අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Neon Genesis Evangelion [ E01 & E02] Sinhala Subtitles | දේවත්වය සොයා ඇරඹි යුද්ධය [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

“වර්ෂය 2015.ජපානයේ තාක්ෂණය විද්‍යාවෙන් යා හැකි උපරිම දුරට ගොස් තිබේ.එක්වරම ‘ඒන්ජල්'(Angel) නමින් හැඳින්වෙන අභිරහස් ජීවීන් කොට්ඨාසයක් ටෝකියෝ නගරය පහර දෙනු ලබයි.මනුෂ්‍යත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ ප්‍රහාර මැඩ පැවැත්වීමට අධිතාක්ෂණික යෝධ රොබෝවරයෙක් නිර්මාණය කර ඇත.ඒ තමයි ‘කෘතිම මානව එවන්ගැලියන්'(Artificial Human Evangelion).මේ සාමාන්‍ය පෙනුමැති රොබෝවරයෙක් නොවෙයි.ඒ අසමානතාවය කෙසේද යත්,ඒ රොබෝවරයාව ක්‍රියාත්මක කිරීමට ඒ රොබෝවරයා සමඟ මානසික සම්බන්ධයක් අත්‍යාවශ්‍ය වේ.Eva Unit-01 ලෙස හැඳින්වෙන මේ රොබෝවරයාව ක්‍රියාත්මක කිරීමට තෝරා ගන්නේ ‘ශින්ජි ඉකාරි’ නම් වයස අවු.14 ක් වූ පිරිමි ළමයෙකි.එයට හේතුව වන්නේ එවන්ගැලියන් රොබෝවරයෙක් පැදවිය හැක්කේ ළමයෙක්ට පමණක් වීමයි.එවන්ගැලියන් යනු කවුරුන්ද? ඒන්ජල් යනු කවුරුන්ද? ඔවුන් පහර දෙන්නේ ඇයි? මනුෂ්‍ය වර්ගයාගේ ආරක්ෂාව එවන්ගැලියන් ප්‍රමුඛ ශින්ජිට තහවුරු කළ හැකි වේවිද? මෙම ඒන්ජල් පැමිණීම මීට වසර 15 කට පෙරත් සිදු වී ඇත.මේ අඳුරු අද්භූත විද්‍යා ප්‍රබන්ධ කතා මාලාව මෙතැන් පටන් ගලා යයි.”

ඇනිමෙ ස්වර්ණමය යුගයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!

 සුපුරුදු විදිහටම ශ්‍රී ලංකාවේ ඇනිමෙ රසිකයො හැමෝවම කොන්නිචිවා කියල ඇනිමෙ ෆැන්ටසියට පිළිගන්නවා. අද ඇනිමෙ ෆැන්ටසියට අරන් ආපු මේ කතාව ප්‍රධාන කාරණා දෙකක් නිසා විශේෂයි. එක තමයි, ලංකන් Weebs අපිට දැන් හරියටම අවුරුදු 2 ක් වයසයි. Demon Slayer ඇනිමෙ කතා මාලාවට සිංහල උපසිරැසි නිර්මාණයෙන් පටන් ගත්තු අපේ ගමන එයින් නොනැවතී අද වෙනකොට ගොඩක් දුර ඇවිත් තියෙනවා. ඒ වගේම මේ උපසිරැසි මාලාව අරන් එන මම ලංකන් Weebs කණ්ඩායමට එකතු වෙලා හරියටම අවුරුද්දයි. ඉතින් ඒ අවුරුද්දකින් අරන් එන මගේ 20 වෙනි උපසිරැසිය තමයි මේක. මම සම්පූර්ණ සීරීස් එකක්ම එකක් විදිහට ගනන් ගන්න නිසයි මේ ගාන. ඒ වගේම මේ අලුතෙන් අරන් එන උපසිරැසි මාලාවේ එකතුව එක්ක වෙන වෙනම ගත්තම, මගේ තනි මුළු උපසිරැසි ගණන 200 සීමාව පසු කරන්නත් මට පුලුවන් වෙනවා. මම ඇතුළු ලංකන් Weebs එක මේ තරම් දුරක් ආවෙ ඔයාලගෙ ප්‍රතිචාර වගේම ආදරය නිසාමයි. ශ්‍රී ලංකාවේ anime community එක නඟා සිටුවන්න කරන මේ වැඩේට වගේම අපිට හයියක් වෙන්නත් වචනෙකින් හරි අපිව දිරිගන්වන හැමෝටම අපේ හද පිරි ස්තූතියි පුද කරන්න මේ ලිපියේ පළවෙනි ඡේදය මම වෙන් කරනවා.❤️❤️

