අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඇනිමේෂන්එළක්‍රියාදාමචිත්‍රපටිදසුන් හසන්තබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Next Avengers: Heroes of Tomorrow (2008)|මෙන්න නියම සුපිරි වීර පුත්තු [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.3/10. From 8 votes.
Please wait...

Next Avengers Heroes of Tomorrow (2008)

මේ මගේ පළමුවන උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ හොඳ රසිකයෙක් වුණ මට මේ අඩවියේම උපසිරැසියක් පළ කරන්න ලැබීම වාසනාවක්. මට උපසිරැසියක් දාන්න ස්කෝලෙ විභාගෙ ඉවර වෙනකං ඉන්න වුණා. මම ලබන අවුරුද්දෙ තමයි O/L කරන්නෙ. ඒත් මම මේ උපසිරැසිය කරන්න ලොකු මහංසියක් ගත්තා. මම පුළුවන් උපරිමයෙන් මේ උපසිරසිය ලස්සනට කළා. ඇත්තටම උපසිරැසියක් කරලා හොඳ සතුටක් ලබන්න පුළුවන්, ඒ සතුට ලබන්න නම් උපසිරැසියක් කරලම බලන්න ඕන.

මේ බයිස්කෝප් එක ගත්තොත්, මේක IMDb අගය 6.4/10ක අගයක් ලබාගෙන තියනවා. ඇනිමේෂන් චිත්‍රපටියක්. ඔයාලා හැමෝම දන්නවනේ Marvel Comics වල ඇවේන්ජර්ස්ලා. මම නම් එයාලව මේකෙදි හඳුන්වන්නෙ ප්‍රතිහිංසකයො කියල. මේකෙ කතාවේ හැටියට එයාලා අර Avengers 2 : Age of Ultron චිත්‍රපටියෙත් ඉන්න අල්ට්‍රෝන් අතින් මියයනවා. ඒත් ටික දෙනෙක් විතරක් ඉතිරි වෙනවා. ඒ අතර අයන් මෑන් හෙවත් ටෝනි ස්ටාක් එහෙමත් ඉන්නවා.

මේ කතාවේ හැටියට ඇවේන්ජර්ස්ලට දරුවෝ ඉන්නවා. ටෝනි එයාලව බේරගෙන ගිහිං අල්ට්‍රෝන්ට හොයා ගන්න බැරි වෙන්න හංගගෙන රැකබලා ගන්නවා. හොඳ පුහුණුවක් ලබා දෙනවා. එයාල තමයි අල්ට්‍රෝන්ට විරුද්ධව නැඟීහිටින්න තියන එකම බලාපොරොත්තුව. ඒ නිසා ටෝනි ස්ටාක් උපරිම ආරක්ෂාවක් දීලා එයාලව ආරක්ෂා කරනවා. අල්ට්‍රෝන් මෙයාලව හොයාගනීද, තව ඉතිරි වෙලා ඉන්න ඇවේන්ජර්ස්ල කව්​ද, එයාල අල්ට්‍රෝන්ගේ ග්‍රහණයෙන් ලෝකය බේරගනීද, කියලා දැනගන්න නම් ෆිලුම බාගෙනම බලන්න වෙනවා. කලින් බලපු අය ඉන්නවා නම් ආයේ සබ් එක්කම බලන්න. යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. මට මේ සබ් එක කරන්න උදව් වුණු හැමෝටමත්, මේකට අවස්ථාව ලබා දුන්නු බයිස්කෝප් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයටත්, මේක බාගෙන බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන ඔයාල හැමෝටමත් ස්තූතියි. පළමුවෙනි උපසිරැසිය හින්දා වැරදි ඇති. එහෙම තිබුණොත් කියන්න.

එහෙනම් ආයෙත් මතක් කළා බාගෙන බලන්න කියලා. ආයෙත් හමුවෙමු, ජය..!

Next Avengers: Heroes of Tomorrow (2008) on IMDb

 

 

[button link=”http://tinyw.in/oALH” type=”icon” “center” newwindow=”yes”] 701 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

15e4a691e4f2871753882e6e299c3b0ed352ab19

[button link=”http://tinyw.in/tTKZ” type=”icon” “center” newwindow=”yes”] 2.19 GB (720p HD) කොපිය මෙතනින් බාගන්න[/button]

4a22eef1b4533b7a611b653bee13221cd5ae9d56
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/08/දසුන්-හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසුන් හසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

38 thoughts on “Next Avengers: Heroes of Tomorrow (2008)|මෙන්න නියම සුපිරි වීර පුත්තු [සිංහල උපසිරසි සමඟ]

  • කසුන් නුවන්ත

    congradulations for the first subtitle!

    Reply
  • Vimukthi2001

    හෙන කාලෙකට පස්සෙ මේ ෆිල්ම් එක බලන්නෙ sub එකට ස්තුතියි

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • බොහොම ස්තූතියි දසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • pasindu bimsara

    super!!!!!!!!!!!!!

    Reply
  • උපසිරැසියට තුති…
    පලවෙනි සබ් එකට සුභ පැතුම් සහෝ.
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
    • දසුන් හසන්ත

      සමාවෙන්න, එතෙන්ට MB කියන එකට GB කියල වැරදිලා වැදිලා.

      Reply
  • පලවෙනි සබ් එකට සුභ පැතුම් සහෝ.තව තවත් දිගටම වැඩ කරන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පතනවා.මොනා වුනත් Exam එකනම් අවුල් කරගන්න එපා සහෝ.ඒකට මුල් තැනක් දීලා මෙ වැඩෙත් කරගෙන යන්න.All The Best 🙂

    Reply
    • දසුන් හසන්ත

      අනේ අයියේ, එහෙමනම් වෙන්න දෙන්නෙ නෑ. විභාගෙ ගොඩ දාගත්තෙ නැත්තං මෙහෙ පස් පාගනවා තියා ගෙදරවත්
      ඉන්න වෙන්නෑ! කමෙන්ටුවට ස්තූතියි ඔයාල ඔක්කෝටම! ජය…!

      Reply
  • අදිත ප්‍රවීන්

    ෆිල්ම් එක නම් කලින් බලලා තියනවා සහෝ.
    බොහොම ස්තුතියි උපසිරසියට .
    ඒ වගේම පළමු උපසිරසියට සුභ පැතුම් !
    දිගටම බයිස්කෝප් එක්ක එකතු වෙලා සබ් දෙමු.
    😀

    Reply
  • well donw bro keep it up

    Reply
  • ඉසුරු දිල්ශාන්

    පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!
    දිගටම සබ් දෙමු.
    ජයවේවා!

    Reply
  • සුබ ප‍ැතුමි පලමු සබි එක‍ට සහෝ….
    එ් වගේම සබට
    බොහෝම ස්තුතියි……..

    Reply
  • “චූටී මල්ලි”

    tnx

    Reply
  • නියමයි සහෝ.
    පලමු වැඩේට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරමු.
    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය.

    Reply
  • Sandun Isuru Niraj

    නියමයි සහෝ… සාදරයෙන් පිලිගන්නවා…

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks DASUN saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………

    Reply
  • සබ් එකට ස්තුති සහෝ!!!

    Reply
  • Congragulations for your first subtitles.

    Reply
  • පලමු උපසිරැසියට සුබපැතුම් සහෝ.

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජය වේවා!

    Reply
  • සබට තුති සහෝ ඒ වගේම පලමු උපසිරැසියට සුබපැතුම්

    Reply
  • ස්තුතියි කිව්වොත් මදි…..
    නියම වැඩක්…. දිගටම කරගෙන යන්න…..
    මගෙන් උණුසුම් සුභ පැතුම්…..

    Reply
  • ලස්සන කොල්ලා

    කලින් බැලුවා
    ඒත ඒල
    සබට තුති

    Reply
  • නියමයි….sub එකට තැන්ක්ස්
    1 වෙනි sub එකට සුබ පැතුම්…දිගටම sub කරන්න….

    Reply
  • niyamai aniwa balanna oni thanks jaya degatama karagena yamoo.

    Reply
  • thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • Aniwa mchn sub ekak karama danena sathuta wachanen kynn Ba. Wade digatama karagena yamu saho. Jaya wewa….

    Reply
  • සුපිරි ෆිලුමක් එක්ක අලුත් සහෝ කෙනෙක්..
    ඔයාගේ පළමු උපසිරසියට සුබ පතනවා ..
    ඒවගේම දිගු ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    ඊට අවශ්‍ය කාලය හා ශක්තිය ඔබට නොඅඩුව ලැබෙන්න කියලා පතනවා..
    බයිස්කෝප් අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නවා …

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ප්‍රණීත් රණසිංහ ♨PCR〽

    පලමු උපසිරැසියට සුබපැතුම් සහෝ.
    නියම කාටුන් එකක් නෙව ගෙනල්ලා තියෙන්නේ.
    ඒ වගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
    දිගින් දිගටම උපසිරැසි නිර්මාණය කරන්න කාලය, හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • නලින්

    ස්තුතියි දසුන් හසන්ත සහෝ!.. අඩවියට සාදරයෙන් සමාදර‍යෙන් පිළිගන්නවා..

    තව තවත් නිර්මාණ අරන් මේ පැත්තට ගොඩ වෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ..

    ජය වේවා!

    Reply
  • සබ් එකට ස්තුති සහෝ!!!
    පළමු නිර්මාණයට සුබ පැතුම්!!!
    දිගටම දෙමු!!!
    ජය!!!

    Reply
    • දසුන් හසන්ත

      රිප්ලයි කරන්න පරක්කු වුණාට සමාවෙන්න, කමෙන්ටුවලට ස්තූතියි ඔයාලා හැමෝටම

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *