍රෑන්කි පුහුණු කරයිද, මොකද හිතෙන්නෙ ? කතාව බලලාම ඉමු. බොහෝවිට මේක මේ වන විටත් ගොඩදෙනෙක් බලලා ඇති .මොකද මේක ඒ තරමටම ජනප්‍රිය වුණු චිත්‍රපටයක්, මේ ගැන විචාරකයක් ලියන්න යන්නෙ නෑ. මොකද මහා කඳු ළඟ අපි දූවිලි අංශු වගේ හින්දා, මට හිතෙන විදියට මේක දුක- සතුට, ජය-පරාජය තව සංවේදී බව, කුතුහලය ආදී එකී මෙකී නොකී ඛාණ්ඩ වලට අයත් පවුලේ, ක්‍රීඩා චිත්‍රපටයක්.

මෙහි ප්‍රධාන නළුවා හා අධ්‍යක්ෂක වශයෙන් Clint Eastwood විසින් ඉතා අනඟි කර්තව්‍යක් ඉටුකරලා තියනවා .ඒ නිසාම ඔහු 2004 ඔස්කාර් උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මානය හිමිකර ගන්නේ. ඒ වගේම එම උළලේදීම හොඳම ප්‍රධාන චරිතය සඳහා ඔහුව නිර්දේශ වෙනවා.

මේ චිත්‍රපටය ගැන ගොඩක් ලස්සන දේවල් අන්තර්ජාලයේ ලිපි මඟින් තියනවා, ( සිංහලෙන්) ඒ හින්දා වැඩිය කතා නොකර වැදගත් තොරතුරු ටිකක් කියන්නම්, 2005 ජනවාරි 28 දින ඉංග්‍රීසි හා අයිරිෂ් යන භාෂා වලින් ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතර තිබෙන්නේ වියදම – us$ 30,000,000 හා ආදායම us$ 100,492,203 ක් ලෙසයි. එතකොට මේකෙ ප්‍රධාන චරිතය හා අධ්‍යක්ෂණය කරන්නේ Clint Eastwood විසින්, ඔහුට අමතරව Hilary Swank, Morgan Freeman, Anthony Mackie සහ Michael Pene යන නළු නිළියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. මෙහි රචනය F.X.Toole සහ Paul Haggis විසින් කරලා තියනවා.

විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක ඔස්කාර් සම්මාන 4කින් පිදුම් ලැබූ චිත්‍රපටයක් ,ඊට අමතරව වෙනත් සම්මාන 142කිනුත් නාමයෝජනා 158කිනුත් සම්මානයට පාත්‍ර වෙලා තියනවා. මෝගන් ෆ්‍රීමන් තම ජීවිතයේ ලද එකම ඔස්කාර් සම්මානය ලබාගත්තේ මෙම සළරුව සඳහායි. ඔවුන්ගේ සුපිරි රංගනයෙන් හැඩගැන්වූ Million Dollar Baby චිත්‍රපටය මඟහැරීමට නොහැකි එකක්. ඒ නිසාම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මෙය නරඹන්නම කියල.

ඉතිං මේක මේ තරම් විශේෂ ඇයි කියල ඔයාලා මේක බැලුවොත් තේරෙයි. එතකල් ගිහින් එන්නම් .

ඔබට ජය !

2011 ජනවාරි 19 රොබින්හුඩ්(ලහිරු) සොහොයුරා විසින් පල කළ ලිපිය.

මේ අවුරුද්දෙ ලියන පළවෙනි ලිපිය හින්ද හැමෝටම සුභ නව වසරක් වේවා! කියල වැඩේ පටන් ගන්නම් එහෙනම්. 😀 අද බයිස්කෝප් තුලින් ඔයාලට අරගෙන ඇවිල්ල තියෙන්නෙ 2004 වසරේ නිපදවපු සුපිරිම චිත්‍රපටිය. මම එහෙම කිව්වෙ, මේ චිත්‍රපටිය තමයි එම වසරේ ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබපු සුපිරි සිනමා සිත්තම. මට එක අතකට පුදුමත් හිතුන මෙච්චර කාලෙකට මේ චිත්‍රපටිය බයිස්කෝප් එකේ පළනොවී තිබුණු එක ගැන. IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර 149,681 තුලින් 8.2 ක ඇගයීමක් සහ IMDb හොඳම චිත්‍රපටි 250 ශ්‍රේණිගතකිරීම් යටතේ 148 වන ස්ථානයේ ‍රැඳිල තිබීමෙන්ම ඔයාලට වැටහෙනව ඇති මේ නිර්මාණයේ සුපිරි බව කොතරම්ද කියල. ඉතින් තව දුරටත් අ‍ටුවා ටීකා නැතිව මම කතාව ගැන කෙටි විස්තරයක් කියන්නම්.