දෙවෙනි කාරණාව තමයි අද අරන් එන මේ උපසිරැසියෙන් අපි හැමෝම ඇනිමෙවල ස්වර්ණමය යුගයට පා තබනවා.මොකක්ද ස්වර්ණමය යුගය කියල කියන්නෙ? ඇයි ඒකට එහෙම කියන්නෙ? ඒකට උත්තරේ තව ටිකකින් කියන්නම්.ශ්‍රී ලංකාවේ පළමු වතාවටයි අපි මේ වෙනස සනිටුහන් කරන්නේ.මොකද කියනවනම් මේ ස්වර්ණමය යුගයේ නිර්මාණය වුනු Akira චිත්‍රපටය ඇතුළු Ghibli movies වලට විතරයි මේ වෙන කොටස් සිංහල උපසිරැසි නිර්මාණය වෙලා තියෙන්නෙ.ඒ කියන්නෙ ස්වර්ණමය යුගයේ ඇනිමෙ කතා මාලා සඳහා සිංහල උපසිරැසි නිර්මාණය වෙලා නැහැ.ඉතින් ඒ ආරම්භය අපි මෙතනින් සනිටුහන් කරනවා.

ඔයා ඇනිමෙ විශ්වයට පය තිබ්බෙ කොහොමද? පය තියන්න හේතු වුනු කතාව මොකක්ද? ඒ කා අතරත් ජනප්‍රිය Your Name,Weathering with You කියන චිත්‍රපට බලල වෙන්න ඇති.නැත්නම් Death Note,Attack on Titan,Demon Slayer,Chainsaw Man වගේ ඇනිමෙ සීරීස් බලල වෙන්න ඇති.එහෙමත් නැත්නම් සමහරවිට tv චැනල් එකක ගිය “Ponyo”,”ඇලිස් ස්කෝලේ” වගේ කතාවලින් වෙන්න ඇති.ඒ මොකකින් හෝ වේවා, අද ඉඳන් දිග හැරෙන මේ කතාව ඒ හැම කතාවකටම වගේම ඇනිමෙ කලාව නගා සිටුවන්න යෝධ අත්තිවාරමක් බවට පත් වුනු කතාවක් වෙනවා.අඳුරු ගැඹුරු විද්‍යා ප්‍රබන්ධයක් තේමා කරගත්තු මේ කතාව හඳුන්වන්න පුලුවන් තනි වචනය තමයි ‘Masterpiece’ කියන වචනය.

ඇත්තටම කට පුරා මාස්ටර්පීස් කියන වචනය පාවිච්චි කරන්න පුලුවන් ඇනිමෙ බොහොම ටිකයි තියෙන්නෙ.ඒවයින් හුඟක් ඒවා මේ ස්වර්ණමය යුගයේ බිහි වුනු ඒවා.ස්වර්ණමය යුගය නැත්නම් “Golden Era” කියල කියන්නෙ සරලවම 1980 හා 1990 දශක දෙකට.වැඩි හරියක් 1990 දශකය වෙනුවෙන් තමයි මේ විශේෂ වචනය පාවිච්චි වෙන්නෙ.මේ කාලය තුළ ඇනිමෙ නරඹන්න පුලුවන් වුනේ රූපවාහිනියෙන් විතරයි.ඒ විදිහට රූපවාහිනියෙන් විතරක් බලන්න පුලුවන් වුනු ඇනිමෙ VHS ටේප්,DVD තැටි වලින් නිකුත් වුනා. ඒ නිසා ඒවාට පුළුල් ප්‍රේක්ෂක පිරිසකට ප්‍රවේශ වෙන්න පුලුවන් වුනා. මීට අමතරව, අන්තර්ජාලය සහ ඒ ආශ්‍රිත වර්ධනයත් ජපානයේ දේශ සීමාවෙන් ඔබ්බට ඇනිමෙ ජනප්‍රියත්වය ව්‍යාප්ත කරන්න උපකාරී වුනා.තවත් සරලවම කිව්වොත් ඇනිමෙ ලෝකය පුරා ජනප්‍රිය වෙන්න පටන් ගත්තු කාලවකවානුව තමයි මේ ස්වර්ණමය යුගය කියල හඳුන්වන්නෙ.මේ “ස්වර්ණමය යුගය” කියල හඳුන්වන්නෙ මොකක්ද කියන එක ගැන ඔයාට දැන් හොඳ වැටහීමක් ඇති.මේ උපසිරැසිය අරන් එන Mecha Genre එකත් ඒ Genre එකෙ ප්‍රතිනිර්මාණයට වගේම මුළු Anime Industry එකේම යළි පිබිදීමකට හේතු වෙලා තියෙනවා.මේ කතාවෙන් පස්සෙ හුඟක් Mecha Anime නිපදවුනා වගේම අනිත් බොහෝ ඇනිමෙ Genre වලට මාර්ගයක් විවර වුනා.ඉතින් අද වෙනකොට මේ Mecha වලට විතරක් වෙනම fan base එකක් ඉන්නවා කියලත් මතක් කරන්න ඕනි.ජපානයට විතරක් ආවේණික නොවී වර්තමානයේදී සෑම සිනමා ක්ෂේත්‍රයක්ම පාහේ ආක්‍රමණය කරන්න වගේම ලෝකයේම Icon එකක් බවටත් මේ “Mecha” පත් වෙලා තිබෙනවා.🔥

හිතුවෙ නැති තරම් වර්ණනාව දිග වුනා.🙏තාම කතාවෙ setting එක කිව්වෙත් නෑනෙ.දැන් යමු ඒකට… 1995 වර්ෂයේ fall season එකේදි විකාශය ආරම්භ වෙලා 1996 වර්ෂයේ winter season එකේ අවසාන භාගය තෙක් විකාශය වුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු මේ ඇනිමෙ එක IMDB දර්ශකයේ 8.5 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.34 ක අගයක් ලබාගෙන Top Anime ලැයිස්තුවේ 211 වන ස්ථානයේ රැඳී ඉන්න සමත් වෙනවා.එක් කතා සමයකින් යුක්ත මේ ඇනිමෙ කතා මාලාව මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 ක් පුරා ධාවනය වෙනවා.

1994-2013 යන කාලයේ නිකුත් වුනු Sadamoto Yoshiyuki සෙන්සේ විසින් රචිත, volume 14 කින් සමන්විත Evangelion manga එකෙහි ආභාෂය ගනිමින් Gainax studio හා Tatsunoko Production studio දෙක එක්ව ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු කර තිබෙනවා.ඒ වගේම Sadamoto සෙන්සේ Gainax Studio හි ආරම්භක සමාජිකයෙකුත් වෙනවා.ඉතින් මේ 90 දශකයේ ඇනිමේෂන් ඔයාට වෙනස්ම vibe එකක් අරන් ඒවි.

– Sadamoto Yoshiyuki සෙන්සේ –

– Evangelion manga (Volume 01) –

ඒ වගේම මේ Neon Genesis Evangelion කතා මාලාවේ Music ගැනත් කියන්නම ඕනි.90 දශකයේ වුනාට මොකද ඒවත් ඉස්තරම්.මේ කතා මාලාවේ Opening Theme එක වෙන ‘A Cruel Angel’s Thesis’ ගීතය Yoko Takahashi කියන ගායිකාව ගායනා කරනවා.මේ ගීතය විශේෂයි, මොකද මේකෙන් මේ මුළු කතා මාලාව ගැනම අදහසක් දෙන්න මේ ගීතය සමත් වෙනවා.Ending Theme එක වෙන ‘Fly Me to the Moon’ ගීතය Claire,Megumi Hayashibara,Yoko Takahashi යන ගායිකාවන් ඒ ඒ කොටස් වල vibe එක ලැබෙන විදිහට වෙන වෙනම ගායනා කරනවා.අහලම රස විඳින්න මේ ගීත දෙකම, ඔයාට වෙනස් රසයක් ලැබෙනව බව සහතිකයි.❤️

මේ කතා මාලාවට පසුව චිත්‍රපට 6 කුත් නිකුත් වුනා.

01. Evangelion:Death & Rebirth (1996)

02. The End of Evangelion (1997)

මෙතනින් මේ original evangelion series එක අවසන් වෙනවා.ඊට පස්සෙ පටන් ගන්නෙ Rebuild of Evangelion Universe එක. ඒක එන්නෙ මේ විදිහට.

01. Evangelion:1.0 You Are(Not)Alone (2007)

02. Evangelion:2.0 You Can(Not)Advance (2009)

03. Evangelion:3.0 You Can(Not)Redo (2012)

04. Evangelion:3.0+1.0 Thrice Upon a Time (2021)

Evangelion:Death & Rebirth movie එකට මම උපසිරැසි ගෙන්නෙ නෑ.මොකද හේතුව ඒකෙ යන්නෙ Evangelion series එකේ 1-24 කොටස් වල සාරාංශයක්.ඉතින් ඒකම ආයෙත් බලන එකේවත් ඒ වෙනුවෙන් උපසිරැසියට මහන්සි වෙන එකේවත් තේරුමක් නෑ.ඔයා ඒක නොබැලුවායි කියල කිසිම පාඩුවක් වෙන්නෙත් නෑ.ඉතින් මේ කොටස් 26 series එකෙන් පස්සෙ The End of Evangelion movie එකේ ඉඳල මම උපසිරැසි පිළිවෙළට අරන් එන්නම්.ඒ වගේම වැදගත් කාරණාව තමයි මම මේ කොටස් 26 ට උපසිරැසි අරන් එන්නෙ Directors Cut episodes වලටත් එක්කමයි.ඒ කොටස් එන්නෙ මොන තැන්වලටද කියල ඒ අදාළ තැනදි මම කියන්නම්.මේ Directors Cut episodes අඩංගු මුළු Evangelion Series එකම ඔයාට 1337x කියන වෙබ් අඩවියෙන් ටොරන්ට් මඟින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

හිතුව නැති විදිහට ලිපිය දික් වුනා…ඉතින් ඇනිමෙ උපසිරැසි නිර්මාණය මේ තරම් ඈත අතීතයට මම අරන් යන්න හිතුවෙ මෙන්න මේ වගේ දෙයක් නිසයි.අද වෙනකොට හුඟ දෙනෙක් ඇනිමෙ වේවා ලයිව් ඇක්ෂන් වේවා,වැඩිපුර නැඹුරු වෙන්නෙම වැඩිම hype එක තියෙන, හැමෝම වැඩියෙන් කතාවෙන දේ බලන්න.ඒ දේවල් දැං මේ තියෙන තැනට එන්න මුල් ගලක් වුනු අත්තිවාරමක් වුනු දේවල්වලට කුඩම්මගෙ සැලකිලිවත් නෑ.ටික ටික රැල්ලටම යන්න හදන, New Gen පස්සෙ යන්නම හදන ඒ පාරට පොඩි හරි බාධයක් වෙලා වටින දෙයක් හැමෝටම පෙන්නන්න කියල හිතල තමයි මේ වැඩේ පටන් ගත්තේ.ඉතින් මේ ලොකු Evangelion Series එකෙන් නොනැවතී මේ අවුරුද්ද පුරාවටම Golden Era එකට ප්‍රමුඛත්වය දෙන්න මම හිතන් ඉන්නවා.ඉතින් උපසිරැසි අරන් එන්න පුලුවන් හොඳ වීඩියෝ කොපි තියෙන ඇනිමෙවලට උපසිරැසි අරන් එන්න මම උත්සහ කරනවා කියල කියන ගමන් මේ හෑල්ල මෙතනින් ඉවරයක් කරනවා.

මිනිස් සිත් සතන් තුළ කැකෑරෙන මිත්‍රත්වය,ආදරය,තනිකම,කැපකිරීම්,මනුෂ්‍යත්වය වගේම පුහු අදහස් කියන කාරණා එක්කම ගලාගෙන ආපු මේ කතාව අද පටන් දිග හැරෙනවා.මේ නිසාමයි මේක masterpiece එකක් වෙන්නත් හේතු වුනෙත්. නරඹන්න මේ කතාව.සුපුරුදු විදිහට උපසිරැසිය ගැන ඔයාගෙ comment එක පහළින් දාගෙන යන්න අමතක කරන්න එපා. මීළඟ කොටස් දෙකෙන් හමුවෙනකල් තාවකාලිකව සමුගන්නම්.👋

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

11 thoughts on “Neon Genesis Evangelion [ E01 & E02] Sinhala Subtitles | දේවත්වය සොයා ඇරඹි යුද්ධය [සිංහල උපසිරසි]

  • Thanks. Puluvnnm Vinland saga ekatath sub dennako

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Keep going brother.good luck

    Reply
    • Thank you.❤️

      Reply
  • නියමයි. බොහෝම ස්තූතියි!

    Reply
    • ස්තූතියි.❤️

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. තවත් ඇනිමෙ වලට සබ් ගේමු. ජයවේවා!

    Reply
    • ස්තූතියි.❤️

      Reply
  • සුපිරි

    Reply
    • Thank you.❤️

      Reply
  • ado me wagema katahari kiyala Cowboy bebop walatath sub diyanko.balapu sirama anime ekak eka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *