MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නසසිනිකා කුලතුංගසිංහල උපසිරැසිළමයින්ට

Paper Planes (2014) | පියඹා යමු ආකාසයේ.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.3/10. From 4 votes.
Please wait...

Paper Planes (2014)

කොහොමද යාලුවනේ? Sleepy Hollow කතාමාලාවෙන් පස්සෙ පොඩි නිවාඩුවක් ගත්තා. රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දෙන්න තරම් විවේකයක් නැති නිසාත් මේ වැඩේ දිගටම කරගෙන යන්න තියෙන ආසාව නිසාත් ෆිල්ම් එකක් ඉල්ලගත්තා. අද මං අරන් ආවෙ පොඩිහිටියන්ට වගේම වැඩිහිටියන්ටත් බලන්න පුළුවන් ඕස්ට්‍රේලියානු චිත්‍රපටියක්.

මේක 2015 ජනවාරි මාසෙ නිකුත්වුන චිත්‍රපටියක්. IMDb දර්ශකයේ 6.3ක අගයකුත් Rotten Tomatoes වල 80%ක අගයකුත් ගන්න හැකිවෙලා තියෙනවා. ඒ වගේම දැනට සම්මාන 4කට නිර්දේශ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉතිහාසයේ ඕස්ට්‍රේලියානු ළමා චිත්‍රපටියක් ලබපු ඉහලම අදායම ලබන්නත් මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. ඒ චිත්‍රපටිය ගැන පොඩි හැඳින්වීමක්.

කතාව පැත්තට හැරෙමුකෝ. මං හිතන්නෙ නෑ පුංචි කාලෙ කඩදාසි ප්ලේන් එකක් හදල නැති කෙනෙක් ඉන්නවා ඇති කියලා. ඒත් ඔයාලා කවදාවත් කඩදාසි ප්ලේන් හදලා ශූරතාවයක් දිනන්න හිතල තියෙනවද? ඩිලන් වෙබර් කියන්නෙ අම්මගෙ මරණයෙන් පස්සෙ අනිත් හැමදේම අතෑරලා දාලා ඉන්න තමන්ගෙ තාත්තා එක්ක මේ ලෝකෙ තනිවුන අවුරුදු 11ක පිරිමි ළමයෙක්. දවසක් ඉස්කෝලෙට එන ශිෂ්‍ය ගුරුවරයෙක් ඩිලන්ට අළුත් බලාපොරොත්තුවක් දෙනවා. ඒ තමයි ඕස්ට්‍රේලියානු කණිෂ්ඨ කඩදාසි ප්ලේන් තරගාවලියට සහභාගි වෙන්න. බාධක මැද්දෙ ඩිලන් තමන්ගෙ ඒ හීනය හැබෑ කරගන්න උත්සාහ කරන හැටි තමයි චිත්‍රපටියෙන් කියවෙන්නෙ.තමන්ට අහිමි වුන දේවල් ගැන හිත හිතා තමන්ගෙ වර්තමානයත් අනාගතයත් අඳුරු කරගන්න අයට මේ කතාව හොඳ ආදර්ශයක් වේවි. ඒවගේම ආසාවයි කැපවීමයි තියෙනවා නම් හැබෑ කර ගන්න බැරි හීනයක් නෑ කියලත් හිතේවි. ගොඩක් ලස්සන සංවේදී කතාවක්. තාමත් හිතින් ළමා කාලෙ ඉන්න වැඩිහිටියන්ටත් බලන්න පුළුවන් කතාවක්. තවත් දවසක හමුවෙමු. ජය වේවා!

Paper Planes (I) (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/wiZar6″ type=”icon” “center” newwindow=”yes”] 750 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

CDAD27478FC819C8492485360FBA0E19ACEB776C

[button link=”http://goo.gl/KeEgkB” type=”icon” “center” newwindow=”yes”] 1.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

CABC3D281EBA2B03A1FE9BD74406BD1FA3A98335
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3789 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

33 thoughts on “Paper Planes (2014) | පියඹා යමු ආකාසයේ.. [සිංහල උපසිරැසි සමඟ]

  • Sasinika, mata nikamata hithenawa me film eka subs ekkama hallwala pennuwoth kohomada kiyala. aththatama thawama lankawe hungak directorsla kiyana aya lama films anduranne nehe. eyalatawath me film eka gena news eka yanawa nam. thanks again. thawa honda films godakata subs denna wasanawa obata lebewa!

    Reply
    • සසිනිකා

      ඇත්තටම සහෝ.. ඕස්ට්‍රේලියානු ළමා කතා මාලා බලල තියෙනවා වුනාට චිත්‍රපට බලන්න ලැබෙනවා අඩුයි. මං වගේම ළමා චිත්‍රපටි වලට කැමති අය බලලා රසවිඳි කියලා හිතුවා. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට

      Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට!

    Reply
  • priyankara

    godak pin dub ekata සසිනිකා කුලතුංග

    Reply
  • හසන්ත මාලිංග

    උපසිරැසියට බොහෝම ස්තූතියි…
    හොඳ කතාවක් වගේ,
    ඔන්න මාත් කතාව බලන ලයිස්තුවට දාගත්ත
    ජය 😀

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • thankz machan sub ekata

    Reply
  • Good Work Friend, Thanks!

    Reply
  • aththatama niyamai. thanks sister

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • සබට තෑන්ක්ස්!

    Reply
  • හොඳ කතාවක් වගේ. ඔන්න මාත් බාගන්නවා. සබට තෑන්ක්ස්!

    Reply
  • Sajith Anthony

    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය වේවා!!!

    Reply
  • “චූටී මල්ලි”

    tnx

    Reply
  • sleepy hollow denne nedda ? i’ll waiting for it

    Reply
    • සසිනිකා

      Sleepy hollow දීලා
      ඉවරයි සහෝ. මට
      හිතන්නෙ ඔයාට
      කතාව මග ඇරිලා

      Reply
  • Thanks sis!….. digatama sub demu.

    Reply
  • tnxxxx me wage ewA patta digtma sub demu

    Reply

Leave a Reply to achi Cancel reply

Your email address will not be published. Required fields are marked *