ෆ්‍රෑන්කි ඩන්(Clint Eastwood) කියන්නෙ ඉතාමත් දක්ෂ බොක්සිං පුහුණු කරුවෙක්. ඔහු ඔහුගෙ ජීවිතකාලෙ පුරාවටම අති දක්ෂ බොක්සිං ශූරයින් කිහිප දෙනෙක්ම මෙම ක්‍රිඩාවට දායාද කරල තියෙනව. ඔහු තමන්ගෙ සියළුම ගෝලයන්ට කියල දෙන ඉතා වැදගත් නීතියක් තියෙනව. ඒ තමයි ‘සැම විටම තමාව ආරක්ෂා කරගන්න‘ කියන උපදේශය. ඔහු පුහුණුකරන ව්‍යායාම් ශාලාව බලා කියාගෙන ඔහු ලඟින්ම සිටින හොඳ මිත්‍රයෙක් සිටිනව. ඔහු විශ්‍රාමලත් බොක්සිං ශූරයෙක්, නමින් ස්ක්‍රැප්(Morgan Freeman). ඉතින් දවසක් මෙම ස්ථානයට එනව මැගී ‍ෆිට්ස්ගෙරල්ඩ්(Hilary Swank) කියන කාන්තාව බොක්සිං පුහුණු වෙන්න අර දක්ෂ පුහුණුකරුවගෙන්. නමුත් ඔහු ඇයව පුහුණුකිරීම ප්‍රතික්ෂේප කරනව. හේතුව හැටියට ඔහු පවසන්නෙ ඔහු කාන්තාවන්ව පුහුණු නොකරන බව. නමුත් ඇය තමන්ගෙ උත්සාහය අත්හරින්නෙ නැහැ. ඇය පුහුණුකරුවෙක් නොමැතිව පුහුණුවීම් ආරම්භ කරනව. ඇය තම ‍රැකියාව හැටියට ආපනශාලාවක සේවය කලත් ඇගේ එකම බලාපොරොත්තුව තමයි දක්ෂ බොක්සිං ක්‍රිඩිකාවක් වීම.

මෙතනින් එහාට මම කතාව කියන්න යන්නෙ නැහැ. ඉතින් ඇයට එම අරමුණ ඉ‍ටුකරගන්න හැකියාව ලැබුණද කියල දැනගන්න බාගෙනම බලන්න වෙනව. අවසානය තරමක් දුරට ශෝකජනක වුනත් ප්‍රේක්ෂකයාට යතාර්ථය ඒත්තුගැන්වීමට අධ්‍යක්ෂකවරයා(Clint Eastwood) දරා ඇති උත්සාහය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

33 comments

    1. Chaturangagayan

      එළ

  1. widuranga

    කාලයක් බලන් හිටපු film එකක් දුන්නට thanx broooo elama

    1. Chaturangagayan

      ඔයාලගෙ සතුට තමයි අපේ වත්කම...

  2. diyashan

    Hmbooo....kawada eiida kiyla balan hitiye...thank u baiscope..

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Thisal

    thanks..

  5. kusal lakindu

    ස්තූතියි.

  6. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. kavishka_malitha

    Me vage supiri filumakata sub dunnata bohoma sthuthi

  9. හසිත මධුෂාන්

    සබට බොහොම ස්තූතියි සහෝ......

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම ව්වේවා..!!

  11. tharindu gunarathna

    ගයාන් චතුරංග thanks bro

  12. Udara Damith Dissanayaka

    බොහෝම ස්තුතියි..........

  13. Pathum Aroshana

    ගොඩක් ස්තුතියි මචන් . වටින වැඩක් මේ කරන්නෙ

  14. Wicki

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. ricadodamien

    Thank you very much Gayan Chathuranga Brother & Baiscope Team for your great work, I personally requested this movie from your fb page. & still love this great movie. All the best to Baiscope team & god bless u all........

  16. D.Chamara

    bohoma sthuthi sahooo

  17. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ගයාන් සහෝ.
    ජයෙන් ජය.

  18. Pasan_Madusankha

    Bohoma Sthuthiy Mithrayaa Upasiresiyata. Jaya Wewaa..!

  19. ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. jagath55

    Thanks

  22. Janasanka

    Thanks saho....

  23. priyanthapremarathna

    thanks macho

  24. AsithaDilruwan

    මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

  25. asankahemantha1991

    Upasirasiyata bohoma sthuthi..

  26. pasindu sri

    tanx bro

  27. indika75

    thanks.

  28. vdsperera

    Thank You

  29. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  30. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා. ජයෙන් ජයම!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.