Watch Trailer

Ong Bak 2 (2008) Sinhala Subtitles | අතීතයෙන් ඇසෙන කතාවක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මං පොරොන්දු වුනු විදිහටම මේ චිත්‍රපට මාලාවේ දෙවැනි කතාංගය සිංහල උපසිරැසිත් එක්කම ඉක්මනින්ම අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ මේක පළවෙනි චිත්‍රපටයට ඒ තරම් සම්බන්ධයක් දක්වන්නේ නැහැ. ඒක නිසා පළවෙනි චිත්‍රපටිය බලල නැති උනත් මේක අරගෙන බලන්න පුළුවන්. හැබැයි ඉතින් මේක අවසන් වෙන්නේ නම් ඔයාලව ප්‍රශ…

ඔන්න යාළුවනේ මං පොරොන්දු වුනු විදිහටම මේ චිත්‍රපට මාලාවේ දෙවැනි කතාංගය සිංහල උපසිරැසිත් එක්කම ඉක්මනින්ම අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ මේක පළවෙනි චිත්‍රපටයට ඒ තරම් සම්බන්ධයක් දක්වන්නේ නැහැ. ඒක නිසා පළවෙනි චිත්‍රපටිය බලල නැති උනත් මේක අරගෙන බලන්න පුළුවන්. හැබැයි ඉතින් මේක අවසන් වෙන්නේ නම් ඔයාලව ප්‍රශ්ණ කෝටියක අතරමං කරල. අන්න එතකොට තමයි ඔයාලට අපේ විකියා සහෝදරයා මීට කලින් සිංහල උපසිරැසිත් එක්කම ලබාදුන්නු Ong Bak 3 චිත්‍රපටිය පිහිටට එන්නේ. මොකද මේ දෙවැනි හා තුන්වැනි චිත්‍රපට දෙකම එකකට එකක් සම්බන්ධයි.

කතාව ගැන පොඩ්ඩක් කියල ඉන්නම්කො. මේක IMDb මීටරේ 6.1ක අගයක් ලබාගන්න සමත්වුනු තායි සටන් චිත්‍රපටයක්. මේ කතාව බුද්ධ වර්ෂ 1974 තරම් අතීතයට දිවයනවා. ඒ කාලේදී රජකම් කරන Ayuthaya රාජ පරම්පරාව, Sukhothai වරුන්ව පරාජය කරමින් විශාල රාජධානියක බලය ලබාගන්නවා. ඒත් Ayuthayaහි දැහැමි පාලකයෙක් වුනු Siha Dechoව ඝාතනය කරමින් දුෂ්ට පාලකයෙක් වුනු Rajasena බලය ලබාගන්නවා. නමුත් Siha Dechoගේ පුත්‍රයා වන Tien (Tony Jaa) ඔහුගෙන් ගැලවිලා පණබේරාගෙන පලායනවා. ඔහු ප්‍රාදේශීය පාලකයෙක් වුනු Chernung යටතේ සටන් ශිල්ප ඉගෙනගනිමින් ටිකෙන් ටික තරුණ වයසට එළඹෙනවා. අවසානයේ ඔහු තමන්ගේ පවුලේ අයව ඝාතනය කළ කුරිරු පාලකයාගෙන් පලිගන්න ඔහුගේ මාළිගයට යනවා.

ඔහුට මේ පාලකයාගෙන් පලිගන්න ලැබෙයිද? දහස් ගණනක් වන Rajasena හමුදාව සමඟ ගැටෙන්න ඔහුට හැකි වෙයිද? ඔහු කොතරම් උත්සාහ කලත් පරාජය කිරීමට අපහසු පුද්ගලයා කවුද? මේ සියල්ල දැනගන්න නම් ඔබට Ong Bak 2 හා 3 චිත්‍රපට දෙකම නරඹන්නම වෙනවා.

ඒ වගේම අකමැත්තෙන් උනත් මේ ටික කියන්නම වෙනවා. දැන් වෙබ් අඩවියේ comments වල අඩුවීමක් තියෙනවා. දහස් ගාණක් උපසිරැසි අරගත්තත් comment එකක් දාල යන්න තරම් කාරුණික වෙන්නේ ටික දෙනෙක් විතරයි. මේ සිංහල උපසිරැසි ලබාදෙන සහෝදර සහෝදරියෝ ඒක කරන්නේ තමන්ට ලාභයක් ලබන්න නෙමෙයි. එයාල පැය ගාණක් මහන්සි වෙලා නොමිලේම ඔබට ලබාදෙන උපසිරැසි වෙනුවෙන් ඔයාලට තත්පර කිහිපයක් වැය කරලා comment එකක් දාල යන්න පුලුවන්නම් ඒක හුඟක් වටිනවා. මොකද එයාල මේ කරන සේවාව නැවැත්වුවොත් පාඩුවෙන්නේ වෙන කාටවත් නෙමෙයි අපිටමයි. මං මේ ටික කිව්වේ අපේ උපසිරැසි ලබාදෙන සහෝදර සහෝදරියෝ හැමෝම වෙනුවෙන්. ගිහින් එන්නම්. ඔබට ජය!

2010 අප්‍රියෙල් 24 මංගල සුබසිංහ (KOK) සොහොයුරා පල කළ ලිපිය

මෙ චිත්‍රපටිය දිමට මෙතෙක් බලා සිටිමට ප්‍රධානම හේතුව වුයෙ මෙහි 3වන කොටස දැන් ටික දවසකට කලින් නිකුත් විමයි. නම ඇහුවාම මෙහි වෙන්නෙ මොකක්ද කියලා කට්ටියම දන්නවානෙ. මෙකෙ පලමු එක තමයි හොදම, මෙකෙ කියලාත් වෙනසක් නැහැ. නමුත් මෙකෙ කියවෙන්නෙ ටින් ගෙ ජිවිත කතාව. මම කිව්වානෙ මෙක දෙන්න කල් ගත්තෙ මෙකෙ 3 වන කොටස ආපු හින්දයි කියල, මෙකෙ 3වන කොටස විතරක් දුන්නොත් ඔබව කරකවලා අත ඇරියා වගෙ තියෙයි නිසා. හරියට නිකන් නංගි පෙන්නලා අක්කා දුන්නා වගෙ. එහින්දා ඔන්න 2 වන කොටස මුලින් දිලා 3න් වන කොටස ඊලගට දෙන්න තිරනය කලා.

කවුරුත් දන්නවා මෙකෙ ප්‍රධාන චරිතෙ රගපාන්නෙ කවුද කියලා. දක්ෂ සටන් ශිල්පි Tony Jaa. ඔහුගෙ වැඩකිඩ මෙකෙ නම් අඩුයි. එහින්දාම වෙන්න ඇති පලමු චිත්‍රපටිය තරම් මෙකෙ IMDB අගය ඉහල මට්ටමක නැත්තෙ. පලමු කොටස 2003 නිකුත්ව IMDB 7.2 අගයක් ලබන අතර 2008 නිකුත් වන මෙ දෙවන කොටස ලබන්නෙ 6.3 IMDB අගයකි.

කතාවෙ මුල ආරම්භයෙදිම ගම්මානයකට පහර දෙන දර්ශනයකින් සමන්විතය. එතැන් සිට ටින්ගෙ කතාව ගලා යයි. ඔහුව හදාවඩා ගන්නෙ ඔහුගෙ ගම්මානයට පහරදෙන තැනැත්තා විසිනි. එමෙන්ම ටික කලකදි තමන්ටම උරුම වු මාවතක් තොරා ගන්නා ටින් තමන්ගෙ අතිතය සොයා යයි. එමෙන්ම තම අතිතය තුල වු විනාශය  අවසානයෙ ඔහු සොයා ගනියි. තම පලිගැනිම සාර්ථක කරගනියි. නමුත් ඔහුට හැම විටම මෙන් එක් කෙනෙකු විනාශ කිරිමට නොහැකි වෙයි. කොතරම් හොදට සටන් කලත් ඔහුට එය කල නොහැකි වෙයි. දැනට මෙ ඇති.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BDRip පිටපත සඳහා අදාළ වේ.

15,873 downloadsDownload OngBak2008Sinhalasub.rar9.1 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එරංග දර්ශන විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/12/02

Subtitles by

එරංග දර්ශන

Subtitles

15,873 downloadsDownload Subtitles9.1 KB

161 comments

  1. M.D.A Pradeep (අමිල මනනදේව)

    එල එල සහෝ මම 1 අරන් බැලුවා.මේකත් අනිවා බලනවා.3 ඉක්මනට දෙන්න.
    ස්තුතියි සහෝ...
    ජය වේවා!!!!

  2. චතුර

    patta hode

  3. ccnp

    Thanks

  4. notisamanalaya

    එල සහෝ

  5. උදාර

    ලොවෙත් නෑ මචං

  6. lasidu

    සුපිරි කමෙන්ට් නම් දන්නේ නෑ ඒක නම් නරකයි :)

  7. නලින්

    ස්තුති වේවා මේක නම් මැක්සා මුව් එකක්
    මං කලින් බලලා තියෙනවා..

    ඔන්න සිංහල සබ් එක්ක අයිත් බලනවා..

    ජයවේවා

  8. ositha

    cmt danna bari mokada appa..aduma Thanks kiyala wath gahanna epai

  9. Thisan

    thx machan

  10. tharanga

    හැමෝම බාන කමෙන්ට් එකක් දාලා යමුනේ..නිකන් දෙන නිසා අගයක් නැති වෙලා මේවා.අපේ සහෝදර වරු මේවා ගෙදරටම ගෙනල්ල දීලාත් කම්නෙට් එකක් දාන්න බෑ නෙ :(

    ජය වේවා

  11. quik

    thanks

  12. h[A]s

    ඉස්සර මේකේ හොදට කමෙන්ට් ෆිල්ම් ගැන කතා බහ ගිහින් තිබ්බා ලස්සනට.ඇයිද දන්නේ නෑ දැන් මේ දහස් ගානක් බාන සහෝදරවරුන්ට ඒ වෙනුවෙන් තත්පර කිහිපයක් වෙන කරන්න.හිතට එකගව මේ අය අපි බලන පැය එකහාමාරක චිතරපටයකට සතියක් විතර කට්ට කනවා.ඉතින් ඔවුන්ට කාලගුණ මතක් කරලා ස්තූතී කරන්න අමතක කරන්න එපා.

    මං හැම කෙනෙක් වෙනුවෙන් කිවුවේ ජයෙන් ජය බයිස්කෝප්

  13. rusuru | රුසිරු

    අපි නම් හැමදා කමෙන්ට් දානවා ඔන්න, අනිත් කට්ටියත් දැම්ම නම් නේද හොද :)

  14. geeth

    aniwa machan 1 kenma Thanks

  15. sujan wasala

    Thank you very much sahodaraya...mama meka balannama kiyala hithagena hitiye..

  16. Isuru

    pattttttaaaa hodeyyyyyyy

  17. yasomal

    super :) Thanks :)

  18. dj

    බාන හැමෝම කමෙන්ට් එකක් දාලා යමු නෙ සබ් දෙන සහෝදරවරු දිරිමත් කරන්න

  19. samaith4

    මැක්සා හොදේ... :)

  20. eraNga

    thanks

  21. හසන්ත වික්‍රමරත්න

    එරංගගේ කතාව සම්පූර්ණ ඇත්ත, මොකද කොමෙන්ටුවක් දකිනකොට තමා ඊලග නිර්මාණය කරන්න හිතට හයියක් එන්නේ.මොකද දවස් ගණන් වැය කරලා අපේ යාළුවො නිකන් දෙන සේවයට අගයක් ලැබෙන්නේ මේ කොමෙන්ට් එකකින් තමයි....
    ඒක නිසා ඒක අමතක කරන්න එපා..

    හොඳ වැඩක් එරංග !!!

  22. BuLa

    එළකිරි ,අනිත් ෆිල්ම් එකත් දෙනකන් බලන් ඉන්නවා,තැන්කු වේවා!!!!!!!!!!!!!

  23. weere

    ela machan!!!!!

  24. Thushara

    ඇත්තටම මේක මරු ෆිල්ම් එකක් මං මේකේ කොටස් 3ම බලලා තියෙනවා 3 ෆිල්ම් එක 100 පාරකට වඩා බලලා ඇති ටොනිගේ සටන් හැකියාව අති විශිෂ්ඨයි

  25. hh

    Thanks macho

  26. අසංක

    අනේ මන්දා ලංකාවේ ඔහොමයිනේ කොච්චර හොද දේවල් කලත් ඇගයුමක් නෑ.මේවා සබ් දාන එක හරි ලේසි කියලානේ හිතන් ඉන්නේ.එකනේ.ඔය ආතල් එකේ සබ් ඒකත් එක්ක ෆිල්ම් එක ඔය හැම සහෝ කෙනෙක්ම බලන්නේ මේ අයගේ කැපවීම මහන්සිය නිසයි.ඒක අමතක කරන්න එපා.

    ජයෙන් ජය වේවා :)

  27. sohan

    ඔන්න කොමන්ට් නැති නිසාම දැම්මා .. සබ් වලට ස්තුති .

  28. Anton Priyashantha

    එල සහෝ
    ජය වේවා!!!!

  29. ChamS

    Good Job. Thanks v.much!

  30. indika perera

    thank's

  31. Harsha Lahiru

    Thanks Sahoo

  32. jeral

    අපි හරි අවාසනාවන්ත ජාතියක් මොකද අපේ අයට උදව්‍ ගන්නකම් විතරයි හොද...උදව්‍ කරපු කෙනාට ඉස්ස්තුති කරන්න දන්නේ නෙති ජාතියක්...අවාසනාවට ඕක තමා ඇත්ත....

  33. champ

    thanks machan

  34. ishara

    pattama film ekakne jaya wewa saho

  35. hiru

    good work keep it up and tnx bro

  36. නවීන් ලක්ෂිත

    thanks saho aniwa mekath balanawa kohoma hari....

  37. Heshan

    ස්තුතියි සහෝ....,

  38. vinish darshana

    godak kal balan hitiya me sub 1 enakan.tanx bro..

  39. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි....
    දිගට ම මේ වැඩේ කරමු.

  40. Lahiru

    pattama pattai thmai ithin....man me film eka ananthawath balanawa..but sinhala sub hambunama aaimath nobala ianne kohomada....godak thanks saho sub dunnata...menna baanna damma.

  41. Thisitha

    Niyama film set 1 aiye,thnx a

  42. dheeranath

    එළ මල්ලි. ඔහොමම කරගෙන යන්න. මම පාර්ට් 1 බැලුවා නියමයි. 2 ත් හොද ඇති.

  43. Sarath

    Patta pata pata machan ..elama ela wedak umbala karanne ...tawa come on ...

  44. sampa

    taxxx yalu

  45. Lahiru

    Patta mama apahu balanawa

  46. Srilal

    Part 1 superb. Mekath balamu. Thanks for subs

  47. Prasad

    Thank u very much brother.

  48. dilan

    thanks

  49. “චූටී මල්ලි”

    ela ela bro sub ekata thankzzzzz

  50. Thushara

    ස්තුතියි සහෝ…
    ජය වේවා!!!!

Load more comments